Skip to main content

Posts

Showing posts from January, 2016

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 13

ඩයෝඩ් ක්ලෑම්පිං පරිපථ (Clamping) මෙම පරිපථයෙන් කරන්නේ යම් ඒසී සංඥාවකට ඩීසී විදුලියක් එකතු කිරීමයි . එම එකතු කරන ඩීසී විදුලිය ධන හෝ ඍණ විය හැකියි . මෙම ඩීසී විදුලිය clamp voltage ලෙස හඳුන්වමු . එය ධන නම් , ඒසී සංඥාව x අක්ෂයෙන් ඉහලට එසවේ . එසේ එසවෙන ප්‍රමාණය තීරණය වන්නේ ක්ලෑම්ප් කරන ( එකතු කරන ) ඩීසී වෝල්ටියතාවේ අගය මතයි . මෙම පරිපථය එනිසා positive clamper ලෙස හැඳින්වේ . එසේම , ක්ලෑම්ප් කරන ඩීසී වෝල්ටියතාව ඍණ නම් , ඒසී සංඥාව x අක්ෂයෙන් යටට යයි . මෙය negative clamper වේ . මෙලෙස සංඥාව උඩට හෝ පහලට ( එනම් මට්ටම ) වෙනස් කරන නිසාම , මෙම පරිපථ level shifting circuit (level shifter) ලෙසද හැඳින්වේ . සංඥාවේ මට්ටම ඉහල පහල ගියත් , සංඥාවේ හැඩය වෙනස් නොවේ ( ක්ලිපර්වල නම් සංඥාවේ හැඩයයි වෙනස් වූයේ ).   ඉහත රූපයේ (a) බලන්න . එය පොසිටිව් ක්ලෑම්පිං අවස්ථාවක් පෙන්නුම් කරයි . මෙහිදී ඉන්පුට් සංඥාවේ විස්තාරය V වේ . එම ඒසී සංඥාවේ විස්තාරය ධන පැත්තෙන් V දක්වාද ඍණ පැත්තෙන් -V දක්වාද පවතිනවා . දැන් මෙම සංඥාව V වෝල්ටියතාවක් සහිත ඩීසී විදුලියකින් ක්ලෑම් කළ පසු ලැබෙන සංඥාව එහි දකුණු පැත්තේ පෙන

ඉලෙකට්‍රොනික්ස් III (Electronics) - 12

ඩයෝඩ් ක්ලිපිං පරිපථ (Clipping) යම් සංඥාවක් " ක්ලිප් " කරනවා යන්නෙන් හඳුන්වන්නේ එම සංඥා තරංගයේ විස්ථාර වෝල්ටියතාව අපට අවශ්‍ය ප්‍රමාණයට කපා දැමීමයි . එහිදී සංඥාව සම්පූර්ණයෙන්ම හෝ සංඥාවෙන් අර්ධයක් හෝ ඊට වඩා අඩුවෙන් හෝ ඊට වඩා වැඩියෙන් හෝ ආදී වශයෙන් කප්පාදු කළ හැකියි . පහත රූපයේ දැක්වෙන්නේ එවැනි සංඥා ස්වරූපය වෙනස් කිරීම් හෙවත් වේව්ෂේප් කිරීම් (wave shaping) කිහිපයකි .   ඩයෝඩ මඟින් පහසුවෙන්ම මෙම ක්ලිප් කිරීම සිදු කළ හැකියි . සංඥාවේ උඩු කොටස (+ කොටස ) හෝ යටි කොටස (- කොටස ) හෝ කොටස් දෙකම එකවරම හෝ ක්ලිප් කළ හැකියි . මෙය සිදු කරන පරිපථය clipping circuit හෝ clipper යනුවෙන් හඳුන්වනවා . Limiting circuit හෝ limiter යනුවෙන්ද එය හැඳින්විය හැකියි . ක්ලිපිං පරිපථවල ගමන් කරන්නේ සංඥාය . ඒ කියන්නේ සංඛ්‍යාතයන් ඉහලය . එමනිසා සංඥා ඩයෝඩයි භාවිතා කළ යුත්තේ . එනිසා සන්ධි ධාරිතාව හා රිවර්ස් රිකවරි ටයි්ම් එක අඩු ඩයෝඩ ගත යුතුය . පරිපථයේ අපේක්ෂිත සංඥා සංඛ්‍යාතය අනුව එය තීරණය කළ හැකියි . ක්ලිපරයට එන සංඥාව / භාරය සමඟ ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව ඩයොඩය සවි කළ හැකියි . ඒ අනුව මූලිකව ක