Skip to main content

Posts

Showing posts from June, 2017

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 119

දීසි ඇන්ටනාවකින් සිදු වන්නේ ඊට සමාන්තරව රේඛීයව වැටෙන විකිරණ ( තල තරංග – plane waves ) නාභිගත කිරීමනෙ . මෙතෙක් අප සලකා බැලුවේ එම ගති ගුණයයි . එනම් මෙතෙක් අප සලකා බැලුවේ ආදායක ඇන්ටනාවක් ලෙස එය භාවිතා කරන අන්දමයි . මෙහි විලෝම ක්‍රියාවත් ඉතා වැදගත්ය . එනම් යම් ඇන්ටනාවකින් වටේටම විහිදෙන විකිරණය ( ගෝලීය තරංග – spherical waves ) යම් නිශ්චිත එක දිශාවකට පමණක් යොමු කිරීමටත් ඊට හැකියි . මෙවිට දීසි ඇන්ටනාව සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස භාවිතා වේ . සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස දීසි ඇන්ටනාවේ වැදගත්කම කියා නිම කළ නොහැකිය . සාමාන්‍ය ඇන්ටනාවකින් නිකුත් වන විකිරණය ඈතට යන්නට යන්නට අවකාශය පුරා පැතිරෙනවානෙ . එනිසා ඉතා සීඝ්‍රයෙන් සංඥා ප්‍රබලතාව දුරත් සමඟ හීන වේ . වටේටම සංඥා පැතිරවීමට අවශ්‍ය විට සාමාන්‍ය ඇන්ටනාව ඉතාම යෝග්‍ය වේ . එහෙත් රේඩියෝ තරංග යැවිය යුත්තේ නිශ්චිත ස්ථානයකට පමණක් නම් , සාමාන්‍ය ඇන්ටනාව ඉතාම අකාර්යක්ෂම වේ . එය හරියට යමෙකුට පෞද්ගලික පනිවුඩයක් කනට කොඳුරා කිය යුතු වුවත් පත්තරේ දමා එය කියන්නා සේය . එහෙත් පෙර පැවසූ ලෙස දීසි ඇන්ටනාවකින් විකිරණ පිට වන්නේ සිහින් කදම්භයක් සේය . එනිසා එම කදම

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 118

Horn Antenna අධිසංඛ්‍යාතයන් සඳහා උචිත ඇන්ටනාවකි . waveguide එකක්ද මෙම ඇන්ටනාවේ ඇතුලත්ව ඇත . විශේෂයෙන්ම ඩිෂ් ඇන්ටනා සෑදීමේදී මෙය බහුලවම භාවිතා වේ . මෙය එක් දිශාවකට පමණක් විකිරණය යොමු කරන ( හෝ එක් දිශාවකින් පමණක් රේඩියෝ තරංග ග්‍රහණය කරන ) ඇන්ටනාවක් වන අතර , එනිසාම ගේන් එකත් විශාලය ( ඩෙසිබෙල් 10 කට වැඩිය ). බෑන්ඩ්විත් අගයද විශාල වේ (10:1 ට වඩා ). මෙහි ආකාර කිහිපයක්ම ඇත – Pyramidal, Sectoral ආදි ලෙස . වේව්ගයිඩ් එකක් ගෙන එහි ඉදිරිපස කෝණිකව විශාල කළ (flare) විට ලැබෙන කොටස (horn) නිසා එය හෝන් ඇන්ටනාවක් ලෙස හැඳින්වේ . රවුම් හැඩයේ වේව්ගයිඩ්වලින්ද හෝන් ඇන්ටනා සෑදිය හැකි වුවත් හතරැස් හැඩයේ වේව්ගයිඩ්වලින් සාදා ගන්නා හෝන් ඇන්ටනා ප්‍රචලිතය . පහත රූපවල ආකාරයට එය සිදු කළ හැකිය . පහත රූපයේ උඩින්ම තිබෙන ආකාර දෙක තමයි සෙක්ටරල් කියා කියන්නේ . එහි වම් පැත්තේ ඇන්ටනාව E-Plane horn antenna ලෙස හැඳින්වෙන අතර ( විද්‍යුත් ක්ෂේත්‍රය පිහිටන දිශාවට කට විශාල කරන නිසා ), දකුණු පැත්තේ ඇත්තේ H-plane horn antenna නමි ( මේ දෙකේම පොදු නම තමයි සෙක්ටරල් ). යටම ඇන්ටනාව පිරමිඩල් වේ . සාමාන්‍යයෙන් TE10 මෝ