Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දෛශික (vectors) - 6

ඩිව්

ඉංග්‍රිසි divergence යන දිගු නාමය කෙටි කර div ලෙස මෙම ගනිත කර්මය හඳුන්වනවා. අනිවාර්යෙන්ම දෛශික ශ්‍රිතයක් (දෛශික ලක්ෂ්‍ය ශ්‍රිතයක්) මත මෙය සිදු කෙරේ. ඩෙල් කාරකය ඇසුරින් මෙය ලියන්නේ පහත ආකාරයටයි.

ඩයිවර්ජන්ස් හිදි සිදු වන්නේ ඩෙල් කාරකය සමඟ දෛශික ශ්‍රිතය තිත් ගුණිතයට ලක් කිරීමයි. ඔබ දන්නවා තිත් ගුණිතයේ ප්‍රතිපලය හැමවිටම අදිශයක්. ඩෙල් කාරකය හා f ශ්‍රිතය තිත් ගුණිතයට ලක් කර බලන්න; එවිට ඉහත අර්ථ දැක්වීම ලැබේවි.

මෙහිදී යම් ගැටලුවක් මතු වේවි. එනම්, කොහොමද කාරකයක් (ගණිතමය වස්තුවක් නොවන එකක්) ගණිතමය වස්තුවක් සේ හැසිරෙමින් තිත් (හෝ කතිර) ගුණිතය සිදු කරන්නේ කියා. එම ගැටලුව මඟ හැරීමට ඉහත ඩිව් ගණිත කර්මය තේරුම් ගත යුත්තේ මෙසේය. කාරකය තුල තිබෙන පාර්ශ්වික අවකලනය දෛශික ශ්‍රිතය මත ක්‍රියාත්මක කරන්න. ඉන්පසු ඒකක දෛශිකවලින් අනුරූප පද තිත් ගුණිතය සිදු කරන්න. පහත දැක්වෙන්නේ මෙම පියවර දෙක වෙන වෙනම පැහැදිලි වන සේ ලියා ඇති ආකාරයයි.

ඩිව් ගණිත කර්මයෙන් කියන්නේ කුමක්ද? මෙයද ග්‍රැඩ් හි මෙන් දෙයාකාරයකින් තේරුම් ගත හැකියි. පළමු ක්‍රමය වන්නේ හුදු ගණිත කර්මයක් සේ සලකා සුලු කිරීමයි. උදාහරණයක් බලමු. ඩිව් කළ යුතු දෛශික ශ්‍රිතය a = x2 i + yj + 2xyz k නම්, එම ශ්‍රිතය ඩිව් කරන්න. බලන්න අවසාන පිලිතුර අදිශයකි.

දෙවැනි ක්‍රමයේදී අවකාශයේ යම් ලක්ෂ්‍යයක් ගැන යමක් මින් කියයි (ඩෙල් කාරකය භාවිතා කරන්නේ ලක්ෂ්‍ය ශ්‍රිත මත නිසා, හැමවිටම අවකාශයේ ලක්ෂ්‍යයක ගතිගුණයක් තමයි කියන්නේ ග්‍රැඩ්, ඩිව්, කර්ල් යන ගණිත කර්ම තුනෙන්ම). විචලනය විය හැකි යම් දෛශික ගතිගුණයක්/රාශියක් යම් ලක්ෂ්‍යයක් ආශ්‍රයෙන් පවතින්නේ යැයි සිතමු. එම ගතිගුණය එම ලක්ෂ්‍යයේ සිට පිටතට (කුහුඹි ගුලකින් කුහුඹි පිටතට පැමිනෙන්නා සේ) හෝ ලක්ෂ්‍යය දෙසට (කුහුඹි ගුලක් තුලට කුහුඹි ඇතුලු වන්නා සේ) කුමන සීග්‍රතාවකින් ගමන් කරන්නේද යන්න මින් කියයි. තව දුරටත් එය විමසා බලමු.

අවකාශයේ ඇති එම ලක්ෂ්‍යයේ සිට එම ගතිගුණය සම්පූර්නයෙන්ම පිටතට යම් වේගයකින් විසිරී යන පරිදි තිබිය හැකිය. එහෙමත් නැතිනම්, ගතිගුණය එම ලක්ෂ්‍යය තුලට යම් වේගයකින් ඇතුලුවන පරිදි තිබිය හැකිය. එහෙමත් නැතිනම්, යම් යම් පැතිවලින් යම් වේගයකින් එම ලක්ෂ්‍යය තුලටත්, යම් යම් පැතිවලින් යම් වේගයකින් එම ලක්ෂ්‍යයෙන් පිටතටත් එම ගතිගුණය ගමන් කරන ලෙස තිබිය හැකිය (මෙවිට ඇතුලට හා පිටතට යන එකිනෙකට විරුද්ධ දිශාවලට පවතින එකම ගතිගුණයේ වෙනස ගත් විට, නැවතත් පලමු අවස්ථා දෙකින් එකක් නියෝජනය වේ - එක්කෝ ඇතුලට, නැතිනම් පිටතට).

මේ අනුව ඩයිවර්ජන්ස් යනු යම් දෛශික රාශියක් යම් ඒකක පරිමාවක් (ලක්ෂ්‍යයක් කිව්වත් වරදක් නැත) තුලට හෝ පිටතට ගමන් කරන සීග්‍රතාවයි. කුඩා ලක්ෂ්‍යයකදී මෙය සිදුවන හැටි සිතා ගැනීමට කෙනෙකුට යම් ගැටලුවක් ඇති විය හැකි නිසායි ඒකක පරිමාවක් ගෙන ඇත්තේ.

මෙම ගණිත කර්මය භාවිතා කළ හැකියි යම් දෛශික ලක්ෂ්‍ය ශ්‍රිතයක් සලකන විට, එහි යම් ලක්ෂ්‍යයක එම ශ්‍රිතයෙන් කියනා ගතිගුණය ඒකරාශි වෙනවාද (අභිසාරි - convergent), එම ගුණය එම ලක්ෂ්‍යයෙන් විසිරී යනවාද (අපසාරි - divergent) කියා සෙවීමට. අපසාරි වෙන විට ඊට "ප්‍රභවයක්" (source) කියා කිව හැකියි. උදාහරණයක් ලෙස, විදුලි බල්බයක් යනු ආලෝකය දසත විහිදුවන ප්‍රභවයකි. අපසාරි අගයන් ධන ලෙස ලැබේ. එවිට අභිසාරි වන අගයන් ඍන ලෙස ලැබිය යුතුය. අභිසාරි ගුණයක් සහිත දෙයක් sink ලෙස හැඳින්විය හැකිය (එහෙම නැතිනම් ඍන ප්‍රභවයක් ලෙසත් එය සැලකිය හැකියි). ඩිව් අගය 0 නම්, ඉන් කියන්නේ එම ලක්ෂ්‍යයට ඇතුලුවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඉන් පිට වන බවයි.

පහත දැක්වෙන්නේ, විද්‍යුත් හෝ චුම්භක ක්ෂේත්‍රයක් (විරුද්ධ ධ්‍රැව කිහිපයක් ආසන්නයේ ඇති විට) ඇති වන ක්ෂේත්‍රයේ ආදර්ශයකි. මෙහි දෛශික ගුණය අභිසාරි හා අපසාරි වන හැටි බලන්න. මෙලෙස අපසාරි හෝ අභිසාරි වන ලක්ෂ්‍යයන් තමයි ඩිව් ගණිත කර්මය මඟින් සොයා ගන්නේ.

මෙහිද සාම්‍යයන් කිහිපයක් තිබේ. දෙවැනි සාම්‍යයේදී දෛශික ශ්‍රිතයක් අදිශ ශ්‍රිතයකින් ගුණ කිරීම ගැනයි. එය දෛශික ගුණාකාරය ලෙස සැලකිය යුතු බව පැවසුවා මතකද? මෙවිට එහි ප්‍රතිපලය දෛශිකයකි; එනිසා ඒ මත ඩිව් කළ හැකියි. තෙවැනි සාම්‍යයේදී දෛශික ශ්‍රිත දෙකක් කතිර ගුණිතය සිදු කරයි. එවිට එහි ප්‍රතිපලය දෛශික වන නිසා ඒ මතත් ඩිව් සිදු කළ හැකිය.

කර්ල්

curl දෛශික අවකලන ගනිත කර්මය යනු ඩෙල් කාරකය යම් දෛශික ලක්ෂ්‍ය ශ්‍රිතයක් සමඟ කතිර ගුණිතය සිදු කිරීමයි. කර්ල් මඟින් ලැබෙන අවසාන ප්‍රතිපලය දෛශික වේ. ව්‍යුහාත්මකව කර්ල් හා ඩිව් දෙක අතර වෙනස ඉතා පැහැදිලිය. ඩිව් එකේදී ඒකක දෛහික 3 තිබුණේ නැති අතර, කර්ල් එකේදී i, j, k යන ඒකක දෛශික 3 තිබේ. බලන්න සූත්‍ර දෙකෙහි වෙනස.

ඉහත කෙටියෙන් හුරුබුහුටියට නිර්වචනය ඇතත්, එය සුලු කරන විට තරමක් දිගු ස්වභාවයක් ගන්නවා. එය කතිර ගුණිතයේ තිබෙන පොදු ලක්ෂණයක් (සුලු කිරීම තරමක් සංකීර්ණ වීම). එනිසා ඉහත ගණිත කර්මය යොදා සුලු කරන විට පහත ආකාරයට සුලු කිරීම සකස් කළ හැකියි.

ඔබට මතක ඇති ඉහත ආකාරයට ඇති ප්‍රකාශයක් න්‍යාසයකින් පහත ආකාරයට පෙන්විය හැකි බව (කතිර ගුණිතය තිබෙන විට න්‍යාසයකින් එය පහසුවෙන් මතක තිබෙන ආකාරයට පෙන්විය හැකි බව ඔබ දන්නවා).

පෙර කතා කළ අවස්ථා දෙකෙහිදිම මෙන්ම, මෙහිදිත් දෙයාකාරයකින් කර්ල් තේරුම් ගත හැකියි. එකක් පුරුදු ලෙසම ගනිත කර්මය සිදු කිරීමට පමණයි තිබෙන්නේ. උදාහරණයක් බලමු. දෛශික ශ්‍රිතය f = xi + yj + zk නම්, එ් මත කර්ල් සිදු කරන්න.

කර්ල් ගනිත කර්මය තේරුම් ගත යුතු දෙවැනි ආකාරය ජ්‍යාමිතික/අවකාශිය වේ (පෙර අවස්ථා දෙකෙහිම මෙන්ම). මින් කියන්නේ යම් ලක්ෂ්‍යයක පවතින දෛශික ලක්ෂණයක්/රාශියක් එම ලක්ෂ්‍යය වටා කරකැවීමක් (කර්ල් වීමක්) සිදු වෙනවාද නැද්ද යන්නයි. බලන්න පහත රතු කොටුවෙන් මතු කර පෙන්වා දෙනවා එම කරකැවීම. මෙම රූපයෙන් පෙන්වන දෛශික ක්ෂේත්‍රයට කර්ල් කර්මය සිදු කළා නම්, එහි ඕනෑම ලක්ෂ්‍යකදී පවතින කරකැවීමේ වේගය/සීග්‍රතාව හා එම ලක්ෂ්‍යයේදී කරකැවීම පවතින දිශාව ලබා දේ.

මෙහිදිත් සාමාන්‍ය කතිර ගුනිතයකදී මෙන් දෛශික දෙකට ලම්භක තලයක් ඔස්සේ නව දෛශිකයේ දිශාව පිහිටයි. එනිසා හැමවිටම දිශා දෙකක් පමණි තිබෙන්නේ (තලයට සාපේක්ෂව). කතිර ගුණිතය දකුණත් පද්ධතියක් සාදන බවත්, එය සොයා ගන්නා සැටි කතිර ගුණත කොටසේදී පෙන්වා දුන්නා මතකද? ඉතිං, කර්ල් හිදි කරකැවීමක් හෙවත් භ්‍රමණයක් (rotation) ගැන කතා කරන නිසා, භ්‍රමණයකට තිබෙන්නේ පැති/දිශා දෙකක් නිසා (වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත), මෙම භ්‍රමණ දිශා දෙක හා කතිර ගුණිතයේ දිශා දෙක 2 අතර ඍජු සබඳතාවක් තිබෙනවා. ඒ කියන්නේ කර්ල් අගයේ ධන හෝ ඍන ස්වභාවය මත අදාල ලක්ෂ්‍යය මත භ්‍රමණයේ දිශාව තීරණය වේ. තවද, කර්ල් අගයේ විශාලත්වය මඟින් එතැන සිදු වන භ්‍රමණයේ සීග්‍රතාව කියවේ.

කර්ල් අගය 0 නම්, එම ලක්ෂ්‍යය මත සලකා බලනු ලබන දෛශික රාශියේ භ්‍රමණ විචලනයක් නැත. එවැනි භ්‍රමණයක් ආකාරයට විචලනය පවතින ක්ෂේත්‍රයක් භ්‍රමණීය (rotational) ලෙසද, භ්‍රමණයක් නැති (භ්‍රමණය ශූන්‍ය) විට, ඊට අභ්‍රමණීය (irrotational) ලෙසද හැඳින්වේ. රොටේෂන් යන්නම කර්ල් යන්නට අර්ථයෙන් සමාන ඉංග්‍රිසි වදනක් වන අතර, එනිසා curl යන වචනයෙන් මෙන්ම rotation (හෝ එහි කෙටි වචනය වන rot) ලෙසද මෙම ගණිත කර්මය නම් කෙරෙනවා. තවද, curl f ලෙස ලියනවා වෙනුවට rot f ලෙසද සමහරුන් මෙම ගණිත කර්මය සංඛේතවත් කරයි.

කර්ල් සඳහා වන සාම්‍යයන් දැන් බලමු.

ලාප්ලාස් කාරකය

ඉහත සලකා බැලූ මූලික ගණිත කර්ම 3ට අමතරව ඩෙල් කාරකයෙන් සාදා ගත හැකි තවත් කාරකයක්. එය ලප්ලාස් (Pierre-Simon de Laplace) නම් ගණිතඥයාට ගෞරව පිනිස Laplacian හෝ Laplace operator ලෙස නම් කර ඇත. එහි නිර්වචනය පහත දැක්වේ. නිර්වචනයෙන් පෙනෙන පරිදි, ඩෙල් කාරක දෙකක් තිත් ගුණිතය කරන විට මෙය ලැබේ. ඩෙල් කාරකයේ වර්ග පදයක් ලෙස හෝ කැපිටල් ග්‍රීක් අකුරකින් හෝ ලප්ලාස් කාරකය සංඛේතවත් කෙරේ.

මෙයත් ඩෙල් කාරකය මෙන්ම කාරකයකි. එය තේරුම් ගත යුත්තේ මෙසේය. දෙන ලද අදිශ ශ්‍රිතයක් සමඟ පළමුව ග්‍රැඩ් කරන්න. ඉන් ලැබෙන දෛශික ශ්‍රිතය සමඟ ඩිව් කරන්න. මෙවිට අවසාන පිලිතුර අදිශයක් වේ. මෙම සුලු කිරීම සිදු කර බැලුවොත් ඔබට ලැබෙන්නේ ඉහත නිර්වචනයේ දක්වා ඇති සූත්‍රය වේ. ඇත්තටම ලප්ලාසියන් යනු දෙවැනි ගණයේ අවකලනයකි (second order differentiation).

ඩෙල් කාරකය සමඟ දෙවන ගණයේ අවකලනය

ග්‍රැඩ්, ඩිව්, කර්ල් යනු ඩෙල් කාරකය එක වරක් යම් ලක්ෂ්‍ය ශ්‍රිතයක් මත යොදන ගණිත කර්ම වේ. එහෙත් එක වරක් ඩෙල් කාරකය යෙදූ පසු, ඉන් ලැබෙන පිලිතුරට නැවත ඩෙල් කාරකය යෙදිය හැකිය (මෙය දෙවරක් අවකලනය කිරීමකි). ඉහත සලකා බැලූ ලප්ලාසියන් යනුද එවැනි දෙවන ගණයේ අවකලනයකි. දැන් අපි කෙටියෙන් බලමු ග්‍රැඩ්, ඩිව්, කර්ල් එකිනෙකට මිශ්‍ර කර යොදා ගන්නා හැටිත්. එලෙස එකිනෙකට වලංගු ලෙස මිශ්‍ර කළ හැකි ආකාර සියල්ල පහත සංක්ෂිප්තව දක්වා ඇත.

ඉහත ලැයිස්තුවේ පළමු එකින් කියන්නේ ලප්ලාස් කාරකයම තමයි. දෙවැන්න හා සිව්වැන්න සිදු කළ විට හැමවිටම ශූන්‍යම ලැබේ. ඊට හේතු තර්ක කර ඔබටම බැලිය හැකියි. 2න් කියන්නේ පළමුව අදිශ ලක්ෂ්‍ය ශ්‍රිතයක් මත ග්‍රැඩ් සිදු කර එහි දෛශික ප්‍රතිපලය ගන්න කියාය. හැමවිටම මෙම අගය එක් ඍජු දිශාවකට පවතී. ඉතං දිශාව එකම පැත්තට නම් එතැන කරකැවීමක් නැහැනෙ. එනිසා එහි කර්ල් අගය 0 විය යුතුය. එලෙසම 4ත් තර්ක කර බලන්න.

ඩෙල් කාරකයෙන් ගණිත කර්ම 3ක් සාදා ගත් නිසා, වරකට ඉන් 2 බැඟින් ගත් විට ගණිත කර්ම 9ක් සාදා ගත හැකිව තිබුණි. එසේ වුවත් ඉහත ආකාරයට 5ක් පමණි ඉන් වලංගු වන්නේ; අනෙක් සංකරණයන් අවලංගු වේ. වරක් ග්‍රැඩ් කර එහි දෛශික ප්‍රතිපලයට නැවත ග්‍රැඩ් සිදු කළ නොහැකියිනෙ මන්ද ග්‍රැඩ් සිදු කළ හැක්කේ අදිශයක් මත නිසා. එලෙසම වරක් ඩිව් කර, ඉන් ලැබෙන අදිශ ප්‍රතිපලයට නැවත ඩිව් හෝ කර්ල් සිදු කළ නොහැකියි මන්ද ඩිව් හෝ කර්ල් සිදු කළ හැක්කේ දෛශිකයක් මත නිසා. එලෙසම, වරක් කර්ල් කර ඉන් ලැබෙන දෛශික පිලිතුර මත නැවත ග්‍රැඩ් කළ නොහැකියි මන්ද ග්‍රැඩ් කළ හැක්කේ අදිශයක් මත නිසා.
 

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,