දෙසැම්බර් මාසය එන්නත් කලින් මහින්ද මාමි අපට නත්තල් තෑගි දෙන්න හදනවා එයා අගමැති වුණාට පස්සෙ. එසේ මෙසේ තෑගි නෙමෙයි ඉතිං නත්තල් සීයටත් දෙන්න බැරි තරමේ අලි ලොකු ඒවා. පාරවල් ඕන අයට කාපට් පාරවල්, වතුර ඕන අයට නල ජලය, ඉගෙන ගන්න පිටරට යන අයට සල්ලි (ණය), බදින්න හදන අයට ලක්ෂ දෙකක්, ගෙදර බුදියන් ඉන්න අයට පනස්දහක්, රාජ්‍ය සේවකයාට 25000ක්, මහපොල හයදහක්... එයා රජ කරපු කාලයේ (අවුරුදු 10ක්) එයා නත්තල් තෑගි දුන්නේ හොරුන්ට, එතනෝල්කාරයන්ට, ස්ත්‍රී දුෂකයන්ට, කුඩු කාරයන්ට, කැසිනෝ කාරයන්ට, එයාගේ හත්මුතු පරම්පරාවේ (අනියම් විදියට උපත ලද එවුන්ට පවා) එවුන්ටනේ. දැන් ඒ වටය අවසන්. අලුත් වටයෙන් එයා දෙන්න හදන්නෙ අප වගේ පොදු ජනයාට. ඉතිං මගේ ඡන්දය මහින්ද (නත්තල්) පප්පට...
හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top