සසුනඹරේ සෝභිත හිමි සඳ සෝභිත




සමහර දේවල් තිබෙනවා ලියා තබන්නට තරම්වත් වචන නැත. එහෙත් සමහර දේවල් තියෙනවා කොච්චර ලිව්වත් කියා ගන්නට බැරි. සසඳාවත ගත්කරු "නමව් නොමින් අන් බුදුනුදු වනත ගුණ ගණ" යනුවෙන් ශතවර්ෂ ගණනාවකට පෙර පැවසූ දේ එපමණින්ම ජීවිතයේ පළමු වරට පසක් වූයේ අපේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් ගැන උන්වහන්සේ අපවත් වූ මොහොතේ සිටම මේවනතුරුත් සිතේ පැන නැංගා වූ ගුණෝඝය ගැන ගෞරව සම්ප්‍රයුක්ත ආදරණීයව ලියන්නට මා කොතෙක් වෑයම් කළත් අසමත්වීම නිසාය.

යුක්තිය සාධාරණත්වය මනුෂ්‍යකම වෙනුවෙන් ඒ නැඟූ සිහනඳ පැවැත්වීමට සමත් ජගතෙකු නැවත අපේ ජීවිත කාලය තුළ දකින්නට නොලැබේවි. කුමන වැදගත් රාජකාරියක නිරත වූවත් උන්වහන්සේගේ හඬ ඇසුනු පමණින් ඒ සියල්ල නවතා ඊට සවන් දීම නිතැතින්ම සිදු වූයේ මා හට පමණක් නොවන බව පැහැදිලිය. බොහෝ චීවරධාරින් අහිංසක මිනිසුන් තුළ චීවරයට තිබෙන ගෞරවයෙන් ඔදවඩා ගත්තත්, සෝභිත හිමියන් යනු චීවරයටද ගෞරවයක් ලබා දුන් උත්තුංග මිනිසෙක්. අර්ථ චර්යාව පමණක් නොව, හඬ රුව පෞරෂයෙන්ද සමබල උන්වහන්සේගේ ජීවිතය අප කාටත් අධීන ප්‍රතාපවත් මිනිසුන් ලෙස සිටීමට කියා දෙන අත්පොතක් වැනිය.

ශ්‍රී සුමංගල හිමි, කුඩාපොල හිමි, වාදිභසිංහ ගුණානන්ද හිමි ආදී යෝධ අභීත බුද්ධපුත්‍රයන් ගැන අප ඇසූ මාත්‍රයෙන් පමණක් දැන සිටි අතර, ඒ සියලු හිමිවරුන් එක්කැටි කොට ජීවමාන කළ අපේ කාලයේ වීරවරයාණෝ මාදුළුවාවේ සෝභිත හිමිපාණෝය. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!!

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1