Skip to main content

Posts

Showing posts from February, 2018

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

So-called copycat pros (crazy for money)

Recently I was informed by an anoymous person that one of my articles (on hypnosis) has been copied and published on another gossip website. First, I must thank that "anon" for his kind action of letting me know this fact. Because it is a violation of Intellectual Property Law (IPL), and he has not been kind or respectable enough to get my prior consent to publish it or put a link to my original post, I contacted and let him know it is wrong. Even a week or so later, still the copy is existing on his site. Then, I again requested him to remove the post, but still no reponse came. So, I decided to report him (first to his host). Then, I found that he is one Dinesh Udagedara and even got more details about him and the website's technical details. I then contacted the host of his website to report his crooked behaviour. I copy my email to the host below. "  Subject: Your client violates my intellectual properties Hi I report agains

ජනපතිට කියන වග නම්...

කවුරුත් නොසිතූ දේවල් පලාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු වෙමින් පවතී. කවුරුත් බලන්නේ පෞද්ගලික වාසි බව පෙනේ; රට ගැන සිතන එවුන් නැත. රට යම් අරාජික තත්වයක පවතී. සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇත යන කියමන සනාථ කරමින් රටට හිතා සුභදායි ලෙස අවශ්‍ය නම් දැනට පවතින තත්වය පරිස්සමින් මෙහෙයවිය හැකිය. එය කළ හැකි එකම පුද්ගලයා ජනපති මෛත්‍රීපාලය. අවශ්‍යයෙන්ම පැවති (තාමත් පවතින) ආණ්ඩුවට ජනතා විරෝධය පැහැදිලිවම ජනයා විසින් පෙන්වා ඇත. එහෙත් ප්‍රදේශීය සභා මැතිවරණයක් යනු කිසිසේත්ම ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ. එක එක අවස්ථාවාදීන් හැම දේශපාලන පාර්ශ්වයකින්ම කරලියට පැමිණිම නිසා කෘත්‍රිම අර්බුදයක් මේ වන විට ඇති වී තිබේ. කිසිසේත්ම මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වය කර ගත යුතු නොවේ නිල වශයෙන් හෝ නොනිල වශයෙන්. ජාතික මට්ටමින් ආණ්ඩුව තීරණය කරන ලද්දේ ජනපති හා මහා මැතිවරණ දෙකකිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය, හා සම්ප්‍රදාය නම් රට කිරීමේදී බැරෑරුම් ලෙස බලපාන්නේ, එවිට මෙතරම් අරාජික තත්වයක් ඇති වීමට කිසිදු හිඩකඩක් නැත. එහෙත් පවතින ආණ්ඩුවට දක්වා තිබෙන ජනතා අප්‍රසාදයද සුලුපටු නොවේ. එනිසා මෛත්‍රීපාල හා යූඑන්පිය

පුංචි නොවූ පුංචි ඡන්දය

පලාත් පාලන ඡන්දය ප්‍රසංසනීය මට්ටමින් අවසන් විය (නිල වශයෙන් නම් තවමත් ඡන්ද ප්‍රතිපල මැතිවරණ කොමිසම විසින් ලබා දීම අතීසාරයට හසු වී තිබෙන බව පෙනේ). සාර්ථක මැතිවරණයක් පැවැත් වූ අතරම, ඡන්ද ප්‍රතිපල වෙනුවට අපට රෑ පුරාත් එලිවන තුරු පට්ටගාපු චිත්‍රපට හා දේශපාලන "අ-විචාර" මැතිවරණ කොමසාරිස් විසින් සාර්ථකව පෙන්වන්නට සැලස්වීය ("මැතිවරණ හා ප්‍රසිද්ධ රැඟුම් කොමිසම" ලෙස මැතිවරණ කොමිසම නැවත ප්‍රතිස්ථාපනය කිරීමටද යෝජනා කරමි). මාද තවත් බොහෝ දෙනෙකුද පුරෝකථනය කළ පරිදි ගංජ පෝට්ටුව පළමු ස්ථානයත්, අලියා දෙවැනියටත්, හප කළ බුලත් කොලය තෙවැනුවත්, සීනුව හතර වැනියටත් පත් විය. එසේ වුවත්, ගංජ පෝට්ටුවට ප්‍රතිශතාත්මකවත් ආසන වශයෙනුත් ආයතන වශයෙනුත් ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබේ යැයි සිතුවේ නැත. තවද, ජවිපෙට මීට වඩා විශාල ජයග්‍රහණයක් ලැබේවි යැයිද සිතිණි. එම තත්වයන් දෙක ඇත්තටම අපවත් දේශපාලනමය වශයෙන් යම් කලකිරීමකට පත් කර ඇත. එසේ තිබියදී, ලොලු රනිල්ගේ කොලු පක්ෂයට අන්ත පරාජයක් අත් වීම නම් අතිශය ආනන්දජනක විය (තවමත් නිදිබර ගතියෙන් සිටින නිසා මොන කුනුහරුප ලියවෙයිද දන්නෙ නැහැ). මේ මැතිවරණයෙන් අපට ඉදිරියේදී දැකග

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 1

හැඳින්වීම ට්‍රාන්සිස්ටර් (transistor) යනු සමස්ථ ඉලෙක්ට්‍රොනික්ස් ක්ෂේත්‍රයේම රෙසිස්ටර් සේම ඉතාම වැදගත් හා " ස්මාර්ට් " ඉලෙක්ට්‍රොනික් උපාංගයයි . රෙසිස්ටර් නැතිව ඉලෙක්ට්‍රොනික් පරිපථයක් සිතීම පවා අපහසු වන අතර , ට්‍රාන්සිස්ටර නැතිව ප්‍රයෝජනවත් ඉලෙක්ට්‍රොනික් පරිපථ නිපදවිය නොහැකි තරම්ය . අර්ධසන්නායක ට්‍රාන්සිස්ටර් නිපදවන්නට පෙර , ට්‍රාන්සිස්ටරයේ රාජකාරිය කරන ලද්දේ රික්ත නල (vacuum tubes) විසිනි . එහෙත් රික්ත නල තාක්ෂණයට වඩා ට්‍රාන්සිස්ටර් තාක්ෂණය ඉදිරිගාමි වේ ; ලාභදායකය ; සයිස් එකෙන් කුඩාය ; තාප ජනනය අවම වේ . අර්ධසන්නායක තාක්ෂණය තවත් ඉදිරියට ගොස් සංගෘහිත පරිපථ (integrated circuit - IC) තාක්ෂණයද බිහි විය . එමඟින් පරිපථ ඉතා කුඩා වූ අතර , ඒවායේ මිලද ඉතා අඩු විය . ඔබට මතක නම් දැනට වසර 10 කට පමණ උඩදී තිබූ ජංගම දුරකතන හා පරිගනක , දැන් තිබෙන ජංගම දුරකතන හා පරිගනක සමඟ සසඳන විට එම වෙනස පහසුවෙන්ම වැටහේවි . ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්නා විට පරිපථ සැලසුම්කරණය (electronic circuit design) ගැනත් සෑහෙන්න දුරකට ඉබේම ඉගෙනීමට සිදු වේ . බොහෝ දෙනා පුරුදුව සිටින්නේ අනුන් නිර්මාණය කරප

Gender-neutrality-mania

I just thought of writing this brief post after I heard the following news. For those who is not familiar with this " gender-neutrality " concept, it is about making language get rid of so-called gender biasing in references where the term refers to both genders. Once a witty girl told me that "...well, they say reading makes a man perfect , so women are not supposed to be reading ..." As you can see, the word "man" in that famous expression refers to both men and women alike notwithstading the use of word "man" there. Furthermore, that expression can be made gender-neutral simply replacing "man" with "person", so it should be read like "reading makes a person perfect". More often, you can make any text gender-neutral with simply replacing gender-biased words. Newer gender-neutral words are creeping into the dictionary like chairperson or chair instead of chairman too. However, if you are going to take it f