කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
විස්තාර මූර්ජනනය පැරණිතම හා වඩාත්ම පහසුවෙන් තේරුම්ගත හැකි මූර්ජන ක්‍රමය මෙයයි . රේඩියෝ තරංග සොයාගත් කාලයේ මෙම මූර්ජන ක්‍රමය පමණි දැනගෙන සිටියේ . සමහර පැහැදිලි කිරීම් තුල , අනෙක් මූර්ජන ක්‍රමවලට වඩා පහසුවෙන් සිදු කළ හැකි මූර්ජන ක්‍රමය ලෙස මෙය හැඳින්වුවත් , වර්තමානයේ එම ප්‍රකාශය එතරම් නිවැරදි නොවන්නේ , තාක්ෂණයේ දියුනුව නිසා අනෙක් මූර්ජන ක්‍රමද පහසුවෙන් සිදු කළ හැකි තත්වයක අප සිටින නිසාය . විස්තාර මූර්ජනය දෙස පැති කිහිපයකින්ම බැලීම වටිනවා හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් . පළමුව බලමු මූර්ජනය නිසා සංඥා සංඛ්‍යාතයට කුමක් සිදු වේද කියා . පැහැදිලි කිරීමේ පහසුව තකා , මුලින්ම සංඥාව සරල අවසංඛ්‍යාත සයිනාකාර තරංගයක් සේ සලකමු . උදාහරණයක් ලෙස , මෙම සයිනාකාර සංඥාවේ සංඛ්‍යාතය හර්ට්ස් 100 යැයි සිතමු . මෙම සංඥා සංඛ්‍යාතය දැන් අධිසංඛ්‍යාත වාහක තරංගය සමග ( විස්තාර මූර්ජන ක්‍රමයට ) මිශ්‍ර කරමු . මෙම වාහක තරංගය මෙගාහර්ට්ස් 200 යැයි සිතමු . මෙවිට , මූර්ජනය හේතු කොට ගෙන , පහත රූපයේ ආකාරයට මෙගාහර්ට්ස් 200.0001 හෙවත් කිලෝහර්ට්ස් 200,000.1 හෙවත් හර්ට්ස් 200,000,100 මූර්ජිත තරංගයක් ලැබේවි . එලෙසම සං