Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 4

 දැන් ඔබට ඉහත රූපයේ ඩෙස්ක්ටොප් එක මත පෙනේවි Install Linux Mint කියා අයිකන් එකක්. එය මත ඩබ්ල් ක්ලික් කරන්න. දැන් එය ඉන්ස්ටෝල් වීමට පටන් ගනීවි. මේ සඳහා විනාඩි පහලොවක් විස්සක් පමණ ගත වේවි. එය ඉන්ස්ටෝල් වන අතරතුර ඔබෙන් විවිධ ප්‍රශ්න අසනවා. එම ක්‍රියාවලිය මෙතැන් සිට බලමු.


සටහන
ඩෙස්ක්ටොප් (desktop) එක යනු පරිගණකයක් බූට් වූවාට පසුව ඔබට අවසාන වශයෙන් පෙනෙන ස්ක්‍රීන් එකයි. ඉහත රූපයෙන් දැක්වෙන්නේ එවැනි ඩෙස්ක්ටොප් එකක රූපයකි. සෑම ඔපරේටින් සිස්ටම් එකකම ඩෙස්ක්ටොප් එකක් ඇත. එහි ලස්සන කිරීමට තමන්ට කැමැති රූපයක් දැමිය හැකිය. එම රූපය වෝල්පේපර් (wallpaper) නම් වේ. ඩෙස්ක්ටොප් එකෙහි අයිකන්, මෙනු, ටාස්ක්බාර්/පැනල් වැනි තවත් විවිධ අංග ඇත.
ඔබෙන් පළමුව අසනවා ඔබ කැමති භාෂාව කුමක්ද කියා. මෙහි සිංහල භාෂාවද තිබෙන්නට පුළුවන් වුණත්, English ලෙස තෝරන්න. සිංහලෙන් පරිගණක වැඩ සිදු කළත්, සියල්ලම සිංහල භාෂාවෙන් ඇති විට අපහසුතාව ඇති වන්නේ ඔබටමයි. පරිගණකයට අදාලව පවතින බොහෝ සිංහල වචන ඇත්තටම ඉංග්‍රිසි වචනවලට වඩා තේරුම්ගැනීමට අපහසු විය හැකියි. මෙතැන ඉංග්‍රිසි තේරුවත් ඉන්ස්ටෝල් කළාට පසුව තමන්ට කැමති භාෂාවකට වෙනස් කරගත හැකියි. ඔබ මෙතැන කුමන භාෂාවක් තෝරා ගත්තත් ලිපිලේඛන සකස් කිරීමට හා වෙනත් පරිගණක වැඩසටහන් සමග වැඩ කිරීමට පුළුවන් ඔබ කැමති භාෂාවකින්. සියලු ලිනක්ස් පද්ධති පදනම්වී ඇත්තේ යුනිකෝඩ් (unicode) නමැති ක්‍රමවේදය මතයි. යුනිකෝඩ්වල විශේෂත්වය වන්නේ ලෝකයේ දැනට භාවිතාවන සියලුම භාෂාවන් සමග වැඩ කිරීමට ඉන් හැකියාව ලබා දීමයි. පැරණි ක්‍රමය වන ASCII (American Standard Code for Information Interchange) ක්‍රමවේදයද ඉබේම මෙම යුනිකෝඩ් ක්‍රමයෙහි අන්තර්ගතව පවතී. එහෙත් ඇස්කී (ASCII) ක්‍රමය පමණි පැරණි මෙහෙයුම් පද්ධතිවල පැවතියේ. ඉන් හැකිවූයේ ඉංග්‍රීසි (ලතින්) භාෂාවෙන් වැඩ කටයුතු කිරීමට පමණි.

කැමති භාෂාව තෝරාගෙන Continue බට්න් එක ක්ලික් කර ඉදිරියට යන්න. එවිට, ඔබට පෙන්වාවි ඔබේ හාඩ්ඩිස්ක් එකේ යම් විස්තරයක් හා ඔබ දැනටමත් අන්තර්ජාලය සමග කනෙක්ට් වෙලාද තිබෙන්නේ කියා. අන්තර්ජාලයට සම්බන්ධ වීමට ඉන් යෝජනා කළත්, මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට එසේ සම්බන්ධව සිටීම අත්‍යවශ්‍ය නොවේ. නැවත කන්ටින්‍යු කරන්න. එවිට ඔබට එන්නේ පහත ආකාරයක ස්ක්‍රීන් එකක්. මෙහිදී ඔබ Erase disk and install Linux Mint කියන එක තෝරාගෙන කන්ටින්‍යු කරන්න.

දැන් ඔබේ හාඩ්ඩිස්ක් එක සම්පූරණයෙන්ම මැකී ගොස් අලුතින් ලිනක්ස් එහි ඉන්ස්ටෝල් වේ. එහි ඇති Something else යන ඔප්ෂන් එක තේරුවොත් ඔබට පුළුවන් මුළු හාඩ්ඩිස්ක් එකම වෙනුවට ඔබට කැමති පාටිෂන්ද එකකට එය ඉන්ස්ටෝල් කරන්නට. ඒ විතරක් නොවෙයි, දැනටමත් යම් ඔපරේටින් සිස්ටම් එකක් ඇත්නම්, ඊට බාධාවක් නොකර මල්ටිබූට් ක්‍රමයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරන්නෙත් මේ හරහායි. ඇත්තටම, ලිනක්ස් ඉන්ස්ටෝල් වන විට, ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම පාටිෂන් දෙකක් වුවමනා කෙරෙනවා. එකක් නම් ඔපරේටින් සිස්ටම් එකට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ප්‍රධාන පාටිෂන් එකයි. ලිනක්ස් සඳහා එහි අවම සයිස් එක ගිගාබයිට් 6ක් පමණ වේ. මීට අමතරව, SWAP යන නමින් හැඳින්වෙන තවත් පාටිෂන් එකක් අවශ්‍ය කරනවා. එහි සයිස් එක සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයේ ඇති රැම් එකේ සයිස් එක මෙන් එකයි භාගයක් (1.5) වීම ඉතාම සුදුසුයි. උදාහරණක් ලෙස, ඔබේ රැම් එක ගිගාබයිට් දෙකක් නම් ස්වොප් පාටිෂන් එක 2 x 1.5 = 3GB විය යුතුයි. මෙම ස්වොප් පාටිෂන් එක ඔබට ඍජුවම භාවිතා කරන්නට බැහැ. එය මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තර අවශ්‍යතා සඳහා පමණක් යොදා ගැනෙන්නක්. ඔබ මා යෝජනා කළ පරිදි පළමු ඔප්ෂන් එක තෝරාගත්තේ නම්, පහත ස්ක්‍රීන් එක ලැබේ.

මෙහිදී ඔබට කැමති හාඩ්ඩිස්ක් එකක් select drive කියන කොටසින් තෝරාගත හැකියි (හාඩ්ඩිස්ක් කිහිපයක් තිබේ නම්). එම ඩ්‍රයිඩ් එකේ සයිස් එකද ලොකුවට දැක්වේ. දැන් Install Now යන්න ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම අරඹන්න. එවිට පහත ස්ක්‍රීන් එක මතු වේ. ඉන් අසන්නේ ඔබේ රට හා නගරය තෝරාගන්නා ලෙසයි. එය මැප් එකක් ආකාරයෙනුයි පෙන්වන්නේ. ඔබට පුළුවන් පුංචියට තිබෙන ශ්‍රී ලංකාව උඩ ක්ලික් කරන්න. එහෙමත් නැතිනම් රටේ/නගරයේ නම ඊට පහත ඇති බොක්ස් එක තුළ ටයිප් කරන්නත් පුළුවන්. නිවැරදිව තමන්ගේ රට/නගරය තෝරන්න. මෙම තේරීමත් සමග ඔබගේ රටේ/නගරයේ ටයිම් සෝන් එක (time zone) හා එවැනි තවත් කරුණුද ඉබේම සකසා ගන්නවා. උදාහරණක් ලෙස, ලංකාව තේරූ විට, GMT+5.30 යන ටයිම් සෝන් එක ඉබේම සෙට් වෙනවා.
සටහන
ලෝකයේ සෑම රටකටම අනිවාර්යෙන්ම මෙවැනි ටයිම් සෝන් එකක් තිබේ. (හෝ ඇමරිකාව රුසියාව වැනි විශාල රටකට ටයිම් සෝන් කිහිපයක් තිබිය හැකියි. එමනිසයි රටට අමතරව නගරයද මෙම මැප් එකෙන් තේරිය හැක්කේ.) එය එංගලන්තයේ ග්‍රිනිච් නගරයේ වෙලාවට සාපේක්ෂවයි දක්වන්නේ. GMT (Greenwich Mean Time) යනුවෙන් සංඛේතවත් වන්නේ එයයි. එංගලන්තයේ වේලාව හැමවිටම 0 ලෙස සම්මතය ලෙස ගනී. එයයි GMT දැක්වෙන්නේ. සිතියමේ එංගලන්තයෙන් දකුණු අත පැත්තට තිබෙන රටවලට + ටයිම් සෝන් ද, එංගලන්තයෙන් වම් පසට ඇති රටවලට - ටයිම් සෝන් ද පවතී. උදාහරණක් ලෙස, ලංකාව GMT+5.30 යන්නෙන් කියන්නේ අපේ රටේ වෙලාව එංගලන්තයේ වෙලාවට වඩා පැය පහයි භාගයක් ඉදිරියන් තිබෙන බවයි. එ් කියන්නේ දැං එංගලන්තයේ වෙලාව දවල් 1 නම්, ලංකාවේ වෙලාව 1+5.30 = 6.30 වේ. එනම් සවස හයයි තිහයයි.


ඉන්පසු එන්නේ පහත දැක්වෙන ස්ක්‍රීන් එකයි. එහිදී තෝරන්නට තිබෙන්නේ ඔබේ කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ කුමන අකුරුද යන වග. ඔබට මා මුලිනුත් පැවසුවේ ඉංග්‍රිසි තෝරාගන්නා ලෙසයි. මෙහිදිත් ඉංග්‍රිසි තෝරන්න. ඇත්තටම ලෝකයේ ප්‍රධාන ඉංග්‍රිසි වර්ග කිහිපයක් ඇත. ඉන් UK හෝ US යන දෙකෙන් එකක් තෝරා ගන්න (මා නම් හැමවිටම US තෝරා ගන්නවා).


කැමති නම් ඉහත ස්ක්‍රීන් එකේ යට ඇති බොක්ස් එකේ ටයිප් කර බලන්න. ඔබ ටයිප් කරන විට ඔබ අපේක්ෂා කළ විධියටම අකුරු වැදිය යුතුයි. එසේ නොවන්නේ නම්, ඔබ තෝරාගෙන ඇති අක්ෂර ක්‍රමය වෙනස් කර ගන්න. උදාහරණක් ලෙස, ඔබ ඉහත දකුණු අත පැත්තේ ලිස්ට් එකෙන් Dvorak යනුවෙන් ඇති එකක් සිලෙක්ට් කර ඔබේ සාමාන්‍ය කීබෝඩ් එකෙන් ටයිප් කර බලන්න. ඔබ Q ඔබන විට දැන් වදින්නේ D අකුරයි. අනෙක් අකුරුද එලෙස වෙනස් වනු ඇත. ඒකෙන් පේනවා නේද අක්ෂර ටයිප් කිරීමට විවිධාකාරයේ කීබෝඩ් ලෝකයේ භාවිතා වන බව. මෙය keyboard layout කියායි හඳුන්වන්නේ. උදාහරණක් ලෙස, අප සාමාන්‍යයෙන් භාවිතා කරන කීබෝඩ් ලේඅවුට් එක ඉන්ග්ලිෂ් QWERTY ලේඅවුට් එකයි. ඊට එම නම ලැබී ඇත්තේ ඔබේ කීබෝඩ් එකේ එම අකුරු එක පෙළට වම් පැත්තේ දිස්වන නිසාය.
සාමාන්‍ය හෙවත් සම්මත සිංහල කීබෝඩ් ලේඅවුට් එකට "විජේසේකර" කීබෝඩ් (ලේඅවුට්) කියායි පවසන්නේ. සිංහල ටයිප් කිරීමට විජේසේකර ලේඅවුට් එකට අමතරව "සිංහල ෆොනෙටික්" නමින්ද ලේඅවුට් එකක් ඇත. එයට හුරුවන්නට එපා. එය සම්මත ලේඅවුට් එක නොවේ. විජේසේකර ලේඅවුට් එක පරිගණක ලෝකයට පැමිණීමට හේතුව පරිගණක එන්නටත් බොහෝ කලක සිටම ප්‍රචලිතිව තිබූ සිංහල ටයිප්රයිටර්වල කීබෝඩ් එකය. පරණ ටයිප්රයිටරයක කීබෝඩ් එක බලන්න. ෆොනෙටික් කීබෝඩ් එක සාදා ඇත්තේ QWERTY ඉංග්‍රිසි කීබෝඩ් එකේ අකුරුවලට හිමි සිංහල ශබ්දවලට අනුකූල වන ලෙස කීස් සැකසීමෙනි. උදාහරණක් ලෙස, ඉංග්‍රිසි B අකුර තිබෙන කී එකෙන් සිංහල "" අකුර ටයිප් වේ. පහත දැක්වෙන්නේ විජේසේකර හා ෆොනෙටික් යන දෙයාකාරයේම සිංහල කීබෝඩ් ලේඅවුට් දෙකයි.



ඉන්පසු ඉදිරියට යන විට පරිගණකය හා ඔබ පිළිබඳ විස්තර කිහිපයක් අසන ස්ක්‍රීන් එක හමුවේ. එහිදී ඔබේ පරිගණකයට යම් නමක් ලබා දෙන්න. (සෑම පරිගණකයකටම hostname ලෙස හෝ කොම්පියුටර් නේම් ලෙස හැඳින්වෙන නමක් ලබා දිය යුතුය.) ඕනෑම මෙහෙයුම් පද්ධතියක වෙනස්කම් සිදු කිරීමට සියලු බලතල සහිත යූසර් එකවුන්ට් එකක් අත්‍යවශ්‍ය වේ. මෙම ස්ක්‍රීන් එකෙන් අන්න එම එකවුන්ට් එකත් සාදනු ඇත. ඒ සඳහා ඔබේ නම (ඔබට කැමති නමක්), යූසර්නේම් එකක්, පාස්වර්ඩ් එකක් ලබා දිය යුතුය.
සටහන
ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා සියලු බලතල සහිත එකවුන්ට් එකක් තිබිය යුතු බව ඔබ දැන් දන්නවා. ලිනක්ස්/යුනික්ස් ප්ලැට්ෆෝම්වල මෙම එකවුන්ට් එක root යන පොදු නමින් හැඳින් වෙනවා. වින්ඩෝස් ප්ලැට්ෆෝම්වල මෙය හැඳින්වූයේ Administrator (admin) කියාය. මෙම එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කිසිවිටක අමතක කරන්න එපා. ඒවගේමයි කෙනෙකුට පහසුවෙන් සිතාගත/අනුමාන කළ නොහැකි පාස්වර්ඩ් එකක් යොදන්නේ නම් මැනවි.

සටහන
හොඳ පාස්වර්ඩ් එකක් සාදා ගන්නේ කෙසේද? එය කිසිවිටක ඔබේ නම හෝ එහි කොටසක් නොවිය යුතුය. ඔබේ මව, පියා, භාර්යාව/ස්වාමියා, දරුවන්, හොඳම යහළුවා/සතුරා යන අයගේ නම් හෝ නමක කොටසක්ද නොවිය යුතුය. ඔබේ ගමේ, පාසලේ, ආයතනයේ හෝ ඔබට සම්බන්ධ ආයතනයක නමක්ද යොදන්නට එපා. ඔබේ දුරකථන අංකය, ඔබේ හෝ ඔබේ පවුලේ කෙනෙකුගේ උපන්දිනය හෝ එවැන්නක්ද යොදන්නට එපා. Dog, icecream වැනි සාමාන්‍ය ඉංග්‍රිසි වචන (dictionary words) පවා යොදන්න එපා. අකුරු තුන හතරක කුඩා පාස්වර්ඩ් යොදන්නත් එපා. මේ සියලුම පාස්වර්ඩ් දුර්වල පාස්වර්ඩ් (weak password) ලෙස හැඳින් වේ.
හොඳ පාස්වර්ඩ් (strong password) එකක් වීමට පහත සඳහන් ගතිගුණ ඊට තිබිය යුතුය. අඩුම ගානේ අකුරු 8කට වැඩි වීම සුදුසුය. කැපිටල් හා සිම්පල් යන දෙයාකාරයේම අකුරු තිබිය යුතුය. ඉලක්කමක් දෙකක්ද තිබීම සුදුසුය. ඊට අමතරව සාමාන්‍ය ඉංග්‍රිසි අකුරු නොවන @ # $ වැනි අකුරක් දෙකක්ද තිබීම සුදුසුය. මෙවැනි හොඳ පාස්වර්ඩ් යොදන්නේ නම් අනිවාර්යෙන්ම ඒවා මතක තබා ගැනීම හෝ කොහෝ හෝ රහසිගත තැනක ඒවා ලියා තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
සාමාන්‍යයෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලන අවස්ථාවක එය දෙවරක් ටයිප් කිරීමට සිදු වේ. ඊට හේතුව, පාස්වර්ඩ් ටයිප් කරන විට පෙනෙන්නේ *** විධියටයි. එවිට ඔබට පෙනෙන්නේ නැහැ ඔබට වැරදි අකුරුද ටයිප් වන්නේ කියා. එය මඟ හැරීමටයි දෙපාරක් පාස්වර්ඩ් එක ඉල්ලන්නේ. එවිට ඔබ ටයිප් කරන එක වැරදිලා ටයිප් වූවා නම්, දෙවැනිවර ටයිප් කරන නිසා එය ඉබේම හසු වේ. පාස්වර්ඩ් එක පරිගණකය විසින් භාර ගැනීමට නම්, එම ටයිප් කරන අවස්ථා දෙකම සමාන විය යුතුයි.
ඉහත ස්ක්‍රීන් එකේ පාස්වර්ඩ් එකට යටින් තිබෙනවා යම් තෝරා ගැනීමක් සිදු කරන්නට. ඉන් Log in automatically යන්න තෝරා ගතහොත් ඉන් කියන්නේ පරිගණකය ස්ටාර්ට් කිරීමෙන් පසුව ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැතිවම මෙම යූසර් එකවුන්ට් එකෙන් ඉබේම ලොග් වෙන බවයි. දෙවැනි Require my password to log in යන්න තෝරා ගතහොත් පරිගණකය ස්ටාර්ට් වී එක්තරා අවස්ථාවකදී නතර වී බලාගෙන සිටිනවා ඔබ එම පාස්වර්ඩ් එක අැතුලු කරන තුරු. ඇත්තටම මෙම දෙවැනි තෝරාගැනීම සිදු කරන්න. එය වඩා ආරක්ෂිතයි. ඊටත් යටින් Encrypt my home folder යනුවෙන් ඇති කොටස කැමැති නම් තේරිය හැකියි. ඉන් කරන්නේ ඔබේ යූසර් එකවුන්ට් එකටම සම්බන්ධ කර සාදනු ලබන ෆෝල්ඩර් එකේ (home folder) සියලු දත්ත ඔබට හැර අන් කිසිවෙකුට කියවිය නොහැකි ලෙස එම ෆයිල්ස් ආරක්ෂිත කිරීමයි.
සටහන
log in හෝ login හෝ sign in යන පද තුනෙහිම ඇත්තේ එකම තේරුමයි. ඉන් අදහස් කරන්නේ යම් සේවාවකට හෝ ස්ථානයකට ඔබ ඇතුළු වීමයි. නිකංම ඇතුළු වන්නට දෙන්නේ නැත. ඔබට අවසර ඇතිනම් පමණයි ඇතුළු කරගන්නේ. යම් යම් කාර්යාලවලටත් ඇතුළු වන්නට හැකි වන්නේ ඒ සඳහා අවසර තිබෙන අයට පමණයි නේද? ඒ සඳහා ඔවුන්ට යම් හැඳුන්ම්පතක් ලබා දී තිබෙනවා. මෙහිදීත් ඇතුළු වීමට ඔබට username හා password අවශ්‍ය කරනවා. යූසර්නේම් යනු ඔබ අහවලා කිය හඳුන්වා දීමයි. එම නම බොහෝවිට වෙන අයත් දන්නවා. පාස්වර්ඩ් එක තිබෙන්නේ වෙන අයත් එම නමින් හොරෙන් ඇතුළු වීම වැලැක්වීමටයි. පාස්වර්ඩ් එක දන්නේ ඔබ පමණයි.
මෙලෙසම ලොගින් වූ පසු තමන්ගේ වැඩේ අවසන් කර ඉන් ඉවත් වීමද සිදු කළ යුතුයි. එය හරියට ඔබ යතුරකින් කාමරයක දොරගුළු විවෘත කර කාමරයකට ගොස් එතුළ ඇති වැඩ කොටස නිම කර ආපසු ඉන් ඉවත් වන විට යතුර දමා නැවත දොර ලොක් කරනවා වගේ වැඩක්. එසේ ලොක් නොකළොත් එම කාමරයට වෙන අයට ඇතුළු වීමට පුළුවන්. එලෙසම තමන්ගේ එකවුන්ට එකට ඇතුළු වී ඉන් ඉවත් වන්නට අවශ්‍ය විට log out විය යුතුයි. එය logout, sign out, log off, logoff යන නම්වලින්ද හැඳින්වෙනවා.
ඉන්පසු ඔබට තවත් තොරතුරු දක්වන ස්ක්‍රීන් දිස්වේවි. ඔබට තිබෙන්නේ ඒවා සියල්ල නිමවෙන තුරු බලාගෙන සිටීමයි. වෙනත් බාධක මතු නොවූයේ නම්, ඒවා සියල්ල සාර්ථකව නිම වේවි. දැන් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් වී හමාරය.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,