ඔබේ ඡන්ද අයිතිය වහල් බවේ සලකුණක් විය යුතුද?
මෙවර ඡන්දයේදී අපට කරන්නට ලොකු ලොකු දේවල් නොමැත. ඇත්තටම මෙවර පමණක් නොව හැම ඡන්දයකදීම පොදු මහ ජනයාගේ තත්වය එයයි. එහෙත් ඔබ මා හට කළ හැකි සුලු සුලු දේවල් කිහිපයක් ඇත. මෙවර වත් අපි එක් දෙයක් කරමු. මහින්දගේ කාලයේ ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියා විකුණිනු මන්ත්රින් ටික මෙවර කවුන්සිලයට නොයවා සිටීටම ඔබේ ඡන්දය ඔවුන් වෙනුවෙන් සලකුණු නොකර සිටින්න. මෙම සුළු පියවරින් පමණක් වුවද විශාල වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇත. ඔබේ පක්ෂය කුමක් වුවත් එම ලැයිස්තුවල සිටින හොදම අය පමණක් පත් කරන්න. තම න්ගේ පක්ෂයේ ලිස්ට් එකේ සිටින්නේ ඔබේ සිතට එකගව ඡන්දය දීමට නොහැකි අය නම්, කරුණාකර හොද මිනිසුන් සිටින වෙනත් පක්ෂයක අයෙකුට එම ඡන්දය ලබා දෙන්න. ඡන්දය ඉල්ලන්නේ ඔබේ අම්ම තාත්තා බාප්පා නම් ඔවුන් වෙනුවෙන් හෘද සාක්ෂියට එකග නැති වුවත් කතා කිරීමට ගහමරා ගැනීමට සිදු විය හැකිය. එහෙත් මේ එකෙක්වත් ඔබ ජීවිතයට එක වරක් හෝ නොදැක්ක එවුන්ය. ඉතිං අප ඔවුනට සැලකිය යුත්තේ නෑදෑයන්ට සලකන අයුරින් නොව, ප්රතිපත්තිමය කාරණා මතයි.