කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
අද ඊටීඅයි තැන්පතුකරුවන්ට තමන්ගේ තැන්පතු මුදලින් 10%ක් ලබා දෙන බව ලිපි ලැබී ඇත. එය හෙට සිට ලබා දෙන බව ලිපියේ සඳහන්ය. කෙනෙකුට සිතිය හැකියි 10%ක්වත් ලබා දෙන්නේ නම් මේ මොහොතේ එය ඉතා හොඳ බවක්. එහෙත් මේ සමඟම එම තැන්පතු මුදල්වලට ගෙවමින් සිටි 17% වැනි ඉහල පොලී අනුපාතද 8%ක් පමණ දක්වා අඩු වේ. මෙහි ගැටලු හා ඒවාට ලබා දිය හැකි විසඳුම් ගණනාවක්ම පවතින බව පෙනේ. මාගේ පවුලේ අයද ඊටීඅයි හි තැන්පතුකරුවන් හෙයින් විශේෂිත යෝජනාවක්ද ඇතුලත් කරමින් මේ අර්බුදය ගැන ලිවීමට සිතුණි. මෙම අර්බුදයේ ඇත්තම ඇත්ත ස්වභාවය මා පෞද්ගලිකව නොදනිමි. එහෙත් සත්තකින්ම මා දන්නා කරුණු කිහිපයක්ද ඇත. ඊටීඅයි ආයතනය විසින් වංචනික ලෙස ගිනුම් පොත් දෙකක් පවත්වා ගෙන ගිය බවට දැන් සනාථ වී ඇත. මාද හොඳාකාරව එය වසර ගණනක සිට දැන සිටිමි. මේ සියලු දේ සිදු වූයේ සමහරවිට දසකයක් හෝ ඊටත් වැඩි කාලයක සිට විය හැකිය. ඒ කියන්නේ සෝමා එදිරිසිංහ සිටි සමයේ සිට මේවා ඇගේද අනුදැනුම අනුව සිදු වී ඇත. තැන්පත් කරන්නට එන අය ගණකාධිකරණය හෝ ආර්ථික විද්‍යාව දන්නා අය නොවේ. වචනයක් දෙකක් එහාට මෙහාට කරමින් ඔවුන්ව පහසුවෙන් රැවටිය හැකිය. ස්වර්ණමහල් හා ඊටීඅයි පාලනාධිකාරිය හා ඒවායේ ස