කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
නැකත්කරුවන් හරියටම අවුරුදු උදාව පුරෝකථනය කරන්නා සේ, ලංකාවේ මැයි දිනය ගැනද ඉතා නිශ්චිතව කළ හැකි පුරෝකථන රැසක් තිබේ. කම්කරුවන්ගේ දිනය වුවද එම දිනය ලංකාවේ සැමරෙන්නේ වැඩපොලේ නිවාඩු දමා අවිචාරවත් කම්කරුවන් විසින් වනචර දේශපාලුවන්ගේ පස්ස හෝදන දිනය ලෙසයි. මහා සාරවත් දේශපාලනයක් ලබා දෙනවා යැයි ප්‍රතිඥා දෙන මතට තිත තබන්නට මීඩියා එකේ තතමන උගතුන් බුද්ධිමතුන් ලෙස තමන් ගැන සිතමින් සිටින දේශපාලුවාගේ සිට සබ්බ සකලමනාවම අපහරණය කරන අවජාතක දේශපාලුවා දක්වාම හැම එකාම මැයි දිනය යොදා ගන්නේ කම්කරුවන්ව තමන්ගේ දේශපාලන ආශාවන් සඳහා ගනිකාවන් බවට පත් කරමිනි. කම්කරුවන් අවම වශයෙන් එක් දිනකට හෝ එක්සත්ව එක්සිත්ව තම බලය ඔය කොයි දේශපාලුවටත් දැනෙන්නට සමරන්න හිතන්නේ නැත්තේ මේ යහමින් කබල් ගහන අවුරුදු දහස් ගණනක මහාාාා සංස්කෘතිය තුල උන් ලබපු හික්මීම නිසා වෙන්න ඇති. හෙටත් අපට දැක ගත හැකි වේවි තිතට මත තැබූ ප්‍රබුද්ධ කම්කරු පිරිසක් පාරවල් අවහිර නොකරමින් ගමන් කරනවා. උන් ඉදිරියෙන් දියවන්නා ගව මඩුවේ MP හංවඩුව ගසා ගත් තඩි ගොන් නාම්බන් හා නෑම්බියන්ද ගමන් කරනු ඇත. ඉන්පසුව ලොකු ස්ටේජ් එකකට නැඟි ගොන් වස්සන්ගේ උම්බෑ හඬට ඔල්වරසන් නඟන