Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දෛශික (vectors) - 7

දෛශික අනුකලනය

අවකලනයේ විලෝම ක්‍රියාව අනුකලනය ලෙස සැලකීම තමයි අනුකලනය තේරුම් ගැනීමට තිබෙන හොඳම ක්‍රමය යැයි මා සිතන්නේ. දෛශික ශ්‍රිතයක් අවකලනය කළා මෙන්ම, දෛශික ශ්‍රිතයක් අනුකලනයද (vector integration) කළ හැකිය. g(t) නම් දෛශික ශ්‍රිතය අවකලනය කළ විට, g(t) = f(t) නම් දෛශික ශ්‍රිතය ලැබෙන්නේ නම්, f(t) නම් ශ්‍රිතය t විෂයෙන් අනුකලනය කිරීම පහත ආකාරයට අර්ථ දැක්විය හැකිය.

යම් ශ්‍රිතයක් අනුකලනය කරන විට අමතරව නියත පදයක් (c) ලැබෙන බව අනුකලනයේදී ඔබ ඉගෙන ගෙන ඇති. මෙම නියත පදය 0 හෝ වෙනත් නියත අගයක් (constant) විය හැකියි. දෛශික රාශියක් අනුකලනය කෙරෙන නිසා, මෙහිදී එම නියත පදයද දෛශිකයක් ලෙස සාධාරණ වශයෙන් ලිවිය යුතුය.

සටහන
ඔබ දන්නවා ඕනෑම නියත පදයක් ඕනෑම විෂයකින් අවකලනය කළ විට පිලිතුර 0 වේ. උදාහරණයක් ලෙස, x2 + 4 යන ශ්‍රිතය x විෂයෙන් අවකලනය කළ විට, එම පද දෙක වෙන වෙනම අවකලනය කිරීමෙන් හෙවත් d x2 /dx + d 4 /dx = 2x + 0 = 2x ලෙස ලැබෙනවානෙ.

දැන් මෙම පිලිතුර එම විෂයෙන්ම අනුකලනය (හෙවත් අවකලනයේ රිවර්ස් එක) කළ විට කුමක් වේද? 2x (හෝ 2x + 0) යන කොටස පමණක් අවසානයේ තිබෙන නිසා ඉන් x2 යන කොටස පමණක් ලැබේ. 4 යන කොටස ලැබෙන්නේ නැත. ඊට හේතුව ශූන්‍යයක් අනුකලනය කළ නොහැකි වීමයි. ඔබ කුස්සියට ගොස් මැජික් කාරයෙක් මෙන් අත එහෙට මෙහෙට වැනුවාට කෑම පහල වෙන්නේ නැහැනෙ. අන්න ඒ වගේ නැති දෙයකින් (ශූන්‍යයකින්) නිශ්චිතව යමක් මැවීමට බැරිය.

එහෙත් ඔබ දන්නවා මුල් ශ්‍රිතයේ 4 යන නියත පදය තිබූ බව. එතැන 4 නොව වෙනත් ඕනෑම නියත පදයක් තිබුණත් අවකලනයේදී එම නියතය 0 වේ. එනිසා, මුල් ශ්‍රිතයට සමාන වීමට අප කෘත්‍රිමව අනුකලනය අවසානයේදී නියත පදයක් යොදනවා. එහෙත් එය නිශ්චිත නැත හරියටම අහවල් අගය කියා. එනිසයි c හෝ වෙනත් එවැනි අක්ෂරයකින් එම නියත පදය හඳුන්වා තිබෙන්නේ. මෙලෙස යම් අවිනිශ්චිත බවක් තිබෙන නිසාම, මෙම අනුකලනයට අවිනිශ්චිත අනුකලනය (indefinite integration) යැයි කියනවා. එම නියත පදය ඉවත් කිරීමට තවත් දත්ත අවශ්‍ය වේ (එම අමතර දත්ත අගයන් ආදේශ කර නියත පදය ඉවත් කිරීම හෝ ඊට නිශ්චිත අගයක් ලබා ගත හැකියි; එය සිදු කරන හැටි තිබෙන උදාහරණයක් මොහොතකින් දැක්වේ).

නිශ්චිත අනුකලනය (definite integration) කියාද අනුකලයක් ඇත (ඔබ නිශ්චත අනුකලනය ගැනද දැන සිටිය යුතුයි දෛශික අනුකලනය ඉගෙනීමට පෙර). පහත දැක්වෙන්නේ නිශ්චිත අනුකලයේ අර්ථ දැක්වීමයි.

මෙම අර්ථ දැක්වීමෙන් කියන්නේ පළමුව සුපුරුදු ලෙසම අනිශ්චිත අනුකලනය කර, ඉන් ලැබෙන පිලිතුරු ශ්‍රිතයට පළමුව අනුකලයේ උඩ අගය (b) ආදේශ කර ලැබෙන අගයෙන්, නැවත එම පිලිතුරු ශ්‍රිතයට අනුකලයේ යට අගය (a) ආදේශ කර ලැබෙන අගය අඩු කරන්න කියාය. ඇත්තටම මෙහිදී නියත පදයෙන් එම නියත පදයම අඩු වීමෙන් නියත පදය අහෝසි වී යයි. ඉන් පිලිතුර නිශ්චිත වේ.

ඒකක දෛශික ආශ්‍රයෙන් දෛශික ශ්‍රිතයක් ලබා දී ඇති විට, එහි එක් එක් පදය වෙන වෙනම අනුකලනය කළ හැකියි පහත ආකාරයට. f(t) = fx(t)i + fy(t)j + fz(t)k වේ යැයි සිතමු. එක් එක් පදය අනුකලනය කරන විට, එක් එක් කොටස සඳහා අනුකලන නියත පදද ලැබෙන බව මතක තබා ගන්න.

ඉහත ආකාරයට සුලු කිරීම සිදු කරන හැටි සරල උදාහරණයකින් බලමු. යම් අංශුවක ත්වරණය 5sin(x)i + 6cos(x) - 2x k නම්, යම් x කාලයකදී එහි ප්‍රවේගය සොයන්න (පටන් ගැනීමේදී හෙවත් x = 0 දි ප්‍රවේගය 0 යැයි සිතන්න).

ත්වරණය යනු දෛශිකයක් වන අතර, ඉහත ශ්‍රිතය ඒකක දෛශික ආශ්‍රයෙන් දී තිබේ. ප්‍රවේගය කාලය විෂයෙන් අවකලනය කළ විට ත්වරණය ලැබෙන බැවින්, ත්වරණය කාලය විෂයෙන් අනුකලනය කළ විට ප්‍රවේගය ලැබිය යුතුයිනෙ. dv/dt = a (මෙහි v යනු ප්‍රවේගයද, a යනු ත්වරණයද, t යනු කාලයද නිරූපණය කරයි). දැන් පහත ආකාරයට එය සුලු වේවි.


ඉහත ගණනය කිරීමේදී අවකලන සූත්‍රයක් අනුකලන සූත්‍රයකට හරවා ගන්නා හැටි දෙවැනි පේලියේ දක්වා ඇත. x = 0 විට v=0 යන දත්තය දී තිබෙන්නේ අනුකලනයෙන් ලැබෙන නියත පද සෙවීමටයි. මෙම දත්තය නොතිබුණේ නම්, අපට එම නියත පද නිශ්චිත කර ගත නොහැකි වෙනවා. එම දත්තය උපයෝගි කරගෙන සුලු කිරීම කරගෙන යන අතරතුරදී ඉහත අවසාන පේලියට පෙර පේලිය ලැබේ. එහි සිදු වූ දේ ඔබට සිතා ගත හැකිද? ඒ ගැන බලමු.

සමාන ලකුණට වම් පැත්තේ i නම් ඒකක දෛශිකය ඔස්සේ පමණක් අගයක් ඇත (j, k යන ඒකක දෛශික දෙක ඔස්සේ අගයන් වම් පැත්තේ නැත). එහෙත් =ට දකුණු පැත්තේ ඒකක දෛශික 3න්ම අගයන් ඇත. දෙපැත්ත සමාන නිසා, දෙපැත්තේ තිබෙන ඒකක දෛශික කොටස් සමාන විය යුතුය. එක් ඒකක දෛශිකයක් අනෙක් ඒකක දෛශික ආශ්‍රයෙන් පැවසිය නොහැකි බවත් එය ප්‍රලම්භ ගුණය (රේඛීය ස්වායත්තභාවය) බවත් මීට පෙර අප ඉගෙන ගත්තා මතකද? එනිසා, = ට දෙපසින්ම නැති, එක පැත්තක විතරක් තිබෙන පද ඉවත් කළ යුතුය.

අවශ්‍ය නම් එය මෙසේත් සිතිය හැකිය. =ට දකුණු පසින්ද j, k කොටස් දෙක 0 සහිතව ඇතුලු කළ හැකියි, 5i + 0j + 0k = c1i + c2j + c3k ලෙස. එවිට, දෙපස ඇති සමාන පද වෙන වෙනම සමාන කළ විට, c1 = 5, c2 = 0, c3 = 0 ලෙස එම පිලිතුරම ලැබෙනවා නේද?

දෛශික අනුකලනයේදී දළ වශයෙන් මූලික තුන් ආකාරයක අනුකලනයන් ඇතැයි සිතිය හැකිය.

1. රේඛා අනුකලනය (Line integration / Line integral)
2. පෘෂ්ට අනුකලනය (Surface integration / Surface integral)
3. පරිමා අනුකලනය (Volume integration / Volume integral)

රේඛා අනුකලනය

යම් දෛශික ශ්‍රිතයක් යම් සන්තතික (continuous) රේඛාවකින් ජ්‍යාමිතිකව නිරූපණය කළ හැකියි සිතන්න. ඔබ දන්නවා ගනිතයේදි රේඛාවක් කියන්නේ යම් ලක්ෂ්‍යයක් අවකාශයේ සන්තතිකව ගමන් කිරීමෙන් සෑදෙන පථයකි. එය එක්කෝ ඍජු/සරල රේඛාවක් (simple line) විය හැකිය නැතහොත් වක්‍ර රේඛාවක් (curved line) විය හැකිය. මෙවැනි රේඛාවක් දිගේ සිදු කරන අනුකලනය රේඛා අනුකලනය යැයි කියනවා. මෙය පථ අනුකලය ලෙස හැඳින්විය යුතුව තිබුණා. තවදුරටත් එය හඳුනාගනිමු.

පහත දැක්වෙන රේඛාව බලන්න. එය Q0 සිට Qn දක්වා කුඩා පරතර සහිතව කොටස් කර ඇත. එසේ ලකුණු කර ඇති සෑම ලක්ෂ්‍යයකදීම ඊට අනුයාත ලක්ෂ්‍යය දක්වා ඍජු රේඛා ඛණ්ඩද (රතුපාටින්) ලකුණු කර ඇත. එම රේඛා ඛණ්ඩ දෛශික ලෙස හඳුනාගත හැකි අතර, ඒවා R1, Rn ආදි ලෙස නම් කර ඇත. රේඛාව මත Q අකුරින් ලකුණු කර ඇති කොටස් ගණන වැඩි කරන්න (එවිට පරතරය අඩු වේ). එවිට, Q0-Q1 පථ කොටස, Q1-Q2 පථ කොටස ආදි ලෙස ඇති කුඩා පථ කොටස් ඊට අනුබද්ධ R1, R2 ආදි ලෙස ඇති රතුපාට දෛශික කොටස් සමඟ සමපාත වනු ඇත.

සටහන
ඛණ්ඩාංක පද්ධතියක ලක්ෂ්‍යයක් ලෙස යම් දෛශිකයක් ලකුණු කර ඇති විට (ඒකක දෛශික ආශ්‍රයෙන්), එම ලක්ෂ්‍යයට ඛණ්ඩාංක පද්ධතියේ මූලයේ සිට රේඛාවක් ඇන්ද විට, එම රේඛාව පිහිටුම් දෛශිකය (position vector) ලෙස සරලව හඳුනාගනිමු. එවිට, එම රේඛා ඛණ්ඩයේ දිගින් පිහිටුම් දෛශිකයේ විශාලත්වයද, එම රේඛා ඛණ්ඩය යොමු වී තිබෙන දිශාව පිහිටුම් දෛශිකයේ දිශාවද වනු ඇත. පහත රූපයේ r මඟින් නිරූපණය කර තිබෙන්නේ පිහිටුම් දෛශිකයකි. ඇත්තෙන්ම එම පිහිටුම් දෛශිකයට සාපේක්ෂව තමයි මීට පෙර ඔබ හැඳිනගත් ඩිරෙක්ෂන් කෝසයින් අර්ථ දක්වා තිබෙන්නෙත්.




ඉහත රූපමය ආදර්ශනයෙන් අප සලකා බලන දෛශික ශ්‍රිතය විග්‍රහ කරමු. මෙහිදී Q1-Q2, Q2-Q3 ආදි ලෙස සටහන් කර තිබෙන්නේ ශ්‍රිතයේ කොටස්ය. එක් එක් ශ්‍රිතයේ කොටසට අදාලව R1, R2 ආදි ලෙස රතුපාටින් ඇඳ තිබෙන්නේ එම ශ්‍රිත කොටස්වල දිශාව ලෙස ගත හැකිය (පෙර සඳහන් කළ ආකාරයට ශ්‍රිත කොටස්වල පරතරය ශූන්‍ය කරා යැවීමේදී (සීමා ගැනීමේදී), ශ්‍රිත කොටස් හා රතුපාට දිශා කොටස් එකිනෙකට සමපාත වන බවද ඔබ දන්නවා; එනම් සීමා ගැනීමේදී "ඛණ්ඩ" සියල්ල "ලක්ෂ්‍ය" බවට පත් වේ). එනම්, පහත රූපයේ දැක්වෙන dr හා F යන දෛශික දෙක එකිනෙකට සමපාත වෙනවා r ලෙස දක්වා තිබෙන පිහිටුම් දෛශිකයේදී (එම ලක්ෂ්‍යයේදී).

සාධාරණ වශයෙන්, රේඛාව මත යම් ලක්ෂ්‍යයකදී දෛශික කොටස F , එවිට රතුපාට ඍජු රේඛා ඛණ්ඩය හඟවන දෛශිකය Ri ද වන්නේ යැයි සිතමු (Ri = Ri - Ri-1). දැන්, මෙම ශ්‍රිත කොටස හා රතුපාට ඍජු රේඛා ඛණ්ඩ කොටස යන දෙකම දෛශික වන අතර, ඒ දෙකෙහි තිත් ගුණිතය F . Ri ලෙස ලිවිය හැකිය. මෙම තිත් ගුණිතයෙන් කියවෙන දේ ඉතා සරලයි. එනම්, රේඛාව ඔස්සේ ඒ මත ඇති ලක්ෂ්‍යකදී සලකා බලනු ලබන දෛශික රාශියේ හා රතුපාට ඍජු රේඛා ඛණ්ඩය අතර තිත් ගුණිතයයි.

තිත් ගුණිතයෙන් ලැබෙන්නේ අදිශ පිලිතුරක්නෙ (ඒ කියන්නේ දිශාවේ වැදගත් කමක් නැත කියාය). මෙලෙස සම්පූර්ණ රේඛාව ඔස්සේ අඛණ්ඩව/සන්තතිකව විවිධ ස්ථානවල තිත් ගුණිත සොයා, එම අගයන් සියල්ලම එකතු කළ හැකිය. රේඛාවේ තැනින් තැන දිශාව වෙනස් වුවත්, තිත් ගුණිතයෙන් ලැබෙන පිලිතුර අදිශ නිසා, එම ගුණිත අගයන් සියල්ල එකතු කිරීමට බාධාවක් නොවේ (දෛශික අගයන් වූවා නම්, නිකංම එකතු කරන්න බැහැනෙ; දෛශික ආකලනය සිදු කරන්නට වෙනවානෙ). ඉහත කරුණු සියල්ල පහත ගණිත ප්‍රකාශයෙන් සංක්ෂිප්ත කළ හැකිය.

ඉහත ප්‍රකාශය තවමත් ඉතා නිවැරදි නැත. එහි නිරවද්‍යතාව ඉහල යනවා n අගය වැඩි වන තරමට (එනම්, රේඛාව මත ඇති කොටස්වල පරතරය අඩු වන තරමට). ඒ අනුව n අගය අනන්තය දක්වා වැඩි කළ විට 100%ක් නිවැරදි අගය ලැබේ. අන්න එම අවස්ථාව තමයි රේඛා අනුකලනය ලෙස සැලකෙන්නේ. එය පහත ආකාරයට නිරූපණය කෙරේ. අනුකල ලකුණේ යට කෙලවරේ C ලියා තිබෙන්නේ රේඛා අනුකලය කියා හැඟවීමටයි (curve එකක් දිගේ අනුකලනය). තවද, ශ්‍රිතය හා විෂය අතර තිතක් තිබෙන බවද පෙනේ (සාමාන්‍ය අනුකලයේදී එවැනි තිතක් අප තබන්නේ නැහැනෙ). ඉන් හඟවන දේ තමයි තිත් ගුණිතය මෙහි තිබෙන බව.

ඉහත විස්තර කිරීම කර තිබෙන්නේ පථයකින් ඇඳ පෙන්විය හැකි යම් දෛශිකයක් එම පථය සමඟම ඇති කර ගන්නා තිත් ගුණිතයකි. එහෙත් අවශ්‍ය නම්, යම් දෛශික ක්ෂේත්‍රයක ඔබට කැමති පථයක් (එය අඳින්නේ ඔබට අවශ්‍ය විදියටයි) ගෙන, එම පථය දිගේද රේඛා අනුකලය සිදු කළ හැකිය. මෙවිට, ක්ෂේත්‍රය හා පථය එක් එක් ලක්ෂ්‍යකදී සමපාත වන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්. එවිට, එය තේරුම් ගත යුත්තේ, පථය ඔස්සේ පථයේ දිශාවට පවතින සේ ගත් දෛශික රාශියේ විභේදනය කළ අගයන්ය. උදාහරණයක් ලෙස, පහත රූපයේ මැද ds ලෙස පථයේ ඉතාම කුඩා (ශූන්‍යයට ආසන්න දිගක්) කොටසක් හා E නම් දෛශික ක්ෂේත්‍රයේ එම ලක්ෂ්‍යයේදී ds දිශාව පැත්තට විභේදනය කරපු කොටස (Ecosθ) අතර තිත් ගුණිතය ගත යුතුය. එලෙසම පථය දිගේ එම පථයේ සෑම ලක්ෂ්‍යයකදීම සන්තතිකව එය කළ යුතුය. එම තිත් ගුණිත අගයන් සියල්ල එකතු කළ විට, දැන් ලැබෙන්නේ එම පථයේ දිගේ රේඛා අනුකල අගයයි.

ඇත්තටම පථය ඉහත රූප දෙකෙහි මෙන් පහසු පථයක්ම වීම අවශය නැත. පහත ආකාරයට හෝ ඊටත් වඩා සංකීර්න ආකාරයේ පථයක් වුවත් ගත හැකිය.

රේඛා අනුකලය සඳහා සලකා බලනු ලබන පථය/රේඛාව සංවෘතයි නම් (පහත රූපයේ ආකාරයට), එවිට එම පුඩුවේ ඕනෑම තැනකින් පටන් ගෙන පථය දිගේ යම් දිශාවක් ඔස්සේ ගොස් නැවත ආරම්භක ස්ථානය දක්වා වූ මුලු පථය සඳහාම රේඛා අනුකලනය සිදු කළ හැකිය. මෙවන් විටක, රේඛා අනුකල සංඛේතය පහත ආකාරයට ලියන සම්ප්‍රදායක් ඇත. එහි අනුකල සංඛේතය මත කුඩා රවුමක් ඇඳ තිබෙන්නේ පථය සංවෘත බව හැඟවීමටයි.


රේඛා අනුකලනය ඉහත ආකාරයට විස්තර කළත් ඇත්තටම මෙහිද උප-ආකාර 3ක් තිබේ. එම උප-ආකාර 3ටම ඉහත කළ විස්තරය පොදුවේ යොදා ගත හැකිය. එසේ වුවත් ඉහත රේඛා අනුකලන විස්තරය නිශ්චිතවම මෙම උප-ආකාර 3න් වැඩිපුරම භාවිතා වන රේඛා අනුකලය මූලික කොට ගෙනයි සිදු කළේ. එම විස්තරය හොඳින් මතක නම්, අනෙක් දෙකද පහසුවෙන්ම වටහා ගත හැකි වේ (මූලික න්‍යාය එකම නිසා). දැන් ඒ ගැන විමසා බලමු.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,