Skip to main content

Posts

Showing posts from September, 2016

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 16

ප්‍රකාශ තන්තු සන්නිවේදනය (Fiber Optics) මෙලෙස රේඩියෝ තරංග සමඟ විදුලි සන්දේශ දිගු ගමනක් යද්දී , තවත් පැත්තකින් නැවත කේබල් ඔස්සේ සන්නිවේදනය කිරීමට ප්‍රවණාවක් ඇති විය . එහෙත් මෙවර එම කේබල් වූයේ සාමාන්‍ය තඹ කම්බි නොව , ප්‍රකාශ තන්තු හෙවත් ෆයිබර් ඔප්ටික් (fiber optic) ලෙස හඳුන්වන විශේෂිත වීදුරුවලින් සෑදූ කේබල්ය . එනිසා මෙවැනි කේබල් ෆයිබර් ඔප්ටික් කේබල් හෙවත් optical cable ලෙස හැඳින්විය . මේවා විදුලි සන්නායක නොවන නිසා විදුලි සංඥා ගමන් කළේ නැත . ඒ වෙනුවට ආලෝක සංඥා තමයි ෆයිබර් ඔප්ටික් හරහා ගමන් කළේ . කෙසේ වෙතත් අපට තවමත් මුලින්ම පරිපථවලින් ලැබෙන්නේ යම් විද්‍යුත් සංඥාවකි . එම විදුලි සංඥාව තමයි සුදුසු විද්‍යුත් - ප්‍රකාශ පරිපථයක් මඟින් ඊට අනුරූප ආලෝක සංඥාවක් බවට පත් කරගෙන ඔප්ටිකල් කේබල් හරහා යවන්නේ . එම ආලෝක සංඥාව කේබලය තුලින් ගමන් කර , අනෙක් කෙලවරදී නැවත යම් පරිපථයකින් ආලෝක සංඥාව විදුලි සංඥාවක් බවට පත් කෙරේ . ඒ කියන්නේ ආලෝක වශයෙන් සංඥාව පවතින්නේ සංඥා සම්ප්‍රේෂනය වන අවස්ථාව සඳහා පමණි . ෆයිබර් ඔප්ටික් යොදා ගැනීම සන්නිවේදනයේ තවත් පෙරලියකි . ෆයිබර් තන්තු හරහා හැමවිටම ගමන් කරන්නේ ඩිජිටල්

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) 15

චන්ද්‍රිකා (Satellite) චන්ද්‍රිකාවක් යනු යම් ආකාශ වස්තුවක් වටා පරිභ්‍රමණය වන තවත් ඊට කුඩා ආකාශ වස්තුවකට කියන පොදු නමයි . ඒ අනුව සඳ පොලව වටා පරිභ්‍රමණය වන පොලොවට වඩා කුඩා ආකාශ වස්තුවක් නිසා සඳද චන්ද්‍රිකාවකි . එය ස්වාභාවික චන්ද්‍රිකාවකි (natural satellite) . ඊට අමතරව මිනිසා විසින් සාදා යම් ආකාශ වස්තුවක් වටේ පරිභ්‍රමණය වීමට සලස්වා ඇති චන්ද්‍රිකා කෘත්‍රිම චන්ද්‍රිකා (artificial satellite) ලෙස හැඳින්වෙනවා . මේ දෙවර්ගයේම චන්ද්‍රිකා තවත් ආකාශ වස්තුවක් වටා කැරකි කැරකි තිබෙන්නේ එකම භෞතික විද්‍යා මූලධර්මය මතයි ( ඒ ගැන මොහොතකින් බලමු ). මේ අනුව ඕනෑම ග්‍රහලෝකයක් වටේට මෙන්ම ඕනෑම උපග්‍රහයෙක් වටේට කෘත්‍රිම චන්ද්‍රිකාවක් පරිභ්‍රමණය කරවිය හැකියි . එහෙත් මිනිසා විසින් යවන ලද බොහෝමයක්ම චන්ද්‍රිකා පොලොව වටේටයි රඳවා තිබෙන්නේ . ඇත්තටම චන්ද්‍රිකා යන නමෙහි තේරුමත් “කුඩා චන්ද්‍රයා” යන්නයි - චන්ද්‍ර + ඉකා ( ඉකා යනු කුඩා යන තේරුම ලබා දෙන ප්‍රත්‍යයක් වන අතර , නාලිකා ආදී තැන්වලද ඉකා යන ප්‍රත්‍යය එම තේරුමින් යොදා ඇත ). පොලොව වටේ සඳ කැරකෙන්නේ කෙසේද , අන්න එලෙසම චන්ද්‍රිකාද කැරකේ යන්න අපට එම නමින් තේරුම් ලබ