Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 27

ASK

මෙහිදී සයිනාකාර වාහක තරංගයේ විස්තාරය (වෝල්ටියතාව) කොටු ආකාරයෙන් පවතින ඩිජිටල් බුද්ධි සංඥාවේ මට්ටම් අනුව විචලනය කෙරේ. මෙවිට අපට අවසාන මූර්ජිත සංඥාව ලෙස ලැබෙන්නේ පහත ආකාරයේ ලස්සන සයිනාකාර හැඩය පවතින සංඥාවකි. එම සංඥාවේ සමහර කොටසක (එනම්, ඩිජිටල් 1 සංඥාව නිරූපණය කරන කොටස) විස්තාරය අනෙක් කොටස්වලට වඩා වැඩිය. ඩිජිටල් සංඥා 1 හා 0 නිරූපණය වන්නේ එම විස්තාර උසෙහි වෙනසින් තමයි.


ඇත්තෙන්ම මෙය ඇනලොග් AM ක්‍රමයම තමයි. ඇනලොග් සංඥාවක මට්ටම් අනන්ත ගණනක් තිබුණානෙ; එනම් සංඥාව විචලනය වීම සතතයෙන් සිදු විය. එලෙස බුද්ධි සංඥාවේ සතතයෙන් සිදුවන විස්තාර විචලනය අනුවනෙ වාහකයේ විස්තාරයද අනුරූපව විචලනය වූයේ. එහෙත් දැන් එම සතතයෙන් විචලනය වන විස්තාරය වෙනුවට බුද්ධි සංඥාවේ විස්තාරය වෙනස් වන්නේ වෝල්ටියතා මට්ටම් දෙකක් ලෙස නම් කුමක් වේද? අමුතු දෙයක් සිදු නොවේ; සාමාන්‍ය පරිදිම ඒඑම් මූර්ජනය සිදු වේ. එහෙත් එය ඩිජිටල් සංඥාවක් විස්තාර මූර්ජනය කිරීමක් ලෙස හඳුන්වනවා. එය තමයි ASK කියන්නේ.

සිතමු ඩිජිටල් 1 හෝ 0 සංඥා නිරූපණයේදී (එනම්, බිට් එකක් නිරූපණය කිරීමේදි), ඒ සඳහා වාහකයේ සම්පූර්ණ සයිනාකාර තරංග 3ක් යොදා ගන්නවා කියා. ඒ අනුව පහත රූපය තේරුම් ගන්න (බිට් එකක් නිරූපණය සඳහා තරංග 3ක් යොදා ගැනීම තවත් පැහැදිලි වීම සඳහා පළමු බිට් එක සඳහා අංකද සහිතව වර්ණ 3කින් එම තරංග 3 කැරියර් සිග්නල් එකේ දක්වා ඇත). 10110 යන ඩිජිටල් පණිවුඩය නිරූපණය කෙරේ. සෑම 1 හා 0 ඩිජිටල් සංඥාවක් සඳහාම සයිනාකාර තරංග 3 බැගින් අවශ්‍ය වෙන නිසා, ඉහත බිට් 5ක පණිවුඩය සඳහා එවැනි තරංග 3x5=15 ක් අවශ්‍ය වන බව පැහැදිලියිනෙ.


පරිපථය නිර්මාණය කරන කෙනායි ඇත්තටම එක් බිට් එකක් සඳහා තරංග කීයක් අවශ්‍යදැයි තීරණය කරන්නේ. ඔහුට අවශ්‍ය නම්, එක් බිට් එකකට තරංග 1000ක් හෝ තරංග 141ක් හෝ 15ක් හෝ 1ක් හෝ වුවද යොදා ගත හැකියි (අවම තරංග ගණන 1 ලෙස සලකන්න). මෙම තීරණය අවසානයේ මූර්ජිත සංඥාවේ බෑන්ඩ්විත් එකටද බලපාන බව පෙනේ.

0 හා 1 යන ඩිජිටල් සංඥා දෙක නිරූපණය සඳහා අවශ්‍ය කරන වෝල්ටියතා මට්ටම් පරිපථය නිර්මාණය කරන කෙනා විසින් තීරණය කෙරේ. අවශ්‍ය නම්, 1 සඳහා වෝල්ට් 5ක් (හෝ වෙනත් කැමති අගයක්) හා 0 සඳහා වෝල්ට් 0 වුවද යොදා ගත හැකිය. ඉහත රූපයේ දැක්වෙන්නේ මෙවැනි අවස්ථාවකි (ඩිජිටල් 0 සඳහා වෝල්ටියතාව 0 ලෙස ඇත).

ඇත්තටම, මෙලෙස එක් ඩිජිටල් සංඥාවක් සඳහා වෝල්ට් 0 යොදා ගන්නා අවස්ථාව සුවිශේෂි අවස්ථාවකි. එම සුවිශේෂි ASK අවස්ථාව/ක්‍රමය On-Off Keying (OOK) හෙවත් Continuous Wave (CW) ලෙසද හඳුන්වනවා. ඇත්තටම මෝර්ස් කෝඩ් යවන ක්‍රමය වූයේ OOK තමයි. එනිසාමයි මෝර්ස් සංඥා ක්‍රමය CW ලෙසත් සමහරු හඳුන්වන්නේ. මෝර්ස් කෝඩ් ගැන පසුවට වෙනමම පැහැදිලි කෙරේ.

ගණිතානුකූලවත් ASK ගැන තරමක් සොයා බලමු. මෙහිදී 0 හා 1 සඳහා විස්තාර මට්ටම් දෙකක් අවශ්‍ය වෙනවානෙ. එම සංඥා දෙක පහත ආකාරයට දැක්විය හැකියි. බලන්න තරංගයේ සංඛ්‍යාතය හා කලාව සමාන වුවත්, විස්තාරයන් අගයන් දෙකකි (A0, A1).


දැන් මෙම කොටු තරංගය (බුද්ධි තරංගය) හා වාහකය විස්තාර මූර්ජනයට ලක් කරමු. ඒ කියන්නේ නිකංම මෙම සංඥා දෙක එකිනෙකට ගුණ කරමු (විස්තාර මූර්ජකයෙන් අවසානයේ සිදු වන්නේද එයයි). වාහකයේ විස්තාර අගය හා ඉහත කොටු තරංගයේ A පදය (ගණනය කිරීමේ පහසුව තකා) 1 යැයි සිතමු.



ත්‍රිකෝණමිතික සාම්‍යයන් යොදාගෙන ඉහත අවසාන සමීකරණය පහත ආකාරයෙන් දැක්විය හැකියි.




ඉහත අවසාන සමීකරණය රූපමය ආකාරයෙන් පහත දැක්වේ. එහි වාහක සංඛ්‍යාතය මැදිකොට ගෙන දෙපැත්තට සයිඩ්බෑන්ඩ් පිහිටයි. සයිඩ්බෑන්ඩ්හි ඇති තරංග කොටස් ක්‍රමයෙන් හීන වී යන බව ඉහත සමීකරණයෙන් මෙන්ම පහත රූපයෙන්ද පැහැදිලිව පෙනේ. උපරිතාන 2ක් පමණ යන විට උස (විස්තාර අගය) ඉතාම අඩුය (එනිසයි ප්‍රස්ථාරය වක්‍ර වන්නේ දෙපැත්තෙන්ම). ඉහත සූත්‍රය උපරිතාන 3ක් සඳහා ව්‍යුත්පන්න කළත්, පහත රූපයේ උපරිතාන 2ක් පමණි ඇඳ තිබෙන්නේ (කොල හා දම් පාට ඊතල).




දැන් අපි ASK මූර්ජනයෙන් පසු ලැබෙන සංඥාවේ බෑන්ඩ්විත් අගය සොයමු. එය ඉහත රූපයේ පැහැදිලිව පෙනේ. එනම් ωcωd_max සිට ωc + ωd_max දක්වා වූ සංඛ්‍යාත කලාපය වේ. න්‍යායාත්මකව, හැමවිටම ඒඑස්කේ හි අවම බෑන්ඩ්විත් (minimum bandwidth) අගය එහි දත්ත සම්ප්‍රේෂණ අගයට සමාන වේ. එසේ වුවත්, ඉහත රූපයේද පෙන්වා තිබෙන පරිදි, උපරිතාන කිහිපයක්ද ඇතුලු කළ විට, හා සයිඩ්බෑන්ඩ් දෙකම සම්ප්‍රේෂණය කරන විට, ඊට වඩා කිහිප ගුණයක් වැඩි (උපරිම) බෑන්ඩ්විත් එකක් අවශ්‍ය බව පෙනෙනවා නේද?

ASK ක්‍රමයේ වාසි වන්නේ පරිපථය අඩු වියදමින් සෑදිය හැකි වීමයි. පරිපථ සංකීර්ණ නැත. තවද, අඩු සංඛ්‍යාත පරාසයක් (බෑන්ඩ්විත්) වැය වීම තවත් වාසියකි. ඒ කියන්නේ spectral efficiency එක වැඩිය (ඉන් අදහස් කරන්නේ අඩු සංඛ්‍යාත පරාසයකින් වැඩි දත්ත ප්‍රමාණයක් යැවීමයි). මෙහි ඇති ප්‍රබලම අවාසිය නම්, භාහිර ඝෝෂාවට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීමයි (එය විස්තාර මූර්ජන ක්‍රමයට ආවේණික රෝගයක්නෙ). තවද, විදුලිමය පැත්තෙන් බැලූවිට, මෙම ක්‍රමය එතරම් කාර්යක්ෂම නොවේ මොකද වරකදී ලොකු විස්තාර (විදුලිය වැඩි) ඇත; වරක පොඩි විස්තාර ඇත (විදුලිය අඩු). ඉතිං ට්‍රාන්ස්මිටරයේ උපරිම ජවයෙන් දිගටම එය වැඩ නොකරයි. කොහි වෙලෙත් අඩු හා වැඩි ජවය අතර පනිමින් සිටී. ඒ අනුව මෙහි energy efficiency එක අඩුය.

ලේසර් (හෝ සාමාන්‍ය ආලෝකය හෝ) යොදාගෙන සිදුකරන විදුලිසන්දේශ යොදා ගන්නේ මෙම ක්‍රමයයි. ඊට හේතුව ලේසර් ආලෝකයේ සංඛ්‍යාතය පහසුවෙන් විචලනය කිරීමට තවමත් අපට නොහැකිය. එහෙත් පහසුවෙන්ම එම ආලෝකයේ ත්‍රීව්‍රතාව (විස්තාරය) වෙනස් කළ හැකියිනෙ ඊට සපයන ධාරාව අඩු වැඩි කිරීමෙන්. ඒ කියන්නේ ආලෝකය පහසුවෙන්ම ඒඑස්කේ ක්‍රමයට අනුගත කළ හැකි බවයි. එනිසා සියලුම ෆයිබර් ඔප්ටික් ජාලා ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය මතයි.

FSK

කොටු ආකාරයෙන් තිබෙන ඩිජිටල් බුද්ධි සංඥාවේ මට්ටම් (දෙක) අනුව වාහකයේ සංඛ්‍යාතය අනුරූපව විචලනය කරවයි. මෙහිදී බුද්ධි සංඥාවේ පවතින්නේ මට්ටම් දෙකක් පමණක් නිසා, මූර්ජිත සංඥාවේ අපට පැහැදිලිවම සංඛ්‍යාතයන් දෙකකින් යුතු තරංග පෙලකි හමු වන්නේ.



මෙයත් ඇනලොග් එෆ්එම් මූර්ජනයේම දිගුවකි. මෙහිදී, ඩිජිටල් 0 සඳහා එක් සංඛ්‍යාතයකුත්, ඩිජිටල් 1 සඳහා තවත් සංඛ්‍යාතයකුත් ලෙස සංඛ්‍යාත දෙකක් අතර පමණි මාරු වන්නේ. එක් බිට් එකක් සඳහා අපට අවශ්‍ය සයිනාකාර තරංග ගණනක් සෙට් කළ හැකිය (ASK වල පැහැදිලි කළ ලෙසම). අවසාන බෑන්ඩ්විත් අගයට මෙය බලපානවා. අඩු සංඛ්‍යාතය සහිත කොටස ඩිජිටල් 0 නිරූපණය කරන අතර, එම අඩු සංඛ්‍යාතය එනිසා space frequency කියා හැඳින්වෙනවා (මීට හේතුව ඩිජිටල් සංඥාවක 1 කොටස mark ලෙසද, 0 කොටස space ලෙසද හැඳින්වීමයි). එලෙසම, 1 නිරූපණය කරන ඉහල සංඛ්‍යාතය mark frequency ලෙස හැඳින්වෙනවා.

එක් සංඛ්‍යාතයකින් අනෙක් සංඛ්‍යාතයට මාරුවන විදිය ඉතා වැදගත්ය. මාරුවන්නේ හැමවිටම අඛණ්ඩව නම්, එවිට coherent FSK හෝ Continuous Phase FSK (CPFSK) ලෙස හැඳින්වෙනවා. මාරුවන විට යම් ඛණ්ඩනයක් ඇති වෙනවා නම්, එය incoherent (හෝ non-coherent) FSK ලෙස හැඳින්වෙනවා. පහත රූපයේ උඩ සිට තුන්වැනියට තිබෙන රූපයේ පෙනෙනවා A සංඛ්‍යාතයේ/සංඥාවේ සිට B සංඛ්‍යාතයට මාරුවන විට, එය සුමටම අඛණ්ඩ ආකාරයෙන් මාරුවෙනවා. එහෙත් අවසාන රූපයේ මාරු වන්නේ ඛණ්ඩනයක් තිබෙන ආකාරයටයි. ඇත්තටම මෙම පැහැදිලි කළ වෙනස ඉතාම වැදගත්ය. කොහෙරන්ට් ක්‍රමයට වඩා විශාල බෑන්ඩ්විත් එකක් ඉන්කොහෙරන්ට් ක්‍රමයට වැය වෙනවා. ඊට හේතුව සිතා ගත හැකිද?


සංඥාවක ඇති ඕනෑම සීඝ්‍ර වෙනසක් (ෆූරියර් විශ්ලේෂණය යෙදූ විට) උපරිතාන විශාල ගණනක් බිහි කරනවා.

(එය පොදු රීතියකි; හොඳින් මතක තබා ගන්න.) ඒ කියන්නේ සංඛ්‍යාත කලාප පලල වැඩි කරනවා (බෑන්ඩ්විත් එක වැඩි කරනවා). එනිසානෙ ඩිජිටල් තරංගය සඳහාත් විශාල සංඛ්‍යාතයන්ට ගමන් කළ හැකි මාධ්‍යයක් අවශ්‍ය කළේ (කොටු තරංග යනුද එකවරම වෝල්ටියතා අගයන් එකකින් අනෙකට මාරු වන නිසා).

දැන් අපි ගණිතානුකූලවත් මේ ගැන තව දුරටත් සොයා බලමු. ඩිජිටල් 1 හා 0 නිරූපණය සඳහා අවසානයේ තිබිය යුතු තරංග දෙක පහත ආකාරයට ලිවිය හැකියි. මෙම ක්‍රමය සංඛ්‍යාත මූර්ජන ක්‍රමයක් නිසා, තරංගයේ විස්තාර හා කලා නියතව තබා ගෙන, සංඛ්‍යාතය පමණක් අගයන් දෙකක් ලෙස ගන්නවා.


ඒඑස්කේ වල මෙන්ම මෙහිද වාහක තරංගය හා කොටු ඩිජිටල් තරංගය එලෙසම වේ. දැන් කරන්නට තිබෙන්නේ එම තරංග දෙක සංඛ්‍යාත මූර්ජනය කරන්නටයි. එහෙත් මෙහිදී සුලු වෙනසක් සිදු වේ. එනම් තනි ඩිජිටල් සංඥාව වෙනුවට ඩිජිටල් සංඥා දෙකක් භාවිතා කෙරේ. එකක් සාමාන්‍ය ඩිජිටල් සංඥාවම (vd(t)) වන අතර, අනෙක එම සාමාන්‍ය ඩිජිටල් සංඥාවෙන් ව්‍යුත්පන්න කරපු සංඥාවකි (vˊd(t)). එම සංඥා දෙක පහත වෙන වෙනම දැක්වේ.

vd(t) – මූර්ජනයේදී වාහකය f11) යන සංඛ්‍යාතය ලෙස පවතින විට, ඩිජිටල් සංඥාව ලෙස සලකා ගණනය සඳහා යොදා ගනී.

d(t) – මූර්ජනයේදී වාහකය f22) යන සංඛ්‍යාතය ලෙස පවතින විට, ඩිජිටල් සංඥාව ලෙස සලකා ගණනය සඳහා යොදා ගනී. මෙම අලුත් ඩිජිටල් සංඥාව ඇත්තටම සාමාන්‍ය ඩිජිටල් සංඥාවෙන්ම පහත සරල සූත්‍රාකාරයටයි ව්‍යුත්පන්න කර ගන්නේ.

d(t) = 1 – vd(t)

ඒ අනුව vˊd(t) යනු මුල් ඩිජිටල් සංඥාවේ 0 ඇති විට එතැන 1, 1 ඇති විට 0 ද ආදේශ කිරීමකි. එම සරල ගණනය කිරීම කර බලමු. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන දැනුමක් තිබෙන අය දන්නවා එම ක්‍රියාවලිය NOT gate හෙවත් inverter gate නමින් හැඳින්වෙන ක්‍රියාවලිය බව.

මුල් ඩිජිටල් සංඥාවේ 1 ඇති විට: vˊd(t) = 1 – vd(t) = 1 – 1 = 0
මුල් ඩිජිටල් සංඥාවේ 0 ඇති විට: vˊd(t) = 1 – vd(t) = 1 – 0 = 1

දැන් අපි මූර්ජනය සිදු කරමු. කොටු තරංගයේ උපරිතාන දෙකකට සීමා කරමු.



ත්‍රිකෝණමිතික සාම්‍යයන් යෙදීමෙන් ඉහත අවසාන සූත්‍රය තවදුරටත් පහත ආකාරයට සුලු කර ගත හැකිය.




ඉහත අවසාන සූත්‍රය රූපමය ආකාරයට පහත නිරූපණය කර ඇත. බලන්න මෙහි වාහකයේ වෙනස් සංඛ්‍යාත දෙක (ω1 හා ω2) මැදි කොට ගෙන සයිඩ්බෑන්ඩ් වෙන වෙනම ඇත. එම සියලු සයිඩ්බෑන්ඩ් දෙපැත්තට විසිරෙන විට ක්‍රමයෙන් හීනවන සැටි සූත්‍රයෙනුත් රූපයෙනුත් පැහැදිලි වේ.




FSK සඳහා අවශ්‍ය මුලු බෑන්ඩ්විත් එක වන්නේ ඉහත අර්ධවෘත්ත දෙකම අයත්වන සේ ගත් ω1 - ωd_max හා ω2 + ωd_max අතර මුලු සංඛ්‍යාත කලාපයයි. සෛද්ධාන්තිව FSK හි අවම බෑන්ඩ්විත් එක වන්නේ වාහක සංඛ්‍යාත දෙකෙහි වෙනස හා එම ඩිජිටල් දත්තය සම්ප්‍රේෂණ වේගයේ එකතුවයි. සූත්‍රයක් ලෙස එය පහත ආකාරයට ලිවිය හැකියි (මෙහි ඩෙල්ටා (Δ) යන සංඛේතය භාවිතා කර තිබෙන්නේ “වෙනස” යන්න හැඟවීමටයි; වැඩි සංඛ්‍යාතයෙන් අඩු සංඛ්‍යාතය අඩු කිරීමෙන් එය සොයාගත හැකියි).

Bandwidth of FSK = (fc1 Δ fc2) + transmission rate (bps)

ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අර්ධගෝල දෙක අතර හිස් අවකාශය තිබීම නාස්තියකි (නිකරුනේ සංඛ්‍යාත කලාපයක් අපතේ යැවීමක්). එනිසා එතැන හිස්තැන් නොතිබෙන විදියට සකස් කළ හැකිය. තවද, ඉහත සූත්‍රයෙන් ලැබෙන්නේ අවම බෑන්ඩ්විත් එකයි. ASK හිදි පැවසූ සේම, මෙහිද පැවසීමට සිදු වෙනවා කොටු තරංගයේ ඉහල උපරිතානද සැලකිල්ලට ගතහොත් එම බෑන්ඩ්විත් එක තවත් වැඩි විය යුතු බව. පහත රූපයේද දැක්වෙන්නේ (නාස්තිකාර හිස්තැන නැති) බෑන්ඩ්විත් එක වඩා හොඳින් පෙන්වන රූපයකි.


FSK ක්‍රමය ඝෝෂාවට ඉතා හොඳින් ඔරොත්තු දෙයි (සෑම සංඛ්‍යාත මූර්ජනයකම එම ලක්ෂණය පවතිනවානෙ). තවද, ඉතා හොඳ energy efficiency එකක් තිබේ. ඊට හේතුව සම්ප්‍රේෂකය සමස්ථ ක්‍රියාකාරී අවස්ථාව පුරාම එකම විස්තාර අගයෙන් යුතු තරංග විසුරුවා හැරීමයි. මෙහි ඇති අවාසිය වන්නේ වැඩිපුර බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කිරීමයි; එනම් spectral efficiency අඩුය.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,