Skip to main content

Posts

Showing posts from January, 2017

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 36

Wavelength Division Multiplexing (WDM) ප්‍රකාශ තන්තු ඔස්සේ සන්නිවේදනය කරන විට , එකම තන්තුව ඔස්සේ ලේසර් ආලෝක කිහිපයක්ම යැවිය හැකිය . මෙවිට , ඒ විවිධ ආලෝකයන්ගේ තරංග ආයාමයන් විවිධ විය යුතුය . එය හරියට එකම වයරයක් හරහා සංඛ්‍යාතය වෙනස් විදුලි තරංග ගමන් කරනවා වැනිමය . එනිසා , එම මල්ටිප්ලෙක්සිං ක්‍රමය WDM වේ . මෙමඟින් දත්ත යැවීමේ ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකියි . එය අතිවිශාල ලාභයකි . ඇත්තටම WDM යනුද තාක්ෂණිකව බැලුවොත් FDM ම තමයි . ඊට හේතුව ආලෝකයේ ( හෝ ඕනෑම විද්‍යුත්චුම්භක තරංග වර්ගයක ) තරංග ආයාමය හා සංඛ්‍යාතය එකිනෙකට බැඳුණු ඒකක දෙකකි ; එකක් දන්නේ නම් පහසුවෙන්ම අනෙක සෙවිය හැකියි c = 3x10 8 ms -1 =f λ යන සූත්‍රයට අනුව (c යනු ආලෝකයේ වේගය වන අතර , f යනු සංඛ්‍යාතද , λ යනු තරංග ආයාමයද වන බව මීට පෙර අප ඉගෙන ගත්තනෙ ). විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු ආලෝකය යනු විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුතු ආලෝකය කියන එකමයි ( එම ආලෝකයන්ගේ සංඛ්‍යාත / තරංග ආයාම පවතින්නේ දෘෂ්‍යාලෝක කලාපයේ නම් , විවිධ තරංග ආයාම අපට පෙනෙනු ඇත්තේ විවිධ වර්ණ ලෙසයි ). එය සංඛේතවත් කිරීමටයි සාමාන්‍යයෙන් ඉහත ආකාරයේ රූපවල එක් එක

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 35

Multiplexing මල්ටිප්ලෙක්සිං යනු සන්නිවේදනයේ නැතිවම බැරි තාක්ෂණික උපක්‍රමයකි . එකිනෙකට වෙනස් / ස්වාධීන සංඥා කිහිපයක් එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂනය කිරීම මින් සිදු වේ . උපමාවකින් එය වඩා හොඳින් පැහැදිලි කළ හැකිය . මහා මාර්ගයක් සලකන්න . එහි එකවර විවිධ අයගේ වාහන ගමන් කරනවා නේද ? එය තනි පාරකි ; එහෙත් විවිධ අය එකවර ඒ හරහා ගමන් කරනවා . මල්ටිප්ලෙක්සිං වලද තත්වය එසේමය . එකම මාධ්‍යයක විවිධ සංඥා කිහිපයක් එකවර ගමන් කරනවා . මෙහි ඇති වාසිය වන්නේ සම්පත් ඉතාම කාර්යක්ෂමව භාවිතා කිරීමයි . පාරේ උපමාව නැවත සැලකුවොත් , තනි තනි කෙනාට වෙන වෙනම පාරවල් සාදන්නට ගියොත් එය කොතරම් නාස්තියක්ද ? එලෙසම , විදුලිසන්දේශවලදී රේඩියෝ සංඥා යනු ඉතාම සීමිත සම්පතකි . එනිසා බොහෝ දෙනෙකුට එම සීමිත සම්පත සාධාරණව භාවිතා කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත යුතුය . ඉතිං , මල්ටිප්ලෙක්සිං යනු ඒ සඳහා යොදා ගන්නා අනර්ඝතම උපක්‍රමයකි . මෙමඟින් වැඩි දෙනෙකුට අඩු වියදමකින් උපරිම සේවාවක් ( ඉක්මන් හා විශාල දත්ත සම්ප්‍රේෂණ වේගයක් ) සපයා දේ . multiplexer ( MUX යනු එහි කෙටි නමයි ) උපකරණයට ඇතුලු කරන තනි තනි සංඥා baseband si