Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

Precious Life (අපූර්ව ජීවිතය)

The following has been expressed by the world-renowned tycoon Steve Jobs, the owner of the Apple company, whilst he was lying on sick bed. I just received this in my mailbox from a very good friend of mine. I would like to share it just because it gives some insight into your life.


Steve Jobs’ Last Words:

"I reached the pinnacle of success in the business world. In others’ eyes, my life is an epitome of success.

However, aside from work, I have little joy. In the end, wealth is only a fact of life that I am accustomed to.

At this moment, lying on the sick bed and recalling my whole life, I realize that all the recognition and wealth that I took so much pride in, have paled and become meaningless in the face of impending death.

In the darkness, I look at the green lights from the life supporting machines and hear the humming mechanical sounds, I can feel the breath of god of death drawing closer…

Now I know, when we have accumulated sufficient wealth to last our lifetime, we should pursue other matters that are unrelated to wealth…

Should be something that is more important:
Perhaps relationships, perhaps art, perhaps a dream from younger days

Non-stop pursuing of wealth will only turn a person into a twisted being, just like me.

God gave us the senses to let us feel the love in everyone’s heart, not the illusions brought about by wealth.

The wealth I have won in my life I cannot bring with me. What I can bring is only the memories precipitated by love.

That’s the true riches which will follow you, accompany you, giving you strength and light to go on.

Love can travel a thousand miles.  Life has no limit. Go where you want to go. Reach the height you want to reach. It is all in your heart and in your hands.

What is the most expensive bed in the world?  Sick bed…
You can employ someone to drive the car for you, make money for you but you cannot have someone to bear the sickness for you.

Material things lost can be found. But there is one thing that can never be found when it is lost – Life.

When a person goes into the operating room, he will realize that there is one book that he has yet to finish reading – Book of Healthy Life.

Whichever stage in life we are at right now, with time, we will face the day when the curtain comes down.

Treasure Love for your family, love for your spouse, love for your friends.
Treat yourself well. Cherish others."
  
 
 
ලෝකපූජිත ධනවතෙකු වන ඇප්ල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේ සිටියදී ජීවිතය ගැන කියූ මෙවදන් කොතරම් අපූරුද? එහි ඇති වටිනා පණිවිඩය හා එය කියා තිබෙන ආකාරයේ අපූර්වත්වය නිසා සිංහල පාඨකයන් වෙනුවෙන් සරල පරිවර්ථනයක් මවිසින් පහලින් ඉදිරිපත් කර ඇත.

ස්ටීව් ජොබ්ස්ගේ අවසන් වදන්...

"
ව්‍යාපාර ලෝකයේ හිනි පෙත්තටම මං නැංගෙමි. අනෙක් අය දකින්නේ මාගේ ජීවිතය ජයග්‍රහණයේ පරමාදර්ශයක් ලෙසයි.

එහෙත් වැඩරාජකාරිවලට අමතරව මා හට තිබෙන්නේ අල්ප වූ සතුටක්. අවසානයේ මට හැඟෙන්නේ ධනය යනු ජීවිතයේ තවත් එක් දෙයක් පමණයි මා ඊට හොඳින් හුරු  වූ.

ලෙඩ ඇඳේ වැතිර මාගේ මුලු ජීවිතයම අතීතාවලෝකනය කරන මේ මොහොතේ මා බොහොම උජාරුවෙන් වැළඳගත් ධනය හා ලෝකයා මට ලබා දුන් ගෞරව පිළිගැනීම් මා ගිලගන්නට සිටින මාරයා ඉදිරියේ මැලවී අර්ථ ශූන්‍ය වී යන බව මා හොඳින් පසක් කර ගතිමි.

අඳුරේදී, මා වටේටම පෙනෙන ජීවිත ආධාරක වෛද්‍ය උපකරණවල කොලපාට එළි හා හ්ම්ම්ම් ලෙස නිරන්තරයෙන් ඇසෙන එම යන්ත්‍රවල ශබ්දයද මරණයේ දොරටුව වෙත මා ක්‍රමයෙන් රැගෙන යන බව මට නිති සිහි කරවයි.

මං දැන් දන්නවා අපේ ජීවිතය සැපදායකව පවත්වා ගෙන යෑමට තරම් ධනයක් සෙවූ පසු, ධනයට පරිභාහිර ජීවිතයේ වෙනත් දේවල් පසුපස හඹා යුතු බව.

ඒ දේ ඔබේ ජීවිතයට වටිනා දෙයක් විය යුතුයි - සමහරවිට එය සම්බන්ධතාවක් විය හැකියි; කලා නිර්මාණයක් විය හැකියි; සමහරවිට කුඩා කල ඔබේ සිත තුළ තිබූ සිහිනයක් විය හැකියි.

අනවරතයෙන් ධනය පසුපසම හඹා යෑමෙන් ජීවිතය කිසි රසයක් නැති විකෘතියක් බවට පත් වෙනවා - හරියටම මට සිදු වූයෙත් එයයි.

දෙවියන් අපට ඉඳුරන් දී ඇත්තේ අනෙකාගේ හදවතේ තිබෙන ආදරය විඳීමටයි; එහෙම නැතිව ධනය විසින් මවාපාන මායාවේ සිරවී සිටීමට නොවේ.

මා ජීවිත කාලය පුරාම උපයාගත් ධනය මට දැන් මා සමග රැගෙන යෑමට බැරිය. එහෙත් ආදරයේ මතකයන් පමණක් මට රැගෙනයා හැකියි.

ඇත්තටම එය (ආදර සැමරුම්) තමයි ජීවිතයේ නියම ධනය. එය හැමවිටම ඔබ පසුපස එයි; ඔබව තනි නොකරයි; ඔබට ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය හා අලෝකය ලබා දේ.

ආදරයට සැතපුම් දහස් ගණනක් යා හැකියි. දිවියේ නිමක් නැත. ඔබට යෑමට අවශ්‍ය තැනටම ගමන් කරන්න. ඔබට ළඟාවිය හැකි උපරිමයට ඔබ ළඟා වෙන්න. ඒ සියල්ලම ඔබේ හදවත හා දෑත තුළ රැඳී පවතී.

මේ ලෝකයේ මිල අධිකම සයනය කුමක්ද?  එය තමයි ලෙඩ ඇඳ... ඔබට පුලුවන් ඔබ වෙනුවෙන් ඔබේ කාරය පදවන්නට කෙනෙකු යොදවන්නට. ඔබට පුලුවන් ඔබ වෙනුවෙන් මුදල් හම්බ කරන්නට කෙනෙකු යොදවන්නට. එහෙත් ඔබට බැහැ ඔබ වෙනුවෙන් ඔබේ ලෙඩදුක් විඳවීමට කෙනෙකු යොදවන්නට.

භෞතීය දේවල් ඕනෑ තරම් හම්බකර ගත හැකියි සොයා ගත හැකියි. එහෙත් එක දෙයක් තිබෙනවා නැති වූ විට කිසිසේත් නැවත සොයාගත නොහැකියි - ඒ තමයි ජීවිතය.

කෙනෙකුව ශල්‍යාගාරයට රැගෙන යන විට ඔහුට මතක් වෙනවා තවමත් කියවා ඉවර කරගත නොහැකි වූ පොතක් තිබෙන බව කියවන්නට - සෞඛ්‍ය සම්පන්න ජීවිතය නම් පොතයි ඒ.

ඔබ දැන් සිටින්නේ ජීවිතයේ කුමන අදියරක වුවත් කමක් නැහැ, දිනයක ඔබට මුහුණ දීමට සිදු වෙනවා දිවි රඟමඬලින් ඔබට බැස යාමට සිදු වන.

ඔබේ පවුලට තිබෙන ආදරය උතුම් කොට සලකන්න. ඔබේ බිරිඳට/ස්වාමියාට, ඔබේ මිතුරන්ට තිබෙන ආදරය උතුම් කොට සලකන්න. ඔබ ඔබටද හොඳින් සලකන්න. අනෙක් අයව අගය කරන්න.
"

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,