Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 114

Random Wire Antenna

Long wire antenna හා Inverted L antenna ලෙසද හඳුන්වන මෙය වියදම් අඩුම, ඉතාම ප්‍රාථමික, එන්ඩ්-ෆෙඩ් (එනම් කෙලවරකින් ෆීඩ් කරන), අඩුජවයන් සඳහා උචිත ඇන්ටනාවකි. සාමාන්‍යයෙන් ඔබ සතුව තිබෙන ඕනෑම දිගක් (දළ වශයෙන් තරංග ආයාම ¼ කට වැඩිය විශාල) සහිත කම්බියක්/වයරයක් මේ සඳහා භාවිතා කළ හැකියි. එහෙත් හරියටම බැලුවොත් තරංග ආයාම 1ක් හෝ ඊට වඩා විශාල අගයක් තිබිය යුතුය. කම්බියේ ගේජ් එක හැකි තරම් විශාල විය යුතුය (දළ වශයෙන් AWG 14 තරම්වත්). තඹ කම්බි වීම ඉතා සුදුසුය (ලොස් රෙසිස්ටන්ස් එක අඩු කර ගැනීමට). ඇලුමිනියම් කම්බි යොදා ගනී නම් (ලාභ නිසා හා බර අඩු නිසා), තඹ කම්බිවලට වඩා මහත විය යුතුයි (ඒ සඳහා තඹ කම්බියේ බර මෙන් ½ ක බරක්වත් ඇලුමිනියම් කම්බියේ තිබීම සුදුසුය).


මෙය හැකි තරම් පොලොවෙන් ඉහල රැඳවීමට උත්සහ කළ යුතුය. හැකිතරම් ඍජුව පවතින සේ හොඳින් බඳින්න. එහෙත් ඉඩකඩ අඩුයි නම්, වයරය වක්‍රව හෝ වෙනත් අක්‍රමවත් හැඩයකින්ද බැඳිය හැකිය (එනම් හැඩයේද අහඹුබව පවතී). මෙවිට ඇන්ටනාවේ කාර්යක්ෂමතාව අඩු විය හැකියි සේම, ඉන් නිකුත් වන රේඩියේෂන් පැටර්න් එක සංකීර්ණ ස්වභාවයක් ගනීවි (ආකෘති මඟින් එම හැඩය පුරෝකතනය කළ නොහැකි තරමට).


එහෙත් ඍජු වයරයක් ලෙස පවත්වාගෙන යන්නේ නම් ආකෘති මඟින් තරමක් සරල රේඩියේෂන් පැටර්න් ඇති බව පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත්, වයරයේ දෙකෙලවරින් (අක්ෂය ඔස්සේ) නම් විකිරණය ඇති වන්නේ නැත. වයරයේ දිග අනුව රේඩියේෂන් පැටර්න් එක වෙනස් වේ. උදාහරණයක් ලෙස, ඉන් සම්ප්‍රේෂනය වන සංඥාවේ තරංග ආයාමයට සාපේක්ෂව වයරයේ දිග 0.6 ක් පමන වන තෙක්, එම හැඩය තිරස් සරල ඩයිපෝල් ඇන්ටනාවකට සමාන වේ (එනම් තනි ලෝබ් එකක් ඇති වේ). එහෙත් ඊට වඩා දිග වැඩි වන විට, සයිඩ්ලෝබ් ගණන ක්‍රමයෙන් වැඩි වේ.

ඉහත රූපයේ පැහැදිලිව පෙනෙන සේ, ඇන්ටනා වයරයේ මුලු දිග වන්නේ ඇත්තටම හරහාට බැඳ ඇති වයරයේ (flat top) දිග (එනම් පරිවාරක කොටස් දෙක අතර දුර) හා එක් කෙලවරයකට සවි කර තිබෙන ෆීඩර්ලයින් (downlead) එකේ දිග (එනම් ඇන්ටනා වයරයට සවි කළ තැන සිට රිසීවරයට/ට්‍රාන්ස්මීටරයට හෝ ඇන්ටනා ටියුනරය තෙක් ඇති දුර) වේ. ඒ කියන්නේ ෆිඩර්ලයින් එකත් ඇන්ටනාවේම විකිරක කොටසක් බවට පත් වේ. මෙය අනෙක් පැත්තට හැරවූ ඉංග්‍රිසි L අකුරේ හැඩය ගන්නා නිසා ඊට inverted L antenna කියා කියනවා. පහත රූපයේ මෙන් වයරය හරියටම තිරස්ව නැතිව එක පැත්තක් පහලට සිටින සේ වුවද තිබිය හැකිය (එනම් කොන් දෙකේ කනුවලින් එක් කනුවක් අනෙකට වඩා උසයි).

මෙම මුලු වයර් දිග තරංග ආයාම 1කට වැඩියෙන් වැඩි වේගෙන යන විට කාර්යක්ෂමතාව අඩු වේගෙන යයි. තවද, ඉහත රූපයේ මෙන් තිරස් වයරය (ෆ්ලැට් ටොප්) හා සිරස් වයරය (ඩවුන්ලීඩ්) හරියට L හැඩයෙන් අංශක 90කින්ම පැවතීම අවශ්‍ය නොවේ. ඩවුන්ලීඩ් එක ඇලට වුවද තිබිය හැකිය. ඉම්පීඩන්ස් අගයේ සුලු වෙනසක් පමණක් ඉන් ඇති වේ.


ට්‍රාන්ස්මීටරයට/රිසීවරයට/ටියුනරයට අග්‍ර දෙකක් තිබෙන නිසා, එහි සිග්නල් අග්‍රය එලෙස ඇන්ටනාවට සවි කර, අනෙක් අග්‍රය පොලොවට සවි කෙරේ (ග්‍රවුන්ඩ් කෙරේ). ඉහත රූපයේ පෙනෙන පරිදි ට්‍රාන්ස්මීටරයේ/රිසීවරයේ සිග්නල් රිටර්න් එකට සවි කර ඇති ground lead නම් වයරය ground rod එක හරහා පොලොවට සවි කර තිබෙන්නේ එනිසාය.

ඇත්තටම මෙම ඇන්ටනා වයරයේ (විකිරකයේ) මුලු දිග එම ඇන්ටනාව යොදා ගන්නට බලාපොරොත්තු වන සංඥා තරංග ආයාමයන්ගෙන් හරි ½ ක් හෝ එහි පූර්ණ සංඛ්‍යා ගුණාකාරයක් වන ලෙස නොගත යුතුය (සෑම එන්ඩ්ෆෙඩ් ඇන්ටනාවකටම මෙය පොදුය). මේ කියූ කාරණාව දැන් ආධුනික ගුවන් ශිල්පී සංඛ්‍යාත පරාස සඳහා අදාල කරගෙන බලමු. පහත දැක්වෙන්නේ (ඇමරිකානු කලාපය තුල) පහල සංඛ්‍යාත ඇමචර් බෑන්ඩ් කිහිපයේ අර්ධතරංග හා එහි ගුණාකාරවල දිගවල්ය. වෙලෝසිටි ෆැක්ටර් එක නිසා රේඩියෝ තරංග අඩු වීම 2%කින් සිදු වී ඇතැයි උපකල්පනය කර මෙම ගණනය කිරීම් සිදු කර ඇත. එනම්, තරංග ආයාමය = (ආලෝකයේ වේගය x 0.98)/සංඛ්‍යාතය යන සූත්‍රයට අනුවයි මෙම දිගවල් ලබා ගෙන තිබෙන්නේ .


Frequency MHz
1/2 Wave Length
1 Wave Length
1 1/2 Wave Length
2 Wave Length
2 1/2 Wave Length
3 Wave Length
3 1/2 Wave Length
4 Wave Length
1.84
79.9
159.8
239.7
319.6
399.5
479.3
559.2
639.1
3.6
40.8
81.7
122.5
163.3
204.2
245.0
285.8
326.7
7.1
20.7
41.4
62.1
82.8
103.5
124.2
144.9
165.6
10.1
14.6
29.1
43.7
58.2
72.8
87.3
101.9
116.4
14.15
10.4
20.8
31.2
41.6
51.9
62.3
72.7
83.1
18.1
8.1
16.2
24.4
32.5
40.6
48.7
56.9
65.0
21.2
6.9
13.9
20.8
27.7
34.7
41.6
48.5
55.5
24.9
5.9
11.8
17.7
23.6
29.5
35.4
41.3
47.2
28.5
5.2
10.3
15.5
20.6
25.8
30.9
36.1
41.3
52
2.8
5.7
8.5
11.3
14.1
17.0
19.8
22.6

ඉහත වගුවේ සටහන් අගයන් පහත ආකාරයට scatter graph එකක දැන් ප්‍රස්ථාරගත කරමු (ඉහත වගුවත් එහි ප්‍රස්ථාරයත් vk6ysf.com යන වෙබ් අඩවියෙන් උපුටා ගති පහසුව තකා). උපරිම දිග මීටර් 60 ලෙස ප්‍රස්ථාරයේ ගෙන ඇති නිසා ඉහත වගුවේ එම උසට වඩා වැඩි අගයන් තිබුණත් ප්‍රස්ථාරයේ ඒවා සලකුනු වී නැත. ප්‍රස්ථාරයේ තිරස් අක්ෂයෙන් මෙගාහර්ට්ස් 30 දක්වා සංඛ්‍යාතයන්ද, සිරස් අක්ෂයෙන් ඒ ඒ සංඛ්‍යාතයට හිමි අර්ධතරංගවල ගුණාකාර උසවල්ද නිරූපණය කර ඇත.


දැන් ඉහත ප්‍රස්ථාරයෙන් පහසුවෙන්ම අපට හැකියි කුමන දිගවල් අත්හැරිය යුතුද කියා තීරණය කිරීමට. නිල්පාටින් සලකුණු කර ඇති ඩොට් කැපී නොයන උසක් ගත යුතුයි. ඔබ තෝරාගත් යම් උසක් (ඉහත රූපයේ රතුපාට තිරස් ඉරි මෙන්) හරහාට තිරස් රේඛාවක් සේ දික් කළ විට යම් ඩොට් එකක් හෝ කිහිපයක් කැපේ නම්, ඒ කියන්නේ එම ඇන්ටනාව එම ඩොට් අයිති සංඛ්‍යාතයන් සඳහා කිසිසේත් උචිත නොවේ. ඉහත මා රතුපාටින් හරස් රේඛා ඇඳ තිබෙන අවස්ථා කිහිපය ගැන බලන්න. කිසිදු ඩොට් එකක් ඒවායෙන් නොකැපෙන නිසා එම දිගවල් (මීටර් 17, 19, 22.5, 38) ලෝං වයර් ඇන්ටනාව සඳහා ගැලපේ. ඉනුත් ගැලපීම වැඩි වීම මා රතු ඉරේ ඝනකමින් දක්වා තිබේ. ඒ කියන්නේ යම් රේඛාවකට දෙපසින් (උඩින් හා යටින්) ඩොට් පිහිටන්නේ බොහෝ ඈතින් නම් එම දිග බොහෝ උචිත වේ. ඒ අනුව ඉහත රූප සටහනේ මීටර් 38 වඩා යෝග්‍ය වේ. එහෙත් ප්‍රායෝගිකව ඉතා දිගු වයර් භාවිතා කිරීමට ඇති අපහසුව නිසාම, බොහෝවිට අපට භාවිතා කළ හැකි උපරිම දිගට අඩු හොඳම දිග ඉහත ප්‍රස්ථාරයෙන් බලා ගත හැකියි.

යම් හෙයකින් පොලොවට සවි කළ නොහැකි නම් පහත ආකාරයට counterpoise (radials ලෙස මීට පෙර හඳුනාගත් දේමයි) යොදා ගත හැකිය (එනම් ටියුනරයේ/ට්‍රාන්සීවරයේ රිටර්න් පාත් එක මීට සම්බන්ද කළ යුතුය). තරංග ආයාම ¼ කට වඩා එය දිග විය යුතුය. සාමාන්‍යයෙන් මෙවන් ඇන්ටනා යොදා ගන්නේ දිගු තරංග ආයාම සඳහා නිසා, කවුන්ටර්පොයිස් කම්බිය තරංග ආයාමයෙන් ¼ ක් තරම් වුවද එය විශාල දිගකි. ඇන්ටනා වයරයට සමාන්තරව කවුන්ටර්පොයිස් කම්බියත් සමාන්තරගතව යැවීම වැදගත් වේ.


මෙම කවුන්ටර්පොයිස් කම්බිය පොලොවට සම්බන්ද නොවී තිබීමට වගබලා ගත යුතුය. එයද හැකි තරම් පොලොවෙන් ඉහල රැඳවිය යුතුය (එහෙත් ඇන්ටනා වයරයට දුරින්). ඊට හේතුව මෙයයි. කවුන්ටර්පොයිස් (හෝ රේඩියල්) භාවිතා කරන විට, එහිද යම් විදුලියක් පවතිනවා. එම විදුලිය හැකි තරම් විකිරණය නොවන හා හානි නොවන ලෙස පවත්වාගෙන යෑමට වගබලා ගත යුතුයි (එසේ නොවුණොත් එලෙස හානි වන්නේ ඇන්ටනාවෙන් විකිරණය වීමට තිබෙන ශක්තියෙන් කොටසක් නිසා ඇන්ටනාව අකාර්යක්ෂම වීමට එය බලපානවානෙ). ඉතිං, මෙම කවුන්ටර්පොයිස් වයරයේ ඇති වන විද්‍යුත් හා චුම්භක යන දෙවර්ගයේම ක්ෂේත්‍ර අහල පහල ඇති ද්‍රව්‍ය (lossy material) මත වැදීම අවම කළ යුතුය.

ඉහත විස්තර කළ ලෙස ෆීඩර්ලයින් එකෙනුත් රේඩියෝ තරංග විකිරණය වීම අවාසියකි (ඇත්තටම තනි කම්බියකින් ෆීඩ් වන සෑම ඇන්ටනාවක මෙය අනිවාර්යෙන්ම සිදු වේ). ඉන් විකිරණ හානිය සිදු විය හැකියි මොකද ෆීඩර්ලයින් එක ට්‍රාන්සීවරය තෙක්ම (එනම් කාමරය තුලට) පැමිනෙන නිසා. ඊට අමතරව ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරන ග්‍රවුන්ඩ් ලීඩ් එකෙනුත් විකිරණය සිදු විය හැකි අතර එයද විකිරණ හානිය ඇති කරනවා මෙන්ම ඇන්ටනාවේ කාර්යක්ෂමතාව අඩු කරයි.

එලෙස ගෘහය තුලට විකිරණය විසිරී යෑමෙන් ගෘහයේ අනෙක් විදුලි උපාංගවලට ඉන් ඉන්ටර්ෆරන්ස් ඇති කළ හැකියි. ෆීඩ්ලයින් එක ගෘහයේ අහුමුලුවලින් යන නිසා, ඉන් පිටවන විකිරණය නිවසේ විදුලි පරිපථයටද අනිසි බලපෑම් එල්ල කළ හැකියි. නිවසේ සාමාන්‍ය විදුලි උපකරණවලට එමඟින් වැඩි වෝල්ටියතාවක් ඇතුලු විය හැකියි.

තවද, එම විකිරණය අහල පහල ඇති ලෝහ රත් කිරීමකටද ලක් කළ හැකියි (රේඩියෝ විකිරණය උරාගෙන ලෝහ රත් වේ; විකිරණය ප්‍රබල නම් රත්වීම සීඝ්‍ර හා ප්‍රබල වේ). මෙලෙස රත් වූ ස්ථාන RF hotspot කියා හඳුන්වනවා. සමහරවිට වොට් සිය ගණනක හෝ දහස් ගණනක ට්‍රාන්ස්මීටරයකින් යම් ප්‍රතිශතයක් (කුඩා ප්‍රතිශතයක් වුවද) මෙලෙස රත් වීම සඳහා වැය වුවොත්, එය විශාල රත් වීමකට ලක්ව ගිනි ගැනීම් පවා සිදු විය හැකි තරම් බරපතල කරුණකි. ෆීඩර්ලයින් එක ලෝහමය කොටස් අසලින්ම යන විට එම ලෝහ කොටස්වලට විකිරණය පහසුවෙන්ම ලැබෙනවා නේද? එනිසා විශාල ජවයන්ගෙන් සම්ප්‍රේෂනය මෙවන් ඇන්ටනා යොදාගෙන සිදු කිරීම ව්‍යසනයන් ඇති කළ හැකියි.

ෆීඩර්ලයින් එක අහුමුලුවලින් යන එකක්නෙ (ඇන්ටනාව මෙන් එලිමහනක තනියෙන් පවතින එකක් නොවේනෙ). බොහෝවිට ෆීඩර්ලයින් එක තවත් සන්නායක අසලින්ද ගමන් කරාවි. මෙම ඇන්ටනාවේදී ෆීඩර්ලයින් එකත් ඇන්ටාවේ ඩ්‍රිවන් එලිමන්ට් එකේම කොටසක් නිසා, ඒ කියන්නේ ෆීඩර්ලයින් එක විසින් ඝෝෂාව පහසුවෙන් ග්‍රහනය කර ගෙන ට්‍රාන්සීවරයට යොමු කරනවා. එය අවාසියකි. එලෙසම ග්‍රවුන්ඩ් ලීඩ් එකෙනුත් අනවශ්‍ය ඝෝෂා ප්‍රමාණයක් ට්‍රාන්සීවරයට එකතු කරාවි.

මෙම ඇන්ටනාව ට්‍රාන්සීවරයට හැමවිටම සම්බන්ද කළ යුත්තේ antenna tuner එකක් හරහාය. මෙම ඇන්ටනාව සංඥා තරංග ආයාමයට සාපේක්ෂව සාදා ගත් නිශ්චිත ඩයිපෝලයක් හෝ මොනෝපෝලයක් නොවේ. එනිසා ඒ ඒ සංඥා සංඛ්‍යාතයට විවිධ සම්බාදක අගයන් ඇන්ටනාව විසින් ලබා දෙනවා (මෙම සම්බාදක අගය විචලනය ඕම් 100ක පමණ සිට ඕම් 5000 දක්වා වන අතර, ටියුනරයට එම පරාසයම බොහෝවිට සපෝට් කළ හැකිය). එවිට ට්‍රාන්සීවරයේ සම්බාදකය (බොහෝවිට ඕම් 50) සමග එය මැච් නොවේවි. එය 100%ක්ම නොවුවත් අවශ්‍ය ප්‍රමාණයටවත් මැච් කිරීමට තමයි ඇන්ටනා ටියුනර් එකක් සම්බන්ද කිරීමට සිදු වන්නේ. තවද, ෆීඩර්ලයින් එක හා ග්‍රවුන්ඩ් ලීඩ් එක විකිරකයේම කොටසක් නිසා, ඒවාට වටපිට ද්‍රව්‍යවලින් ඇති වන බලපෑම කෙලින්ම ඇන්ටනාවේ සම්බාදකයට දැනේ (එනම් සම්බාදකය වෙනස් වේ). මිනුත් පැහැදිලි වන්නේ ටියුනර් එකක අවශ්‍යතාවයි. තවද, ඇන්ටනා ටියුනරය ගෘහයෙන් එලියේ රැඳවිය හැකි නම් එය RF hotspot වලින් හා රේඩියෝ විකිරණයෙන් හා අනෙක් කරදරවලින් බේරීමට ඉවහල් වේ.

තවද, වයරයේ එක් කෙලවරක් ගසක් හෝ කුමක් හෝ උස තැනකට තදින් බැද තබන අතර, අනෙක් කෙලවරට ෆීඩ්ලයින් එක සම්බන්ද කළ යුතුය (ඇත්තටම මෙම කෙලවත් අනෙක් කෙලවර මෙන්ම හොඳින් යමක බැද තැබිය යුතු වෙනවා). සාමාන්‍යයෙන් තිරස්වයි (හෝ තිරස් ඇලයකින්) මෙවැනි ඇන්ටනා තබන්නේ (සිරස්ව තැබීමට අපහසු නිසා). ඇන්ටනා කෙලවරවල් එලෙස ගසකට හෝ එවැනි උස දේකට බඳින විට ඒවා ශක්තිමත්ව පහසුවෙන් බැඳීමටත්, ඇන්ටනාව එම ගස හෝ වස්තුව හරහා ග්‍රවුන්ඩ් වීම වැලක්වීමට (electrical isolation) ඇන්ටනා වයරය දෙකෙලවර strain insulator ලෙස හඳුන්වන පරිවාරක කැබැලි දෙකක් භාවිතා කරනවා.


මේවා සෙරමික්, පොසෙලෙන්, රබර්, ප්ලාස්ටික්වලින් සෑදිය හැකිය. ලී කැබැලි වැනි වතුර හෝ වාතයේ ඇති ජල වාෂ්ප නිසා සන්නායකතාවක් ඇති විය හැකි කිසිදු ද්‍රව්‍යයක් භාවිතා නොකරන්න. ලී කැබැලිවලින් ඒවා සාදා ගන්නට සිතනවා නම්, සුදුසු හැඩයට සකස් කළ පසු, පැරෆින්/ඉටිපන්දම් ඉටිවලින් එම කොටස ඉතා හොඳින් පොඟවා ආවරණය කර ගතද හැකිය. ඇන්ටනා සවි කිරීමේදී පමණක් නොව, විදුලි රැහැන් ඇදීමේදි ආදි විදුලිමය වශයෙන් වෙන් කිරීමට අවශ්‍ය ඕනෑම තැනක ස්ට්‍රේන් ඉන්ස්‍යුලේටර් යොදා ගැනේ. මේවා එලිමහනේ පවතින නිසා වැස්සෙන් ඇති විය හැකි ෂෝට් වීම් වැලැකෙන ලෙස සාදා තිබේ. එනම්, ඊට වැටෙන ජලය ඉක්මනින්ම එය දිගේ අඛණ්ඩව පවතින්නේ නැති වන පරිදි ඒවා සාදා තිබේ. එවා වලලු ආකාරයෙන් සාදා තිබෙන්නේ එනිසාය. බලන්න අහල පහල අධිසැර විදුලි රැහැන්වල මේවා සවි කර තිබෙන හැටි හා එම වලලු පිහිටා ඇති අයුරු.


වයරය තමයි ඩ්‍රිවන් එලිමන්ට් එක (මොනෝපෝලය) වන්නේ. තවද, එම වයර්/මොනෝපෝල් දිග අනෙක් ඇන්ටනාවල මෙන් යම් නිශ්චිත තරංග ආයාමයකට සමානද නොවේ. මෙනිසයි රැන්ඩම් (අහඹු) වයර් යන නම ඊට ලැබී තිබෙන්නේ. අහඹු යැයි කිව්වත් මීට පෙර විස්තර කළ පරිදි සුදුසු දිගක් තෝරා ගැනීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් දිගු තරංග ආයාම සහිත සංඥා සඳහා යොදා ගැනේ. එනිසා වයරය ඉතා දිගය. මෙවැනි විශාල දිගක් සහිත ඇන්ටනා ඩයිපෝල් හෝ මොනොපෝල් ප්‍රායෝගිකව තද ලෝහ කූරුවලින් සෑදිය නොහැකි නිසයි වයර් භාවිතා කරන්නේ. මෙම වයර්වල දිග වැඩි අතර, එනිසා ලෝං වයර් යන නමද ඊට ලැබී තිබේ.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,