Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

Download

මෙම කොටසින් මා විසින් ලියන ලද පොත් (ඊබුක් ලෙස) ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

You can download books written by me from the following links.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/1983231568


ත්‍රිකෝණමිතිය

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත III

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත II

වින්ඩෝස් වෙනුවට ලිනක්ස්

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින්

 ඉංග්‍රිසි බසින් සිංහල බස ඉගෙන ගැනීම සඳහා මවිසින් රචිත පොත ඇමසන් වෙතින් ලබා ගත හැකිය.

https://www.amazon.com/dp/1983168858


මෝහනය හා මෝහන ප්‍රතිකර්ම

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත I

අවකලනය

අනුකලනය

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය 1

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය 2

දෛශික

          

Comments

  1. මම ජීවිෙත්ටම දැක්ක වටිනාම බ්ලාෙග් ඒක තමයි මේක. අැත්තටම ඔබතුමා මේ කරන සමාජ සත්කාරය කියාගන්න බැරි තරම් වටිනවා .තමන් උගත් දේ අනුන්ට දීමත් ලොකු පිනක්.රුපියලට හැමෙද්ම විකිනෙන මේ කාලයේ මෙවැනි දැනුම දන් දීමක් අපි අගයනවා.ඔබතුමාට ගොඩක් ස්තූතියි ,බ්ලොග් ඒක දිගටම පවත්වාගෙන යාමට සුභපතමි .....

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි විමුක්ති... මිනිස් ජීවිතයේ නියම වටිනාකම ලැබෙන්නේ අධ්‍යාපනය තුලින් නිසා හැකි තරම් ඉගෙන ගන්න.

      Delete
  2. ගොඩක් වටිනවා මට. මන් නම් වැඩිය ඉගෙන ගෙන නෑ. එත් එහෙම උන කියලා දැනුම හොයන එක අත ඇරලා නෑ. මෙන්න මෙ ලින්ක් එකත් බලන්න මයික්‍රොකොන්ට්‍රොල් ගැන මෙකත් කම්පියුටර් එක වගේ
    https://en.wikipedia.org/wiki/Microcontroller

    ජෙසු පිහිටයි!!!!!
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔයා මේ මොහොත වන විට වැඩිය දැනුමක් නැති වීමට හැකි වුවත්, ඔයා දැනුම නිති සොයන් යන කෙනෙකු නිසා, අනිවාර්යෙන්ම නුදුරේදී හොඳ දැනුමැත්තෙකු බවට පත් වේවි. දිගටම සොයන්න. ටිකෙන් ටික ඉගෙන ගන්න. :) ඉගෙන ගත් පසු හැකි පමණින් එය තව අයට ලබා දෙන්නට බලන්න.

      Delete
  3. ටික කාලෙකට පස්සේ ඔබතුමාගේ අඩවියට ආවෙ. මම මේකෙ ආරම්භයේ සිටම දැනුම ලබාගත්තා. දැන්ඔ තව තවත්බ දියුණු වෙලා. තුමාගෙන් මම ලබාගත්ත දැනුම මිල කරන්න බෑ. මේ කරන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුග මෙහෙවරක්.

    ඔබතුමාට ජයෙන් ජයම වේවා! මේ දැනුම් දානය චිරාත් කාලයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. මට ඔයාව මතකයි රජිත් :) සතුටුයි නැවත ඔබ පැමිනීම ගැන...

      Delete
  4. oyage blog eka godak udawu unaa mata anukalanaya awakalanaya therum ganna,, bio lamayek unath me ganitha karma deka higher studies waladi onawenawa... oyata godak sthuthiii

    ReplyDelete
    Replies
    1. :) ඔව්... කලනය කියන්නේ සෙක්සි විෂයක්... (බොහෝ ගැඹුරට ගියහම ඔලුවත් අවුල් වෙනවා හැබැයි... එනිසා මා ඒ තරම් ගැඹුරට ගොස් නැත... හාහාහා) හොඳින් ඉගෙන ගන්න.

      Delete
  5. ඔබතුමාට පුළුවන් නම් 4 stroke, 2 stroke එන්ජින් ගැන කියාදෙන්න.

    ReplyDelete
    Replies
    1. වාහන එන්ජින් හා ඒ ආශ්‍රිත තාක්ෂණය ගැන මටත් තිබෙන්නේ දළ අවබෝධයක් පමණි. එහෙත් ඔබ පැවසූ 4 ස්ට්‍රෝක් හා 2 ස්ට්‍රෝක් එන්ජින් ගැන තියරිය නම් පහසුයි. ඒ ගැන සිංහලෙන් ලියූ හොඳ පොත් කිහිපයක්ම ඇත (මාද මිලට ගෙන ඇත). එම්.ඩී.එල් ගුණරත්නගේ මෝටර් යාන්ත්‍රික විද්‍යාව 1 කොටස හා 2 කොටස කියවා බලන්න. යූටියුබ්හි ඉතාම කදිම වීඩියෝද ඇත. ඒවාත් බලන්න.

      Delete
    2. ගොඩක් වටින දේවල් තියනවා.ඒත් ප්‍රශ්නය තියෙන්නෙ මේකෙ ප්‍රයෝජන ගන්නෙ අල්ප පිරිසක්. මගේ නොදන්නකම වෙන්න ඇති මේ බ්ලොග් එක ටිකක් අමාරුයි පරිශීලනය කරන්න. වැදගත්ම දේ මෙහි පලවන ලිපි facebook හරහා share කරන්න පුළුවන්ද? එහෙම උනොත් ලොකු දෙයක්.මොකද facebook වල share වෙන්නෙ කාටවත් වැඩක් නැති අනුන්ගේ කුනු කන්දල් මිසක් වැඩක් ඇති දේවල් නෙවෙයි. මේ වගේ දෙයක් share කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

      Delete
    3. මගේ අත්දැකීම අනුව පොත් කියවන අය ලංකාවේ අල්පයි. කියවන අය අතරිනුත් අතිශය බහුතරය නවකතා, කෙටිකතා වැනි නිර්මාණාත්මක දේවල් කියවනවා මිස විවිධ විෂයන් උගන්වන පතපොත කියවනවා අඩුය. පාසල් ළමුන්ගේ සිට විශ්ව විද්‍යාල ශීෂ්‍යන් දක්වා වූ විධිමත් අධ්‍යාපනයක් ලබන අයගේ සිට අවිධිමත් ලෙස ඉගෙන ගන්නා අය දක්වා සෑම තලයකම අය අල්ප වශයෙන් කියවන බව මා ඕනෑ තරම් අත්දැක තිබෙනවා. නලුනිලියකු හෝ ගණිකාවක ගැන ඕපදූපයක් කියවීමට, ඒ ගැන වරු ගණන් කතා කිරීමට හා ෂෙයාර් කිරීමට තිබෙන උනන්දුව නම් අතිවිශිෂ්ටයි. කොතරම් කයිවාරු ගැහුවත් ලංකා සමාජය ඉතා නොදියුණු හා උදේ සිට රෑ වෙනතුරුත් රෑ සිට උදේ වෙන තුරුත් වංශය කබල් ගාන ජන කොට්ටාශයකි.

      පරිශීලනය කරන්න අමාරු යැයි අදහස් කළේ කුමක්ද?

      මාගේ ෆේස්බුක් පිටු හරහා, ට්විටර් හරහා මා ලියන සෑම ලිපියක්ම ෂෙයාර් කරනවා. එහෙත් වෙනත් අය විසින් ඉඳහිට ලිපියක් දෙකක් ෂෙයාර් වෙනවා විතරයි (ඊට මට කළ හැක්කක් නැත). පෙරත් කීවා සේ අධ්‍යාපනික දෙයක් සිංහල ජන කොට්ටාශය අතරේ ෂෙයාර් කිරීම ඉතාම ඉතාම ඉතා අපහසුය. එම අවබෝධයෙන් යුතුව වැඩ කරන නිසා මා බ්ලොග් එක ලියන්නට පටන් ගත් මුල් දවසේ සිටම මාගේ බ්ලොගය ප්‍රමෝට් කිරීමට වැඩි උනන්දුවක් දැක් වූයේ නැති අතර, අවශ්‍ය කෙනෙකු කොහොමත් දැනුම සොයන නිසා, අන්න එවැනි අය සඳහා මා මේ ලියන දේවල් ප්‍රයෝජනවත් වේවි.

      Delete
  6. ගොඩක් වටිනවා.මම හොයපු නෝට් ටිකක් ලැබුනා. Combine Math & Physics Books තියෙනම් දාන්න. ජය වේවා !

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,