Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 109

J Antenna

J Pole antenna ලෙසද හැඳින්වෙන මෙය ඉතා හොඳ වර්ටිකල් ඇන්ටනාවකි. ඉංග්‍රිසි J අකුරේ හැඩයට සාදන බැවින් මෙම නම ලැබී තිබේ. මෙම ඇන්ටනාවේ මූලාකෘතිය 1900 ගණන්වල මුල් කාලයේ තිබූ Zeppelin නම් ජර්මානු ගුවන් යානාවල භාවිතා විය (මෙම ගුවන් යානා අද දක්නට ලැබෙන ගුවන් යානාවලට වඩා හාත්පසින් වෙනස් විය; එම ගුවන් යානා බඳ තුල හයිඩ්‍රජන් හෝ හීලියම් වායුව පිරවූ බැලුම් බෝල සහිත වූ නිසා උඩු ගුවනේ පාවෙමින් තිබූ අතර, කුඩා එන්ජින් මඟින් අවශ්‍ය දිශාවලට සෙමින් ගමන් කරයි). මෙනිසා සමහරුන් මෙය Zeppelin antenna හෝ Zepp antenna ලෙසද හඳුන්වනවා.


මෙම ඇන්ටනාවේ ෆීඩ්පොයින්ට් එක තිබෙන්නේ ඉලිමන්ට් එකේ (කූරේ) කෙලවරය. මෙලෙස කූරේ කෙලවරකින් ෆීඩ්ලයින් එක සවි කරන ඇන්ටනා end-fed antenna ලෙස හැඳින්වේ. මීට පෙර හමු වූ ක්වාර්ටර්වේව් ඇන්ටනාවත් 5/8 වේව් ඇන්ටනාවත් එන්ඩ්ෆෙඩ් ඇන්ටනා වේ.

ජේ ඇන්ටනාවට ග්‍රවුන්ඩ් ප්ලේන් එකක් (එනම් රේඩියල්) අවශ්‍ය නොවේ. එනිසා ක්වාර්ටර්වේව් ඇන්ටනාවට වඩා එය ඉතා පහසුය. ඇන්ටනාවට ගන්නා ඉඩ ප්‍රමාණයද (හරස්කඩ ඉඩ ප්‍රමාණය) ඉතා අඩුය. එනිසා හුරුබුහුටියට සාදා ගත හැකි සේම පහසුවෙන්ම ආවරණයක් තුලද රැඳවිය හැකිය. තවද සරල ඩයිපෝලයේ ගේන් එකට වඩා ටිකක් වැඩියි ජේ ඇන්ටනාවේ ගේන් එක.

මෙම ඇන්ටනාව පහසුවෙන්ම සෑදිය හැකිය. පළමුවෙන්ම තරංග ආයාමයෙන් 3/4ක් දිග ඇන්ටනා කූරක් (y-w) සකසා ගන්න. තවද, තරංග ආයාමයෙන් ¼ ක් දිග කූරක්ද (u-v) සකසා ගන්න. මෙම කොටස stub ලෙස හඳුන්වමු. ඉන්පසු පහත හා ඉහත රූපවල ආකාරයට එම කොටස් දෙක එකට එකතු කරන්න ලෝහමය ජොයින්ට් එකකින්. මෙවිට පහත රූපයේ දැක්වෙන ලෙසට කූරු දෙක අතර පරතරය (w-v) තරංග ආයාමයෙන් 1/40ක් පමණ වීම සුදුසුය. කොඇක්සියල් කේබලය සම්බන්ද කළ යුත්තේද පහත රූපයේ ආකාරයටය; මැද කම්බිය දිග කූරේ A ස්ථානයටද, ෂීල්ඩ් එක කෙටි කූරේ B ස්ථානයටද සම්බන්ද කෙරේ.


ඉහත ඇන්ටනාවේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු ආකාරය මෙසේය. දිග කූරේ y-x ලෙස සටහන් කර ඇති තරංග ආයාම ½ ක දිග තමයි ඇත්තටම ජේ ඇන්ටනාවේ ඩයිපෝලය ලෙස සලකන්නේ. දැන් සංඥා විදුලිය ඩයිපෝලයට ඇතුලු වන්නේ x කෙලවරින් කියා උපකල්පනය කරන්න. මෙවිට ඉහත ඇටවුම තුල සංඥා ධාරාව හා විභවය පිහිටන අයුරු පහත ආකාරයට වේවි. බලන්න කොලපාටින් පෙන්වන ධාරා වක්‍රය ශූන්‍ය වෙනවා ඩයිපෝල් දෙකළවරදී (එය අනිවාර්යෙන්ම තිබෙන ලක්ෂණයක්නෙ මොකද දෙකෙළවරින් ධාරාව ගමන් කිරීමට මඟක් නැති නිසා ධාරාව දෙකෙලවර දක්වා ක්‍රමයෙන් හීන වී දෙකෙළවරදී ශූන්‍ය විය යුතුයිනෙ). තරංග ආයාම කාලක් දිග ස්ටබ් එකේ ධාරාව පිහිටන අයුරුත් බලන්න. මෙවිට වෝල්ටියතා වක්‍රය රතුපාටින් පෙන්වා ඇති ආකාරයට පිහිටනවා.


ඔබ දන්නවා ෆීඩ්පොයින්ට් එක පිහිටන්නේ ස්ටබ් එකේ අතරමැද තැනකයි. ඉහත රූපයේ X-X ලෙස එය දක්වා තිබෙන අතර මීට පෙර රූපයේදී A-B ලෙස එය දක්වා තිබුණා. මෙම ස්ථානය තෝරා ගන්නේ අපට අවශ්‍ය සම්බාදක අගයක් ලැබෙන පරිදිය. අපට අවශ්‍ය ඕම් 50 ක් නම් ඉහත රූපයේ පෙන්වා ඇති ලෙසට වෝල්ටියතා වක්‍රය හා ධාරා වක්‍රය (වෝල්ටියතාව/ධාරාව = ප්‍රතිරෝධය නිසා) හවුල් වී ඕම් 50ක් ලැබෙන සුදුසු ස්ථානය සොයා ගත යුතුය. එම ස්ථානයට පෙර කියූ ලෙස කේබලය සවි කළ හැකිය. ඔබට අවශ්‍ය ඕම් 75 නම්, එම ස්ථානයත් සීරුමාරු කර සොයා ගත යුතුය. ඒ අනුව පෙනෙනවා ෆීඩ්පොයින්ට් එක සීරුමාරු කර සොයා ගැනීමට තිබෙන බව (ජේ ඇන්ටනාවේ තිබෙන අවාසිය එයයි). එක වරක් සොයා ගත් පසුව එතැන් සිට ගැටලුවක් නැත.

ප්‍රායෝගිකව මෙවැනි ඇන්ටනාවක් සාදන විට, දිගු කූර තවත් යටටි සිටින සේ සාදනවා. මෙවිට එම වැඩිපුර යටට තිබෙන කොටස භාවිතා කළ හැකියි ඇන්ටනාව රැඳවීමට (mount). ජේ ඇන්ටනා පාඩමේ මුල්ම රූපයේ මෙය ඉතා හොඳින් දැක ගත හැකියි. එහෙත් මෙම කොටසින් ඇන්ටනාවේ විකිරණ කාර්යක්ෂමතාව අඩු කළ හැකියි. තවද, ඉහත රූපයේ පෙන්වා තිබෙන පරිදි ස්ටබ් එක කෙළවරදී විභවය ශූන්‍ය වේ. එනිසා එම ස්ථානය පොලොවට අර්ත් කිරීමටද හැකිය. මෙවිට අකුණු සැරට එය හොඳින් ඔරොත්තු දේවි. ඊට අමතරව ඇන්ටනාවේ ඇතිවන ස්ථිතික විදුලියද භූගත වේවි. එසේ වුවත් ප්‍රායෝගික අධ්‍යනවලින් පෙනී ගොස් තිබෙනවා එසේ අර්ත් කිරීමෙන් විකිරණ කාර්යක්ෂමතාව අඩු කරන බව.

මෙයත් හාෆ්වේව් ඩයිපෝලයකට සමාන රේඩියේෂන් පැටර්න් එකක් දක්වනවා. ස්ටබ් එක විසින් ඇත්තටම මෙම පැටර්න් එකේ කුඩා වෙනස්කම් ඇති කරනවා. තවද, ඇන්ටනාවේ නියර්ෆීල්ඩ් එක තුල හැකි තරම් අවම ද්‍රව්‍ය ප්‍රමාණයක් තැබිය යුතුය. තවද ඉහත ගණනය කිරීම්වලදී භාවිතා කරන තරංග ආයාමයන්ගෙන් 5%ක් අඩුවෙන් ප්‍රායෝගික දිග තැබිය යුතුය (වෙලෝසිටි ෆැක්ටර් සාධකය සැලකිල්ලට ගැනීම නිසා).

තවද, මෙම ඇන්ටනාවේම සුලු සුලු වෙනස්කම් සිදු කර Slim J, Super J, Collinear J ආදි ලෙස තවත් ජේ ඇන්ටනා වර්ග කිහිපයක් සාදා තිබේ. අවශ්‍ය නම් ඒ ගැනත් සොයා බලන්න.


Loop Antenna

ඇන්ටනා කූර සංවෘත (ලූප් එකක්) ආකාරයට පවතී. මෙම ඇන්ටනාවේ ලූප් එක රවුම් (circular) හෝ ත්‍රිකෝණාකාර (delta) හෝ චතුරස්‍රාකාර (square) හෝ වෙනත් බහුඅස්‍රයක හැඩයක් ඇත. විවිධ අය විවිධාකාරයේ වෙනස්කම් කර තවමත් නොයෙක් පර්යේෂන සිදු කෙරෙමින් පවතින ඇන්ටනාවකි. සාමාන්‍යයෙන් ඩෙල්ටා ලූප් එකට වඩා ස්ක්වයාර් ලූප් එකත් (ඊට වඩා පාද වැඩි ගණනක් තිබෙන බහුඅස්‍රාකාර ලූප් එකත්), ඊට වඩා සර්ක්‍යුලර් ලූප් එකත් හොඳ බව සමහර අධ්‍යනවලින් කියැවේ. ඊට හේතුව මුලු ලූප් දිග ගත් විට, ඉන් ඩෙල්ටා හැඩයට සාදන සංවෘත රූපයේ ක්ෂේත්‍රපලයට වඩා වැඩි ක්ෂේත්‍රපලයක් එම ලූප් දිගම සහිත ස්ක්වයාර් ලූප් එකට ඇත; (බහුඅස්‍රාකාර වන විට පාද ගණන වැඩි වන විට ක්ෂේත්‍රපලයද වැඩි වෙනවා); ඊටත් වඩා වැඩි ක්ෂේත්‍රපලයක් සර්ක්‍යුලර් ලූප් එකේ ඇත. හැමවිටම ලූප් හැඩය සවිධි (regular)/ක්‍රමවත් විදියට තබා ගැනීම සුදුසුය.


ලූප් ඇන්ටනාව vertically polarized ඇන්ටනාවක්ද horizontally polarized ඇන්ටනාවක්ද? එය තීරණය වන්නේ එම ඇන්ටනාවේ ෆීඩ්පොයින්ට් එක තිබෙන ස්ථානය අනුවයි. එය පිහිටා තිබෙන්නේ උඩු හෝ යටි (එනම් තිරස්) කොටසක නම්, ඇන්ටනාව හොරිසොන්ටල් වේ. ෆීඩ්පොයින්ට් එක පිහිටන්නේ වම් හෝ දකුණු (එනම් සිරස්) කොටසක නම්, ඇන්ටනාව වර්ටිකල් වේ. කොඩ් ලූප් එකකින් එය පහසුවෙන් තේරුම් ගත හැකියි.


ලූප් ඇන්ටනාවද තරංග ආයාමයට සාපේක්ෂවයි සලකා බලන්නේ. එනම් ලූප් එකේ මුලු දිග තරංග ආයාමය 1ක් (හෝ ඊට වැඩි නම්), එය large loop හෝ resonant loop ලෙසද, තරංග ආයාමයට වඩා කුඩායි (1/10 හෝ ඊට අඩුයි) නම්, එය small loop ලෙසද හැඳින්වේ. සුපුරුදු ලෙසම ස්මෝල් ලූප් එකක් යනු electrically small antenna එකක් බව පැහැදිලියි නේද?

ඉලෙක්ට්‍රිකලි ස්මෝල් ඕනෑම ඇන්ටනාවක කාර්යක්ෂමතාව අඩුය. සාමාන්‍යයෙන් කාර්යක්ෂමතාව අඩු ඇන්ටනා සම්ප්‍රේෂක ඇන්ටනා ලෙස යොදා ගන්නේ නැත (විශේෂිත අවස්ථාවන් හැරෙන්නට). භාවිතා කිරීමේ පහසුව, අඩු වියදමක් වැය වීම, ඉඩ ප්‍රමාණය අඩුවෙන් ගැනීම නිසා ආදායක ඇන්ටනා ලෙස මේවා බහුලව යොදා ගැනේ. තවද, අවසංඛ්‍යාතයන් ග්‍රහණයේදී පසුබිම් ඝෝෂාවට සාපේක්ෂව ඇන්ටනාවේ අසංවේදිතාව නොසලකා හැරිය හැකි වීම වැනි හේතු නිසා අකාර්යක්ෂම වුවත් ආදායක ඇන්ටනා ලෙස ඒවා භාවිතා වේ (එනම් අවසංඛ්‍යාත සංඥා ග්‍රහණයේදී පසුබිම් ඝෝෂාවද ඉහල මට්ටමක පවතින නිසා, කොහොමත් දුර්වල සංඥාවන් ඝෝෂාව තුල ගිලී පවතින නිසා, ඇන්ටනාවේ සංවේදිතාව අඩුවීම ගැටලුවක් නොවේ). ඒ අනුව ස්මෝල් ලූප් ඇන්ටනාවත් ආදායක ඇන්ටනා ලෙස භාවිතා වේ. ස්මෝල් ලූප් ඇන්ටනාවක ඉම්පීඩන්ස් අගය කුඩා වේ.

ලාජ් ලූප් එකකදී, සාමාන්‍යයෙන් තරංග ආයාම 1 කට සමාන වන පරිදි ඇන්ටනා කූරේ මුලු දුර සකස් කෙරේ. අවශ්‍ය නම්, තරංග ආයාමයේ ඔත්තේ ගුණාකාර (3, 5 ආදි) වන දිගකටද ඇන්ටනා කූර සකස් කළ හැකියි. එවිට ඇන්ටනාවේ ගේන් එක වැඩි වේ. මෙවිට ඇන්ටනාවේ ලොස් රෙසිස්ටන්ස් එකද තරමක් වැඩි වේ. ස්මෝල් ලූප් එකට වඩා කාර්යක්ෂම වේ (එනම් රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය වැඩිය). මෙහි වැඩිපුර විකිරණ පිට වන්නේ ලූප් එකේ තලයට ලම්භකවයි (broadside). උදාහරණයක් ලෙස ඉහත රූපයේ ලූප් එක මුහුනලා තිබෙන්නේ උතුර-දකුණු දිශා ඔස්සේ නම්, එම ඇන්ටනාවෙන් පිටවන විකිරණය පිටවන්නේ උතුරු හා දකුණු දිශා දෙක ඔස්සේය.

ලාජ් ලූප් ලස්සනට වෘත්තාකාරව සෑදීමේ අපහසුතාව නිසා හෝ වෙනත් හේතු නිසා සාමාන්‍යයෙන් චතුරස්‍රාකාරව සාදනවා. එනිසා චතුරස්‍රාකාර ලාජ් ලූප් එකක් ක්‍රියාත්මක වන අයුරු කෙටියෙන් බලමු. පහත රූපයේ ඊතලවලින් පෙන්වා තිබෙන්නේ චතුරස්‍රයේ බාහු ඔස්සේ සංඥා ධාරාවන් ගලා යන දිශාවන්ය. සම්පූර්ණ ලූප් එකම තරංග ආයාම 1ක් දිග නිසා, දළ වශයෙන් එක් බාහුවක දිග තරංග ආයාමයෙන් ¼ කි. පහත රූපයේ ලූප් එකේ ෆීඩ්පොයින්ට් එක තිබෙන්නේ උඩ බාහුවේ හරි මැදින්ය.


දැන් ෆීඩ්ලයින් එකෙන් ලැබෙන සංඥාව ඊතලවලින් දක්වා ඇති දිශා ඔස්සේ ගමන් කරයි. එහිදී a සිට b දක්වා තරංග ආයාම ¼ කි. ඒ කියන්නේ a ස්ථානයේදී උපරිම වන ධාරා වක්‍රය b ස්ථානයේදී අවම වේ. එනිසයි 2 දණ්ඩේ/බාහුවේ ඒ පෙන්වා ඇති පරිදි ඊතල දෙකේ හිස් එකිනෙකට සම්මුඛව තිබෙන්නේ (එය සිදු වන හැටි මීට පෙර පාඩමකදී විස්තර කර ඇත). එලෙස තර්ක කරගෙන යන විට ඉහත ඊතලවල දිශා නිවැරදි බව පෙනේවි.

දැන් බලමු ඉහත ආකාරයට ඊතල පිහිටීම නිසා ඉන් රේඩියෝ තරංග විකිරණයට සිදු වන බලපෑම ගැන. 2 යන දණ්ඩෙහි එක සමාන ධාරා දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවලට ගමන් කරන නිසා, එම සමස්ථ දණ්ඩේ ධාරාව ශූන්‍ය වේ. ඒ කියන්නේ එම දණ්ඩෙන් විකිරණයක් සිදු නොවේවි (හරියට එම දණ්ඩ නැහැ වගේ). එලෙසම 4 වැනි දණ්ඩටත් සිදු වේ. එහෙත් 1 දණ්ඩේ ධාරා දෙකම එකම දිශාවට ගමන් කරනවා. ඒ කියන්නේ එකිනෙක කැපී යෑමක් එතැන නැත. එනිසා ඉන් විකිරණය පිට වේ. එලෙසම 3 දණ්ඩෙනුත් විකිරණය පිට වේ. එක් දණ්ඩක් තරංග ආයාම ¼ බැඟින් නිසා, එම දඬු දෙක ක්වාර්ටර්වේව් ඩයිපෝල දෙකක් මෙන් ක්‍රියා කරනවා. මේ අනුව ෆීඩ්පොයින්ට් එක වෙනස් කරන විට ඉහත ආකාරයට තර්ක කර විකිරණය සිදු වන හැටි ගැන දළ වශයෙන් හෝ දැන් අවබෝධයක් ලබා ගත හැකියිනෙ.

විවිධ හැඩයන්ට සෑදූ ලාජ් ලූප් කිහිපයක සම්බාදක අගයන් හා ගේන් අගයන් දළ වශයෙන් පහත රූප සටහනේ දැක්වේ. යටම තිබෙන්නේ වෘත්තාකාර හැඩයට සෑදූ විට තත්වයයි. එහි ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ මෙම වෘත්තාකාර ලූප් දිග වැඩි කරන විට ගේන් එක වෙනස් වන ආකාරයයි.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,