Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 110

ස්මෝල් ලූප් ඇන්ටනාව පහත ආකාරයටද සෑදිය හැකියි. මෙහිදී ලූප් එකේ එක් තැනකදී පමණක් හිඩැසක් තබා එතැන ටියුනිං කැපෑසිටරයක් සවි කරනවා. මෙවිට එම ලූප් එකට ෆීඩ්ලයින් එක කෙලින්ම සම්බන්ද වන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ලූප් එක තුල ඊට වඩා කුඩා තවත් ලූප් එකක් (coupling loop) තැබීමයි. එම කප්ලිං ලූප් එකට තමයි ෆීඩ්ලයින් එක සම්බන්ද කරන්නේ. දැන් එම කප්ලිං ලූප් එකට ලැබෙන සංඥාවට අනුරූපව චුම්භක ක්ෂේත්‍රයක් හට ගන්නා අතර, එම චුම්භක ක්ෂේත්‍රය ඇන්ටනා ලූප් එකේ විදුලියක් ප්‍රේරණය කරනවා. අන්න ඒ විදියටයි ඇන්ටනා ලූප් එකට විදුලියක් ලැබෙන්නේ. ඒ කතා කළේ ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවක් විදියට එය ක්‍රියා කරන අයුරුයි. රිසීවිං ඇන්ටනාවකදී එයම අනෙක් පැත්තට සිදු වේ. එනම් ආදායනය කරන රේඩියෝ තරංග නිසා ඇන්ටනා ලූප් එකේ ප්‍රේරණය වන විදුලිය විසින් කප්ලිං ලූප් එකේ විදුලියක් ප්‍රේරණය කරනවා. එම විදුලිය ෆීඩ්ලයින් එක ඔස්සේ රිසීවරයට ලැබේ.


ඉහත විස්තර කළ ඇන්ටනා ක්‍රියාකාරිත්වය පහත පරිපථය මඟින් ආදර්ශනය (model) කළ හැකිය. එහි කොයිලය/ප්‍රේරකය ලෙස දක්වා තිබෙන්නේ ඇන්ටනා ලූප් එකයි (එය තනි පොටේ කොයිලයක් ලෙස සලකා). සන්නායකයේ ප්‍රතිරෝධය තමයි සුපුරුදු ලෙසම ලොස් රෙසිස්ටන්ස් එක ලෙස දක්වන්නේ. එම අගය පහත සූත්‍රයෙන් දළ වශයෙන් දැක්විය හැකිය. සංඛ්‍යාතය මෙගාහර්ට්ස්වලින්ද, ලූප් එකේ සන්නායක දිග අඩිවලින්ද, සන්නායකයේ විශ්කම්භය අඟල්වලින්ද එම සූත්‍රය තුල ලිවිය යුතුය. මේ සූත්‍රයෙන් පෙනෙනවා ඇන්ටනාවේ හායනය සංඛ්‍යාතය වැඩි වන විට වැඩි වන බවත්, ඇන්ටනා ලූප් එකේ දිග වැඩි වන විට වැඩි වන බවත්, ලූප් එක සාදන්නට ගන්නා සන්නායකයේ විශ්කම්භය වැඩි වන විට අඩු වන බවත්. මෙම ලොස් රෙසිස්ටන්ස් වැඩි වන විට ඇන්ටනාවේ රත්වීමද වැඩි වේ (එය ඕනෑම ඇන්ටනාවකට පොදුය).


මෙවිට යම් නිශ්චිත සංඛ්‍යාතයකට පමණක් ලූප් එක අනුනාද වේ. එම සංඛ්‍යාතය සහිත සංඥා අනෙක් කොයිලයට ප්‍රේරණය වේ. ලූප් එක විශාල/දිග වන විට විකිරණය වීමට තිබෙන ඉඩ ප්‍රමාණය වැඩි වන නිසා ඇන්ටනාවේ කාර්යක්ෂමතාව ඉන් වැඩි වේ (ඉහත සූත්‍රයෙන් පෙන්වා දුන් පරිදි හායනයද ඒ සමඟම වැඩි වුවත්, ඊට වැඩි වේගයකින් රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය වැඩි වේ). කාර්යක්ෂමතාව වැඩි වෙනවා යනු ලූප් එකේ රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය වැඩි වෙනවා යන්නයි. එම අගය පහත සූත්‍රය අනුව දළ වශයෙන් සෙවිය හැකියි. මෙහිද සංඛ්‍යාතය මෙගාහර්ට්ස්වලින්ද ලූප් එකේ ක්ෂේත්‍රපලය වර්ගඅඩිවලින්ද තැබිය යුතුය.



ඉහත රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය ලැබුණේ වෘත්තාකාර ලූප් එකක් සඳහාය. එම ලූප් දිගම භාවිතා කරමින්, චතුරස්‍රාකාරව එය සකස් කළේ නම්, ඉහත සූත්‍රයෙන් ලැබෙන අගය 1.621 න් බෙදූ විට ලැබෙන්නේ චතුරස්‍රාකාර ලූප් එකක රේඩියේෂන් රෙසිස්ටන්ස් අගයයි.

ලූප් දිග වැඩි කළ හැකි තවත් ක්‍රමයක් නම්, ඇන්ටනාවේ ක්ෂේත්‍රපලය වැඩි නොකර වට ගණන වැඩි කිරීමයි (එනම් තනි ලූප් එකක් වෙනුවට අර කොයිල් ඔතන ආකාරයට වට කිහිපයක් ඇති පරිදි ලූප් එක සකස් කිරීම). මෙවිට එක් එක් වටයේ කිසිම කොටසක් අනෙක් වටයකට ස්පර්ශ නොවන පරිදි තැබිය යුතුය. එක් එක් වටයන් අතර පවත්වාගෙන යන පරතරය අනුවද ඇන්ටනාවේ ගතිගුණ වෙනස් විය හැකිය. දළ වශයෙන් ඇන්ටනා කූරේ විශ්කම්භය මෙන් දෙතුන් ගුණයක පරතරයක් යෝජනා කෙරේ.


වට ගණන වැඩි කරන විට, ක්‍රමයෙන් ඇන්ටනාවේ ක්‍රියාකාරි සංඛ්‍යාතයද ඉහල යයි. එහෙත් මෙය ඇන්ටනාවේ කාර්යක්ෂමතාව වැඩි නොකරයි (ඇන්ටනාවේ කාර්යක්ෂමතාව ලූප් එකේ ක්ෂේත්‍රපලය මත යැපෙන නිසා); ඇන්ටනාවේ ප්‍රේරණතාව නම් වැඩි කරයි (එවිට ඇන්ටනාවේ අනුනාද සංඛ්‍යාතය වෙනස් වේ). ඉලෙක්ට්‍රොනික්ස් පරිපථවල ඇති කොයිල්වලින් විකිරණය එතරම් සිදු නොවන්නේද මේ හේතුව නිසාමය (එනම්, කොයිලයේ කම්බියේ දිග විශාල වුවත් එහි (රවුමේ) ක්ෂේත්‍රපලය කුඩා නිසාය). මෙම ඇන්ටනාවේ ප්‍රේරණතාව පහත සූත්‍රයෙන් දළ වශයෙන් සෙවිය හැකියි. වට කිහිපයක් (N) ඇති විට, ඉහත සූත්‍රයකින් ලබා ගත් ලොස් රෙසිස්ටන්ස් අගයද වට ගණනින් (N වලින්) ගුණ කළ යුතුය.


සමහර අධ්‍යනවලදී ඉහත සූත්‍රයෙන් වඩා නිවැරදි අගයක් නොලැබෙන බව දක්වනවා. එනිසා ප්‍රේරණය සෙවීමට පහත සූත්‍රයත් ඔවුන් දක්වනවා.


ඉහත සූත්‍ර දෙකම ගැලපෙන්නේ වෘත්තාකාර ස්මෝල් ලූප් සඳහාය. චතුරස්‍රාකාර ලූප් සඳහා පහත සූත්‍රය භාවිතා කළ හැකියි.


එහෙත් සමහර අත්හදා බැලීම්වලදී පෙනී ගොස් තිබෙනවා මෙලෙස ඇන්ටනාවේ වට ගණන වැඩි කිරීමෙන් ඇත්තටම කාර්යක්ෂමතාව ඉහල යන බව. වට දෙකක් ඇති විට කාර්යක්ෂමතාවද දළ වශයෙන් දෙගුණයක් වේ (වට අතර පරතරය අනුව දෙගුණට වඩා අඩු විය හැකිය). එහෙත් ඊට වඩා වට ගණන ක්‍රමයෙන් වැඩි කර ගෙන යන විට කාර්යක්ෂමතාව වැඩි වන්නේ සෙමින්ය. එනිසා උපරිම වට දෙකක් හෝ තුනක් සෑහේ.

ඇන්ටනාවට සවි කරන කැපෑසිටරයේ ධාරිතාව පහත සූත්‍රයෙන් සෙවිය හැකියි. ඇත්තටම මෙය තමයි අනිවාර්යෙන්ම දැනගත යුතු අගයන් දෙකෙන් එකක් වන්නේ මොකද මෙම අගයන්ට නොඅඩු කැපෑසිටරයක් යෙදිය යුතු වෙනවා. එම අගය සෙවීමේ ක්‍රමය සරලයි. එනම්, ඉහත ආකාරයට ඇන්ටනාවේ ලූප් එක නිසා ඉන්ඩක්ටන්ස් අගයක් ලැබෙනවානෙ; ඊට අනුව ප්‍රේරණ ප්‍රතිබාදයක් පවතිනවානෙ. අන්න එම ප්‍රේරක ප්‍රතිබාදය උදාසීන කළ හැකි ධාරිත්‍රක ප්‍රතිබාද අගයක් සහිත කැපෑසිටරයක් තිබිය යුතුය. එනිසා, පළමුවෙන්ම ඉහත ඉන්ඩක්ටන්ස් අගය නිසා ඇතිවන ප්‍රේරණ ප්‍රතිබාධ අගය XL = 2πfL යන සූත්‍රයට අනුව සෙවිය යුතුය (සංඛ්‍යාතය හර්ට්ස්වලින්ද ප්‍රේරණතාව හෙන්රිවලින්ද තබන්න). ඉන්පසුව කැපෑසිටරයේ ප්‍රතිබාධ අගය මීට සමාන විය යුතුය. එවිට පහත ආකාරයට අවසාන සූත්‍රය සැකසේ.


මීට අමතරව, ඇන්ටනා ලූප් එකේ පැතිරුණු ධාරිතාවක් (distributed capacitance) ඇති අතර, එම ධාරිතා අගය ඇන්ටනා ලූප් එකේ දිග වැඩි වන විට වැඩි වේ. එම අගය C (pF) = 0.82S යන සරල සූත්‍රයෙන් දළ වශයෙන් සෙවිය හැකිය (S යනු ලූප් එකේ දිග අඩිවලින් වන අතර, ධාරිතා අගය ඉහත සූත්‍රයෙන් ලැබෙන්නේ පිකෝෆැරඩ්වලිනි). ඇත්තටම මෙම පැතිරුණු ධාරිතාවත් ටියුනිං කැපෑසිටරයේ ධාරිතා අගයට එකතු වේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හෝ ප්‍රතිබාදකයක් දක්වන විට එය ධාරිත්‍රක ප්‍රතිබාදකයක් වුවත්, ස්මෝල් ලූප් ඇන්ටනාවක ඇත්තේ ප්‍රේරක ප්‍රතිබාදක අගයකි. ස්මෝල් ලූප් ඇන්ටනාවද නිශ්චිත සංඛ්‍යාතයකට අනුනාදි වන ලෙස සාදන නිසා, ඇන්ටනාවේ ස්වභාවයෙන්ම තිබෙන එම ප්‍රේරක ප්‍රතිබාදකය කැපෑසිටරයක් සවි කර උදාසීන කරනවා.

කැපෑසිටරයේ ධාරිතාව ඉහත ආකාරයට සොයා ගත්තත්, එම ධාරිත්‍රකයේ වෝල්ටියතාවද සොයා ගත යුතුය. සාමාන්‍යයෙන් අධිවෝල්ටියතා අගයක් ලැබේ. අනිවාර්යෙන්ම දැනගත යුතු දෙවැනි අගය මෙයයි. එම අගය සොයන අයුරු පහත සූත්‍රයේ ඇත. මීට පෙර සොයා ගත් ලොස් රෙසිස්ටන්ස් අගය, රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය, ප්‍රේරක ප්‍රතිබාද අගය, හා වොට් ගණන අවශ්‍ය වෙනවා මෙම අගය සෙවීමට.


තවද, ඇන්ටනාවේ වට ගණන වැඩි කරන විට ටියුනිං කැපෑසිටරයේ ධාරිතාවද අඩු කළ හැකිය (ඊට හේතුව වට ගණන වැඩි කරන විට ප්‍රේරණතාව වැඩි වීම නිසා ප්‍රේරණ ප්‍රතිබාදයද වැඩි වන අතර, එවිට ධාරිත්‍රක ප්‍රතිබාදයද ඊට සමාන විය යුතු නිසා, ධාරිතා අගය ඉහත සූත්‍රය අනුව පහල යා යුතුයි). වට ගණන වැඩි වන විට කැපෑසිටරය දෙපස පවතින උපරිම වෝල්ටියතා අගයද අඩු වේ. එහෙත් Q අගය වැඩි වන අතර, එනිසා කැපෑසිටරයට දැනෙන ධාරාව වැඩි වේ.

පහත දැක්වෙන්නේ ලූප් ඇන්ටනාවකි. එය හොඳින් බැලූ විට එතැන කැපෑසිටරය ඔබට අවබෝධ කර ගත හැකියි. මෙහි රතු පාට විශාල ෂීට් එකක් ලෙස පෙනෙන්නේ කැපෑසිටරයකි. බලන්න ලූප් එකේ පහල එකිනෙකට කනෙක්ට් වී නැත; එනම් “හිඩැසක්” එතැන ඇත. එම හිඩැසට ටියුනිං කැප් එක සම්බන්ද කර ඇත (හරියට පේපර් ක්ලිප් එකක් මෙන්). ඕනෑම සන්නායක තැටි දෙකක් මැද හිඩැසක් (හෝ පරිවාරයක ස්ථරයක්) ඇති විට එතැන ඉබේම කැපෑසිටරයක් සෑදේ. පහත රූපයේ රතුපාට කොටස එවැන්නකි. එහි ලෝහ තැටි දෙකක් තිබෙන අතර, ඒ අතර හිඩැසක් ඇත. එම කැපෑසිටරයේ තැටි දෙක (ඒවා අග්‍ර දෙක වේ) සම්බන්ද වී තිබෙන්නේ ලූප් එකේ කොන් දෙකටයි. එනිසා මෙම ඇන්ටනා සැකැස්ම ඉතා අපූරුය.


එවැනි කැපෑසිටරයක ධාරිතාව සොයන සූත්‍රය වන්නේ C (Farad) = kA/d වේ (k යනු සන්නායක තැටි දෙක අතර පරිවාරකයේ/රික්තකයේ පාරවේද්‍යතා අගයද, A යනු එක් තැටියක ක්ෂේත්‍රපලය වර්ගමීටර්වලින්ද, d යනු මැද පරිවාරක කොටසේ ඝනකම මීටර්වලින්ද වේ). සාමාන්‍යයෙන් මෙවැනි විශාල ධාරිත්‍රකවල මැද අමතර පරිවාරක කොටසක් නොදා වාතය (රික්තකය) තමයි පරිවාරකය ලෙස ක්‍රියා කරන්නේ. එවිට තැටි දෙක අතර පරතරය තරමක් විශාලව තැබේ (හේතුව මොහොතකින් පැහැදිලි වේ). එමඟින් ධාරිතාව අඩු වේ. එම අඩුවන ධාරිතාව ඉහල නැංවීමට තහඩු ක්ෂේත්‍රපලය විශාල කිරීමට සිදු වේ.

මෙවන් කැපෑසිටරයක් ඔරොත්තු දෙන (සපෝට් කරන) උපරිම වෝල්ටියතාව තීරණය වන්නේ තැටි දෙක අතරමැද පරිවාරක කොටසේ බ්‍රේක්ඩවුන් වෝල්ටියතාව අනුවයි. උදාහරණයක් ලෙස, වාතයේ බ්‍රේක්ඩවුන් වෝල්ටියතාව මීටරයට වෝල්ට් 3,000,000 කි. එවිට, කැපෑසිටරය තුල පරිවාරක කොටස මිලිමීටර් 2ක් ඝනකමක් සහිත නම්, එවිට, වෝල්ට් 3,000,000 x 0.002 = 6000 ක් දක්වා උපරිමයකට ඔරොත්තු දෙයි. ඒ කියන්නේ මිලිමීටර් 2ක පරතරයක් සහිතව එම කැපෑසිටරය සෑදුවොත් කැපෑසිටරය දෙපස වෝල්ට් 6000ක් පමණ හෝ ඊට වැඩියෙන් පැවතියොත් කැපෑසිටරය පිලිස්සී යනවා (arc වෙනවා). එනිසා කැපෑසිටරය දෙපස පැවතිය හැකි උපරිම වෝල්ටියතාව අනුව එම පරතරය තීරණය කිරීමට සිදු වේ. එය සාමාන්‍යයෙන් ලොකු පරතරයකි.

මෙවන් ඇන්ටනා සඳහා යොදන කැපෑසිටර්වල ධාරිතාව ඉතා කුඩා වන අතර, ඔරොත්තු දිය යුතු වෝල්ටියතාව ඉතා විශාලය. එනිසා ඉහත ආකාරයට පහසුවෙන්ම එවන් ධාරිත්‍රකයක් සෑදිය හැකිය. තවද, බොහෝවිට අධික ධාරාවක් කැපෑසිටරයට “දැනෙන” බැවින්, ඊට ඔරොත්තු දිය හැකි ලෙස සන්නායක තැටිද වැඩි ඝනකමකින් තැබිය යුතුය (එවිට කැපෑසිටරයේ අනවශ්‍ය ප්‍රතිරෝධය අඩු වේ). නැතිනම් සිදු වන්නේ එම අධික ධාරාව නිසා ධාරිත්‍රකයේ ප්‍රතිරෝධි අගය මත අධික තාපයක් ඇති වීමයි. ඉහත සියලුම හේතු නිසා ප්‍රායෝගිකව මෙවන් ධාරිත්‍රක විශාලව සෑදීමට සිදු වේ. ඉහත රූපයේ විචලනය කළ නොහැකි කැපෑසිටරයක් තිබෙන අතර, පහත දැක්වෙන්නේ විචලනය කළ හැකි ධාරිත්‍රකයකි.


මෙම ඇන්ටනාවල ඉතා ඉහල Q අගයක් ඇත. ඒ කියන්නේ බෑන්ඩ්විත් එක ඉතා කුඩාය කියන එකනෙ. කිවු අගය වැඩි නිසා තමයි ඉහත ඡේදකයකදී මා සඳහන් කර තිබෙන්නේ ධාරිත්‍රකයට “දැනෙන” ධාරා ප්‍රමාණය ඉතා අධික බව (සාමාන්‍ය ධාරාව කිවු අගයෙන් වැඩි වේ). කිවු අගය වැඩි නිසා මේවා නැරෝබෑන්ඩ් ඇන්ටනා වේ. තවද, ඉහල සංඛ්‍යාතයන් සඳහා උචිත නොවේ. ඇත්තටම මැග්නෙටික් ලූප් යන නම වඩා උචිත වන්නේ ස්මෝල් ලූප් ඇන්ටනා සඳහාය.

කප්ලිං ලූප් එකේ පරිමාණයන් ගැන දැන් බලමු. එය ඇන්ටනා ලූප් එකට වඩා බෙහෙවින් කුඩාය. එම ලූප් එකේ මුලු දිග සොයන හැටි බලමු. පලමුවෙන්ම පහත පළමු සූත්‍රයෙන් කප්ලිං ලූප් එකේ ක්ෂේත්‍රපලය සොයා ගත යුතුය. ලූප් එකේ දිග එවිට පහසුවෙන්ම සෙවිය හැකියි පහත දෙවැනි සූත්‍රයෙන්. මෙම කප්ලිං ලූප් එකේ වර්ගපලය වෙනස් කරන විට, ඇන්ටනාවේ SWR අගයද වෙනස් වේ. එනිසා අවම SWR අගයක් ලබා ගැනීම සඳහා කප්ලිං ලූප් එකේ වර්ගපලය වෙනස් කළ හැකි අයුරුන් සෑදීම වැදගත්ය.


කප්ලිං ලූප් එක තැබිය හැකි හොඳම ස්ථානය වන්නේ කැපෑසිටරය තිබෙන තැනට විරුද්ධ පැත්තේය. ඇන්ටනා ලූප් එකට ඇතුලතින් එය සවි කරන්න. ඊට හේතුව එම ස්ථානයේ තමයි ධාරාවට සාපේක්ෂව වෝල්ටියතාව අවම ස්ථානය. චුම්භක ක්ෂේත්‍ර හරහා ලූප් දෙක අතර ප්‍රේරණය සිදු වන නිසා එම ලක්ෂණය ඉතාම වැදගත්ය.

විභවය ධාරාවෙන් බෙදන විට ලැබෙන අනුපාතය ප්‍රතිරෝධය/ප්‍රතිබාදකය/සම්බාදකය ලෙස හැඳින් වෙනවානෙ (ඕම් නියමය, V=IR). එවැනිම සම්බන්දතාවක් ලබා ගත හැකියි විදුලි ක්ෂේත්‍රය හා චුම්භක ක්ෂේත්‍රය සඳහාත්. විදුලි ක්ෂේත්‍රයක් ඇති වන්නේ විභවයක් නිසා වන අතර, චුම්භක ක්ෂේත්‍රයක් ඇති වන්නේ ධාරාවක් නිසාය. එනිසා යම් විදුලි පරිපථයකින් පිටවන විදුලි ක්ෂේතයක් එහිම චුම්භක ක්ෂේත්‍රයෙන් බෙදූ විට ලැබෙන අනුපාතය ක්ෂේත්‍ර සම්බාදකය (field impedance) ලෙස හඳුන්වමු. ඒ අනුව උදාහරණයක් ලෙස, යම් තැනක ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය වැඩියි යනු එතැන ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවට වඩා විදුලි ක්ෂේත්‍ර ප්‍රබලතාව වැඩියි යන්නයි. ඇන්ටනාවක් අවටත් විදුලි හා චුම්භක ක්ෂේත්‍ර තිබෙන නිසාත්, එවායේ ප්‍රබලතාවන් ඇන්ටනාවේ සිට ඇති දුර හා ස්ථානය අනුව ස්වාධීනව වෙනස් වන නිසාත්, මෙම ක්ෂේත්‍ර සම්බාදක අගය ඒ ඒ තැන්වල වෙනස් බව පැහැදිලියිනෙ. මෙම වෙනස්කම් තිබෙන්නේ නියර්ෆීල්ඩ් එකේය; ෆාර්ෆිල්ඩ් එකේ එවැනි විචලනයක් නැත.

ලූප් ඇන්ටනාවක මෙම ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය විචලනය වන අයුරු සරල ඩයිපෝලයක එය විචලනය අයුරු සමඟ සසඳා බැලීමක් පහත ප්‍රස්ථාරයේ ඇත. මෙහිදී තරංග ආයාමය මීටර් 100ක තරංග භාවිතා වේ. බලන්න මෙහි මීටර් 100 ට පසුව ප්‍රස්ථාර වක්‍ර දෙක සමපාත වේ. මීටර් 100 යනු එක තරංග ආයාමයක දුරකි. ඒ කියන්නේ ඇන්ටනාවෙ සිට තරංග ආයාම 1ක දුරකදී ලූප් ඇන්ටනාවේ හා සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවේ ෆීල්ඩ් සම්බාදක අගයන් සමාන වේ (ඒ කියන්නේ රේඩියෝ සංඥා පමණක් එතැන් සිට පවතින බවයි; දළ වශයෙන් එය ෆාර්ෆීල්ඩ් එකේ ඇරඹුමයි). එහෙත් දළ වශයෙන් තරංග ආයාමයෙන් 1/10ක් පමණ තෙක් දුරක් (මීටර් 10ක් පමණ) දක්වා ලූප් ඇන්ටනාවේ ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය අඩුය. ඒ කියන්නේ ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් තිබෙන බවයි.


ලූප් එකට ඉතාම ආසන්නයේදී ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය ඉතා අඩු නිසා (එනම් චුම්බක ක්ෂේත්‍රය විදුලි ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිසා), මෙම ඇන්ටනාවට ඉතා ආසන්නයේ යම් සන්නායකයක් තැබුවොත් ඒ මත චුම්භක ප්‍රේරණයක් ඇති වන බව දැන් පැහැදිලියි. එනිසයි මෙවැනි ඇන්ටනාවක් මැග්නටික් ඇන්ටනා ලෙස හඳුන්වන්නෙත්.

එහෙත් ඉහත ප්‍රස්ථාරයෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. එනම්, තරංග ආයාමයෙන් 1/10 පංගුවක සිට තරංග ආයාම 1ක් දක්වා දුර පරාසය තුලදී ලූප් ඇන්ටනාවේ විද්‍යුත් ක්ෂේත්‍රය සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවකටත් වඩා ප්‍රබල බවයි. බොහෝ දෙනා මෙම වැදගත් කාරණය හසුකර ගන්නේ නැත.

සමහරුන් තර්ක කරනවා ලූප් ඇන්ටනාව ඒ අවට ඇති විදුලි උපකරණවලින් ඇති කරන ඝෝෂාවන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙනවා (එනම් එම ඝෝෂාවන් ඇන්ටනාව තුලට වද්ද ගන්නේ නැහැ) කියා. එය එක්තරා දුරකට පමණක් සත්‍ය තර්කයකි. එම තර්කය සත්‍ය වන්නේ ඉහත තර්කය (එනම් ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය ඇන්ටනාව අවට අඩු වීම) යන තර්කය වැරදියට තේරුම් ගැනීම නිසාය. සාමාන්‍යයෙන් අප භාවිතා කරන සෑම විදුලි/ඉලෙක්ට්‍රොනික් උපකරණයකින්ම ඉන් පිටතට ඝෝෂාවක් ඇති කළ හැකි අතර, එම ඝෝෂාව ප්‍රබල විදුලි ක්ෂේත්‍රයක් ලෙස පවතින බව ඔවුන් කියනවා. එහෙත් ඇන්ටනාව විදුලි ක්ෂේත්‍රයට නොව චුම්භක ක්ෂේත්‍රයටයි සංවේදී වන්නේ. එවිට අර ඝෝෂා ඇන්ටනාව තුලට කාවදින්නේ නැත.

එහෙත් එය එලෙස තර්ක කිරීම සත්‍ය වන්නේ එම උපාංග ඇන්ටනාවේ සිට තරංග ආයාම 1/10ක් තුල තිබුණොත් පමණි (මොකද එම ප්‍රදේශය තුලනෙ චුම්භක ක්ෂේත්‍රය ප්‍රබල වන්නේ). එම ප්‍රදේශයෙන් පිටතදී ඉතා හොඳින් විද්‍යුත් ක්ෂේත්‍රවලට ලූප් ඇන්ටනාව සංවේදී වේ (ඒ කියන්නේ හොඳින් ඝෝෂාව ඇන්ටනාව තුලට කාවදියි). කෙසේ වෙතත් දිගු තරංග ආයාම සහිත අවස්ථාවලදී මෙම ඇන්ටනාව අවට ඇති විදුලි ඝෝෂාවලට හොඳින් ඔරොත්තු දේවි.

ස්මෝල් ලූප් එකේ රේඩියේෂන් පැටර්න් එක ලාජ් ලූප් එකට වඩා වෙනස්ය. පහත දැක්වෙන රේඩියේෂන් පැටර්න් අනුව පෙනෙනවා ලූප් එකට සාපේක්ෂව තිරස් (එලිවේෂන්) හා සිරස් (ඇසිමත්) විකිරණ පැටර්න් පවතින ආකාරය.


මෙහි අපූරු ලක්ෂණයක් තිබෙනවා. එනම් බ්‍රෝඩ්සයිඩ් එකේදී (එනම් ලූප් එකේ z ලෙස දක්වන දිශාව හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාව) විකිරණයක් සිදු නොවේ (null ලෙස හැඳින්වෙන එම ස්ථාන දෙකෙහි ඇන්ටනාවේ සංවේදිතාවක් නැත). ලාජ් ලූප් එකේදී එම පැති දෙකෙහි තමයි උපරිම විකිරණයක් සිදු වූයේ. සංඥා ආදායනය කරන විට, ඒ කියන්නේ එම පැතිවලින් සංඥා ඇන්ටනාව විසින් භාර ගන්නේ නැත.


මෙම ලක්ෂණය උපයෝගි කර ගන්නවා යම් යම් මඟ නොහැරිය හැකි රේඩියෝ අවහිරතාවන්ගෙන් බේරීමට. මෙවිට ඇන්ටනාවේ නල් පැත්තක් අර රේඩියෝ සංඥා ඝෝෂාව එන පැත්තට සිටින සේ පිහිටුවනවා. ඒ සංඥා එවිට ඇන්ටනාව විසින් රිසීව් කරන්නේ නැත.

තවද, direction finding ඇන්ටනාවක් ලෙසත් මෙය ඉතා කදිමට ගැලපෙනවා. එනම්, රේඩියෝ සංඥා එන පැත්තට මෙම ඇන්ටනාවේ නල් දිශාගත කළ විට කිසිදු සංඥාවක් ග්‍රහනය වෙන්නේ නැත. එහෙත් නල් ප්‍රදේශ දෙකක් තියෙන නිසා දැන් අපට පොඩි ප්‍රශ්නයක් තිබෙනවා ඇත්තටම සංඥාව එන්නේ මොන නල් දිශාවේ සිටද කියා. එයටත් පහසුවෙන්ම විසඳුම් තිබෙනවා (ඒ ගැන සොයා බලන්න).

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,