Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 39

කෙසේ හෝ අප කැමති දිගක් සහිත PRN කෝඩ් එකක් සාදන අයුරු අපි දැන් දන්නවා. හැමවිටම සංඥා/දත්ත වේගයට වඩා චිප් රේට් එක කිහිප ගුණයකින් විශාලය. එක් සංඥා/දත්ත බිට් එකක් සඳහා ගත වන කාලය තුලදී PRN බිට්/චිප් කිහිපයක්ම අනිවාර්යෙන්ම පවතිනවා. සංඥා බිට් 1කට PRN චිප් කොච්චරද යන අනුපාතය අපට අවශ්‍ය ප්‍රමාණයට සැකසිය හැකියි. අවශ්‍ය නම්, සංඥාවේ සෑම බිට් 1ක් වෙනුවෙන් PRN කෝඩ් එකේ මුලු දිගම (මුලු චිප් ගණනම) යෙදිය හැකිය. උදාහරණයක් ලෙස, PRN කෝඩ් එක බිට්/චිප් 1023ක් දිග නම්, සංඥාවේ එක් බිට් එකක් පවතින කාලය තුල PRN කෝඩ් එකේ චිප් 1023ම යෙදවිය හැකියි. එසෙත් නැතිනම්, සංඥා බිට් 1කට චිප් 1023,000ක් (එනම් චිප් 1023ක් දිග එකම කෝඩ් එක 1000 සැරයක් ආවර්ත/රිපීට් වන සේ) හෝ චිප් 4ක් හෝ වෙනත් ගණනක් හෝ සැකසිය හැකියි.

පහත රූපය බලන්න. උඩින්ම තිබෙන්නේ අඩුවේගි ඩිජිටල් සංඥාවයි. ඊට යටින් තිබෙන්නේ PRN කෝඩ් එකකි (ෆ්ලිප් ෆ්ලොප් 4ක් යොදා ගත් PRN ජෙනරේටරයකින් සාදා ගත්). දළ වශයෙන් දත්ත බිට් 4ක් සම්ප්‍රේෂණය කිරීමට ගත වන කාලය තුලදී PRN බිට් 16ක් යැවේ. ඒ කියන්නේ PRN බිට් පෙල යනු දත්ත බිට් පෙලට වඩා වේගවත් කියන එකයි (රූපය බැලූ විටත් එය පැහැදිලි වෙනවනෙ). මෙවිට සෑම දත්ත බිට් 1ක් සඳහාම PRN බිට් 16/4 = 4ක් යෙදේ (1:4 අනුපාතය). ඉන්පසු දත්ත බිට් හා PRN බිට්/චිප් යන දෙක පහත ඡේදවල විස්තර කෙරෙන පරිදි යම් “මිශ්‍ර කිරීමකට” ලක් කෙරෙන අතර, ඉන් අවුට්පුට් වන බිට් පෙල තමයි යටම රූපයෙන් දැක්වෙන්නේ (සමහර පතපොතවල මෙම “මිශ්‍ර කිරීම” හෙවත් “ස්ප්‍රෙඩ් කිරීම” modulation කිරීමක් ලෙසත් හඳුන්වන බව මතක තබා ගන්න).

ඉන්පුට් කරපු දත්ත බිට් වන්නේ 1 0 1 1 (කොල පාට බිට්) වේ. PRN bit/chip ඊට පහලින් දැක්වේ (1 හා -1 වලින්). ඇත්තටම මෙම චිප් පෙල සාමාන්‍ය ඩිජිටල් සංඥාවක් සේම ඇඳ තිබුණත්, ඒවා දැන් හැසිරෙන්නේ වෙනස් ආකාරයකිනි. එම චිප්වල රාජකාරිය වන්නේ දත්ත බිට්වල කලා (phase) පරිවර්තනයක් (transition) සිදු කිරීමයි. එනම්, චිප් අගය 1 නම් දත්ත බිට්වලට කලා මාරු නොවී එලෙසම අවුට්පුට් කෙරෙනවා. එහෙත් චිප් අගය -1 නම්, දත්ත බිට් එකෙහි කලාව ප්‍රතිවිරුද්ධ වේ (එනම් 1 → 0 බවටත් 0 → 1 බවටත් පත් වේ). ඉහත a, b, c, d යන රතු රේඛා මා ඇඳ තිබෙන්නේ මේ බව තවත් පැහැදිලිව දැකීමටයි.

a අවස්ථාවේදී දත්ත බිට් අගය 1 ලෙසත්, චිප් අගය 1 ලෙසත් තිබෙන නිසා අවුට්පුට් වන්නේ දත්ත බිට් අගයමයි - එනම්, 1යි. b අවස්ථාවේදී දත්ත බිට් 1 වන අතර චිප් අගය -1 වේ. එවිට අවුට්පුට් වන්නේ දත්ත බිට් එකෙහි ප්‍රතිවිරුද්ධ අගය වන 0 වේ (කලාව අංශක 180කින් පරිවර්තනය වෙලා). c අවස්ථාවේදී දත්ත බිට් අගය 0 වන අතර චිප් අගය 1 වන නිසා කිසිදු කලා වෙනසක් නැතිව දත්ත බිට් අගය වන 0 එලෙසම අවුට්පුට් වේ. d හිදි දත්ත බිට් අගය 1 හා චිප් අගය -1 නිසා, අවුට්පුට් වන්නේ දත්ත බිට් අගයේ කලාව මාරු වී 1යි (කලාව අංශක 180කින් පරිවර්තනය වෙලා).

ඉහත පැහැදිලි කළ ආකාරයට PRN කෝඩ් එකෙන් සිදු කරන්නේ දත්ත සංඥාවල කලා මාරු කිරීමයි. එම ක්‍රියාව බැලූබැල්මට අමාරු වගේ පෙනුනත් එය ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය. චිප් අගයන් 1 හා -1 ලෙස නොගෙන 1 හා 0 (මෙවිට 0 යනු -1 වේ) ලෙස ගමු (එමඟින් PRN චිප් සාමාන්‍ය ඩිජිටල් බිට් ලෙස සලකනවා). එවිට එතැන සිදු වන්නේ XNOR gate එකේ ක්‍රියාකාරිත්වයමයි. එනම් එම ගේටයට ඉන්පුට් වන දත්ත දෙකම එකම වර්ගයේ නම් (දෙකම 0 හෝ දෙකම 1), අවුට්පුට් අගය 1 වේ; නැතිනම් 0 වේ

සටහන
XNOR ගේටයේ ටෲත් ටේබල් එක පහත දැක්වේ. ටෲත් ටේබල් එකට අමතරව එම ගේටයේ සංඛේතය හා XOR හා NOT යන ගේට් දෙකක් මඟින් XNOR ගේටයක් සාදා ගන්නා අයුරුත් එම රූපයේ දැක්වේ.





ඒ කියන්නේ මීට පෙර අප දුටු PRN generator හි අවසානයේ තිබූ phase transition පරිපථය යනු හුදු XNOR ගේටයකි. ඒ අනුව එම ජෙනරේටර් පරිපථයේ අවසාන ෆ්ලිප් ෆ්ලොප් එකේ අග්‍රයත් දත්ත බිට් එන අග්‍රයත් මෙම ගේටයට ඉන්පුට් කළ විට සිදු වන්නේ එම දත්ත බිට් ප්‍රවාහයන් දෙක අපට අවශ්‍ය පරිදි එකිනෙකට XNOR ක්‍රමයට මිශ්‍රවීම තමයි (ඉහත රූපයේ ආකාරයට).

නැවතත් පටුපරාස සංඥාව පුලුල් පරාස වීම (හෙවත් පැතිරීම) කෙරෙහි අවධානය යොමු කරමු. ඉහත රූපයෙන් සංඥාව පැතිරීම පහසුවෙන්ම පෙන්වා දිය හැකියි. බලන්න එක් සංඥා බිට් එකක් අවසානයේදී බිට් 4ක් බවට පත්ව ඇත. එම උදාහරණය බලන විට පෙනෙනවා, සංඥා දත්ත බිට් 4 අවසානයේ බිට් 4x4 = 16 ක් බවට පත්ව තිබෙනවා. එය සිදු කරන්නේ PRN කෝඩ් එක විසින් බව පෙනෙනවා.

මෙතෙක් දීර්ඝව පැහැදිලි කළ ක්‍රියාවලිය මෙසේ සාරාංශගත කළ හැකිය. දත්ත බිට් තොගය PRN බිට් තොගය සමඟ XNOR කරනවා (ස්ප්‍රෙඩ් කරනවා). මෙවිට දත්ත බිට් තොගය කිහිප ගුණයකින් විශාල වෙනවා (පැතිරෙනවා). එමනිසාම එම සමස්ථ ක්‍රියාවලිය spreading operation ලෙසත් හැඳින්විය හැකියි. දත්ත බිට් ටික ස්ප්‍රෙඩ් කරන නිසා PRN sequence යන්න spread code sequence ලෙසද හැඳින්වෙනවා. ඉන්පසු එම විශාල බිට් තොගය අපට කැමැති ඕනෑම ඩිජිටල් මූර්ජනය ක්‍රමයකින් රේඩියෝ තරංග ඔස්සේ විසුරුවා හරිනවා.

පෙර පැහැදිලි කළ ලෙසට දත්ත බිට් ටික පළමුව ස්ප්‍රෙඩ් කර, දෙවනුව සුදුසු ඩිජිටල් මූර්ජන ක්‍රමයකින් විසුරුවා හැරිය හැකිය. එහෙමත් නැතිනම්, පළමුව සුදුසු ඩිජිටල් මූර්ජන ක්‍රමයකින් දත්ත බිට් ටික මූර්ජනය කර, දෙවනුව PRN කෝඩ් එකෙන් ස්ප්‍රෙඩ් කළ හැකිය. මෙම දෙවැනි ක්‍රමය පහත රූප සටහනෙන් තවදුරටත් තේරුම් ගන්න.




ඉහත රූපයේ උඩින්ම තිබෙන්නේ දත්ත බිට් 3කි. එම දත්ත බිට් bpsk ක්‍රමයෙන් මූර්ජනය කළ විට sd (t) ලැබේ. මෙවිට තවදුරටත් කොටු ආකාර සංඥාවක් නොව සයිනාකාර සංඥාවකුයි ලැබෙන්නේ. ඉන්පසුව තිබෙන්නේ spreading code හෙවත් PRN කෝඩ් එකයි. මූර්ජනය කරපු සංඥාව දැන් මෙම කෝඩ් එකට අනුව phase transition ඇති කළ යුතුයි. (සයිනාකාර තරංග ඇති විට XNOR ගේට් ක්‍රමය යොදා ගෙන පැහැදිලි කිරීමේ අපහසුව ඇති වෙන නිසා මොන අවස්ථාවටත් ගැලපෙන phase transition සංකල්පය යොදා ගෙන පහසුවෙන් පැහැදිලි කළ හැකි බව පෙනෙනවානෙ.) බලන්න -1 ඇති සෑම අවස්ථාවකදීම අංශක 180ක කලා වෙනසක් ඇති වෙනවා. ඉහත ආකාරයට දත්ත සංඥාව සකස් කරගෙන අවසානයේ විසුරුවා හරින තෙක් ක්‍රියාවලිය පහත කැටි සටහනේ දැක්වෙනවා.


ඉතිං, ඉහත ආකාරයට විසුරුවා හැරි සංඥාවක් රිසීවරයකින් ග්‍රහණය කරගත් පසු සිදුවන ක්‍රියාදාමය පහත දැක්වේ. පළමුව ස්ප්‍රෙඩ් කර ඇති රේඩියෝ සංඥාව (s(t)) ග්‍රහණය කර ගනී. සම්ප්‍රේෂනයේදී සිදු කළ ක්‍රියාවල විලෝමය පිළිවෙලින් සිදු කළ යුතුය. සම්ප්‍රේෂකයේදී අවසානයට කළේ spread කිරීමනෙ. එනිසා රිසීවරයේදී පළමුව කරන්නේ එහි විලෝමය වන despread කිරීමයි (එනම් පලල් කරපු සංඥාව නැවත පටු කිරීමයි). මෙම despreading operation එකට අවශ්‍ය වෙනවා සංඥාව ස්ප්‍රෙඩ් කිරීමේදි යොදා ගත් PRN කෝඩ් එක. මේ ගැන විස්තර මොහොතකින් බලමු. ඉන්පසු අපට ලැබෙන්නේ සම්ප්‍රේෂකයේදී මූර්ජනය කරපු සංඥාවයි (sd (t)). එම සංඥාව දැන් ගැලපෙන විමූර්ජකයකින් විමූර්ජනය කළ යුතුය. අවසානයේ ලැබෙන්න දත්ත බිට් ටිකයි.


හරි… මේ දක්වා එක් සංඥාවක් එක් PRN කෝඩ් එකක් යොදා ගෙන සම්ප්‍රේෂණය කරන අයුරුයි අප ඉගෙන ගත්තේ. එහෙත් CDM යනු සංඥා කිහිපයක්ම කෝඩ් යොදාගෙන යවන ක්‍රමයක්නෙ. දැන් බලමු PRN කෝඩ් එකෙන් කොහොමද එකම සංඛ්‍යාත පරාසය තුල අවුලක් නැතිව සංඥා කිහිපයක්ම පවතින්නේ කියා.

මෙහිදී අනෙක් සංඥා සඳහාද සිදු කරන්නේ මෙතෙක් ඉගෙන ගත් ක්‍රමයෙන්ම දත්ත බිට් ස්ප්‍රෙඩ් කර විසුරුවා හැරීමම තමයි. එකම වෙනස නම්, වෙනස් වෙනස් සංඥා සඳහා යොදා ගන්නේ වෙනස් වෙනස් PRN කෝඩ් වේ. ඒ කියන්නේ එකම කෝඩ් එක යොදා ගන්නේ නැහැ වෙනස් සංඥා දෙකක් ස්ප්‍රෙඩ් කිරීමට (හරියට එකම හැඳුනුම්පත කිහිප දෙනෙකුට භාවිතා කළ නොහැකියි සේ). එච්චරයි. පහත රූපයේ දැක්වෙන්නේ සංඥා 3ක් එකවර CDM ක්‍රමයෙන් යවන හැටි පෙන්වන කැටි සටහනකි.


ස්ප්‍රෙඩ් කරපු සංඥා කිහිපයක් එකම සංඛ්‍යාතයක් යොදා ගෙනනෙ විසුරුවා හරින්නේ. එවිට ඉහත රූපයෙත් දක්වා තිබෙන විදියට රිසීවරයට එකවරම පෙනෙන්නේ එම සියලු සංඥා එකට මිශ්‍රව ඇති ඝෝෂාවක් ලෙසයි. එහෙත් රිසීවරය සතුව ඒ ඒ සංඥා ස්ප්‍රෙඩ් කරපු කෝඩ් තිබේ නම්, කිසිදු ගැටලුවක් නැතිව නැවත වෙන වෙනම ඩිස්ප්‍රෙඩ් කර දත්ත වෙන් කර ගත හැකියි. එය සිදු කරන්නේ autocorrelation මඟිනි.

ඇත්තටම මෙහිදී යම් සීමාවක් තිබේ. අපට ඕන ඕන තරම් සංඥා ගණනක් වෙනස් වෙනස් ස්ප්‍රෙඩිං කෝඩ් යොදා ගනිමින් එකම සංඛ්‍යාතයේ විසුරුවා හැරිය නොහැකි වේ. එසේ සිතුවොත් සංඥා දස දහස් ගණනක් වුවද කුඩා සංඛ්‍යාත පරාසයක CDM ක්‍රමයෙන් යැවිය හැකි යැයි වැරදි අවබෝධයක් සමහරෙකුට ඇති විය හැකියි. එලෙස සංඥා ගණන වැඩි කරගෙන යන විට, ඊට සමානුපාතිකව පසුබිම් ඝෝෂාව වැඩි වේ (ඔබ දන්නවා සෑම සංඥාවක්ම රිසීවරයට පෙනෙන්නේ යම් ඝෝෂාවක් ලෙසයි; ඉතිං සංඥා ගණන වැඩි වන විට පසුබිම් ඝෝෂාව වැඩි වේ). මෙලෙස පසුබිම් ඝෝෂාව යම් මට්ටමකට වඩා වැඩි වූ විට, CDM ක්‍රමය බිඳ වැටේ.

තවද, එක් එක් සංඥාවක් සඳහා ස්ප්‍රෙඩිං කෝඩ් ලබා දෙන විටත් සැලකිලිමත් විය යුතුය. ඕනෑම බයිනරි කෝඩ් එකක් ස්ප්‍රෙඩිං කෝඩ් ලෙස ලබා දෙන්නේ නැත. යම් කොන්දේසි සැපිරෙන සුදුසු බයිනරි කෝඩ් තමයි තෝරා ගන්නේ. ප්‍රධානතම කොන්දේසිය තමයි, දත්ත බිට් ටික මෙම කෝඩ් එක සමඟින් ස්ප්‍රෙඩ් කළ විට, එය දළ වශයෙන් අහඹු බිට් ටිකක් සහිත පසුබිම් ඝෝෂාවක් ලෙස පෙනිය යුතුය.

අහඹු” යනු මෙතැන “සාධාරණ” යන තේරුමින් ගැනීම වඩා උචිතය. උදාහරණයක් ලෙස, ඔබ කාසියක් උඩ දැමූ විට එහි නෝනා වැටීම හා පොල්ල වැටීම යන දෙකෙන් ඕනෑම එකක් ලැබීමේ සම්භාවිතාව සමානයිනෙ. දාදු කැටයක් ගතහොත් 1 සිට 6 දක්වා ඕනෑම අගයක් වැටීමේ හැකියාව/සම්භාවිතාව සමානයි. කිසිම අගයකට පක්ෂපාතිකමක් නැහැනෙ. අහඹුව කියන්නෙත් සාධාරණය කියන්නෙත් එයයි.

ඉතිං, ස්ප්‍රෙඩ් කළ පසු ලැබෙන අවසාන බිට් ගොන්න සාධාරණ/අහඹු විය යුතුයි කියන්නේ එහි තිබෙන 1 සහිත බිට් ගණන දළ වශයෙන් 0 සහිත බිට් ගණනට සමාන විය යුතුය යන්නයි. සෑම සංඥාවකින්ම මෙම කොන්දේසිය සැපිරෙන විට, රිසීවරයට එවැනි ස්ප්‍රෙඩ් කරපු සංඥාවක් ලැබුණු විට, ඊට එය ඝෝෂාවක් සේමයි දැනෙන්නේ (ඝෝෂාවක් කියන්නේ එම ඝෝෂාව පවතින සමස්ථ සංඛ්‍යාත පරාසය පුරාම එකම විස්තාර අගයන්ගෙන් හෙවත් එකම ජවයකින් යුතුව පවතිත කිසිම රටාවක් දක්නට නැති සංඥාවකි).


ඉහත රූපයේ දැක්වෙන්නේ පටුපරාස සාමාන්‍ය සංඥාවකුත් ඝෝෂාවකුත් (spectrum analyser උපකරණයකින් බැලූ විට) පෙනෙන අයුරුය. තිරස් රේඛාව නියෝජනය කරන්නේ සංඛ්‍යාතයයි. ඉතිං, ඝෝෂාව සමස්ථ සංඛ්‍යාත පරාසය පුරාම පැතිරී පවතිනවා පමණක් නොවේ, දළ වශයෙන් එකම උසකින් (විස්තාර අගයකින්) ඒවා පවතී. එහෙත් සාමාන්‍ය තරංගයක් එම පසුබිම් ඝෝෂාවට වඩා උසින් කන්දක් සේ නැඟී සිටී තිබෙනු පෙනේ.

ඉතිං, ස්ප්‍රෙඩ් කරපු සංඥාවකුත් පැවතිය යුත්තේ ඉහත රූපයේ කන්දක් මෙන් පෙනෙන ආකාරයෙන් නොව, නොයිස් එකක් සේ විශාල සංඛ්‍යාත පරාසයක් පුරා විහිදුනු ආකාරයකිනි. ඒ කියන්නේ සංඥාවේ සම්පූර්ණ බලය පටු තීරුවක් සේ සිරස්ව (උසට කන්දක් සේ) තිබෙනවා වෙනුවට, හරහාට පුලුල් සංඛ්‍යාත පරාසයක් පුරා විහිදී තිබෙනවා. එය හරියට වැලි ගොඩක් කන්දක් සේ ගොඩ ගසනවා වෙනුවට වටේටම පැතිරී යන සේ වැලි විහිදුවා තබනවා සේය.
පළමුවෙන්ම බලමු ස්ප්‍රෙඩ් කරපු එක සංඥාවක් ඩිස්ප්‍රෙඩ් කරන්නේ කෙලෙසද කියා. පහත රූපය බලන්න. මෙහි රතු ඉරට යටින් පෙන්වා තිබෙන්නේ අප මීට කලින් අධ්‍යනය කළ රූපයකුයි (දත්ත බිට් ස්ප්‍රෙඩ් කරන හැටි පෙන්වන රූපය). රතු ඉරට උඩින් තිබෙන්නේ එලෙස ස්ප්‍රෙඩ් කළ අවසාන සංඥාවෙන් නැවත දත්ත බිට් ටික ලබා ගන්නා හැටියි (ඩිස්ප්‍රෙඩ් කරන හැටියි).


රූපයෙන්ද පෙන්වා දෙන පරිදි ඩිස්ප්‍රෙඩ් කිරීම ඉතා පහසුය. එහිදී සිදු කරන්නේ ස්ප්‍රෙඩ් කරපු සංඥාව ආයෙත් එය ස්ප්‍රෙඩ් කරන්නට යොදා ගත් PRN කෝඩ් එක සමඟ phase transition එක සිදු කිරීමමයි (XNOR කිරීමයි). ඒ කියන්නේ සම්ප්‍රේෂකයේදී සිදු කළ ක්‍රියාවමයි රිසීවරයෙත් සිදු වන්නේ. එකම වෙනස රිසීවරයේදී එම phase transition (XNOR) ක්‍රියාව සිදු වන්නේ ස්ප්‍රෙඩ් කරපු සංඥාවට වන අතර අවසානයේ ලැබෙන්නේ ඔරිජිනල් දත්ත බිට් ටිකයි (ඔරිජිනල් සංඥාවයි).

යම් සංඛ්‍යාත පරාසයක් තුළ ඉහත ආකාරයට ස්ප්‍රෙඩ් කරපු එක සංඥාවක් පමණයි නම් තිබෙන්නේ, ඉහත පෙන්වා දුන් ලෙසට සංඥාව ඩිස්ප්‍රෙඩ් කළ හැකියිනෙ. එහෙත් එවැනි සංඥා කිහිපයක් තිබෙන විට තත්වය වෙනස් වේවිද? නැත. මෙවිටත් ඉහත පෙන්වා දුන් ලෙසමයි ඩිස්ප්‍රෙඩ් ක්‍රියාව සිදු වන්නේ. දැන් බලමු එම ක්‍රියාවලිය කොරිලේෂන් සංකල්පය ඍජුවම යොදා ගනිමින්

1 හා -1 යන බයිනරි අගයන් සමඟ කොරිලේෂන් ක්‍රියාව සිදු කිරීම ඉතාම පහසුය (ඒ කියන්නේ ඩිජිටල් සංඥා සමඟ කොරිලේෂන් පහසු බවයි). කොරිලේෂන් පමණක් නොව ඩිජිටල් සංඥා සමඟ සෑම ගණිත කර්මයක්ම සිදු කිරීම ඉතාම පහසුය (ඩිජිටල්කරණයේ තිබෙන බොහෝ වාසි අතර එක් ප්‍රධානතම වාසියක්ද වන්නේ එයයි). මෙහිදී අදාල සංඥා දෙකෙහි ගැලපෙන බිට් දෙක බැඟින් ගෙන එකිනෙකට ගුණ කරන්න. එවිට ගුණිතය ලෙස ලැබෙන්නේ 1 හෝ -1 පමණි. එනම්, 1x1=1, 1x-1=-1, -1x-1= 1 වේ. මෙය ගුණ කිරීමක් ලෙස මා සඳහන් කළද ඇත්තටම මෙතැන සිදු වන්නේ XNOR ක්‍රියාවයි (මෙම ගේටයේ ටෲත් ටේබල් එක මතක් කරගන්න). 1 හා -1 ලෙස නොගෙන සුපුරුදු 1 හා 0 ලෙස ගන්නේ නම් ඇත්තටම අපට සිදු කරන්නට වන්නේ XNOR තමයි (ගුණ කිරීම නොහැකි වේ).

සිතන්න යම් සංඥාවක ස්ප්‍රෙඩිං කෝඩ් එක 1 1 -1 -1 -1 1 -1 -1 1 1 -1 1 -1 1 1 යැයි කියා. අපි සිතමු මෙම කෝඩ් එකම තමයි සංඥාව (දත්ත බිට්) කියාත් (මෙය ප්‍රායෝගිකව සිදු විය හැකි බව මොහොතකින් පෙනේවි). දැන් රිසීවරයෙත් මෙම කෝඩ් එක තිබිය යුතුයිනෙ ඩිස්ප්‍රෙඩ් කරන්නට නම්. එවිට රිසීවරයට හැකියි එම කෝඩ් එක හා සංඥාව සමඟ කොරිලේෂන් එක සිදු කරන්න. ඒකියන්නේ අපි මේ සසඳන්නට (කොරිලේෂන් කරන්නට) යන්නේ එකම සංඥාවේ කොපි දෙකක්ය. පියවර කිහිපයකින් එය ගණනය කෙරේ. මා ඉන් පියවරවල් දෙක තුනක් පමණක් දක්වන්නම්. ඉතිරි පියරවලවල් ඉන්පසු ඔබටම ගණනය කළ හැකියි.

a) 1 1 -1 -1 -1 1 -1 -1 1 1 -1 1 -1 1 1 සංඥාව එම සංඥාව සමඟම (සංඥා දෙකෙන් එකක් අනෙකට සාපේක්ෂව වමට හෝ දකුනට එහා මෙහා නොකර) කොරිලේෂන් සිදු කිරීම. පහත රූපයේ එය පැහැදිලිවම දැක්වේ. හැමවිටම ගුණ වෙන්නේ එම පදයෙන්ම බැවින් සියලු ගුණිත පද +1 වේ. ඉන්පසු එම +1 පද සියල්ල එකතු කළ විට 15 ලැබේ (කොරිලේෂන් අගය).
 

b) 1 1 -1 -1 -1 1 -1 -1 1 1 -1 1 -1 1 1 සංඥාවම දැන් කොරිලේෂන් කරන්න එම සංඥාවේම එක් බිට් අගයක් දකුණට ගිහිපු (right shift) අවස්ථාව සමඟ. මෙවිට වම් පැත්තේ හිස්වන තැනට එන්නේ දකුණු පැත්තෙන් ඉවත් වන බිට් එකයි (එනම් බිට් cycle වේ). මෙවිට ලැබෙන කොරිලේෂන් අගය -1 වේ.
 

c) 1 1 -1 -1 -1 1 -1 -1 1 1 -1 1 -1 1 1 සංඥාවම නැවතත් කොරිලේෂන් කරමු එම සංඥාවේම බිට් දෙකක් දකුණට ෂිෆ්ට් වෙච්ච අවස්ථාව සමඟ. මෙවිට වම් පැත්තේ බිට් ස්ථාන දෙකක් හිස් වේ. එම හිස්තැන් දෙක පුරවන්නේ දකුණු පැත්තෙන් ඉවත් වන බිට් දෙය බව පැහැදිලියිනෙ. මෙවිටත් කොරිලේෂන් අගය -1 වේ.
 

මෙලෙස බිට් තුනක් දකුණට ෂිෆ්ට් කර කොරිලේෂන් සොයන්න. මේ විදියට සංඥාවේ බිට් 15ක් තිබෙන බැවින්, දකුණට බිට් 15ක්ම ෂිෆ්ට් කරපු අවස්ථාව දක්වා කොරිලේෂන් සෙවිය හැකියි. දකුණු ෂිෆ්ට් කර කොරිලේෂන් සෙව්වා සේම, එකින් එක වමට ෂිෆ්ට් කරමින්ද කොරිලේෂන් සොයන්න. එලෙසත් 15 සැරයක් සිදු කළ හැකියි නේද? ඉන්පසු කොරිලේෂන් අගයන් විමර්ෂනය කරන විට අපූරු රටාවක් පෙනේ. පළමු අවස්ථාවේදී පමණයි විශාල ධන අගයක් වන 15 ලැබෙන්නේ. අන් සියලු අවස්ථාවලදී ලැබෙන කොරිලේෂන් අගය -1 යන ඉතාම කුඩා (0ටත් පහල) අගයක් වේ. ඒ කියන්නේ ඩිජිටල් සංඥා දෙකක් කොරිලේෂන් කරන විටත්, සංඥා දෙක එකිනෙකට සර්වසම වන විට පමණි විශාල ධන අගයක් ලැබෙන්නේ. ඉහත ආකාරයට ගණනය කිරීම් 30ක්ම සිදු කර ලබා ගත් කොරිලේෂන් අගයන් ප්‍රස්ථාර ගත කළ විට පහත ආකාරයට පෙනේ.
 

ඩිජිටල් සංඥා සමඟ කොරිලේෂන් සිදු කරන අයුරු දැන් දන්නා නිසා, CDM හිදිත් එය ඒ ආකාරයෙන්ම සිදුවන හැටිත් තේරුම් ගමු දැන්. ස්ප්‍රෙඩ් කළ සංඥා කිහිපයක් සහිත අවස්ථාවක් ගන්න. ඝෝෂාවක් ලෙස පෙනෙන එම සංඥා ගොඩේ අපට උකහා ගැනීමට අවශ්‍ය සංඥාවත් තිබෙනවානෙ. එම සංඥාවේ ස්ප්‍රෙඩිං කෝඩ් එකත් අප සතුව තිබෙනවා. ඉතිං එම ස්ප්‍රෙඩිං කෝඩ් එක හා අර “සමස්ථ ඝෝෂාව” කොරිලේෂන් කරනවා. ඉතිං කොරිලේෂන් පරිපථයෙන් අවුට්පුට් වන්නේ අර සැඟව තිබූ සංඥාව සමඟ 100%ක් ගැලපුණු අවස්ථාවට හිමි කොරිලේෂන් අගයයි. අනෙක් සියලු අගයන් මෙම කෝඩ් එක සමඟ ලබා දෙන්නේ ඉතාම කුඩා කොරිලේෂන් අගයන් බව අප මොහොතකට පෙරත් දුටුවා. එනිසා ඉහල එසවෙන්නේ අදාල සංඥාවේ බිට් අගයම තමයි. ඉහත රූපයෙන්ද දැක්වෙන පරිදි එම අගය ඝෝෂාවේ විස්තාර මට්ටමට වඩා විශාලයි. ඒ අනුව දැන් අපි ඝෝෂාව තුලින් අපට අවශ්‍ය සංඥාව ඉහලට ඔසවා ගත්තා.

තවමත් යම් කෙනෙකුට CDM හා ඒ හා සබැඳි විස්තරයන් තේරුම් ගත නොහැකි නම්, කිහිප පාරක්ම එම පාඩම් කියවා බලන්න. අවසාන වශයෙන් තවත් උපමාවකින් සැඟව තිබෙන සංඥාව කොරිලේෂන් මඟින් උඩට එන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නම් (ගණිතානුකූලව තේරුම්ගෙන මතක තබා ගත නොහැකි නම්, උපමා මඟින් හෝ මතක තබා ගැනීම වටිනවා).

කාන්දම් කැබැල්ලක් පොලවට උඩින් අල්ලාගෙන ඉන්න විට ඊට පොලොවේ සීසීකඩ පැතිර තිබෙන යකඩ කැබැලි ආකර්ෂනය වෙනවානෙ. අන්න එලෙසම ස්ප්‍රෙඩිං කෝඩ් එකකින් පුලුවන් පුලුලු සංඛ්‍යාත පරාසයක් පුරා පැතිරී තිබෙන එකම සංඥාවේ කොටස් එක්තැන් කර ප්‍රබල සංඥාවක් බවට පත් කරන්නට (කොරිලේෂන් එකෙන් සිදු වූයේ එයයි).
 

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,