Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 103

ඉතා උසට ඇන්ටනා පිහිටුවන විට, නිකංම (සිහින්) ලෝහ පයිප්පයක් පමණක් සිටුවීමේ අපහසුතාවක් පවතිනවා. ඕනම ඇන්ටනාවක් උස වැඩි වන්නට වන්නට එහි පොලොවට සවි වන පාදම (base) ඉතා ශක්තිමත්ව සෑදිය යුතුය. පෙලොවේ ඇත්තේ බුරුල් පසක් නම් ඇන්ටනා බම්බුව වැඩිපුර පොලොව යටට යැවීම සුදුසුයි මෙන්ම, ඇන්ටනා පාදමේ ක්ෂේත්‍රඵලයද වැඩි වීම සුදුසුය (ලිහිල්/බුරුල් පසක ශක්තිමත්ව යමක් පිහිටුවන ඕනෑම විටක වැඩි ක්ෂේත්‍රපලයක් සහිතව හා ගැඹුරින් සවි කිරීම කළ යුතුය). කොන්ක්‍රිට්වලින් එය තවත් ශක්තිමත් කළ හැකියි.


තවද, ඇන්ටනාවේ උස වැඩි වන විට (හා එහි මුදුනේ රඳවන ඇන්ටනා බර වැඩි වන විට), සමහරවිට තනි බටයකින් වැඩේ සාර්ථක නොවන්නට හැකියි. විශේෂයෙන් ඇන්ටනා බටේ උස වැඩි විට සුලඟට එය පැද්දේ. මෙවිට තනි ඇන්ටනා බම්බුවක් වෙනුවට දුරකථන කුලුනු ආකාරයට (ඊට වඩා කුඩා හා සරල) antenna tower එකක් සෑදිය හැකිය. එය වියදම් අධිකය. වැඩිපුර බරක් ඉසිලීමට ටවර් එකට හැකි වීම තවත් වාසියකි.


තනි බම්බුවක් භාවිතා කරන්නේ නම් (හෝ ටවර් එක වුවද සිහින් නම්), එය සුලඟට පැද්දීම අවම කර ශක්තිමත් කිරීමට ඇන්ටනාවේ මුදුන් කොටස්වල සිට ඇලට ශක්තිමත් කම්බි (guy wires/lines හෝ නිකංම guy ලෙස මෙම කම්බි හැඳින්වේ) තුනක් (අංශක 120 බැඟින් කෝණ පරාස සහිතව) හෝ හතරක් (අංශක 90 බැඟින්) සමාන කෝණවලින් වටේට ඇදිය හැකිය. මේ සඳහා තරමක විශාල ඉඩකඩක් යනවා. ඔබ ඕනෑ තරම් ගයි දැක ඇති ලයිට් කනුවලට සවි කර තිබෙනවා.


ඇන්ටනා උස වැඩි වන්නට වන්නට සමහරවිට (ඇන්ටනාවේ වටේට ගයි 3ක් හෝ 4ක් සවිකරනවාට අමතරව), ඇන්ටනාවේ විවිධ උස මට්ටම්වලින්ද ගයි සවි කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ ටවර්/ගයි සවි කරන එක්තරා ආයතනයක ප්‍රමිතයකි (කාරණය පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රමිතිය මෙහි දැක්වේ). අඩි 40, 60 ආදි ලෙස විවිධ උස ප්‍රමාණයන්ට අවශ්‍ය ගයි සම්බන්ද කරන ආකාරය එහි දැක්වේ. පහත රූපයේ දැක්වෙන්නේ වටේට සවි කරන ගයි 3 හෝ 4න් එකක් පමණි; මේ විදියටම අනෙක් වටේ ගයිද සවි කළ යුතුය. මෙයින් පැහැදිලි වන්නේ දළ වශයෙන් අඩි 40කට වඩා උස කනුවලටයි ගයි අවශ්‍ය වන්නේ.


මෙම ගයි කම්බි බොහෝවිට වානේ කේබලයක් විය හැකිය. එක් එක් ගයි එකට අවශ්‍ය දිග ගණනය කර ගත හැකියි පයිතගරස් ප්‍රමේයය යොදාගෙන (පයිතගරස් ප්‍රමේයයයෙන් ලැබෙන අගයට වඩා අඩි කිහිපයක් වැඩිපුර ගත යුතුයි මොකද දෙකෙළවරදී සම්බන්ද කරන්නටත් තිබෙන නිසා). උදාහරණයක් ලෙස ඉහත රූපයේ අඩි 40 අවස්ථාවට අදාලව ගයි වයරයේ ඇල දිග ගණනය කරමු. ඊට පයිතගරස් ප්‍රමේයය දැමූ විට ඇල දිග වන්නේ (302 + 352) = අඩි 46කි. ඊට වඩා අඩි 2ක් පමණ ගත් විට එය අඩි 48කි.

ලයිට් කනුවක ගයි කේබලය බලන්න. ගයි කේබල් ඉතා තදට (tension) බඳිනවා. එනිසා ඒවා එකවර ගැලවී ගියොත් ස්ප්‍රිං එකක් මෙන් එහෙට මෙහෙට විසි වේවි. එනිසා ගයිද සවි කළ යුත්තේ පාරේ කරන්ට් ලයින්වලට ගයි වයරය විසි වී වැදීමට නොහැකි තරම් දුරකින් විය යුතුය. තවද ඒවා සමඟ පරිස්සමින් වැඩ කළ යුතුද වෙනවා.

කෙසේ වෙතත්, බොහෝවිට ඔබේ ඇන්ටනාව සඳහා ගයි අවශ්‍ය නොවේවි (ඇන්ටනාව එතරම් උස නොවන නිසා). අවශ්‍ය නම්, ශක්තිමත් ප්ලාස්ටික්/නයිලෝන් කඹ භාවිතා කළ හැකියි ගයි ලෙස. එහි ප්‍රශ්නය වන්නේ ප්ලාස්ටික් කාලයත් සමඟ දිරා පත් වේ.

සටහන
ප්ලාස්ටික් කාබනික ද්‍රව්‍ය මෙන් ඉතා ඉක්මනින් දිරා පත් නොවූවත්, සූර්යාලෝකයේ තිබෙන පාරජම්බූල කිරණවලට ඕනෑම ප්ලාස්ටික් (පොලිමර්) වර්ගයක් දිරාපත් වේ (ඒකනෙ අව්වෙ තැබූ වර්ණවත් ප්ලාස්ටික් කාලයත් සමඟ වර්ණ ෆේඩ් වී අතින් ඇල්ලුවහම කුඩු බවට පත් වන්නේ; නයිලෝන් කඹ වුවද දිරාපත් වූ පසු කුඩු බවට පත් වේ).

මෙම දිරාපත් වීම නවත්වා ගත හැකියි ප්ලාස්ටික් මතුපිට පාරජම්බූලවලට ඔරොත්තු දෙන තීන්ත හෝ ආලේපනයක් ගැල්වීමෙන්.

ඉතිං, ගයි වයර් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් කඹයෙත් එලෙස තීන්ත ආලේප කළොත් (තීන්ත එකක ඔබා ගත් විට), එය ඉතා ලාභ ගයි කේබලයක් ලෙස පාවිච්චි කළ හැකි වේවි. එහෙත් එක් දෙයක් හොඳින් සිහිතබා ගත යුතුය. එනම් කේබලය සවි කරන විට එහි ඕනෑම තැනක තීන්ත ආලේපය ඉවත් වුවොත් එතැනට සූර්යාලෝකය වැටී දුර්වල වෙනවා. එවිට එතැනින් කේබලය කැඩී යනවා. ඔබ දන්නවා කේබලයක/දම්වැලක ශක්තිය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ එම දම්වැලේ තිබෙන දුර්වලම පුරුක මතයි (එය ඇත්තටම ඉංග්‍රිසි කියමනකි - a chain is as strong as its weakest link).

ගයි වයරය ඇන්ටනා මාස්ට් එකේ ඉහල කෙලවරේ සම්බන්ද කරනවානෙ. එවිට ගයි කේබලයේ කොටස් ඇන්ටනාවේ නියර්ෆීල්ඩ් එක තුල නම් තිබෙන්නේ එය සංඥා දුර්වල කිරීමකට හේතු වියද හැකියි (නියර්ෆීල්ඩ් එකේ තිබෙන ද්‍රව්‍ය විසින් සංඥා දුර්වල කරනවා). ගයි කේබලය ලෝහමය නම් සංඥා දුර්වල වීම වැඩි විය හැකියි. එනිසා නියර්ෆීල්ඩ් එකට හසු නොවන මායිමක හැකි නම් ගයි කේබලය සම්බන්ද කරන්න.

ඇන්ටනාවක් පිහිටුවන ස්ථානද වැදගත්ය. එය හැකිතරම් තමන්ගේ ආධුනික ගුවන් සේවා උපකරණ තිබෙන ස්ථානයට (shack) ළංව පිහිටීම සුදුසුය. එසේ වුවත්, ඇන්ටනාවෙන් විකිරණ හානි ඇති විය හැකි නිසා, මිනිසුන්ගෙන් ඈත් වීමද සුදුසුය. මෙතැන මිනිසුන් කිව්වේ ඔබ හෝ ඔබේ පවුලේ උදවිය පමණක් නොව, අසල්වැසියන්ද ඊට ඇතුලත්ය. අනෙක් එවුන්ට හෙන ගැහුවත් මොකෝ යැයි සිතන උන්ද නැත්තේ නොවේ. විශේෂයෙන්ම විකිරණ හානි ගැන මිනිසුන් දැනුවත්ද නැති නිසා ඔවුන් තමන්ගේ ගේ අසල අල්ලපු වත්තේ සිටුවා තිබෙන ප්‍රබල ඇන්ටනාව නිකිංම ටීවී ඇන්ටනාවකට සමාන යැයි සිතාවි; ඔවුන්ගේ එම අසරණකමින් හා නොදැනුවත්කමින් වැරදි ප්‍රයෝජන නොගත යුතුය.

හැකි නම් අහිංසක සතුන්ද (විශේෂයෙන් කුරුල්ලන්) ඉන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීම ඉතා වටිනවා. මෙහිදී ප්‍රායෝගික ප්‍රශ්න තිබේ (උන්ට විකිරණ හානිය ගැන කියා දීමට බැරි නිසා). කුරුල්ලන් ආදිය බය කිරීමට විවිධ දිලිසෙන පටි වැනි දේවල් ඇන්ටනාවට ආසන්නයේ තිබීම සුදුසු නැත (සම්ප්‍රේෂක ඇන්ටනාවේ නියර්ෆීල්ඩ් එකේ විවිධ ද්‍රව්‍ය තිබීම ඇන්ටනා සංඥාව දුබල කිරීමට එය හේතුවක් වේවි). ඒ වෙනුවට ඇන්ටනාව අසල (ඇන්ටනා බම්බුවේ උඩ ස්ථානයක) PIR (passive Infrared) sensor පරිපථයක් සවි කර කුරුල්ලෙකු ඇන්ටනාව අසලට එන විට තරමක ශබ්දයක් නිකුත් කරන ඉතා සරල පරිපථයක් සවි කළ හැකියි. අතිධ්වනි තරංග (ultrasound) පරිපථද අත්හදා බැලිය හැකිය (කාලයක සිට මඳුරුවන්, කුරුල්ලන් ආදී සතුන් එලවා දැමීමට මෙම තාක්ෂණය අත්හදා බලමින් සිටිනවානෙ).

එනිසා ඇන්ටනාව නිවස්/කාමර/නිතර ගැවසෙන ස්ථාන වලින් මීටර් කිහිපයක්වත් ඈතින් සවි කරන්න. අවශ්‍ය පමණ අඩි ගණනක් එලෙස ඈත් කළ නොහැකි නම්, ඇන්ටනා බටය උස් කළ හැකියි (මෙවිටද ඇන්ටනාව හා පුද්ගලයන් අතර පරතරය වැඩි වෙනවානෙ). මීට පෙර පාඩමකදී ඉගෙන ගත් පරිදි සැලකිය යුතු විකිරණ හානියක් ඇති විය හැකි තත්වයක් තිබේ නම්, එම විකිරණ හානිය පැවතිය හැකි පෙදෙස සුදුසු අවවාදාත්මක බෝඩ් ගසා (හා/හෝ වැටක් ගසා) වෙන් කර, එම පාඩම්වල විස්තර කළ සේ අවශ්‍ය අයව දැනුවත් කරන්න.

ඇන්ටනා ස්ථාපනය කරන විට, එහි මුදුනට පහසුවෙන් ළඟා විය ක්‍රමයක්ද සකස් කළ යුතු වේ. මුදුනට නැඟීමට හැකි උපක්‍රමයක් සෑදිය හැකියි (ටවර් එකක් නම් එය දිගේ නැඟීමට හැකි පරිදි ඉනිමඟක් සෑදිය හැකිය); හෝ ඇන්ටනාව ආරක්ෂිතව බිමට බෑමට හැකියි (අඩුම වියදම හා වැඩිම කරදරය); හෝ ඇන්ටනාව මැදින් නවා හරහාට ඇන්ටනා මුදුන බිමට පහත් කිරීමට හැකි ක්‍රමයට ඇන්ටනා බම්බුවේ මැද කොටස සකස් කළ හැකියි (tilt over antenna mast); හෝ අර රේඩියෝවල තියෙන ආකාරයේ මැදින් කෑලි උස්සා ඇන්ටනාව ඉහලට පහල කිරීමේ ක්‍රමයක් (telescopic mast) හෝ තිබිය යුතුය. අලුත් ඇන්ටනා වර්ග මුදුනේ සවි කිරීමට, තිබෙන ඇන්ටනාවල වෙනස් කම් සිදු කිරීමට ඇන්ටනා මුදුනට ළඟා විය යුතුයිනෙ .


සාමාන්‍යයෙන් එකම ඇන්ටනා බටයට/ටවර් එකට ඇන්ටනා කිහිපයක් සවි කිරීමට සිදු වෙනවා. එක පැත්තකින් ඇන්ටනා බම්බුවට/ටවරයට අමතර බරකි එය (ශක්තිමත්ව ඒවා තිබීම වැදගත්ය). ඊට අමතරව, එක් ඇන්ටනාවක නියර්ෆීල්ඩ් එකේ අනෙක් ඇන්ටනා පැවතියොත් ඉන් සංඥා දුර්වල වීම සිදු වේ (මෙම නියර්ෆීල්ඩ් කතාව බොහෝ වාර ගණනක් නැවත නැවත හමුවන නිසා අප ඇන්ටනාව අවට කරන සෑම ක්‍රියාවකින්ම නියර්ෆීල්ඩ් එක තුල හැකිතරම් දේවල් පැවතීමේ අවම කිරීම වැදගත් බව සිහි තබා ගන්න).

ඇන්ටනා කිහිපයක් තිබෙන්නේ ඇමචර් බෑන්ඩ් කිහිපයක් තිබෙන නිසානෙ. මේ එක් එක් බෑන්ඩ් එකේ මධ්‍ය සංඛ්‍යාතය වෙනස් නිසා ඒ එක් එක් බෑන්ඩ් එකට වෙන වෙනම ඇන්ටනා තිබිය යුතුයිනෙ. එහෙත්, විවිධ උපක්‍රම යොදා ගෙන එකම ඇන්ටනාවක් බෑන්ඩ් කිහිපයක් සඳහා යොදා ගත හැකි පරිදි සකස් කළ හැකිය (එහෙත් මෙවැනි ඇන්ටනාවල කාර්යක්ෂමතාව නම් අඩුයි ඉන් ලැබෙන පහසුව/ලාභය වැඩි වුවත්). මෙවැනි ඇන්ටනා multi-band antenna ලෙස හැඳින්වෙනවා.

මල්ටිබෑන්ඩ් උපක්‍රම දෙකක් ගැන කෙටියෙන් බලමු. සමහර ඇමචර් බෑන්ඩ් තිබෙනවා සංඛ්‍යාත පරාසයන් එක ළඟ තිබෙන. මෙවිට එම බෑන්ඩ් කිහිපයම ආවරණය කළ හැකි පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් හෝ අල්ට්‍රාබ්‍රෝඩ්බෑන්ඩ්/අල්ට්‍රාබෑන්ඩ් ඇන්ටනාවක් භාවිතා කළ හැකියි. එය පළමු උපක්‍රමයයි. දෙවැනි උපක්‍රමයේදී ඇන්ටනා ඩයිපෝලයේ යම් කුඩා පරිපථ කොටසක් යොදාගෙන බෑන්ඩ් කිහිපයක් වැඩ කළ හැකි තත්වයට ඇන්ටනාව පත් කළ හැකියි (මොහොතකින් මෙම උපක්‍රමය විස්තරාත්මකව බලමු).

ඉතිං, ඇන්ටනා කිහිපයක් තිබුණත් සාමාන්‍යයෙන් ඉන් එක ඇන්ටනාවකි වරකට භාවිතා කරන්නේ (හරියට ඔබට සපත්තු කුට්ටම් ගොඩක් තිබුණත් වරකට දමන්නේ ඉන් එක කුට්ටමක් විතරයිනෙ). මෙවිට එක් එක් ඇන්ටනාවේ සිට එන ෆීඩ්ලයින් වයරය ට්‍රාන්සීවර්වලට ගලවා ගලවා කනෙක්ට් කිරීම කරදරයිනෙ. මේ සඳහා ඊට වඩා පහසු ක්‍රමයක් තිබෙනවා. සියලුම ෆීඩ්ලයින් antenna switch හෙවත් antenna switch box එකකට සවි කර, එම ස්විචයෙන් එන එක් වයරයක් පමණක් ට්‍රාන්සීවරයට සවි කරනවා. මෙවිට අපට අවශ්‍ය ඇන්ටනාවට කනෙක්ට් කළ හැකියි ස්විච ඔන් ඕෆ් කිරීමෙන්. ඇන්ටනා දෙකක්, තුනක්, හතරක් ආදී ලෙස විවිධ ඇන්ටනා ගණනක් සවි කළ හැකි ස්විච තිබෙනවා.


සමහර ස්විචවලට ඇන්ටනා කිහිපයක් පමණක් නොව, ට්‍රාන්සීවර් කිහිපයක්ද එකවර සම්බන්ද කළ හැකිය. සෑම ස්විචයක්ම ක්‍රියාකාරි සංඛ්‍යාත පරාසයක් ඇත. ඉතා කුඩා හර්ට්ස් ගණනක සිට ගිගාහර්ට්ස් ගණනක් දක්වා සපෝට් කරන ස්විච ඇත. තවද, සෑම ස්විචයක්ම සපෝට් කරන උපරිම ජව ප්‍රමාණයක්ද ඇත. සාමාන්‍යයෙන් එක් ස්විචයක් විසින් අතිදැවැන්ත සංඛ්‍යාත පරාසයක් සපෝට් කළත්, එහි විවිධ කුඩා සංඛ්‍යාත පරාස සඳහා අනුමත උපරිම වොට් ගණන් වෙනස්ය.

ස්විචයක් හෝ වෙනත් ඕනෑම උපාංගයක් හෝ කනෙක්ටරයක් ඇන්ටනාවේ සිට ට්‍රාන්සීවරය දක්වා ගමන් මාර්ගයේ කොතැන සවි කළත් එය සංඥා හායනයකට මඟ පාදනවා. එනිසා හැකි තරම් අත්‍යවශ්‍ය නොවන අමතර උපාංග හා කනෙක්ටර් ඉවත් කිරීම සුදුසුය. සමහරවිට ස්විචයක් භාවිතා නොකර සිටීම සුදුසු විය හැකිය. මේ කුමන අතරමැද උපාංගයක් ගත්තත් හැකි තරම් හායනය අඩු උපාංගයක් ගැනීම වැදගත්ය (මෙවිට ඒවායේ මිලද වැඩි වේ). ඉතා පිරිසිදු තඹවලින් ලොකුවට සෑදූ හා ඒවා මතුපිටවල් රිදීවලින් ලෝහාලේප කර ඇත්නම් හායනය ඉතා කුඩා වනු ඇත.

ඇන්ටනා ස්විචය කියන්නේ antenna splitter එකකට නොවේ. ස්ප්ලිටරයකින් කරන්නේ (ස්පිලිට් යනු “බෙදා වෙන් කරනවා” යන්නයි) ඊට ලැබෙන සංඥාවේ කොපි කිහිපයක් සාදා වෙන වෙනම යැවීමයි (හරියට ෆොටෝකොපි මැෂිමක් වගේ). එම වෙන වෙනම සංඥා කොපි දැන් වෙන වෙනම රිසීවර් කිහිපයකට යැවිය හැකියි.

මීට අමතරව තවත් වර්ගයක ස්පිලටර් ඇත; මේවායෙන් කරන්නේ යම් කේබලයක් ඔස්සේ එන විවිධ සංඛ්‍යාතයන් පරාස කිහිපයකට කඩා එම පරාසයන් වෙනස් පෝට් හරහා එලියට ලබා දීමයි (adsl splitter මීට හොඳම උදාහරණයකි). මෙම ස්පිලටර්වලින් එකම සංඥාවේ (සංඛ්‍යාත පරාසයේ) කොපි සාදන්නේ නැත.

මේ දෙවැනි වර්ගයේ ස්පිලටරයට විරුද්ධ දේ කරන උපාංගය diplexer ලෙස හැඳින්වේ. combiner ලෙසද එය හැඳින්විය හැකිය (ඇත්තෙන්ම කම්බයිනරයට වඩා වැඩි ගුණාත්මක ගතිලක්ෂන ඩිප්ලෙක්සර් එකකට තිබිය හැකිය). මෙහිදී කේබල් කිහිපයක් ඔස්සේ එන විවිධ සංඛ්‍යාත පරාසයේ සංඥා කිහිපයක් එකම කේබලයක් ඔස්සේ යවනවා තනි සංඥාවක් බවට පත් කරමින් (වෙන වෙනම එන සංඥාවල සංඛ්‍යාතයන් සමාන නොවන බවට වගබලා ගත යුතුය; නැතිනම් සංඥා එකිනෙකට කලවම් වී විකෘති වේවි).

ඇත්තටම විවිධාකාරයේ ස්පිල්ටර්, කම්බයිනර්, ඩිප්ලෙක්සර් උපකරණ මිල දී ගත හැකියි සේම සාදා ගතද හැකියි.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,