කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
මොස් සංඥා ක්‍රමය හෙවත් කවුරුත් හුරතලේට “මෝස්කෝඩ්” යැයි කියන ක්‍රමය විදුලිසන්නිවේදන පරිනාමයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයකි. ආදිකාලයේදී නැව්, ගුවන් යානා සමඟ සන්නිවේදනය සිදු කළ එකම ක්‍රමය වූයේත්, අද භාවිතාවන දුරකතන ක්‍රමයේ ආරම්භක තාක්ෂන ක්‍රමවේදය වූ ටෙලිග්‍රාෆ් පදනම් වූයේත් මෝස් කේත ක්‍රමය මතය. අද වන විට ඉතාම දියුණු විදුලිසන්නිවේදන ක්‍රම බිහි වී භාවිතා වූවත්,විනෝදාංශයක් සේ මෝස්කෝඩ් අදටත් භාවිතා වේ. මෝස්කේත මූලිකව ඉංග්‍රිසි බස මුල් කරගෙන බිහි වූවකි; එනම් ඉංග්‍රිසි අක්ෂර යැවීමටයි එය සාදා තිබෙන්නේ. එහෙත් අවශ්‍ය නම්, වෙනත් ඕනෑම අක්ෂරයක් (අක්ෂර ක්‍රමයක්) නිරූපණය කිරීමටත් එය භාවිතා කළ හැකියි. එයද කළ හැකි ක්‍රම දෙකක් ඇත. එක් ක්‍රමයක් වන්නේ නව අක්ෂර සදහා අලුතින් මෝස් කේත හදුන්වා දීමයි. උදාහරණයක් ලෙස, සිංහල බසෙහි ඇති “ක” අක්ෂරය සදහා “di di di di di di dah” ලෙස මෝස්කේතයක් අපට අලුතින් නිර්වචනය කළ හැකිය. එහෙත් මෙම ක්‍රමය හේතු කිහිපයක් නිසා එතරම් සුදුසු බවක් නොපෙනේ. ඉන් ප්‍රධානතම හේතුව වනුයේ මෝස්කේතය අත්‍යවශ්‍යයෙන්ම ඉතා දිගු කේතුයක් වීම වැලැක්විය නොහැකි වීමයි. දැනටමත් කෙටි කේත සිය