Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

මෝහනය / mohanaya (Hypnosis) - 23

කණ්ඩායම් මෝහනය

කණ්ඩායම් මෝහනය (group hypnosis) යන්න “වේදිකා මෝහනය” (stage hypnosis) හෝ “පිරිස් මෝහනය” (mass hypnosis) ලෙසද හැඳින්විය හැකියි. මෙය හුදු විනෝදය සඳහා කරනු ලබන දෙයකි. (යම් යම් මානසික රෝග/පීඩා සුව කිරීමේ අදහසින් කරනු ලබන මෝහනය “සායනික මෝහනය(clinical hypnosis) ලෙස හැඳන් වේ.) බොහෝ විට මෙවැනි මෝහන ප්‍රදර්ශනවල පුද්ගලයන් සැහැල්ලු හා මධ්‍යම මෝහන මට්ටම්වලට පත් වේ. ගැඹුරු මෝහනයට පත්වන අයද නැත්තේ නොවේ (ඉක්මනින්ම මෝහනයට පත් වීමේ හැකියාව ඇති අය). පිරිස වැඩිවන තරමට කණ්ඩායම් මෝහනයේ සාර්ථකත්වය වැඩිය.
මෙය සාමාන්‍ය හෝ ස්වයංමෝහනයට වඩා වෙනසක් නැත. මෝහනවේදියා විශාල පිරිසකට යම් ඉන්ඩක්ෂන් එකක් කියයි. එවිට ඉන් යම් පිරිසක් යම් යම් මට්ටම්වලින් මෝහනයට පත් වේ. පැමිණි සියල්ලන්ම මෝහනයට පත් වන්නේ නම්, මෝහන සංදර්ශනය නරඹන්නට පිරිසක් නොසිටිනු ඇත. ඉන් හොඳින් මෝහනයට පත්ව ඇතැයි මෝහනවේදියා කල්පනා කරන කිහිප දෙනෙක් වේදිකාව මතට ගෙන්වා ඔවුන් ලවා යම් යම් (බොහෝ විට විනෝදාත්මක) දේවල් කරවයි. ඇත්තටම මෙහිදී මෝහනයට පත් අයගෙන් බොහෝ දෙනෙක් එම දේවල සිදු කරයි. එය බලාගෙන සිටින අයට පෙනෙන්නේ මෝහනලාභින් අකමැති දේවල් වුවත් ඔවුන් ලවා සිදු කරගත හැකි බවක්. එහෙත් ඇත්තටම තත්වය ඊට වඩා වෙනස්.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
කුඩා ළමුන් වගේ හැසිරෙන, බෝනික්කන් නලවන, සිංදු කියන, නටන, හෝ වෙනත් කවට වැඩ සිදු කරන ඔවුන් ඒවා ඇත්තටම කරන්නේ අකමැත්තෙන් නොව සම්පූර්ණ කැමැත්තෙනි. අප කාටත් විවිධ ආශාවන් (fantasies) තිබේ. සමහර දේවල් කිරීමට බාධාවක් නැති වුවත් බොහෝ දේවල් කිරීමට අපට සමාජයෙන් ඉඩක් ලැබෙන්නේ නැත. උදාහරණක් ලෙස, ඔබ ආයතනයක ප්‍රධානියෙකු නම්, පොඩි එකෙකු වගේ නටන්නට නීතිමය හෝ සදාචාරමය බාධාවක් නැති වුවත්, එලෙස කරන්නට සිතෙන්නේ නැහැ නේද (එය ඔබේ තත්වයට හොඳ නැති වේ යැයි සිතනු ඇත)? මෙවැනි පොඩි පොඩි අහිංසක ආශාවන් සිතේ සැඟව කාටත් නොකියා තිබිය හැකියි. එහෙත් ඔබ මෝහනයට පත් වූ විට, ඔබට එසේ හැසිරෙන්නට දැන් “ලයිසන්ස්” එකක් ලැබුණා හා සමානය. ඔබ එහිදී උඩපැන්නට, බෝනික්කෙකු නැලෙව්වට අනිත් අයව හිනා ගැස්සුවට ඔබේ සිත අවංකවම සිතනවා ඔබේ එම චර්යාවන් මෝහනයේදී මෝහනවේදියා විසින් සිදු කරවූ දේවල් කියා අනෙක් අය විශ්වාස කරන බව. මෙවැනිම තත්වයක් බොහෝ විට මත්වතුර බීපු අයටත් සිදු වේ. එම ජරාව බීපු එවුන් පිස්සන් ලෙස හැසිරෙන්නේ එනිසාය. (එසේ අශීලාචාර ලෙස නොහැසිරෙන අයත් සිටින අතර, ඒකෙන් කියන්නෙ නැහැ එවුන් වැදගත් කියාත්. මත්වතුර බොන එවුන්ගේ වැදගත්කමක් නැත.) එහෙත් බොහෝ විට, නොබීපු වෙලාවට ඔවුන් වැදගත් විදියට සමාජයේ හැසිරෙන්නට උත්සහ කරයි. “බීපුවාම සිහිය නැහැ” කියා අපේ පොදු විශ්වාසයක් තිබෙනවා. අන්න එම විශ්වාසය තමයි එසේ හැසිරීමට ඔවුන්ව තව තවත් පොළඹවන්නේ. අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇන්න වගේ යන කියමන මෙහිදී වඩාත් හොඳින් ගැලපේ.
මෙහිදී භාවිතා කෙරෙන ඉන්ඩක්ෂන් එක සරල විය යුතුය. බොහෝ දෙනෙකුට එකවර කරන නිසා, තනි තනි කෙනාගේ ප්‍රතිචාර බැලිය නොහැකි නිසාත්, කාටත් පහසුවෙන් කළ හැකි දේවල් මෙම ඉන්ඩක්ෂන් එකෙහි අඩංගු විය යුතුය. එවැනි කාටත් කළ හැකි ඉන්ඩක්ෂන් එකක් මා පහත දක්වන්නම්. ඇත්තටම මෙය සාමාන්‍ය මෝහන ඉන්ඩක්ෂන් එකක් ලෙසද භාවිතා කරන්නට පුලුවන්.
[මෝහනය සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබෙන බිය පළමුව ඉවත් කර යුතුයි මෝහනය ගැන සැබෑ තොරතුරු පැහැදිලි කර දීමෙන්.] හරි... දැන් කට්ටියම මෙන්න මේ වගේ අත් දෙක කෙලින් ඉදිරියෙන් තිරස්ව තබා ගන්න. [එය කියන ගමන් ඔබේ අත් කෙලින් කර ඔවුන්ට පෙන්වන්න.] දැන් මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. මං කියන දේ සිතේ මවා ගන්න. දැන් මං ඔයගොල්ලන්ගේ දකුණු අතට බර බාල්දියක් ගැට ගසනවා. ඒක ගොඩක් බරයි. කොච්චර බරද කිව්වොත් දකුණු අත ටිකෙන් ටික පහළට යනවා බාල්දියේ බරට. වම් අතට උඩ යන විශාල බැලුන් බෝල පොකුරක් ගැට ගසනවා. බැලුන් බෝල උඩට යන්න උත්සහ කරන නිසා වම් අත ටිකෙන් ටික ඉහළට ඉස්සෙනවා. ඔව්... වම් අත ටික ටික ඉහළට ඉස්සෙනවා... දකුණු අත ටික ටික පහළට බහිනවා... දැන් මං වම් අතට තවත් බැලුම් බෝලයක් ගැට ගසනවා... ඔන්න දැන් වම් අත තවත් වේගයෙන් ඉහළට ඉහළට ඉහළට ගමන් කරනවා. වම් අතේ සැහැල්ලුවක් දැනෙනවා... වම් අත ඉහළට උඩට සැහැල්ලුවෙන් ගමන් කරන කොට, දකුණු අතේ බර වැඩි බවක් දැනෙනවා... දකුණු අත පහළට ගමන් කරනවා... ඔන්න මං දකුණු අතේ ගැටගසා ඇති බාල්දියට තවත් බර ගඩොල් කැටයක් දැම්මා... එකපාරටම අත පහළට වැටෙන්නට පටන් ගන්නවා... දකුණු අත දැන් ගොඩාක් බරයි... එය වේගයෙන් පහළට ගමන් කරනවා... [මේ ආදී ලෙස වම් අතට බැලුනුත් දකුණු අතට ගඩොල් කැටත් එකතු කරමින් වම් අත ඉහළට සැහැල්ලුවෙනුත් දකුණු අත පහළට විඩාබරව ගමන් කරන බව දිගටම යෝජනා කරන්න. මේ අතර සභාව දෙස බලන්න. බොහෝ දෙනෙකුගේ අත් ඉහළ පහළ ගොස් තිබෙනු ඇත. ඒ කියන්නේ ඒගොල්ලන් මෝහනය වීමට හැකියාව ඇති දැනටමත් යම් පමණක මෝහනයට පත්ව සිටින අයයි. එලෙස ඔබට අවශ්‍ය තරමේ පිරිසක් ලැබෙන තුරු ඉහත ආකාරයට නාට්‍යක විලාසයෙන් කතා කරන්න.] හරි... දැන් ඔක්කොම ඇස් වසා ගන්න. [නැවත විනාඩියක් පමණ ඉහත ආකාරයට එක අතක් ඉහළටත් අනෙක පහළටත් ගමන් කරන බවට යෝජනා කරන්න. දැන් මේ අයගේ අත් දෙක පහළට ගෙන ආ යුතුය. එයද මෝහනය ගැඹුරු කරන ඩීප්නිං ටෙක්නික් ලෙස යොදා ගත හැකියි.] හරි... දැන් මං ඔයගොල්ලන්ගේ අත්වල තිබෙන බැලුන් බෝලත් ගඩොල් ගල් සහිත බාල්දියත් ගලවා දමනවා. ඔන්න... මං ගැලෙව්වා... දැන් අත් දෙක පහළට දමන්නට සූදානම් වෙන්න. ඔබේ අත් ඔබේ ශරීරයේ ස්පර්ශ වෙනකොටම ඔබේ ශරීරයත් මනසත් ගැඹුරු සුවදායක සැහැල්ලුවකට එකවරම පත් වෙනවා. එය වෙන්නට ඉඩ හරින්න... හරි... දැන් අත් පහත දමන්න... ගැඹුරු සැහැල්ලුවකට පත් වෙන්න. ඔබ පිටකරන සෑම හුස්මක් පාසාම ඔබේ සැහැල්ලුව තව තවත් වැඩි වෙනවා ගැඹුරු වෙනවා. [මෙතැන් සිට ඔවුන්ගේ මෝහන මට්ටම ගැඹුරු කරන තවත් ඔබ උගත් ටෙක්නික් භාවිතා කරන්න. මේ අතරේ අත් දෙක වැඩිපුර කැපී පෙනෙන ලෙස ඉහළ පහළ ගිහිපු හා දැනටත් ඔබට පෙනෙන ආකාරයට හොඳ මෝහන නිද්‍රාවක සිටින අය තමයි ඉදිරියේදී වේදිකාවට ගෙන්වා ගත යුත්තේ.]

ඇත්තටම, ඔබ උගත් එල්මන් හෝ වෙනත් ඉන්ඩක්ෂන් එකක් වුවද කණ්ඩායම් මෝහන ඉන්ඩක්ෂන් එකක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මෝහනලාභියාව ස්පර්ශ කරන කොටස් ඉවත් කළ විට එම ඉන්ඩක්ෂන් ඉබේම මේ සඳහා සුදුසු බවට පත් වෙනවා (පිරිසක් මෝහනය කරන විට, එක් එක් පුද්ගලයාව ස්පර්ශ කරන්නට බැහැනෙ).


ඉහත එක් අතකට බැලුන්ද අනෙක් අතට බර දෙයක්ද අමුණා කියන ලද යෝජනාවලිය එලෙස ඉන්ඩක්ෂන් එකක් ලෙස මෙන්ම වෙනත් අරමුණක් සඳහාද යොදා ගන්නට පුළුවන්. අප ඊට hypnotic susceptibility test එකක් ලෙස පවසනවා. එහි අරමුණ වන්නේ කෙනෙකුව මෝහනට පත් වීමට ඇති හැකියාව සොයා ගැනීමටයි. සසෙප්ටිබිලිටි ටෙස්ට් එකේදී ඔහු කොතරම් අපූරුවට ඔබ කියන යෝජනා පිළිපදින්නේද කියා සොයා ගත හැකියි. උදාහරණක් ලෙස, ඉහත අවස්ථාවේදී යම් කෙනෙකුගේ බැලුම් ගැටගහපු අත ඉතා ඉහළටත් අනෙක් බර යොදපු අත ගොඩාක් පහළටත් ගමන් කර තිබුණේ නම්, ඉන් කියන්නේ ඔහු ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකි බව එතරම් අත් ගමන් නොකරපු කෙනෙකුට වඩා. පැරණි කාලයේ (ඒ කියන්නේ එන සියලු දෙනාම මෝහනයට පත් කළ නොහැකියි යැයි මතයක් තිබූ කාලයේ) මෝහනය කරන්නට පෙර එ් අය සඳහා මෙම ටෙස්ට් එක සිදු කළා. එමගින් විශාල කාලයක් වැය කොට මෝහනයම සිදු කර ඔහුව මෝහනය කරන්නට බැහැ කියා දැන ගන්නවාට වඩා මෙම ටෙස්ට් එක මගින් කෙටි කාලයකින් එය දැනගත හැකි වන්නට ඇති. ඊටත් වඩා, මෝහන අත්දැකීමක් කිසිදා ලබා නොමැති කෙනෙකුට මෝහනය ගැන යම් හැඟීමක් (තමන්ගේ අත් මෝහනලාභියාගේ යෝජනා අනුව ගමන් කළා නේද තමනුත් නොදැනුවත්වම කියා) ඇති කිරීමටත් වැදගත් වූවා. ඉන් පසුව ඔහුව මෝහනය වීමේ සම්භාවිතාව ඉහළ යනවා. අවශ්‍ය නම්, මෙම ටෙස්ට් එකටම වෙනත් යෝජනා අමුණා එය ඉන්ඩක්ෂන් එකක් බවට පත් කරන්නටත් පුළුවන් ඉහතදී පෙන්වා ඇති ලෙසට. තවත් එවැනි සසෙප්ටිබිලිටි ටෙස්ට් ක්‍රම ගණනාවක් තිබේ (එහෙත් වර්තමානයේ සසෙප්ටිබිලිටි ටෙස්ටිං අත්‍යවශ්‍ය නැත).

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,