රනිල්ගේ සදාතනික නිධානය (Ranil's Perpetual Treasury)

මේ වන විට ලංකාවේ මෙතෙක් සිදු කළ විශාලතම සාපරාධි වංචාව ගැන සියලු කරුණු හෙලි වී හමාරය. මේ සමඟ මට දේශපාලනික හා නෛතික වශයෙන් මතු වූ ගැටලුවක් ඇත. එනම්, ලංකාවේ පුරවැසියකුද නොවන පරයෙකු වන අර්ජුන මහෙන්ද්‍රන් ලංකාවේ ඉහලතම හා වැදගත්ම මූල්‍ය සංස්ථාව වන මහා බැංකුවේ අධිපති කළේ එවක හා දැනුදු අගමැත්තා වන පරයන්ට ගැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මැදිහත් වීම මතය. රනිල් විසින් අර්ජුන වෙනුවෙන් පෞද්ගලිකව වගකීම ගන්නා බවට සහතික වී තිබේ. දැන් එම වගවීම හා වගකීම රනිල් විසින් කෙසේ ඉටු කරන්නේද යන්න අපි මඟ බලා හිඳිමු.

දැන් රනිල් වහම අගමැතිකමින් ඉල්ලා අස්විය යුතුය. ඌ ඉල්ලා අස් නොවේ නම්, ජනපති විසින් ඌව ඉවත් කළ යුතුය හරියටම විජේදාසව ඉවත් කළා වගේ. එහෙත් නපුංසක ජනපති රනිල්ගේ කීමට තම ගැහැනිව දික් කසාද කර දැමුවත් රනිල්ව අත් හරින්නේ නැති බව නම් ස්ථිරය. එතරම් මෛත්‍රී රනිල්ට "ලොල්ය".

මේ සම්බන්දයෙන් රනිල් ඉල්ලා අස්වෙනවා තියා එම මහා වංචාව සම්බන්දයෙන් තවමත් බැංකු මංකොල්ලකරුවන් ආරක්ෂා කරමින් සිටී. මෙතරම් කාලකන්නි වනචර සාපරාධින්ව රටේ දෙවැනි පුරවැසියා විසින් නිර්භයව ආරක්ෂා කරමින් සිටීමම රටේ නීතියේ ආධිපත්‍යය කොතරම් වලපල්ලට ගොස් ඇත්දැයි පෙන්වා දෙයි. සමහරවිට සොත්ති උපාලි සීසන් 2 රනිල් විසින් රඟ දක්වනවා විය හැකිය.

වරදේ ස්වභාවය හා බැරෑරුම්කම සලකන විට අගමැති ඉල්ලා අස්වීම පමණක් වුවද ප්‍රමාණවත් නැතැයි මාගේ හැඟීම වේ. අපරාධ චෝදනාවෙන් කොටසක් ඔහුටත් එල්ල කර ඌටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. දැනටත් දේශපාලුවන්ගේ වගවීම් හා වගකීම් ගැන ඉතා පහල ඇගයීමක් බුද්ධිමත් හා සෙසු ජනයාට ඇත. මෙම සිද්ධිය සම්බන්දයෙන් අගමැති තමන්ගේ වගකීම ප්‍රදර්ශනය නොකරයි නම් හෝ ජනපතියා හා නීතිය විසින් රනිල් ඇතුලු වංචනිකයන්ව ආරක්ෂා කරයි නම්, ඉන් අනියමින් කියන්නේ නීතියේ ආධිපත්‍යය හා යුක්තිය සමාදානයේ සතපා ඇති බවයි. එසේ නම්, සන්නද්ධ අරගලයකින් හෝ මේ දූෂිතයන් පලවා හැරීම සිදු කළ යුතුය.

Comments

  1. සුපුරුදු ලෙසින් ඔබේ අැනෝ කොමෙන්ටුව
    මෙන්න අර්ධ ශූන්‍ය ලන්තයේ අද පුවත් සිරස්තල...

    ෴ අගමැති රනිල් මෝදි හමු වීමට ඉන්දියාවට යන බව දැන එරට බැංකු වල ආරක්ෂාව තර කෙරෙයි. මෝදිගේ පසුම්බිය රනිල්ගේ බෑගයේ තිබී හමුවෙයි.

    ෴ හොරු අල්ලන්න පත් කළ කමිටුවේ සාමාජිකයන් හොරුන්ව ආරක්ෂා කිරීමට පොත් එළිදක්වයි. (කෝප් කමිටුවේ)

    ෴ හොරකම් කරන්න අමාරු නිසා බඩ වියත රැක ගැනීමට රනිල් විසින් හොරකම් කරන්න උගන්වන ටියුෂන් පවත්වයි. පලමු සිසුවා බවට මෝදි පත් වේ යැයි බියෙන් ඉන්දියානු බුද්ධි අංශ කලබලයට...

    ReplyDelete
    Replies
    1. hahaha...

      ලංකාවේ මෙවන් දූෂිතයන් ගැන ඇත්තටම සිනාසෙන්නද අඬන්නද උන්ව මරා දමන්නද ඕන කියා සිතා ගත නොහැකිය...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1