Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 29

තවද, PSK ක්‍රමයත් වෙනස් කළ හැකියි එක් සිම්බල් එකකදී වැඩිපුර බිට් ගණනක් යැවිය හැකි පරිදි. බිට් 2ක් යැවීමේ ක්‍රමය QPSK (quadPSK) හෙවත් 4PSK ලෙස හැඳින්වේ. එය ඉතාම ප්‍රචලිතය. මෙහිදී කලා දෙකක් අතර වෙනස 360/4 = අංශක 90 වේ. 8PSK ද භාවිතා වේ. තවද, තව තවත් වැඩි බිට් ගණනක් යැවිය හැකි ලෙසද එය සකස් කළ හැකි බව වැටහෙනවානෙ. FSK හි මෙන්ම සියුම් කලා වෙනසවල් නිවැරදිව හඳුනාගැනීමට හැකි විමූර්ජක පරිපථ සෑදීම ප්‍රායෝගිකව අපහසු නිසා යැවිය හැකි බිට් ගණනේ සීමාවක් ඇත.


ඉහත ආකාරයේ රූප constellation diagram ලෙස හැඳින්වෙන බව මීට පෙර මා සඳහන් කළා. යම් ඩිජිටල් මූර්ජන ක්‍රමයකින් දත්ත (බිට්) නිරූපණය ද්විමාන තලයක ඉහත ආකාරයෙන් එහිදී නිරූපණය කෙරේ. ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා (complex number) යන සංකල්පය ඇසුරින් ඒවා හොඳින් අධ්‍යනය කළ හැකිය. එවිට (නැවතත් සංකීර්ණ සංඛ්‍යාවල හමුවන වචන දෙකක් වන තාත්වික හා අතාත්වික යන වචන යොදාගනිමින්), එහි තිරස් අක්ෂය තාත්වික අක්ෂය (Real axis) හෙවත් “සමකලා අක්ෂය” (in-phase axis හෝ I-axis) ලෙසද, සිරස් අක්ෂය අතාත්වික අක්ෂය (Imaginary axis) හෙවත් “ඍජුකෝණී අක්ෂය” (Quadrature axis හෝ Q-axis) ලෙස නම් කෙරේ. තලයේ ලකුණු කර ඇති ලක්ෂ්‍ය constellation points නම් වේ.


QPSK බහුලවම භාවිතා වන නිසා, ඒ ගැන මඳක් විමසා බලමු. එක් එක් ඩිබිට් එකක් නිරූපණය කරන කලා අගයන් 4 න් ඇති වන “පිම්මකදී” ලැබිය හැකි කෝණ/කලා වෙනසවල් පහත රූපයේ ආකාරයට තිබිය යුතුය.


ඉහත රූපය අධ්‍යනය කරමු. එහි කලා වෙනස +90 ලෙස පවතින අවස්ථාව බලන්න (සිරස් තිත් ඉර ඔස්සේ බලන්න). පූර්ව තරංග කොටස අවසන් වන්නේ x අක්ෂය ස්පර්ශ කරමින් ඒ මතය. ඕනෑම තරංගයක් අවසන් වන්නේ (හෝ ආරම්භ වන්නේ) x අක්ෂය මත නම්, එතැන කෝණ අගය අංශක 0 ලෙස සැලකේ. ඉන්පසු පශ්චාත් තරංග කොටස ආරම්භ වන්නේ x අක්ෂයෙන් නොව, ඊට උඩින් විස්තාර අගය උපරිම වන අවස්ථාවේදීය. ඔබ දන්නවා ඕනෑම තරංගයක උපරිම විස්තාර අගය ලැබෙන්නේ අංශක 90දිය. ඉතිං පෙර තරංගයේ 0 අංශකයත් පසු තරංගයේ 90 අංශකයත් අතර වෙනස අංශක 90ක් නේද (90 – 0 = 90)? එය තමයි අංශක 90 කලා වෙනස කියා කියන්නේ. එලෙසම බලන්න +180 තිබෙන අවස්ථාව. එහිදී පෙර තරංගය අවසන් වන්නේ උපරිම විස්තාර අගය සහිත අවස්ථාවකිනි. ඒ කියන්නේ එතැන කෝණය/කලාව අංශක 90කි. එලෙසම පසු තරංගය ආරම්භ වන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් උපරිම විස්තාරය පවතින ලෙසයි. එය අංශක -90යි. මෙම දෙකෙහි වෙනස අංශක 180 නේද (90 - (-90) = 90+90 = 180)? එලෙස අනෙක් කලා වෙනසවල් ගැනත් සිතා බලන්න.

ඉහත රූපයෙන් යම් ඩිජිටල් සංඥාවක් QPSK ආකාරයට නිරූපණය කරන විට ඒ සඳහා වූ තරංග “කැබැලි” එකතු කළ විට ලැබෙන එක්තරා සංඥා තරංග හැඩයක් දැක්වේ (ආදර්ශයක් ලෙස). එහෙත් ඒ ඒ ඩිබිට් නිරූපණය සඳහා යොදා ගන්නේ පහත ආකාරයට අංශක 45, 135, 225, හා 315 කෝණ/කලාවන් වේ.


පහත දැක්වෙන්නේ අවසාන වශයෙන් ඉහත කලා වෙනසවල් සහිත තරංග 4 වර්ගයේ සූත්‍රයි (එක් එක් ඩිබිට් සඳහා). බලන්න එම සූත්‍ර මීට පෙර දැකපු BPSK සඳහා වූ සූත්‍රය වැනිමය. එකම වෙනස කෝණ වෙනස් වන්නේ අංශක 90කින් (π/2 radian) වීමයි.


දත්ත (ඩිබිට්) නිරූපණය සඳහා (එනම් කොන්ස්ටලේෂන් ඩයග්‍රෑම්වල) එකිනෙකට ලම්භක දිශා දෙකක් (I-axis, Q-axis) ඔස්සේ ලකුණු කළ හැකි තලයක් යොදා ගන්නා නිසා, එම ගතිගුණය පරිපථය නිර්මාණය සඳහාද වාසියකට හරවා ගත හැකියි. එනම්, එක් වාහක තරංගයක් වෙනුවට වාහක තරංග දෙකක් යොදා ගත හැකියි. ඒ කියන්නේ තාත්වික අක්ෂය ඔස්සේ නිරූපණය කරන වාහක තරංගයකුත්, අතාත්වික අක්ෂය ඔස්සේ නිරූපණය කරන වාහකයකුත් ලෙස වාහක 2ක් යොදා ගත හැකියි. එම දෙක එකිනෙකට “විකෘති වීම” වැලැක්වීමට තාත්වික අක්ෂය ඔස්සේ නිරූපණය කරන වාහක තරංගයට වඩා අංශක 90ක කලා වෙනසක් සහිතව අතාත්වික අක්ෂය ඔස්සේ නිරූපණය කරන වාහක තරංගය පවත්වාගෙන යයි. ඒ කියන්නේ තාත්වික අක්ෂය දිගේ පවතින තරංගය කොස්වලින් නිරූපණය කරන විට, අතාත්වික අක්ෂය දිගේ පවතින තරංගය සයින්වලින් නිරූපණය කෙරේ (කොස් හා සයින් අතර අංශක 90 වෙනසක් තිබෙන බව ත්‍රිකෝණමිතික අනුපාත සාම්‍යයකි; cos(x+900)=sin(x)).


ඉහත රූපයේ ඉතා හොඳින් පැහැදිලිව QPSK මූර්ජන ක්‍රියාවලිය පෙනේ. දෙන ලද ඩිජිටල් දත්තයක (උදාහරණයක් ලෙස 00 10 01 11) ඔත්තේ ස්ථානවල පවතින බිට් (odd bits – 0 1 0 1) හා ඉරට්ටේ ස්ථානවල පවතින බිට් (even bits – 0 0 1 1) ලෙස බිට් දත්ත ප්‍රවාහ (bit stream) දෙකකට බෙදනවා. කොස් වාහකය සමග මුසු කරන බිට් ප්‍රවාහය (ඉහත උදාහරණයේ එය ඔඩ් බිට් වේ) in-phase component ලෙසද, සයින් වාහකය සමග මුසු කරන බිට් ප්‍රවාහය (ඉහත උදාහරණයේ ඊවන් බිට්) quadrature-phase component ලෙසද හැඳින්වේ. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි දත්ත ප්‍රවාහය ස්පීඩ් එක ඉන් අඩක් ලෙස පවතින දත්ත ප්‍රවාහ 2කට කඩනවා.

තවද, සාමාන්‍ය ඔසිලේටරයෙන් එන තරංගය ස්වභාවිකවම කොස් වාහකය ලෙස සැලකේ. එවිට එම ඔසිලේටරයෙන්ම එන තරංගය අංශක 90ක කලා වෙනසක් ඇති කර සයින් වාහකයද නිපදවා ගැනේ. මෙම ක්‍රමයට වාහක දෙක නිපදවා ගැනීම නිසා එම දෙකෙහි සංඛ්‍යාත අතර ස්ථායිතාව/බන්ධුතාව දිගටම පවතී (ඒ කියන්නේ නිකමට හෝ කොස් වාහකය නිපදවන විට සුලු සංඛ්‍යාත අපගමනයක් ඇති වුවොත්, ඉබේම සයින් වාහකයේත් එම “දෝෂය” එලෙසම සිදු වේ; එවැනි ස්ථායිතාව හොඳ තත්වයකි).

ඉන්පසු කරන්නේ ඔත්තේ දත්ත ප්‍රවාහය කොස් වාහකය සමග BPSK ක්‍රමයට මූර්ජනය කිරීම හා ඉරට්ටේ දත්ත ප්‍රවාහය සයින් වාහකය සමග BPSK ක්‍රමයට මූර්ජනය කිරීමයි. අවසානයේ එලෙස වෙන් වෙන්ව මූර්ජනයට ලක් කළ සංඥා දෙක එකතු කෙරේ. එය තමයි අවසාන QPSK සංඥාව වන්නේ.

ගණිතානුකූලව ඉහත මූර්ජන ක්‍රියාවලිය දැන් බලමු. ඔඩ් බිට් ප්‍රවාහය Ak ලෙසද, ඊවන් ප්‍රවාහය Bk ලෙසද හඳුන්වමු. එවිට Ak බිට් පෙල cos2πfct මඟින්ද, Bk බිට් පෙල sin2πfct මඟින්ද වෙන වෙනම මූර්ජනය කෙරේ. අවසානයේ එම සංඥා දෙක එකතු කෙරේ.


QPSK සංඥාවක් විමූර්ජනය කරන ක්‍රමයත් සරලය. එහිදී රිසීවරය තුල cos2πfct යන වාහකය නිපදවිය යුතුය. එමඟින් අංශක 90ක කලා වෙනසක් සිදු කිරීමෙන් sin2πfct තරංගය සාදා ගැනේ. දැන් ග්‍රහණය කර ගත් QPSK සංඥාව 2cos2πfct සමග ගුණ කර (මිශ්‍ර කර) ලැබෙන සංඥාව ලෝපාස් ෆිල්ටරයක් හරහා යැවීමෙන් ඔඩ් බිට් පෙල උකහා ගැනේ (මෙම විමූර්ජන ක්‍රියාව ගැන මීට පෙරත් අප සාකච්ඡා කර තිබේ). එලෙසම, නැවතත් එම ග්‍රහණය කර ගත් QPSK සංඥාව 2sin2πfct සමග මිශ්‍ර කර, එයත් ලෝපාස් ෆිල්ටරයක් හරහා යැවීමෙන් ඊවන් බිට් පෙල උකහා ගැනේ. ඉන්පසු එම බිට් පෙලවල් දෙක නිසියාකාරයෙන් පෙලගස්වා අවසානයේ නිසි ඩිජිටල් තරංගය ලබා ගැනේ.


 
පහත දැක්වෙන්නේ 8PSK සඳහා වූ කොන්ස්ටලේෂන් ඩයග්‍රෑම් එකයි. කලා දෙකක් අතර වෙනස 360/8 = අංශක 45කි.


PSKහි ඩිෆරන්ෂල් ක්‍රමයටත් බිට් කිහිපයක් යැවිය හැකිය. 4DPSK, 8DPSK ආදි ලෙස ඒවා සෑදිය හැකිය.

තවද, ඉහත ක්‍රමවල යම් යම් විශේෂිත වෙනස්කම් කරමින් තවත් ඩිජිටල් මූර්ජන ක්‍රම ගණනාවක්ම බිහි කර ඇත. Offset QPSK (OQPSK), π/4 – QPSK, MSK (Minimum Shift Keying) ආදී ලෙස ඔබට එවැනි ක්‍රම ගැන තවදුරටත් ඉගෙන ගත හැකිය. මෙවැනි සුවිශේෂි ක්‍රමවලදී සිදු කරන්නේ හැකිතරම් සයිඩ්බෑන්ඩ් (එවිට බෑන්ඩ්විත්) අඩු කිරීම, පහසුවෙන් විමූර්ජනය කිරීමේ හැකියාව ලබා ගැනීම, නොයිස්වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම සඳහා ඔබ ඉහතදී ඉගෙන ගත් ඩිජිටල් මූර්ජන ක්‍රමවලට යම් යම් වෙනස්කම් සිදු කිරීමයි. උදාහරණයක් ලෙස, Gaussian PSK වලදී කොටු ඩිජිටල් සංඥාව ගවුසියන් ෆිල්ටරයක් හරහා යැවීම මතක් කරගන්න.

මීට අමතරව, විස්තාරය, සංඛ්‍යාතය, කලාව යන තුනෙන් දෙකක් එකවර විචලනය කරමින්ද වැඩි බිට් ගණනක් එක සිම්බල් එකකින් යැවිය හැකි ක්‍රම සකසා තිබේ (එහෙත් කලාව හා සංඛ්‍යාත යන සාධක දෙක එකිනෙකට බැඳී තිබෙන නිසා එම සාධක දෙකම එකවර යොදා ගත නොහැකිය). තවත් විදියකින් කියතොත්, මෙම “දෙමුහුම්” ක්‍රමවල ASK, FSK, PSK යන ක්‍රම 3න් දෙකක් මිශ්‍ර කර ඇත. මේ අතරින් ඉතාම ප්‍රචලිත ක්‍රමයක් වන්නේ Quadrature Amplitude Modulation (QAM) ක්‍රමයයි. PSK ක්‍රම මෙන්ම මෙම දෙමුහුම් ක්‍රමද ඉතා පැහැදිලිව පෙන්වීමට කොන්ස්ටලේෂන් ඩයග්‍රෑම් යොදා ගනී.

පහත දැක්වෙන්නේ ප්‍රායෝගිකව සාදනු ලබන සරලතම QAM ක්‍රමය දක්වන් කොන්ස්ටලේෂන් ඩයග්‍රෑම් එකකි. සෑම් කෑම් ක්‍රමයක්ම කලාව හා විස්තාරය යන දෙකම විචලනය කරනවා. සංඛ්‍යාතය, කලාව, හා විස්තාරය යන සාධක තුනෙන් තෝරා ගැනීමක් සිදු කළ යුතු විට වැඩිම ප්‍රමුඛතාව හිමිවන්නේ කලාවට වන අතර අඩුම ප්‍රමුඛතාව හිමිවන්නේ විස්තාරයටයි. ඉතිං, කෑම් හිදි කලාව හා විස්තාරය යන දෙකම යොදා ගන්නවනේ. මෙවිට කලා විචලන මට්ටම් ගණන හැමවිටම විස්තාර මට්ටම් ගණනට වඩා සමාන හෝ වැඩි වන සේයි ගන්නේ. එනිසා 8QAM ක්‍රමයේදී කලා මට්ටම් 4ක් හා විස්තාර මට්ටම් 2ක් ලෙස යොදා ගනී. කලා මට්ටම් 2ක් හා විස්තාර මට්ටම් 4ක් ලෙස ගත හැකිව තිබුණත්, ප්‍රායෝගිකව එය යොදා ගන්නේ නැත. විචලන මට්ටම් (කලාව හා විස්තාරය දෙකම එක්ව) 8ක් තිබෙන නිසා ඉන් log2 8 = log2 23 = 3 bits (tribit) එකවර නිරූපණය කළ හැකිය.


ඉහත කොන්ස්ටලේෂන් ඩයග්‍රෑම් එකට අදාලව ඒ ඒ සිම්බල් එක සඳහා වන තරංග හැඩයන් පහත දැක්වේ.


ඩිජිටල් සංඥාවල සිම්බල් යන වචනයට සමාන තේරුමින් යෙදෙන තවත් වචනයකි baud (බෝඩ්) යන්න. ඇත්තටම එය තරමක් වැරදි යෙදුමකි. ඊට හේතුව බෝඩ් යනු සංඥාවට කියන වචනයකට වඩා තත්පරයට කොපමණ සංඥා ගණනක් සම්ප්‍රේෂනය වෙනවාද යන්න හඟවන වචනයකි. එය baud rate ලෙසද කිව හැකියි. බෝඩ් යන්න විදුලි සන්දේශ පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන Emile Baudot ට උපහාරයක් වශයෙන් එම නමින් සකසා ගත් වදනකි. තත්පරයට බිට් (bps) යන ඒකකයෙන් දත්ත සම්ප්‍රේෂන වේගය ප්‍රකාශ කරන්නා සේම, තත්පරයට සංඥා (symbols per second) යන්නයි බෝඩ් යන වචනයෙන් හැඟවෙන්නේ. හැමවිටම බෝඩ් අගයට වඩා bps අඩු විය නොහැකිය. එක සිම්බල් එකකින් එක බිටුවක් නිරූපණය වන විට (සාමාන්‍ය ASK, FSK, PSK වල) බිට් රේට් එක (bps) හා බෝඩ් රේට් එක සර්වසමයි. එහෙත් ඉහතදී ඉගෙන ගත් ආකාරයට එක් සිම්බල් එකකදී බිට් කිහිපයක් යවන විට, බෝඩ් එකට වඩා bps කිහිප ගුණයකින් වැඩිය. උදාහරණයක් ලෙස, QPSF හි එක් සිම්බල් එකකින් බිට් 2ක් නිරූපණය වන නිසා, බිට් රේට් එක බෝඩ් මෙන් දෙගුණයකි. එලෙසම ඕනෑම m-ary signalling ක්‍රමයකට අදාලව බෝඩ් හා බිට් රේට් අතර පවතින සම්බන්දතාව දැන් පැහැදිලි විය යුතුය.

තවද, 16QAM, 32QAM, 64QAM, 128QAM, 256QAM ආදී ලෙස ඉහල දත්ත සම්ප්‍රේෂණ වේග සහිත ක්‍රම භාවිතා වේ. ඉහල අගයන්ට යන විට, කලාවන් හා විස්තාරයන් පවත්වාගෙන ආකාරයන් විවිධ විය හැකිය. එනිසා එම ක්‍රම සංකීර්ණ බවක් ගත හැකිය. කෑම් ක්‍රමයද ඉහතකදී කතා කළ In-phase, Quadrature-phase (IQ) ආකාරයේ මූර්ජන ක්‍රමය යොදා ගනී.

ඇත්තටම IQ modulation ක්‍රමය අද වන විට ඉතාම “බුද්ධිමත්” මූර්ජන ක්‍රමයක් ලෙස භාවිතා වෙනවා. QAM හැරුණු විට, තවත් දෙමුහුම් ක්‍රම ඇති අතර ඒවා ගැනද සොයා බලන්න.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,