Skip to main content

Posts

Showing posts from August, 2016

Proposal to Reform the United Nations

Proposal to Reform the United Nations     Preamble It is obvious that the current United Nations is not democratic and fair because it is effectively controlled by the five States which have the veto power.   Even to amend it to become a better democratic global institution is impossible because the Security Council stops such process.   This situation must be stopped at any cost. The vast majority of the Member states are deprived of their equitable place and dignity in this present system. Therefore, they must be prepared to be brave and smart enough to re-form a new United Nations, if the existing system is not willing to be reformed in better and democratic way.     1.      A new UN Charter should be adopted based on the current Charter with amendments to include the proposed changes herewith.     2.      The functional and administrative organizational hierarchy should be as follows.   3.      The General Assembly (UNGA) shall be made the apex body of the UN, and all other arms/of

විශ්වාන්තරවාදියකු...

අද සන්ද්‍යාවේ මා මිත්‍රයකු (ලහිරු) මා හට එවූ ඊමේල් පණිවිඩයක් කියවා මා සිතත් හදත් කුල්මත් විය. එය පෞද්ගලික ලිපියක් වුවත්, එහි අන්තර්ගතයේ ඇති දර්ශනවාදය නිසා තවත් අයටද එය කියවීම පිණිස මා එය මෙහි කොපි කරනවා එකදු අකුරක්වත් වෙනස් නොකර.         " මෙය අනාවැකියකි. නමුදු මේ අනාවැකිය මා ගැන නොව ඔබ ගැනයි. මේ අනාවැකියෙන් කියැවෙන්නේ ඔබේ අනාගතයයි. මෙය ඔබේ වම් මොළයෙන් පමණක් කියවීමෙන් ඔබට ඉතා පහසුවෙන් මෙය හාස්‍යයට, උපහාසයට, අපහාසයට ලක්කල හැකිය. එවිට ඔබේ දකුණු මොළයද ඉතා තදින් මෙම අනාවැකිය යථාර්තයෙන් බැහැර බවට සෘනාත්මක ශක්ති ප්‍රවාහ ඔබේ ස්නායු පද්ධතියට මුදා හරිමින් තහවුරු කිරීමට ඉතා ඉඩ ඇත. කෙසේ නමුත් ඔබේ වම් මොළයත් දකුණු මොළයත් මැනවින් සන්කලනය වී විශ්වයේ පවතින අනන්ත වියහැකියා විභවය සමග අනුබද්දව ඔබේ තුල සැඟව පවත්නා ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ බීජය පිලිබඳ ගැඹුරු විශ්වාසයෙන් ඔබේ අතිෂ්‍යයින් ඒකාග්‍ර කලහැකි චේතනාවේ සන්කල්පනාවේ මහිමය ගැන ප්‍රත්‍යක්ෂයෙන් මෙම අනාවැකිය කියවුවොහොත් ඔබ මෙය තුල වෙනස් වියහැකියාවක් දකිනු ඇති බව මගේ විශ්වාසයයි. අදින් දශක දෙකක් ගිය තැන, ඔබ ශ්‍රී ලන්කාවේ සින්හල බෞද්ධ ප

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) 7

චුම්භක බලය විදුලි බලයේ නියුන් සොහොයුරා චුම්භක බලයයි (magnetic force) . අතීතයේදී ( එනම් වර්ෂ 1777 ට පෙර ) චුම්භක බලය හා විද්‍යුත් බලය එකිනෙකට වෙනස් ස්වාධීන බල දෙකක් සේ සලකා ගෙන සිටියත් එම වසරේ හාන්ස් ක්‍රිස්ටියන් අර්ස්ටඩ් (Hans Christian Oested) විසින් විදුලිය හා චුම්භක යනු එකිනෙකට සම්බන්ධ එකම බලයක් බව පෙන්වා දෙන ලදි . ඔහුද එය සොයා ගත්තේ අහම්බෙනි . දවසක් විදුලිය යොදාගෙන වැඩක් කරන විට ඔහුට පෙනුනා විදුලිය ගමන් කරන වයරයක් ආසන්නයේ තිබූ මාලිමා යන්ත්‍රයක කටු චලනය වෙනවා . ඒ ගැන වැඩි දුරටත් සොයා බලන විට විදුලියක් ගමන් කරන විට චුම්භක බලයක්ද එතැන නිපදවෙන බව ඔහුට පෙනී ගියා . එසේ වුවත් , විදුලිය හා චුම්භක යන දෙක ගැන අපට වෙන වෙනම අධ්‍යනය කිරීමට කරුණු රැසක් තිබේ . මෙතෙක් අප අධ්‍යනය කළේ විදුලිය ගැන නිසා දැන් තරමක් චුම්භක ගැන වෙනම සොයා බලා ඉන්පසු විදුලිය හා චුම්භක දෙකම එකට ගෙන හදාරමු . අතීතයේ සිට මේ දැනුදු චුම්භක හෙවත් කාන්දම් ලොකු කුඩා සැම විශ්මයෙන් පුරවන්නට සමත් දෙයකි . අදද වුම්භක ගැන “අද්භූත” න්‍යායන් රැසක් පවතී ( අන්තර්ජාලයේ මේ ගැන අතිවිශාල කරුණු ගොන්නක් තිබේ ). ඊට එක හේතුවක් නම් , කිසිදු

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 6

ඒසී හා ඩීසී විදුලිය අප මෙතෙක් ඉගෙන ගත් ධාරා විදුලිය අපට නැවත කොටස් දෙකකට කැඩිය හැකියි - සරල ධාරා විදුලිය (Direct Current – DC) හා ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය (Alternating Current – AC) . ධාරාව සන්නායකයක් දිගේ ගමන් කරන විලාසය අනුවයි මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ . සන්නායකය දිගේ එක් පැත්තකට පමණක් විදුලිය ගමන් කරයි නම් , එය ඩීසී විදුලියකි . පහත රූපයේ රතුපාට ඊහිස්වලින් පෙන්වන්නේ එකම දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරයයි . ඉහත රූපයකින් පෙන්වූ දේම අපට ගණිතානුකූලව ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන්ද පෙන්විය හැකියි ( ඇත්තටම ඉහත සාමාන්‍ය රූපයක් වෙනුවට අප නිතරම භාවිතා කරන්නේ එවැනි ප්‍රස්ථාරයි මොකද ප්‍රස්ථාර මඟින් අපට තොරතුරු ගණනාවක් උකහා ගත හැකි නිසාය ). ඒ අනුව , පහත දැක්වෙන්නේ ඉතා පිරිසිදු ඩීසී විදුලියක ප්‍රස්ථාරයයි . බලන්න කාලයත් සමග මෙම විදුලියේ අගය ( වෝල්ට් ගණන හෝ ඇම්පියර් ගණන ) වෙනස් නොවී ස්ථාවරව පවතී . මෙවැනි ස්ථාවර ඩීසී (steady DC) විදුලියක් තමයි පිරිසිදු ඩීසී විදුලිය ලෙසත් හදුන්වන්නේ . මෙවැනි ස්ථාවර ඩීසී විදුලියක් තමයි පරිපථ සදහා ඉතාම යෝග්‍ය වන්නේ . එහෙත් එවැනි පිරිසිදු ඩීසී විදුලියක් ලබා ග