Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 111

Cubical Quad Antenna

ගේන් එක තවත් වැඩි කර ගත හැකියි යැගී ඇන්ටනාවක වින්‍යාසයකින් ලාජ් ලූප් එක සෑදූ විට. මෙවන් ඇන්ටනා Quad හෝ Cubical quad ඇන්ටෙනා ලෙස හැඳින්වේ. එනම්, සාමාන්‍ය යැගී ඇන්ටනාවේ තිබූ ඩයිපෝලය වෙනුවට මෙවැනි තරංග ආයාම එකක දිගක් සහිත ලූප් එකක් ඩ්‍රිවන් එලිමන්ට් එක ලෙස යොදා ගැනේ. ඊට අමතරව, සාමාන්‍යයෙන් රිෆ්ලෙක්ටරය හා එක් ඩිරෙක්ටරයක් හෝ ඩිරෙක්ටර් කිහිපයක්ද යොදා ගැනෙන අතර, ඒවාද සකසා තිබෙන්නේ ඩ්‍රිවන් එලිමන්ට් එක මෙන්ම ලූප් එකක් ආකාරයටයි. සාමාන්‍යයෙන් සියලුම ලූප් චතුරස්‍රාකාර වේ.

එහිදී යැගී ඇන්ටනාවේදී විස්තර කළා මෙන්, රිෆ්ලෙක්ටරය තරංග ආයාමයට වඩා 5%ක් පමණ වැඩිපුර දිගක් ගත යුතු අතර, ඩිරෙක්ටරයද දළ වශයෙන් 5%ක් තරංග ආයාමයට වඩා අඩු දිගකින් තැබිය යුතුය (ඩිරෙක්ටර් කිහිපයක් ඇත් නම්, වැඩි වන සෑම ඩිරෙක්ටරයකම දිග ඊට පෙර ඩිරෙක්ටරයට වඩා සුපුරුදු ලෙස කොට කරමින් යා යුතුයි). එලිමන්ට් අතර පරතරද යැගී ඇන්ටනාවේ මෙන්මය. සුපුරුදු ලෙසම තරංග ආයාමය වෙලෝසිටි ෆැක්ටර් එකේ බලපෑම නිසා 5%ක පමණ අඩුවෙන් ගත යුතුය (හරියටම වෙලෝසිටි ෆැක්ටර් අගය දන්නෙහි නම්, එම අගයට ගැලපෙන දිගක් අඩු කළ හැකිය). පහත දැක්වෙන්නේ 8 element quad antenna එකකි.


කොඩ් ඇන්ටනාවක සාමාන්‍යයෙන් පහත ආකාරයේ රේඩියේෂන් පැටර්න් එකක් පවතීවි.


කොඩ් ඇන්ටනාවට ඉතා ළඟින් යන ඇන්ටනාවකි Quagi antenna. එය කොඩ් හා යැගී යන වින්‍යාස දෙකෙහි මිශ්‍රනයකි. එනම්, ඩ්‍රිවන් එලිමන්ට් එක හා රිෆ්ලෙක්ටරය කොඩ් ඇන්ටනාවක මෙන් ලූප් ලෙස සකස් කරන අතර, ඩිරෙක්ටර් එලිමන්ට් සාමාන්‍ය යැගී ඇන්ටනාවේ මෙන් කූරු ලෙස සකස් කරනවා. එලිමන්ට්වල දිගවල් හා පරතර පෙර විස්තර කළ පරිදිම වේ. ඕම් 50 කොඇක්සියල් කේබල් ෆීඩ්ලයින් ලෙස භාවිතා කළ හැකිය.


කැගී ඇන්ටනාවක රේඩියේෂන් පැටර්න් එක පහත ආකාරයට වේ. එය යැගී ඇන්ටනාවේ මෙන්ම ඩිරෙක්ටර් පිහිටා ඇති දිශාව ඔස්සේ මේන්ලෝබ් එක පිහිටයි.



Helix Antenna

හේලික්ස් ඇන්ටනාව helical antenna ලෙසද හැඳින්වේ. හේලික්ස් ඇන්ටනාව ආකාර දෙකකින් භාවිතා කළ හැකියි. සර්පිලයේ එක් රවුමක පරිධියේ දිග මත මෙම ආකාර දෙක තීරණය වේ. එම දිග තරංග ආයාමයෙන් 1/10 ක් වැනි පංගුවක් නම් (එනම් ඉලෙක්ට්‍රිකලි ස්මෝල් ඇන්ටනාවක් නම්), එය normal mode operation ලෙසද, තරංග ආයාමයක් හෝ වැඩි දිගක් සහිතයි නම්, එය axial mode operation ලෙසද හැඳින්වේ. හේලික්ස් ඇන්ටනාවකට හැමවිටම වාගේ හොඳ ග්‍රවුන්ඩ් එකක් අවශ්‍ය වේ. පහත රූපයේ හේලික්ස් එකේ යට ඇති සුදුපාට තැටිය ඇන්ටනාවට ග්‍රවුන්ඩ් එක ලෙස ක්‍රියාත්මක වේ (ක්වාර්ටර්වේව් ඇන්ටනාවේ රේඩියල් කූරු වගේ).


පළමුවෙන්ම හේලික්ස් ඇන්ටනාවක පරාමිතින් ගැන සොයා බලමු. සර්පිලයේ දිග (සර්පිලාකාර හැඩය එලෙසම තිබියදී තිබෙන දිග) H ලෙස පහත රූපයේ සඳහන් කර ඇත. එක් රවුමක සිට අනෙක් රවුමට ඇති දුර S වේ. සර්පිලයේ ඇති එවැනි රවුම්/වට ගණන N නම්, H=NS ලෙස සම්බන්දතාවක් ගොඩනැඟිය හැකියිනෙ. අලුපාටින් පෙන්වා තිබෙන්නේ ග්‍රවුන්ඩ් එකයි. ග්‍රවුන්ඩ්හි අරය අවම වශයෙන් තරංග ආයාමයෙන් ¾ ක්වත් විශාල විය යුතුය. D යනු සර්පලියේ ඇති රවුම්වල විශ්කම්භයයි. තවද, දකුණු පැත්තේ ඇති ත්‍රිකෝණයෙන් සර්පිලයේ ඇති තවත් වැදගත් පරාමිතින් කිහිපයක් වෙන් කොට (තවත් හොඳින් පැහැදිලි වන සේ ආකෘතික ගත කර) පෙන්වයි. එහි C වලින් දක්වන්නේ සර්පිල රවුමක පරිධිය වේ (සාමාන්‍ය වෘත්තයක පරිධිය සොයන පරිධිය = πවිශ්කම්භය යන සූත්‍රය). ත්‍රිකෝණයෙන් මෙම පරිධි දිගත් රවුම් දෙකක් අතර තිබෙන පරතරයත් අතර ඇති සම්බන්දතාවක් ගොඩනඟා ඇත. එහිදී ඇල්ෆා කෝණය වැදගත් පරාමිතියකි. එය pitch angle ලෙස හැඳින්වේ. එවිට, α=tan-1(S/C) ලෙසද ප්‍රතිඅනුපාත සම්බන්දතාව මඟින් පිච් එක සෙවිය හැකිය.


කොඇක්සියල් කේබලයේ මැද කම්බිය හේලික්ස් එක කෙලවරටත්, එහි බ්‍රෙයිඩ් එක ග්‍රවුන්ඩ් එකටත් සවි කළ යුතුය.

දැන් නොර්මල් මෝඩ් ගැන විමසා බලමු. එය broadside mode ලෙසද හැඳින්වේ. මෙහිදී සර්පිලයේ එක් රවුමක පරිධියේ දිග (C) තරංග ආයාමයෙන් 1/10 ක් හෝ ඊට අඩු වන්නා සේම, සර්පිලයේ එක් රවුමක සිට අනෙක් රවුමට ඇති දුරද තරංග ආයාමයෙන් ¼ ක් පමණ විය යුතුය. මෙවිට ඇන්ටනාවෙන් රේඩියෝ තරංග විකිරණය වන්නේ වටේට (ඇන්ටනා අක්ෂයට ලම්භකව) වේ. ඒ කියන්නේ ඔම්නිඩිරෙක්ෂනල් ඇන්ටනාවකි.



මෙම ඇන්ටනාව ක්වාර්ටර්වේව් ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වේ. එහෙත් කොයිලයක් ආකාරයට නිර්මාණය වී තිබෙන නිසා, සාමාන්‍ය ක්වාර්ටර්වේව් ඇන්ටනාවට වඩා අක්ෂ දිග කෙටි වන සේ සෑදිය හැකි වීම වාසියකි (loaded coil එකක් ඇති ඇන්ටනාවක් සේ). ඉලෙක්ට්‍රිකලි ස්මෝල් ඇන්ටනාවක් නිසා පොදුවේ සියලුම ඉලෙක්ට්‍රිකලි ස්මෝල් ඇන්ටනාවල තිබූ අවාසි මෙහිද ඇත. එහෙත් ඉතා කුඩාවට සෑදිය හැකි නිසා පෝටබල් උපකරණවලට උචිතය.



පෝටබල් සන්නිවේදන උපකරණවලට සවි කරන විට අනිවාර්යෙන්ම ඉහත රූපයේද පෙනෙන ආකාරයට ඇන්ටනාව රබර්/ප්ලාස්ටික් කොපුවක් තුල රඳවයි. මුල් කාලයේ භාවිතා වූ සෙල්ෆෝන්වල මෙම ඇන්ටනා සුලභ දසුනක් වුවත් අද වන විට තාක්ෂණය දියුණු නිසා ඇන්ටනාව ෆෝන් එක තුලම රඳවා ඇත. එහෙත් අදටත් ආධුනික ගුවන් විදුලියේ භාවිතා වන පෝටබල් උපකරණවල මේවා දැකිය හැකිය. මෙම ඇන්ටනාවල සුරතල් නාමය rubber ducky antenna වේ. stubby antenna ලෙසද සමහරුන් මේවා හඳුන්වනවා.

මෙම ඇන්ටනා භාවිතා වන්නට පෙර, සාමාන්‍යයෙන් ක්වාර්ටර්වේව් ඇන්ටනා භාවිතා විය. එහෙත් බහුලවම භාවිතා වූ VHF පරාසය සඳහා වුවත් මෙවැනි ඇන්ටනා අඩි කිහිපයක් දිග විය. එනිසා එම ඇන්ටනා අවශ්‍ය වෙලාවට පමණක් දිග හැරිය හැකි, අනෙක් වෙලාවට හැකිලිය හැකි telescopic antenna ආකාරයට තැනීය (අර රේඩියෝවල දික් කළ හැකි ඒරියල් තමයි ටෙලෙස්කෝපික් කියන්නේ).

ඊට අමතරව, සමහරුන් ඇන්ටනාව ක්වාර්ටර්වේව් දිගට වඩා අඩු කළේය. මෙවිට ඇන්ටනාවේ ධාරිත්‍රක ප්‍රතිබාද අගය බෙහෙවින් වැඩි වේ (ඇන්ටනා කූරක දිග අඩු කර ගෙන යන විට මෙය ඉබේම සිදු වෙන බව මීට පෙර අප සාකච්ඡා කර තිබෙනවා). එවිට, එවන් electrically small antenna වල ඇතිවන එම ධාරිත්‍රක ප්‍රතිබාදය ඉවත්/උදාසීන කිරීමට ප්‍රේරක ප්‍රතිබාදයක් සම්බන්ද කළ යුතු වෙනවානෙ. එය කළ හැක්කේ ඇන්ටනාවේ යට කෙලවරේ කොයිලයක් (loading coil) සවි කිරීමෙනි. මෙවන් ඇන්ටනා තමයි base-loaded antenna, loaded antenna වැනි නම්වලින් හැඳින්වේ.

එහෙත් හේලික්ස් ඇන්ටනාව වැදගත් වන්නේ මෙහි ඇන්ටනාවේ මූලික හැඩය තුලම කොයිලයක් තිබීමයි. එනම් අමුතුවෙන් යට ලෝඩිං කොයිලයක් අවශ්‍ය නැත. කෙසේ වෙතත් ක්වාර්ටර්වේ ඇන්ටනාවකට වඩා රබර් ඩක් ඇන්ටනාවේ ගේන් එක අඩුය; කාර්යක්ෂමතාවද අඩුය. Q අගය වැඩිය; එනිසා බෑන්ඩ්විත් එක අඩු වේ. මෙහි සර්පිල් රවුමේ විශ්කම්භය වැඩි කරගෙන යන විට, Q අගය ක්‍රමයෙන් වැඩි වේ (එනම් බෑන්ඩ්විත් එක ක්‍රමයෙන් අඩු වේ); ඉම්පීඩන්ස් අගය ක්‍රමයෙන් අඩු වේ. දළ වශයෙන් ඉම්පීඩන්ස් එක ඕම් 30ක් පමණ වේ.

දැන් බලමු ඇක්සියල් මෝඩ් ක්‍රියාකාරිත්වය ගැන. එය end-fire mode ලෙසද හැඳින්වේ. මෙහිදී හේලික්ස් එකේ රවුමක පරිධිය තරංග ආයාම 1ක් වේ. මෙවිට ඇන්ටනාවෙන් විකිරණය පිට වන්නේ වටේට නොව ඇන්ටනා අක්ෂය දෙකෙළවරිනි. එහෙත් සාමාන්‍යයෙන් යට අක්ෂ කෙලවරට ග්‍රවුන්ඩ් එකක් සවි කරන නිසා, එම පැත්තෙන් විකිරණය සිදු නොවේවි. මේන්ලෝබ් එක එම අක්ෂය ඔස්සේ පිහිටන අතර, පහත සූත්‍රයෙන් එහි හාෆ්බීම්විත් කෝණය (HPBW) හා නල්-ටු-නල් බීම්විත් කෝණය (FNBW) සෙවිය හැකිය.



මෙම අවස්ථාවේදී ඇන්ටනාවේ ගේන් අගය පහත සූත්‍රයෙන් සෙවිය හැකිය. සාමාන්‍යයෙන් C=λ හා S=0.23λ ලෙස ගන්නා නිසා, පහත සූත්‍රය 10log(0.8N) ලෙස සරල වේ.


මෙම අවස්ථාවේදී ඇන්ටනාවේ ඉම්පීඩන්ස් අගය 140C/λ යන සූත්‍රයට අනුව ලැබේ (c යනු ආලෝකයේ වේගය වේ). දළ වශයෙන් මෙම ඉම්පීඩන්ස් අගය 100ට වැඩිය. සාමාන්‍යයෙන් රවුම් දෙකක් අතර පරතරය (S) තරංග ආයාමයෙන් 0.23 ක් පමණ විය යුතුය. පිච් ඈන්ගල් එක අංශක 13ක් පමණ විය යුතුය.

තවද, මෙම ඇන්ටනාවේ බෑන්ඩ්විත් එක විශාලය (එනම් ඇක්සියල් ආකාරයේ හේලික්ස් ඇන්ටනාවක් බ්‍රෝඩ්බෑන්ඩ් වේ). එය ගණනය කරන්නේ මෙසේය. ඇන්ටනාවේ රවුමක පරිධිය (C) සාමාන්‍යයෙන් තරංග ආයාම 1ක් වන සේනෙ තබන්නේ. මෙවිට එම ඇන්ටනාව සපෝට් කරන තරංග ආයාම පරාසය වන්නේ එම තරංග ආයාමයෙන් (එනම් C වලින්) ¾ ක සිට 4/3 දක්වා වේ. තරංග ආයාම පරාසය දන්නා විට ඊට අනුරූප සංඛ්‍යාත පරාසය පහසුවෙන්ම ලබා ගත හැකියි. උදාහරණයක් බලමු.

යම් හේලික්ස් ඇන්ටනාවක් අනුනාද වන්නේ 300MHz ට යැයි සිතමු. එවිට එහි තරංග ආයාමය (c=fλ අනුව) 300,000,000/300,000,000 = 1මීටර් වේ. මෙවිට, එම ඇන්ටනාව එහි ¾ක ප්‍රමාණයක් හෙවත් මීටර් 0.75 සිට එහි 4/3 ක ප්‍රමාණයක් හෙවත් මීටර් 1.33 දක්වා සපෝට් කරයි. මීටර් 0.75 යනු සංඛ්‍යාතයක් ලෙස ලබා ගත් විට 300,000,000/0.75 = 400MHz වන අතර, මීටර් 1.33ක තරංග ආයාමය 226MHz වේ. ඒ කියන්නේ එම ඇන්ටනාව 400 – 226 = 174MHz ක සංඛ්‍යාත පරාසයක් සපෝට් කරනවා. Fractional Bandwidth අගය ලෙස එය 174/300 = 58% ක බෑන්ඩ්විත් එකකි.

ඇක්සියල් ආකාරයේ හේලික්ස් ඇන්ටනාවේ තවත් විශේෂයක් තිබේ. එනම්, ඉන් පිටවන විකිරණ circularly polarized වේ (හේලික්ස් ඇන්ටනාවේම නෝමල් ආකාරයේදී linearly polarized විකිරණයි පිට වූයේ). අපේ ඇන්ටනා පාඩම් මාලාවේ හමු වූ පළමු සර්ක්‍යුලර්ලි පොලරයිඩ් ඇන්ටනාව මෙයයි. ඇන්ටනාවේ සර්පිලේ රවුම් ගසන පැත්ත අනුව left right ද කියා තීරණය වේ. ඇන්ටනාවේ යට සිට උඩට යන විට සර්පිලයේ රවුම් ගසන්නේ වාමාවර්තව නම් ඉන් පිට වන විකිරණය වාමාවර්ත වන අතර රවුම් කැරකෙන්නේ අනෙක් පසට නම් එවිට දක්ෂිණාවර්තව විකිරණය පිට වේ.

යම් ඇන්ටනාවකින් රවුම් රවුම් ලෙස (එනම් සර්ක්‍යුලර්ලි පොලරයිස්ඩ් ලෙස) විකිරණය පිට වීමට කොන්දේසි කිහිපයක් අවශ්‍ය වේ. එනම්,

1. එකිනෙකට ලම්භකව විද්‍යුත් ක්ෂේත්‍ර දෙකක් තිබිය යුතුය.

2. එම විද්‍යුත් ක්ෂේත්‍ර දෙකම අගයෙන්/විශාලත්වයෙන් සමාන විය යුතුය.

3. එක් ක්ෂේත්‍ර දෙක අතර කලා වෙනස අංශක 90ක් විය යුතුය (එනම් එක් ක්ෂේත්‍රයක් උපරිම වී තරංග ආයාම ¼ කට පසුවයි අනෙක් ලම්භක ක්ෂේත්‍රය උපරිම විය යුත්තේ).

ඉතිං ඉහත ඇන්ටනා ආකාරයෙන් මෙම කොන්දේසි සැපිරෙන නිසා විකිරණ සර්ක්‍යුලර්ලි පොලරයිස්ඩ් වේ. එම ඇන්ටනාව එසේ හැසිරෙන්නේ කෙසේද යන්න සරලව ආකෘතිකව පෙන්වා දිය හැකිය. සර්පිලයේ එක් වටයක් පමණක් සලකමු. එම රවුම පැහැදිලි කිරීමේ පහසුව තකා කොටුවක් ආකාරයට සකස් කරගමු. දැන් පහත කොටුවේ මුලු දිග තරංග ආයාම 1කි. කොටුවේ එක් එක් අක්ෂය මත තරංග ආයාමයේ කොටස් පවතින ආකාරය තවත් පැහැදිලිව පෙන්වීමට එම කොටුවේ අක්ෂ ඒක රේඛීයව පිහිටන ලෙස ගෙන ඇත. එවිට යම් සංඥා තරංගයක් පිහිටන හැටි බලන්න. රවුම, කොටුව, හා සරල රේඛාවේ ඒ ඒ සථාන පහසුවෙන් සැසඳීම සඳහා ඉංග්‍රිසි අකුරු යොදා ඇති අතර, එම ඉංග්‍රිසි අකුරු මඟින් දක්වන කොටස් මත තරංග ආයාමයේ කොටස් වෙනස් වර්ණවලින් දක්වා ඇත.


A-B කොටස තුල පිහිටන සංඥා කොටස හා C-D කොටස තුල පිහිටන සංඥා කොටස සමපාත වේ. ඊට හේතුව AB කොටස තුල ධාරාව දකුණු පසට වැඩි වෙමින් යන අතර, ඊට විරුද්ධ දිශාව ඔස්සේ CD කොටස තුල ධාරාව ඍණ පැත්තට වැඩි වෙමින් ගමන් කරයි. මෙවිට දෛශික වශයෙන් ගත් කළ ඒ දෙකම සමකලා වේ. එම දෙකම එක ඒකකයක් ලෙස තිරස් සංරචකය ලෙස හඳුන්වමු. එලෙස BC කොටස හා DA කොටසත් එකිනෙකට සමකලා වේ. එම දෙක එක ඒකකයක් ලෙස සිරස් සංරචකය ලෙස හඳුන්වමු.

මෙම තිරස් හා සිරස් සංරචක දෙක අගයෙන් එක සමානය. තවද, ඒ දෙක එකිනෙකට ලම්භක වේ. තවද, එක් සංරචකයක් අනෙක් සංරචකයට තරංග ආයාම කාලකට පසුව මතු වේ. ඒ කියන්නේ සර්ක්‍යුලර්ලි පොලරයිස්ඩ් ආකාරයට විකිරනය වීමට අවශ්‍ය සියලු කොන්දේසි සැපිරී ඇත. ඇන්ටනාවේ එක් වටයකින් සිදු වන දේ අනෙක් වටවලින්ද සිදු වී ගේන් එක ඇන්ටනාවේ අක්ෂය දිගේ වැඩිපුර ඇති වේ.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,