Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 6

Sourcing හා Sinking

යම් උපාංගයක ඇති අග්‍රයක් තුලින් විදුලි සංඥා/ධාරා ගමන් කිරීම ගැන සිතන විට, එය ආකාර 2කින් පවතින බව පෙනේ. එකක් නම්, අග්‍රය තුලින් පිටත සිට එම උපාංගය තුලට ධාරාව ගමන් කිරීමයි. මෙය තමයි sinking (එහි තේරුම “කිඳා බහිනවා” යන්නයි) කියන්නේ. අනෙක් ආකාරය නම්, අග්‍රය තුලින් එම උපංගයේ සිට පිටතට ධාරාව ගමන් කිරීමයි. මෙය sourcing (එහි තේරුම “සපයනවා” යන්නයි) ලෙස හැඳින්වේ.

ඉතිං ට්‍රාන්සිස්ටරයක අවුට්පුට් අග්‍රය මේ ආකාර දෙකෙන් එක් ආකාරයක් ගත යුතුයි. සින්කිං සිදු වන්නේ ට්‍රාන්සිස්ටර් අග්‍රය මත පවතින වෝල්ටියතාව එම අග්‍රය සම්බන්දව පවතින අනෙක් කොටසට වඩා වැඩි වන විටයි; එවිටනෙ වැඩි වෝල්ටියතාවේ සිට අඩු වෝල්ටියතාව පවතින තැන දක්වා ධාරාව ගලන්නේ (“ධාරාව සින්ක් වේ”). එලෙසම, ට්‍රාන්සිස්ටර් අග්‍රය මත පවතින වෝල්ටියතාව එය සම්බන්ධිත අනෙක් තැනට වඩා වැඩි වන විට ට්‍රාන්සිස්ටරයේ සිට අනෙක් ස්ථානයට ධාරාව ගලයි (“ධාරාව සෝස් වේ”).

උදාහරණයක් ලෙස, කොමන් එමිටර් වින්‍යාසය එන්පීඑන් ට්‍රාන්සිස්ටරයක් යොදා ගෙන භාවිතා කරන විට, ඉහත රූපයේ () හි දැක්වෙන පරිදි ඉන්පුට් කරන සංඥා ධාරාවට අනුරූපව විචලනය වන කලෙක්ටර් ධාරාවක් අවුට්පුට් පරිපථයේ ඇති වන අතර, එම කලෙක්ටර් ධාරාව සැපයුමේ වෝල්ටියතාවේ (A) සිට කලෙක්ටරය (B) තුලට සින්ක් වේ. එහෙත් කොමන් එමිටර් වින්‍යාසය පීඑන්පී ට්‍රාන්සිස්ටරයක් යොදා ගෙන භාවිතා කරන විට, එම කලෙක්ටර් ධාරාව කලෙක්ටරයේ සිට ගමන් කරන (සෝස් වන බව) ඉහත රූපයේ () මඟින් පෙනේ.

සෝස් හෝ සින්ක් වීම සංඥාවේ ක්‍රියාකාරිත්වයන් සඳහා එතරම් වැදගත්කමක් නැත. එනිසා පරිපථ විස්තර කිරීම්වලදී සෝස් වීම හෝ සින්ක් වීම ගැන නොසිතා අහවල් අග්‍රය හරහා සංඥා ගමන් කරනවා යනුවෙන් පමණක් සඳහන් කිරීම බොහෝවිට සිදු වේ. එනිසා කොමන් එමිටර් වින්‍යාසය විස්තර කරන විට, අවුට්පුට් ධාරාව/සංඥාව කලෙක්ටරය හරහා ගමන් කරයි යනුවෙන් හෝ කලෙක්ටර් ධාරාව එමිටරය හරහා පථය සම්පූර්ණ කර ගනියි යනුවෙන් හෝ පැවසිය හැකියි.

කොමන් බේස් වින්‍යාසය

මෙහිදී බේස් අග්‍රය පොදු වන අතර, එමිටර් අග්‍රය ඉන්පුට් අග්‍රය ලෙසද කලෙක්ටරය අවුට්පුට් අග්‍රය ලෙසද ක්‍රියාත්මක වේ. වර්ධනය (ධාරාවේ, වෝල්ටියතාවේ, ජවයේ), ඉන්පුට් ඉම්පීඩන්ස්, අවුට්පුට් ඉම්පීඩන්ස් ගැන කෙටියෙන් සොයා බලමු.


ඉන්පුට් ධාරාව එමිටරයෙන් ඇතුලුවී බේසය හරහා පථය සම්පූර්ණ කර ගනී. ඔබ දන්නවා ක්‍රියාකාරීව පවතින හෙවත් බයස් කරපු ට්‍රාන්සිස්ටරයක බේස්-එමිටර් ඩයෝඩය පෙරනැඹුරුවයි පවතින්නේ. එවිට එම ගමන් මාර්ගයේ ප්‍රතිරෝධය අඩුය. ඒ අනුව, ඉන්පුට් ඉම්පීඩන්ස් අගය ඕම් කිහිපයක් තරම් කුඩා අගයක් ගනී.

අවුට්පුට් ධාරාව “කලෙක්ටර්-බේස් සන්ධිය හරහා” ගොස් එමිටරය හරහාද ගමන් කරයි. මින් පෙරත් විස්තර කළ පරිදි කලෙක්ටර්-බේස් කොටස පසුනැඹුරු වන අතර එනිසා මෙම වින්‍යාසයේදී අවුට්පුට් ඉම්පීඩන්ස් අගය විශාල වේ.

වර්ධනය ගැන බලමු. ධාරා වර්ධනය වනුයේ (කලෙක්ටර් ධාරාව) / (එමිටර් ධාරාව) වේ. දළ වශයෙන් එම ධාරා දෙක සමානය (iE = iC + iB වන අතර, බේස් ධාරාව ඉතා කුඩා වේ). ඒ අනුව පෙනෙනවා මෙම වින්‍යාසයේදී ධාරා වර්ධනය 1ට ආසන්නව 1ට අඩු අගයක් බව. කලෙක්ටර් ධාරාව හා එමිටර් ධාරාව අතර අනුපාතය α යන සංඛේතයෙන්ද හඳුන්වනවා (හරියට කලෙක්ටර් ධාරාව හා බේස් ධාරාව අතර අනුපාතය බීටා අකුරෙන් සංඛේතවත් කළා සේ).

ඇල්ෆා හා බීටා අතරද පහත ආකාරයට සම්බන්දතාවක් ගොඩනැඟිය හැකිය.

ධාරා වර්ධනයක් නොමැති වුවත්, වෝල්ටියතා වර්ධනයක් ඇත. ඊට හේතුව, ඉන්පුට් ඉම්පීඩන්ස් අගයට වඩා විශාල අවුට්පුට් ඉම්පීඩන්ස් අගයක් පැවතීමයි. පහත රූපයෙන් පෙන්වා තිබෙන්නේ වෝල්ටියතා වර්ධනය ව්‍යුත්පන්න කර අවසන් නිගමනයට එළැඹෙන ආකාරය කෙටි සංඛේත මඟින්. ඔබ මෙවැනි කෙටි සංඛේතවලට හොඳින් හුරු විය යුතුය.

වෝල්ටියතා වර්ධනය යනු අවුට්පුට් වෝල්ටියතාව හා ඉන්පුට් වෝල්ටියතාව අතර අනුපාතයයි. ඉන්පුට් ධාරාව වන කලෙක්ටර් ධාරාව ඉන්පුට් ඉම්පීඩන්ස් අගයෙන් වැඩි කළ විට (ඕම් නියමය අනුව) ඉන්පුට් වෝල්ටියතාවත්, එලෙසම අවුට්පුට් ධාරාව වන කලෙක්ටර් ධාරාව අවුට්පුට් ඉම්පීඩන්ස් අගයෙන් වැඩි කළ විට අවුට්පුට් වෝල්ටියතාවත් ලැබේ. එවිට, ධාරා අනුපාතය වෙනම සලකා, එය පෙර උගත් ඇල්ෆාට සමාන වන නිසා ඇල්ෆා ආදේශ කර ඇත. එම අගය දළ වශයෙන් 1 යිනෙ. එවිට අවසානයේ වෝල්ටියතා වර්ධනය යනු අවුට්පුට් ඉම්පීඩන්ස් හා ඉන්පුට් ඉම්පීඩන්ස් දෙක අතර අනුපාතයට සමාන වේ. ඉතිං, කොමන් බේස් වින්‍යාසයේදී අවුට්පුට් ඉම්පීඩන්ස් අගය විශාල බවත්, ඉන්පුට් ඉම්පීඩන්ස් අගය කුඩා බවත් දැනගත් නිසා, එම අනුපාතය විශාල සංඛ්‍යාවකි; එය 1ට වඩා බොහෝ විශාල බව ඉහත සංඛේත ක්‍රමයෙන් දක්වා තිබේ.

එලෙසම ජව වර්ධනයත් පහත ආකාරයට දැක්විය හැකිය. එය කියවා තේරුම් ගන්න. ඇල්ෆා හි වර්ගය ආසන්න වශයෙන් 1 වේ (එහෙත් ඇත්ත වශයෙන්ම ඇල්ෆා 0.98ක් වැනි දශම අගයකි; එනිසා 0.982 = 0.96 පමණ වේ). ඒ අනුව ජව වර්ධන අගය වෝල්ටියතා වර්ධන අගයට වඩා ඉතා ටිකක් අඩුය. උදාහරණයක් ලෙස, වෝල්ටියතා වර්ධනය 98ක් නම්, ජව වර්ධන අගය 96ක් පමණ වේ.


ඉහත විස්තර අනුව පෙනෙනවා කොමන් බේස් වින්‍යාසයේදී ධාරා වර්ධනයක් නොලැබෙන බවත්, වෝල්ටියතා හා ජව වර්ධනයන් පවතින බවත්. එහෙත් එම අගයන්ද පොදු විමෝචක වින්‍යාසයේදී ලැබුණු අගයන්ට වඩා අඩුය. තවද, අවුට්පුට් වෝල්ටියතා සංඥාව අපවර්තනය නොවේ.

කොමන් කලෙක්ටර් වින්‍යාසය

ඉන්පුට් අග්‍රය බේසය වන අතර, අවුට්පුට් අග්‍රය එමිටරය වේ. පොදු අග්‍රය කලෙක්ටරය වේ. මෙවිට, ඉන්පුට් ධාරාව බේස්-කලෙක්ටර් හරහා පවතින බවත්, අවුට්පුට් ධාරාව එමිටර්-කලෙක්ටර් හරහා පවතින බවත් පෙනේ.

ඉන්පුට් ඉම්පීඩන්ස් අගය විශාල වේ. මෙතෙක් සලකා බැලූ වින්‍යාස 3න් ඇත්තටම මෙම වින්‍යාසයේ තමයි ඉහල ඉන්පුට් ඉම්පීඩන්ස් අගයක් පවතින්නේ. මෙම වින්‍යාසයේ තිබෙන ලොකුම වාසියද එයයි. ඊට හේතුව, ඉන්පුට් ධාරාව ගලා යන්නේ බේස්-කලෙක්ටර් සන්ධිය හරහාය; එය පසුනැඹුරු වේ. ඔබ දැන් අසාවි කොහොමද පසුනැඹුරු සන්ධියක් හරහා ධාරාවක් ගලා යන්නේ කියා. එම ධාරාව ඇත්තටම ගලා යෑමට හැකියාව තිබෙන්නේ එමිටරය හරහා තමයි. එහෙත් එය සාපෙක්ෂවයි බැලිය යුත්තේ.

එමිටර්-කලෙක්ටර් හරහා අවුට්පුට් ධාරාව ගලා යන නිසා, අවුට්පුට් ඉම්පීඩන්ස් යනු එම කොටසේ ප්‍රතිරෝධ අගය වේ. එයත් පෙර සේම පසුනැඹුරු කලෙක්ටර්-බේස්ද ඇතුලත් කොටසක් නිසා ප්‍රතිරෝධ අගය ඉහලය (ට්‍රාන්සිස්ටර් ක්‍රියාව නිසා පමණක් එමිටර්/කලෙක්ටර් ධාරාව ගලා යයි).

ධාරා වර්ධනය පහත ආකාරයට වේ. එය ආසන්න වශයෙන් බීටා අගයට සමාන වන අතර, එය විශාල අගයකි. ඒ කියන්නේ මෙම වින්‍යාසයේදී විශාල ධාරා වර්ධනයක් ලැබේ.

වෝල්ටියතා වර්ධනයද ගණනය කරමු. දළ වශයෙන් කලෙක්ටර් ධාරාව හා එමිටර් ධාරාව සමාන නිසා එම අනුපාතය 1 ලෙස සැලකිය හැකියි (එහෙත් ඇත්තටම එම අගය බිංදුවයි දශම නවයයි ගණනකි). ප්‍රායෝගික මැනබැලීම්වලදී ප්‍රතිදාන ඉම්පීඩන්ස් එක හා ප්‍රදාන ඉම්පීඩන්ස් එක දළ වශයෙන් සමාන වේ. එවිට, එම අනුපාතයද 1 ලෙස ගත හැකිය. ඒ අනුව පෙනෙනවා පොදු සංග්‍රහක වින්‍යාසයේදී වෝල්ටියතා වර්ධනයක් නැති බව.


බේසයට ඉන්පුට් කරන සංඥා වෝල්ටියතාවම වර්ධනය නොවී එමිටරයෙන් පිට වේ. එනිසා එම වින්‍යාසය emitter follower යන නමින්ද හැඳින්වෙනවා. තවද, යම් ඇක්ටිව් උපාංගයක් විසින් ඊට ඇතුලු කළ වෝල්ටියතාව වර්ධනය හෝ හායනය නොකර එලෙසමම පිට කරන විට, ඊට buffer යන නම යෙදෙනවා. ඒ අනුව පොදු සංග්‍රහක වින්‍යාසයේ ක්‍රියාත්මක කරවන ට්‍රාන්සිස්ටරය බෆර් එකකි. අවුට්පුට් වෝල්ටියතා සංඥාව අපවර්තනය නොවේ.

ජව වර්ධනය යනු වෝල්ටියතා වර්ධනය ධාරා වර්ධනයෙන් ගුණ කිරීමෙන් ලැබෙන අගයට සමාන නිසා, මෙම වින්‍යාසයේදී වෝල්ටියතා වර්ධනය ආසන්න වශයෙන් 1 නිසාත්, ධාරා වර්ධනය බීටා අගයට සමාන නිසාත්, ජව වර්ධනයද 1 x β = β වේ.

ඉහත ආකාරයට අප වින්‍යාස 3හිම ප්‍රධාන ලක්ෂණ/පරාමිතින් පහත ආකාරයට සංක්ෂිප්ත කළ හැකිය. ඒ කතා කළ විස්තරයන්ට අමතරව තවත් විශේෂිත ගති ලක්ෂණද ඇති අතර පසුවට ඒවා කතා කරමු. සංඥා සංඛ්‍යාතය වැඩි වන විට එම විශේෂිත ගති ලක්ෂණවල වැදගත්කමද වැඩි වේ.


කොමන් එමිටර්
කොමන් කලෙක්ටර්
කොමන් බේස්
ඉන්පුට් ඉම්පීඩන්ස්
ඉතා අඩුය
වැඩිය
ඉතා අඩුය
අවුට්පුට් ඉම්පීඩන්ස්
ඉතා වැඩිය
වැඩිය
ඉතා වැඩිය
ධාරා වර්ධනය
ඉතා වැඩිය
1
ඉතා වැඩිය
වෝල්ටියතා වර්ධනය
ඉතා ඉතා වැඩිය
ඉතා වැඩිය
1
ජව වර්ධනය
ඉතා ඉතා ඉතා වැඩිය
ඉතා වැඩිය
ඉතා වැඩිය
අපවර්තනය
ඇත
නැත
නැත

ඉහත සියලු වින්‍යාස විස්තර කිරීමේදී යම් සරල කිරීමක් සිදු කර ඇත. එනම්, එම ට්‍රාන්සිස්ටර් බයස් කර නැත (එහෙමත් නැතිනම්, බයසිං පරිපථ කොටස් පෙන්වා නැත). එය උවමනාවෙන්ම සිදු කරන ලද්දක් වන අතර ඊට හේතුව එම පරිපථ කොටස්ද (රෙසිස්ටර්) පෙන්වන්නට ගියොත් පැහැදිලි කිරීම තරමක් සංකීර්ණ වේ. තවද, බයසිං කරන ක්‍රම කිහිපයක්ම පවතින නිසා, ඒ එක් එක් බයසිං ක්‍රමයට අනුව පැහැදිලි කිරීමද වෙනස් වී සංකීර්ණතාව තවත් වැඩි වේවි. එහෙත් වඩාත්ම යෝග්‍ය ක්‍රමය ලෙස මා සිතන්නේ බයසිං පරිපථ නැතිව ඉහත ආකාරයට විශ්ලේෂනය කර ඒ ලබා ගත් දැනුම සමඟ බයසිං පරිපථ කොටස්ද සහිතව ට්‍රාන්සිස්ටර් වින්‍යාස ගැන පහසුවෙන් අධ්‍යනය කළ හැකි බවයි. මොහොතකින් ඒ ගැනත් අප විස්තරාත්මකව සලකා බලනවා.
 

Comments

  1. නොමිලේ ගන්න පුළුවන් හොඳම VPN සේවාව මොකක්ද?
    Tor බ්‍රව්සරය පාවිච්චි කරන්නේ කොහොමද?
    VPN නිසා වැඩියෙන් ඩේටා කැපෙනවද?

    ReplyDelete
    Replies
    1. මා පෞද්ගලිකවම වසර ගණනාවක් තිස්සේ (වරින් වර) භාවිතා කරන වීපීඑන් සේවාව vpnbook.com වේ. මුල සිටම එය මගේ වැඩවලට ඕනවටත් වඩා හොඳ සේවාවක් වූ බැවින් හොඳම එක කුමක්දැයි මට සැසඳීමට බැරිය. වීපීඑන් නිසා ඩේටා කැපෙන්නේ නැත අමුතුවෙන්... සාමාන්‍යයෙන් කැපෙන ටික කැපේවි... එහෙත් වීපීඑන් කනෙක්ෂන් එකේදී UDP ප්‍රෝටොකෝලය තෝරා ගත හැකි නම් (vpnbook.com හි එම තෝරාගැනීමේ හැකියාව ඇත) දත්ත වැඩියෙන් නොව අඩුවෙන් කැපේවි (තාක්ෂණිකව සලකා බැලුවොත්).

      ටෝර් බ්‍රවුසරය ගැන මට දැනුමක් නැත (එය භාවිතා කිරීමට අවශ්‍යතාවක් තිබී නැති නිසා). මා භාවිතා කරන්නේ ෆයර්ෆොක්ස් පමණකි...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,