Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දෛශික (vectors) - 11

පරිමා අනුකලනය

රේඛා අනුකලනය, පෘෂ්ට අනුකලනය හරිහැටි අවබෝධ කරගෙන ඇත්නම්, පරිමා අනුකලයෙන් (volume integral) කියවෙන්නේ කුමක්දැයි පහසුවෙන්ම අවබෝධ කර ගත හැකිය. යම් (ත්‍රිමාන) අවකාශයක ඇති පරිමාවක් සහිත වස්තුවක්/කලාපයක් (region) ගැන සිතන්න. මෙම වස්තුව වටේම S පෘෂ්ටයක්ද, එම පෘෂ්ටය තුල V පරිමාවක්ද පවතී. දැන් මෙම පරිමාව කුඩා පරිමා කොටස් ගණනාවකට බෙදන්න. ඉන් එක් කුඩා පරිමා කොටසක් δV වලින් සංඛේතවත් කරමු. මෙය පරිමාවක් වන නිසා දෛශික අගයක් නොවේ (එනම්, δV යනු අදිශයකි). මෙම කලාපය හරහා F(R) නම් දෛශික ක්ෂේත්‍රයක් පවතී යැයිද සිතමු. එවිට, එක් δVi කොටසක පිහිටුම් දෛශිකය Ri නම්, එම ස්ථානයට අදාල දෛශික ශ්‍රිත අගය F(Ri) වන අතර, එම දෙකෙහි ගුණ කිරීම (දෛශිකයක් හා අදිශයක් බැවින් මෙතැන පවතින්නේ දෛශික ගුනාකාරය බව පැහැදිලියිනෙ) F(Ri) δVi වේ.

මෙලෙස කුඩා පරිමා කොටස් සියල්ලගේම ගුණිතයන් එකතු කර, එම කොටස් ගණන අනන්තයක් දක්වා වැඩි කළ විට (හෙවත් පරිමාව ශූන්‍ය කරා ගෙන යන විට), අපට ලැබෙන්නේ පරිමා අනුකලයයි.

අනුකල සලකුනට යටින් ඇති E අකුරින් සංඛේතවත් කරන්නේ මෙය පරිමා අනුකලයක් බවයි. පරිමා අනුකලය සංඛේතවත් කරන ආකාර කිහිපයක්ම තිබේ. එම E වෙනුවට V, D, R යන අක්ෂරවලින් එකක් වුවද තිබිය හැකිය. තවද, අනුකල ලකුණු 3ක් යොදා ගෙනත් පරිමා අනුකලය සංඛේතවත් කරනවා. පහත දැක්වෙන එම සංඛේතවලටත් හුරු වන්න.

මීටත් අමතරව, විෂය පදය dV වෙනුවට dτ (τ යනු ග්‍රීක අකුරක් වන "ටෞ" වේ) ලෙස දැක්විය හැකියි. එයම d3r ලෙසද දැක්විය හැකිය (මින් හඟවන්නේ කුඩා දුරවල් 3ක් දිගxපලලxඋස ලෙස ගෙන ඇති බවයි). තවද, dV = dxdydz ලෙස ගත හැකි අතර (කාටිසියානු පද්ධතියකදී), එනිසා තනි dV වෙනුවට dxdydz ලෙසද ලිවිය හැකිය.

පරිමා අනුකලයද පුනර්කෘත අනුකලනයකින් සුලු කළ යුතුය. මෙවිට විවිධ විෂය පද 3කින් තෙවරක් නිශ්චිත අනුකලනය කළ යුතු වෙනවා. එනම් පරිමා අනුකලය පහත ආකාරයට පුනර්කෘත අනුකලයක් බවට පත් කරගත යුතුය.

විෂය පදය හෙවත් dV යනු අදිශයකි. එනිසා තිත් හෝ කතිර ගුණිතය ඒ සමඟ සිදු කළ නොහැකිය. එබැවින් ශ්‍රිතය එක්කෝ අදිශයක් නැතහොත් දෛශිකයක් විය යුතුය. ශ්‍රිතය අදිශ වුවොත්, මෙම ගණිත කර්මයේ කිසිදු දෛශික රාශියක් නැති නිසා එය දෛශික පාඩමට අදාල නොවේ (එය නිකංම සාමාන්‍ය පුනර්කෘත අනුකලනයකි). එහෙත් ශ්‍රිතය දෛශික වන විට, දෛශික ගුණිතය පවතින බැවින් එය දෛශික පාඩමට අදාල වේ. ඒ අනුව රේඛා හා පෘෂ්ට අනුකලවල මෙන් ආකාර 3ක් අපට ලැබෙන්නේ නැත පරිමා අනුකලයේදී.

පරිමා අනුකලය විද්‍යාවේදී බහුලව භාවිතා වේ. අවකාශයේ (හෝ යම් වස්තුවක හෝ) යම් කුඩා ඒකක පරිමාවක පවතින යම් (දෛශික රාශි) ගුණයන් විද්‍යාවේදී නිතර යොදා ගැනේ. ඒකක පරිමාවක පවතින යම් ගුණයක ප්‍රමාණය "ඝනත්වය" ලෙස හැඳින්වේ (සාමාන්‍යයෙන් ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ඇති ස්කන්ධයට වුවත්, ස්කන්ධනය නොවන වෙනත් ගතිගුණයක්/රාශියක් ගැන කතා කරන විටත් ඒ නම යොදා ගැනේ). ඒ අනුව, ධාරා ඝනත්වය ආදී ලෙස විවිධ ඝනත්වයන් ගැන කතා වේ. මෙවැනි ඝනත්වයක් දන්නේ නම්, අදාල සමස්ථ වස්තුවේ/අවකාශයේ පවතින එම රාශි අගය පරිමා අනුකලනයෙන් ලැබේ.

ඛණ්ඩාංක පද්ධති

මේ තාක් අප දෛශික ගැන ඉගෙන ගැනීමේදී යොදා ගත්තේ කාටිසියානු ඛණ්ඩාංක පද්ධතිය පමණි. මෙම ඛණ්ඩාංක පද්ධතිය ද්විමාන හා ත්‍රිමාන යන ආකාර දෙකෙන්ම යොදා ගත්තා. කාටිසියානු පද්ධතියේ තිබෙන විශේෂත්වය වන්නේ එය ඉතා සරල වීමයි. ද්විමාන හා ත්‍රිමාන පද්ධති දෙකම ජ්‍යාමිතිකව කොලයක් මත ඇඳ පෙන්වියද හැකියි.

අවශ්‍ය නම්, ත්‍රිමානයට වඩා ඉහල මාන සඳහාද (සූත්‍රවල) එය යොදා ගත හැකි නමුත් කොලයක් මත ඇඳීමට බැරි වෙනවා. එහිදී වැඩි වන මානයකට තවත් එක් ප්‍රලම්භක අක්ෂයක් ලබා දිය යුතු වෙනවා. මාන ගණනට සමාන ඛණ්ඩාංක/අක්ෂ ගණනක් තිබිය යුතු බවද මතක තබා ගන්න.

ඕනෑම ඛණ්ඩාංක පද්ධතියක තිබිය යුතු ලක්ෂණය වන්නේ ප්‍රලම්භකතාව (orthogonality) වේ. එනම්, පද්ධතියේ එක් මානයක් හඟවන අක්ෂයක් අනෙක් අක්ෂවල ශ්‍රිතයක්/සම්බන්දතාවක් ලෙස පෙන්විය නොහැකිය. එය හරියට ඔබ බඩ පිරෙන්න කෑවත් තවෙකුගේ බඩ නොපිරෙන්නා සේය. මෙම ගතිගුණය රේඛීය ස්වායත්තතාව (linearly independence) ලෙසද හැඳින්වේ. එය සංඛේතාත්මකව පහත ආකාරයට ගණිතයේදී දැක්විය හැකිය.

මෙහි ei, ej ආදි ලෙස දක්වා තිබෙන්නේ මාන හඟවන අක්ෂ දෙකක ඒකක දෛශික වේ. ඉතිං, එවැනි ඒකක දෛශික දෙකක තිත් ගුණිතය කළ විට, ලැබෙන අගය δij අගයට සමාන වන බව ඉන් කියයි. δij යන්න ක්‍රොනිකර් ඩෙල්ටා (Kronecker Delta) ලෙස හැඳින්වෙන අතර, එහි නිශ්චිත තේරුමක් ඇත. එම තේරුම නම්, i = j වන විට ඉහත තිත් ගුණිත අගය 1විය යුතු බවත්, ඒවා අසමාන වන විට 0 වන බවත් වේ. ඉන් කියන දේ සිතා බලන්න. ඔබ ප්‍රලම්භක යැයි සිතා යම් අක්ෂයක් යොදා ගතහොත් ඛණ්ඩාංක පද්ධතිය තුල, එම අක්ෂය ඔස්සේ පිහිටන ඒකක දෛශිකය ඉහත සම්බන්දතාව තෘප්ත කළ යුතුමයි.

සටහන
ක්‍රොනිකර් ඩෙල්ටා යන්න ගණිතයේ හා විද්‍යාවේ නිතර භාවිතා වන දෙයකි. එය සංඛේතවත් කරන්නේ δij වැනි ආකාරයකට සිම්පල් ඩෙල්ටා ග්‍රීක් අක්ෂරයෙනි (ඊට ඩෙල්ටා යන නාම කොටස ලැබී තිබෙන්නේත් එනිසාය). සෑමවිටම, යම් ගණිතමය ප්‍රකාශයකට මෙය සමාන කෙරේ. සමාන විය යුතුවා පමණක් නොව, ක්‍රොනික ඩෙල්ටාහි යටකුරු ලෙස දක්වන අක්ෂර දෙක (එනම් i, j) යටකුරු ලෙස පවතින විචල්‍යයන් දෙකක්ද ( ei, ej) එම ගණිත ප්‍රකාශය තුල තිබිය යුතුය (ඉහත සම්බන්දතාව වගේ).

ඉතිං ක්‍රොනික ඩෙල්ටා හි නිශ්චිතවම අගය කීයද? ක්‍රොනික ඩෙල්ටා අගය එක්කෝ 0 වේ; නැතහොත් 1 වේ. එම අගයන් දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ගණිත ප්‍රකාශය විසින් ගත යුතුය. 0 හෝ 1 වීමට කොන්දේසියක් ඇත. එම කොන්දේසිය නම්, ගණිත ප්‍රකාශය තුල අර කියූ යටකුරු සහිත පද දෙක සමාන නම් 1 වන බවත්, අසමාන නම් 0 වන බවත්ය. ඒ අනුව ක්‍රොනික ඩෙල්ටා පහත ආකාරයට විස්තාරණය කරද දැක්විය හැකිය.


ඉහත සම්බන්දතාව තෘප්ත කරන ලෙස සැකසූ තවත් ඛණ්ඩාංක පද්ධති කිහිපයක් ගැන බලමු. අප සලකා බලන එම පද්ධති වන්නේ:

       1. ධ්‍රැවක ඛණ්ඩාංක පද්ධතිය
       2. සිලින්ඩර් ඛණ්ඩාංක පද්ධතිය
       3. ගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

ධ්‍රැවක හා සිලින්ඩර් ඛණ්ඩාංක පද්ධති

ධ්‍රැවක ඛණ්ඩාංක පද්ධතිය (Polar coordinates system) ද්විමාන වේ. එනිසා එකිනෙකට ප්‍රලම්භක ඛණ්ඩාංක දෙකක් තිබිය යුතුය. එකිනෙකට ප්‍රලම්භක ඛණ්ඩාංක දෙක නම් කර තිබෙන්නේ අරය (radius) හෙවත් අරීය ඛණ්ඩාංකය (radial coordinate) හා කෝණික ඛණ්ඩාංකය (angular coordinate) හෙවත් ධ්‍රැවක ඛණ්ඩාංකය (polar coordinate) හෙවත් උද්දිගංශය (azimuth) වේ. කාටිසියානු පද්ධතියේදී මූලය ලෙස හැඳින් වූ ලක්ෂ්‍යය මෙම පද්ධතියේදී ධ්‍රැවය (pole) ලෙස හැඳින්වේ. තවද, කෝණය මැනීම පටන් ගන්නා යම් නිර්දේශ අක්ෂයක් (reference axis) අවශ්‍ය වේ (සාමාන්‍යයෙන් දකුණු පැත්තට විහිදෙන තිරස් රේඛාව/අක්ෂය ඒ සඳහා යොදා ගැනේ). එම අක්ෂය ධ්‍රැවක අක්ෂය (polar axis) ලෙස හැඳින්වේ. පහත රූපය බලන්න.


මෙම පද්ධතියේදී යම් ලක්ෂ්‍යයක ඛණ්ඩාංක කියන්නේ පළමුව එම ලක්ෂ්‍යයට ධ්‍රැවයේ සිට පවතින දුර (අරීය ඛණ්ඩාංකය) හා එම ලක්ෂ්‍යයට ධ්‍රැවයේ සිට ඍජු රේඛාවක් ඇන්ද විට, එම රේඛාව හා ධ්‍රැවක අක්ෂය අතර පවතින කෝණය (උද්දිගංශය) මඟිනි.

සාමාන්‍යයෙන් අරීය ඛණ්ඩාංකය r හෝ ρ (සිම්පල් ග්‍රීක් අකුරවක් වන "රෝ") මඟින් නිරූපණය කෙරේ (කාටිසියානු ඛණ්ඩාංක x, y, z යන අක්ෂරවලින් නිරූපණය කළා සේම). උද්දිගංශය අංශක හෝ රේඩියන් (රේඩියන් යනු කෝණ මනින සම්මත ඒකකයයි) වලින් මනින අතර, නිර්දේශ අක්ෂයේ සිට වාමාවර්තව (counter-clockwise) එය මැනේ. මෙම ඛණ්ඩාංකය ϕ හෝ θ මඟින් සංඛේතවත් කෙරේ.

මෙම ක්‍රමයේ සුවිශේෂිතා තිබේ. එනම් එම ධ්‍රැවක ඛණ්ඩාංක තලය මත පවතින යම් ලක්ෂ්‍යයක ඛණ්ඩාංක අගය අනන්‍ය නොවීමයි. කාටිසියානු පද්ධතියේදී ලක්ෂ්‍යයක ඛණ්ඩාංක හැමවිටම අනන්‍ය විය (අනන්‍ය යනු එක් ආකාරයක් පමණක් පවතිනවා යන තේරුම ඇත). ඊට හේතුව කෝණවල ඇති ප්‍රමූලධර්ම ලක්ෂණයකි. එනම්, යම් ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වන විට, සෑම අංශක 360කට සැරයක්ම එකම ලක්ෂ්‍යය පසු කරයි (එය වාමාවර්තව හෝ දක්ෂිණාවර්තව විය හැකියි). එවිට, (r, 30), (r, 390), (r, 750) ආදි ලෙස ඛණ්ඩාංක යුගල අනන්ත ගණනක් සකසා ගත හැකි අතර, ඒ සෑම එකකින්ම එකම ලක්ෂ්‍යය නිරූපණය කෙරේ. පොදුවේ යම් ලක්ෂ්‍යයක ඛණ්ඩාංක යුගලය (r, θ±n.360) ලෙස නිරූපණය කළ හැකිය (n යනු ඕනෑම ධන නිඛිලයකි). එහෙත් කෝණ සඳහා පළමු අංශක 360 තුල පවතින කෝණයක් ගත් විට, ඛණ්ඩාංක අනන්‍ය වේවි.

ධ්‍රැවක ඛණ්ඩාංක ඊට අනුරූප (ද්විමාන) කාටිසියානු ඛණ්ඩාංක බවටත්, (ද්විමාන) කාටිසියානු ඛණ්ඩාංක ඊට අනුරූප ධ්‍රැවක ඛණ්ඩාංක බවටත් පහසුවෙන්ම පත් කර ගත හැකිය. පහත රූපය අනුව ඛණ්ඩාංක යුගලවල් අතර සම්බන්දතා පහත ආකාරයට ලබා ගත හැකිය.

       x = rcos(θ)
       y = rsin(θ)

       r = (x2 + y2)
      θ = tan -1 (y/x) = arctan(y/x)

ඇත්තෙන්ම ඉහත සම්බන්දතාවලින් අවසානයට දැක්වූ සම්බන්දතාවෙන් කියන්නේ උද්දිගංශය කාටිසියානු ඛණ්ඩාංකවලින් ලබා ගන්නා අයුරු වුවත්, එම නිශ්චිත සූත්‍රය වලංගු වන්නේ ඛණ්ඩාංක පද්ධතියේ පළමු කොටුව/පාදකය සඳහා පමණි. එම කෝණ අගය විවිධ පාදක තුල හා අවස්ථාවල එම සරල තනි සූත්‍රයෙන් සෙවිය නොහැකිය (ඊට හේතුව ත්‍රිකෝණමිතිය දැනුමින් තේරුම් ගන්න). ඒ සියලු අවස්ථාවලට ගැලපෙන පරිදි ලියන ක්‍රමයක්ද ඇත.

       θ = atan2(y/x)

atan2() යනු සාම්ප්‍රදායික ත්‍රිකෝණමිතික අනුපාතයක් නොවේ (එනිසා ඔබ සමහරවිට ඒ ගැන නොදන්නවා විය හැකියි). එහි අර්ථ දැක්වීම පහත ආකාරයට වේ. බලන්න විවිධ පාදකවලදී හා අවස්ථාවලදී අගයන් කිහිපයක් ගනී.


කාටිසියානු ඛණ්ඩාංක පද්ධතියකින් දැක්විය හැකි ඕනෑම හැඩයක්/ශ්‍රිතයක් ධ්‍රැවක ඛණ්ඩාංක පද්ධතිය තුලද දැක්විය හැකිය. ඇත්තටම එක් පද්ධතියක නිරූපණයක් තවත් පද්ධතියක් තුල නිරූපණය කළ හැකිය. එහෙත් එවිට ශ්‍රිතයේ සංකීර්ණතාව වෙනස් වේ. ඉතා පහසුවෙන් එක් ඛණ්ඩාංක පද්ධතියක දක්වන නිරූපණයක්/ශ්‍රිතයක් වෙනත් පද්ධතියක් තුල ඉතා සංකීර්ණ විශාල ශ්‍රිතයක් වනු ඇත.

උදාහරණයක් ලෙස, කාටිසියානු පද්ධතිය තුල වෘත්තයක් x2 + y2 = c වැනි ආකාරයකින් නිරූපණය වුවත්, ධ්‍රැවක පද්ධතිය තුල එය r = c ලෙස ඉතාම සරල වේ. ඇත්තෙන්ම ධ්‍රැවක පද්ධතිය තුල වෘත්තාකාර හැඩයන් ඉතා සරලව දැක්විය හැකිය. උදාහරණ ලෙස, පහත දැක්වෙන සියලු රූප ධ්‍රැවක ඛණ්ඩාංක මඟින් සරලව නිරූපණය කළ හැකිය. මෙම හැඩයන් කාටිසියානු පද්ධතිය ඇසුරින් නිරූපණය කරන්නට ගියොත් ඉතා සංකීර්ණ ශ්‍රිත සෑදිය යුතු වෙනවා.

මේ අනුව පැහැදිලි වෙනවා විවිධ ඛණ්ඩාංක පද්ධති පවතින හේතුව. එනම්, සමහර අවස්ථාවලට සමහර පද්ධති යොදා ගැනීමෙන් ශ්‍රිතය සරල වෙනවා. එවිට සුලු කිරීම හා තේරුම් ගැනීමද පහසු කරනවා. එය උපමාවකින් කියතොත්, පොරොවෙන් හා පිහියෙන් යන දෙකෙන්ම යමක් කැපිය හැකි වුවත්, සමහර අවස්ථාවලදී පොරොවද, තවත් සමහර අවස්ථාවලදී පිහියද යොදා ගැනීම පහසු වෙනවා.
 

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,