Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

මෝහනය / mohanaya (Hypnosis) - 6

එල්මන් ඉන්ඩක්ෂන්

“මං කියන දේට හොඳින් ඇහුම්කන් දී මා කියන සරල දේවල් පුළුවන් තරම් හොඳින් කිරීමට පමණයි ඔබට තියෙන්නේ. වෙන වෙන දේවල් ගැන සිතන්න උත්සහ කරන්න එපා.”

“හරි... දැන් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න; හුස්ම පිට නොකර ටික වේලාවක් ඉන්න. [තත්පර දෙකක් පමණ නිහඬව සිටින්න; ඔ‍රලෝසුවක් දිහා බලාගෙන කාලය මැනීම අනවශ්‍යයි.] හුස්ම පිට ‍කරන කොට ඔබේ ඇස් දෙකත් වහගන්න. ඔබේ මුළු ශරීරයටම සැහැල්ලු වෙන්න ඉඩ හරින්න. ඔබට හැකි පමණ ශරීරය සැහැල්ලු කරන්න.”

“දැන් ඔබේ අවධානය ඔබේ ඇස දෙසට යොමු කරන්න. ඇස හා ඇස අවට ප්‍රදේශය හා මාංශ පේශීන් ලිහිල් කරන්න. ඒවාට සැහැල්ලු වෙන්නට ඉඩ හරින්න එම පේශින් වැඩ නොකරන මට්ටම එන තුරුම. අන්න හරි... ඇස හා ඒ අවට හොඳටම සැහැල්ලුයි නම්, ඔබට ඇස් අරින්නට දැන් බැරිවෙනවා. ඔබ එම සැහැල්ලුවේ සිටින තුරු එම පේශින් වැඩ කරන්නේ නැහැ. ඔබට විශ්වාසයි නම් දැනටමත් ඇස හා ඒ අවට හොඳට සැහැල්ලුයි කියා...  ‍ඇස් අරින්න බැහැ නේද කියලා ඔබම ටෙස්ට් කරල බලන්න. [තත්පර දෙක තුනක් පමණක් ඔහුට දෙන්න එම උත්සහය කරන්නට. ඇත්තටම ‍‍හැමවිටම සිදුවන්නේ මෝහනලාභියාට ඇස් අරින්න උත්සහ කළත් ඇස් අරින්නට බැරි බවකි. එහෙත් ඔහුට බොහෝ වෙලාවක් එය කර කර ඉන්නට ඉඩ දෙන්න එපා මොකද ටික වෙලාවක් යන විට අනිවාර්යෙන්ම ඔහුට ඇස හරින්නට පුළුවන් කම ලැබෙනවා. කලාතුරකින් කියූ සැටියේම ඇස් අරන අයත් සිටිය හැකියි. එවිට, ඔහු තරමක “අමාරුකාරයෙකු” විය හැකියි. එක්කෝ ඔහුට මෝහනය ගැන තවමත් බිය සංකා තිබේ; නැතහොත් ඔහු ඔබව අභියෝගයක් ලෙස සලකන කෙනෙකු විය හැකියි; නැතහොත් ඔබ කියපු දේවල් ඒ විදියට පිළිපැද නැත. එවැනි අයෙකුට සමහරවිට වෙනත් ඉන්ඩක්ෂන් ක්‍රමයක් යෙදීමට සිදු වේ. මෙවැනි අවස්ථාවල කළ හැකි දේ පොතේ පසුවට සඳහන් වේ.] හරි... දැන් ටෙස්ට් කළා ඇති.

“දැන් මට අවශ්‍යයි ඔබේ ඔය ඇස්වල තිබෙන ලිහිල් බව... සැහැල්ලුව... ඔබේ මුළු ශරීරය පුරාම ඇති කරගන්නට. [ඇත්තටම ලිහිල් බව හා සැහැල්ලුව යන වචන දෙකේම තේරුම එකයි. රිලැක්සේෂන් කියන්නෙත් එයයි. කියන දේට ගැම්මක් (ඉෆෙක්ට් එකක්) ගන්න මේ විදියට වචන දෙකම එකවර යොදාගන්නේ.] ඔව්... ඔබේ හිස මුදුනේ සිට දෙපතුල දක්වාම එම ගැඹුරු සැහැල්ලුව ඔබේ මුළු ශරීරය පුරාම පවතින්නට ඉඩ දෙන්න. අන්න හරි...”

“බොහොම හොඳයි... දැන් මේ තිබෙන ශාරීරික සැහැල්ලුව තවත් වැඩි කරගමු. මං මොහොතකින් ඔබට කියනවා ඇස් දෙක ඇරලා වහගන්න කියලා. ඔබ එවිට මා කියන විදියට ඇස් දෙක ඇරල වහගන්න. එලෙස ඇස් ඇරල වහගන්න කොට ඔබ දැන් මේ සිටින සැහැල්ලුව වගේ දස ගුණයක සැහැල්ලුවක්... ඔව් දස ගුණයක් සැහැල්ලුවක් ඔබේ ශරීරයට දැනෙන්නට එය ඉඟියක්... සංඥාවක්... බවට පත් වෙනවා. ඔබට කරන්න තියෙන්නෙ ඉතාම පහසු දෙයක්. එම සැහැල්ලුව ලැබීමට ආශාවක්... ඕනකමක්... ඇති කරගන්න. එවිට එය ඉබේම සිදු වේවි. හරි... දැන් ඇස් අරින්න... [ඔබ ඔහුගේ ඇස් දෙස බලන්න ඇත්තටම ඔහු ඇස් අරිනවාද කියා. ඔහු ඇස් ඇරිය යුතුයි ඔබ මෙතෙක් සාර්ථක නම්. ඔහු ඇස් අරින්න අපහසුවෙන් පෙළෙනවා නම්, ඔහුට මෙලෙස තරමක උස් හඩකින් කියන්න “හරි මං දැන් කිව්වා ඔබට මොහොතකට ඇස් අරින්න කියා. ඔබ මා කියන දේ ඒ කියන විදියටම කරන්න ඕන. එනිසා දැන් ඔබට මා කියන නිසාම ඇස් අරින්න පුළුවන්. ඒකනිසා දැන් මොහොතකට ඇස් අරින්න.”  මේ අවස්ථාවේ හෝ වෙනත් කිසිම අවස්ථාවක කේන්තියක් තරහවක් මෝහනලාභියාට පෙන්වන්නද එපා. ඔහු ඇස් අරීවි. එවිටද ඇස් ‍අරින්නේ නැති විට කළ හැකි දේවල් පොතේ පසුවට සඳහන් වේ. තවද, ඔහු ඇස් අරින විට, ඔබට තවත් වැදගත් දෙයක් කළ හැකියි. එනම්, ඔහුගේ ඇස් ඉදිරියෙන් තරමක් දුරින් ඔබේ අතක අත්ල පෙදෙස ඔහුගේ මුහුණ පෙදෙසට වන සේ තබා ගන්න. ඔහුගේ මුහුණ ස්පර්ශ කරන්න එපා. එවිට ඔහු ඇස් අරින විට පෙනෙන්නේ ඔබේ අත්ල වේ. ඉන් ඔහුගේ අවධානය කාමරයේ හෝ වටපිටාවේ වෙනත් දේවලට යොමු වීම වැලැක්විය හැකි සේම, තව මොහොතකින් ඔහුට ඇස් වසාගන්නට යැයි කටින් විධාන කරන විට, එය ඔබේ අත්ල ඔහුගේ ඇස් ඉදිරියේ සෙමින් පහළට ගමන් කරවීමෙන් අතින්ද වක්‍රාකාරයෙන් ඔහුට ඇස් වසන්නට කරන ඉඟියක් ලෙස ක්‍රියාත්මක වේ. තත්පරයක් පමණ ඇස් ඇරන් සිටින්නට දෙන්න.] හරි... දැන් ඇස් වසා ගන්න... ශරීරය දස ගුණයක සැහැල්ලුවක් ඇති කර ගන්න. එම සැහැල්ලුව මුළු ශරීරය පුරාම පැතිරීම ඔබට දැන් දැනෙනවා. බොහෝම හොඳයි...”

“දැන් අපි ඔබ මේ දැන් සිටින ශාරීරික සැහැල්ලුව තවත් වැඩි කර ගමු... ගැඹුරු කර ගමු... නැවතත් ‍ඉස්සෙල්ලා වගේම මොහොතකින් මං කියනවා ඇස් දෙක ඇරල වහ ගන්න කියලා. ඔබ එසේ ඇස් ඇරල වහගන්න කොට දැන් මේ ඔබ සිටින ශාරීරික සැහැල්ලුව සනීපය වගේ දෙගුණයක සැහැල්ලුවකට ගැඹුරකට ඔබව පත්වෙනවා. හරි... දැන් ඇස් අරින්න. [පෙර සේම අත්ල භාවිතා කරන්න. තත්පරයක් ඇස් ඇර ඉන්නට දෙන්න.] හරි... දැන් ඇස් වහන්න. [එසේ කියන ගමන් ඔබේ අත්ල සෙමින් ඔහුගේ ඇස් ඉදිරියෙන් පහළට ගේන්න.] ශරීරය දෙගුණයක් ගැඹුරට සැහැල්ලු වෙන්න ඉඩ හරින්න.”

 “හරි... තව එක සැරයක් අපි ඒක කරමු. තව මොහොතකින් මං කියනවා ඇස් දෙක ඇරල වහන්න කියලා. ඔබ ඇස් ඇරල වහගන්න කොට මේ දැන් දැනෙන සැහැල්ලුව... රිලැක්සේෂන් එක... වගේ දෙගුණයක සැහැල්ලුවක් සනීපයක් ඔබට දැනෙනවා. දැන් ඇස් අරන්න [පෙර කී දේ නැවත මෙහිදීද කරන්න.] ඇස් වහන්න; ශරීරයේ සැහැල්ලුව දෙගුණ කරන්න; ලිහිල්බව සනීපය දෙගුණ වන්නට ඉඩ හරින්න. අන්න හරි. බොහෝම හොඳයි. ඔබේ මෙම ශාරීරික සැහැල්ලුව දිගටම ඔබ පවත්වාගෙන යන තාක්කල් ඔබට ඔබේ ශරීරයේ මාංශ පේශින් චලනය කරන්න නොහැකි වෙනවා.”

“සුළු මොහොතකින් මා ඔබේ දකුණු අතින් අල්ලා අඟලක් දෙකක් පමණ ඉහළට ඔසවා නැවත ඔබේ උකුලට... කකුල මතට... අත් හරිනවා. [මෙය මෙලෙස කිව හැක්කේ ඔහු පුටුවක වාඩි කරවා අත් දෙක කකුල් දෙක මත තබා ඇති විටක හෝ සයනයක ඇල කරවා අත් දෙක කකුල් දෙක මත තබා ඇති විටයි. ඇත්තටම අප මෝහනය සිදුකරන්නේ බොහෝ විට මෙම ඉරියව් දෙකෙන් නිසා ගැටළුවක් නැත. නිකමට හරි ඔහුව සිටගෙන සිටන ඉරියව්වෙන් මෝහනයට පත් කරන විට, “දකුණු අත අඟලක් දෙකක් විතර ඉහළට ඔසවා අත් හරිනවා” කියා කීම ප්‍රමාණවත් වේ.] ඔබ ඇත්තටම මෙතෙක් මා කියූ දේ පිළිපැද්දා නම්... මෝහනයට පත් වීමට ඕන කමක් තිබ්බා නම්... මා ඔබේ අත එසේ ඔසවා අත් හරින විට, එම අත කොච්චර රිලැක්ස් වෙලා තිබෙන්නට ඕනෑද කිව්වොත් එය නිකං ලී කොටයක් නැතිනම් රෙදි කැබැල්ලක් අත් හරින විට බිමට වැටෙන්නාක් සේ “දඩාස් ගාලා” වැටෙන්නට ඕනෑ. එච්චරට අත පණ නැති වී තිබිය යුතුයි. අත ඔසවන විට ඔබ මට කිසිසේත් උදව් කරන්න උත්සහ කරන්න එපා. ඔබ එසේ උත්සහ කළොත් ඔබ දැනට සිටින සැහැල්ලුවෙන් ඔබව ඉවත් වේවි. ඒක නිසා අත උස්සන එක මටම කරන්න ඉඩ දෙන්න. මං අත හරින විට එය දඩාස් ගාලා වැටෙන්නට ඉඩ දෙන්න. [ඔබ දැන් කියූ ලෙසම දකුණු අත ඔසවන්න. දකුණු අත ඔසවනවා යැයි කියා වම් අත ඔසවන්න එපා. එය ඔහුට යම් අපහසුතාවක් හෝ ව්‍යාකූලතාවක් ඇති කිරීමට පුළුවන්. අත ඔසවන විට, ඔහු ඔබ වෙනුවෙන් අත ඔසවනවා නම් හෝ අත ඔසවන්න උදව් කරනවා නම්, එය ඔබට ඉතාම පහසුවෙන් දැනෙනවා. ඔබ බර පොතක් ඔසවන විට දැනෙන විදියට ඔහුගේ අත ඔසවන එක දැනෙන්නට ඕනෑ. ඔහුගේ අත ඇත්තට පණ නැතිවාක් සේ ඔබට දැනිය යුතුයි. එසේ දැනෙන්නේ නැතිනම්, ඒ කියන්නේ ඔහු අත ඔසවන්නට උදව් කරනවා නම් ඔහුට කියන්න පෙර මා සඳහන් කළ සේම “අත ඔසවන්න මට උදව් කරන්න එපා; ඔබේ අත දර කැබැල්ලක් සේ පණ නැතිව තිබෙන්නාක් සේ ඉඩ අරින්න; ඔබ උදව් කරන විට සැහැල්ලුව ඔබෙන් ඉවත් වේවි; ඒක නිසා අත පණ නැති කරන්න.” එවැනි දේ කියන්න ඔහුගේ අත මැණික් කටුවෙන් අල්ලාගෙන අත සෙමින් දෙපැත්තට පද්දන ගමන්. ඔහුගේ අත පණ නැති වන තෙක් එසේ කිය කියා එසේ අත පද්දමින් සිටින්න. අත පණ නැති ගානට ආ විට, එය ඔහුගේ කකුල මතට අත් හරින්න. එය ‍පොතක් හෝ වෙනත් පණ නැති දෙයක් වැටෙන වේගෙන් දඩාස් ගාලා වැටිය යුතුයි. මෙසේ කොතෙක් උපදෙස් දුන්නත් කළාතුරකින් ඔහුට අත පණ නැති කිරීමට බැරි වීමට පුළුවන්. එවැනි අවස්ථාවලදී කළ යුතු දේවල් පසුවට පොතේ සඳහන් වේ.]

[ඔහු ඉතා සාර්ථකවත් මුල සිටම හොඳට කියපු දේවල් කළා නම්. එය දකුණු අතට පමණක් සිදු කිරීම ප්‍රමාණවත්. එහෙත් මුල සිටම ඔහුට ඒ ඒ දේවල් කිරීමට කාලයක් ගත වූවා නම්, අත පණ නැති කිරීමට කාලයක් ගත වූවා නම්, ඉහත කළ දේ ඒ විදියටම වම් අතටත් සිදු කරන්න. පළමුව දකුණු අතට කර දෙවනුව වම් අතට කළා කියා වෙනසක් නැත. කුමන අතකට පළමුව එය සිදු කළත් කිසිදු ගැටළුවක් නැත.]

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

“හ්ම්ම්ම්... දැන් ඔබ ඉතා හොඳ ශාරීරක සැහැල්ලුවකින් හා සුවයකින් සිටිනවා. ඔබේ ශාරීරික සැහැල්ලුව එලෙසම පවත්වාගෙන යන්න ඉඩ හරින්න. ශාරීරික සැහැල්ලුව වගේම අපි දැන් ඔබේ මානසික සැහැල්ලුවත් වැඩි කර ගමු... ගැඹුරු කර ගමු... ඇත්තටම ඔ‍බ දැන්ටමත් හොඳ මානසික සැහැල්ලුවකින් සිටිනවා. ඒකට හේතුව ශාරීරික සැහැල්ලුව වැඩි වන විට, එය ඉබේම මානසික සැහැල්ලුවත් ඇති කරනවා. ඒවගේමයි මානසික සැහැල්ලුව වැඩිවන විට එය ඉබේම ශාරීරික සැහැල්ලුවත් ඇති කරනවා. මේ දෙක එකිනෙකාට උදව් කරමින් සැහැල්ලුව වැඩි කරගන්නවා.”

“ඔබ දැන් ඔප්පු කර පෙන්නුවා ඉතා හොඳ ශාරීරික සැහැල්ලුවක් ඔබට ඇති කරගන්න පුළුවන් කියලා. ඒ විදියටම දැන් මානසික සැහැල්ලුවත් වැඩි කරගමු. මා මොහොතකින් ඔබට කියනවා 100 සිට ආපස්සට... 100... 99... 98... 97... ආදී විදියට සෙමින්... කලබලයක් නැතිව... මට ඇහෙන්නට ගණන් කරන්න කියලා. [ඇත්තටම ඔබ ඉහත වාඛ්‍ය කියන කොට, 100... 99... 98... 97... ආදී ඉලක්කම් කියන විට, එය කිව යුත්තේද මෝහනලාභියාට එය ගණන් කරන විදිය ගැන හැඟීමක් ඇතිවන පරිද්දෙනි. එවිට, මෝහනලාභියාද එය සෙමින් නිවැරදි ආකාරයට කියන විදිය ඉගෙන ගනී.] එහෙම ගණන් කරන කොට, සෑම සංඛ්‍යාවක් පාසාම ඔබේ මානසික සැහැල්ලුව තිබෙන මට්ටමට වඩා දෙගුණයක් කරන්න. එය කරන්න පුළුවන්... ඒක තමයි ලොකුම රහසත්. එම මානසික සැහැල්ලුව ඇති වෙන්නට ඉඩ හරින්න. එහෙම මානසිකව සැහැල්ලු වන විට ඇත්තටම ඔබට ගණන් කර කර ඉන්න බවත් අමතක වෙනවා. ඔව්... තමන් ගණන් කරමින් ඉන්න ඉලක්කම් අමතක වෙලා යනවා. ඒක තමයි වෙන්න ඕන. ඉලක්කම්වලට අමතක වෙන්නට ඉඩ හරින්න. බොහෝ විට, 97 ඉලක්කම කියන විට ඔබට එය සිදු වේවි. ඊටත් කළින් වුවද ඔබට ඉලක්කම අමතක වෙන්න පුළුවන්.”

“හරි දැන් ගණන් කිරීම පටන් ගන්න 100 ඉඳන්. [දැන් මෝහනලාභියා 100 කියා කියාවි. ඔහු එය ඔබ ඔහුට ඉහත ඉගැන්වූ පරිදි කියයි. ඔබ ඉක්මනින් හෝ වැරදියට එය කිව්වා නම්, ඔහුද ‍එසේ කියනු ඇත. එමනිසා, ඉහත ඡේදයෙත් සඳහන් කළ ආකාරයට ඔබ එය නිවැරදි ලෙස ශබ්ද කර පෙන්විය යුතුයි. ඔහු එසේ සංඛ්‍යාවක් කී විගස “මානසික සැහැල්ලුව දෙගුණ කරන්න” කියා කිව යුතුයි.]

[මොහොතකින් ඔහු දෙවැනි ඉලක්කම වන 99 කියනු ඇත. එය කියූ විගස ඔබ සුපුරුදු පරිදි “මානසික සැහැල්ලුව දෙගුණ කරන්න” කියා කිව යුතුයි. ඊට අමතරව දැන් ඔබ මෙලෙසද කියන්න “දැන් ඉලක්කම්වලට අමතක වෙන්න ඉඩ හරින්න. ගණනය කරන එක අමතක කරන්න. සිත නිදහස් සැහැල්ලු කරන්න”. හැමවිටම වාගේ මෝහනලාභියා ඔබ උපදෙස් දී ඉවරවෙන තුරු ඊළඟ ඉලක්කම නොකියනු ඇත. එමනිසා ඉක්මනින් කි‍යාගෙන කියාගෙන යන්න එපා ඔහු ඊළඟ ඉලක්කම කියාවි යැයි බියෙන්.]

[ඔබ නිහඩ වූවාට පසුව, මොහොතකින් ඔහු ඊළඟ ඉලක්කම කියනු ඇත. එය කියූ විගස සුපුරුදු ලෙසම “මානසික සැහැල්ලුව දෙගුණයක් කරන්න” කියා ඔබ කිව යුතුයි. ඊට අමතරව, “ඒවාට අමතක වෙන්න ඉඩ හරින්න” කියාද කිව යුතුයි. සමහරවිට ඔහු තවත් ඉලක්කමක් හෝ දෙකක් පමණ කිව හැකිය. එසේ කීවා නම්, ඔබද “මානසික සැහැල්ලුව දෙගුණ කරන්න. ඒවාට අමතක වෙන්න ඉඩ හරින්න” කියා කියන්න ඔහු කියන සෑම ඉලක්කමකට පසුව. 97 හෝ ඊට පෙර ඔහු ඉලක්කම් අමතක කර නිශ්හබ්ද වීම උචිතයි. එහෙත් කළාතුරකින් කෙනෙකු සිටිය හැකියි ගණන් කරන එක නොකඩවාම ඉදිරියට කරගෙන යන. එවැනි අයට කුමක් කළ යුතුදැයි පසුව ඉගැන්වේ. 97 ඉලක්කමද කියූ පසු ඔබට හැ‍ඟෙන්නේ නම් ඔහු තව දුරටත් ඉලක්කම් කියාවි කියා ඔබ ඔහුට මෙසේ කියන්න “මානසික සැහැල්ලුව දෙගුණ කරන්න. ඉලක්කම් අමතක කරන්න. ඒවා මනසින් කුඩා ‍වෙන්නට... තුනී වෙන්නට ඉඩ හරින්න. ඒවා මනසින් ඉවත් කරන්න. මනසේ හා ශරීරයේ ඔබ අත් විදින සැහැල්ලුව හා සනීපය කෙරෙහි සිත යොමු කරන්න.” මෙසේ කීවාට පසුව ‍සමහරවිට ඔහු තවත් ඉලක්කමක් නොකියාවි. එහෙමත් නැතිනම්, තව එක් ඉලක්කමක් පමණක් පවසාවි. කෙසේ හෝ වේවා, ඔහුට ඉලක්කම් අමතක වූයේ නම්, ඔහු නිශ්ශබ්දව සිටිනු ඇත. ඉන්ඩක්ෂන් එක එතැනින් සම්පූර්න වේ. එහෙත්, ගණන් කිරීම නතරවන්නේ නැතිනම්, ඔබ එය නවතා දමා වෙනත් උපක්‍රමයකට යා යුතුයි. ඒ ගැන පසුව විස්තර ඇත.]

ඉහත දැක් වූයේ ඩේව් එල්මන් ඉන්ඩක්ෂන් එකයි. ඇත්තටම එල්මන් ඉන්ඩක්ෂන් එකේද තවත් ක්‍රම දෙක තුනක් ඇත. එහෙත් මා පෞද්ගලිකව භාවිතා කරන්නේද මෙයයි. එහි වරහන් තුළ ඇති කොටස් ඔබ මෝහනලාභියාට කියන්න එපා. මා වරහන් තුළ දේවල් කියා ඇත්තේ ඒ ඒ අවස්ථාවලදට ගැලපෙන මෝහනවේදියා වශයෙන් ඔබ දැනගත යුතු කරුණුයි. එහෙත් වරහන් තුළද ඔබ කිව යුතු සමහර වාඛ්‍ය ලියා ඇති අතර ඒවා පහසුවෙන් ඔබට වටහ ගැනීමට ලොකු අකුරින් හා උදෘත තුළ දක්වා ඇත. ඔබ මෙම ඉන්ඩක්ෂන් එක කටපාඩම් කරන්නට යන්න එපා. එහෙත් එය කිහිප වතාවක්ම සම්පූර්ණයෙන් කියවන්න. මෙහි ප්‍රධාන “සිද්ධි” මොනවාදැයි සිහියේ සිටින තුරු එය කියවන්න.

ඔබේ පහසුව පිණිස එම ප්‍රධාන සිද්ධි මොනවාදැයි මා පෙන්වන්නම්. පළමුව හුස්ම ගැනීම හා ඇස රිලැක්ස් කිරීම වේ. දෙවනුව ශරීරය පුරාම ඇසේ සැහැල්ලුව පැතිරවීමයි. තෙවනුව, තුන් පාරක් ඇස ඇර වසා දැමීමයි. හතරවෙනුවට ඇත්‍‍තේ අත උස්සා අත හැරීමයි. ඉන්පසුව ආපස්සට ගණන් කිරීමයි. ඔබ මෙම අනුපිළිවෙල කිසිම විටෙක වෙනස් කරන්න එපා.

එම අනුපිළිවෙල සිහියේ තබා ගත් පසු, ඔබ මෙය තනියෙන් හෝ මිතුරෙකු සමග හෝ කියවන්න. එය සාමාන්‍යයෙන් ඔබ කෙනෙකු මෝහනයට පත් කරන විට කියන ක්‍රමයටම රඟ දක්වන්න. එය වැදගත්. මෙම අවස්ථාවේදී කැමැති නම්, ඉහත ඉන්ඩක්ෂන් එක එලෙසම කොලයක ලියාගෙන හෝ ප්‍රින්ට් කරගෙන එය බලාගෙන සිදු කරන්න. නැතිනම්, ‍කොම්පියුටර් හෝ ටැබ් ෆෝන් එකක ස්ක්‍රීන් එකෙන් එය බලාගෙන රඳ දක්වන්න. මාද එය පළමු වරට පුහුණු වූයේ කොලයක ලියාගෙනයි. මාගේ මිතුරෙක් එය පුරුදු වූයේ ලැප්ටොප් එක බලාගෙන කියවීමෙන්. ඒ විදියට පළමු දෙවැනි වර කරන විට, යම් විශාල අපහසුවක් දැනේවි. එය ගණන් නොගෙන දිගටම සිදු කරන්න. එහෙත් පස් හය සැරයක් පමණ සිදු කරන විට, ඔබට නිකංම එය මතක සිටිනවා. එසේ මතක සිටියත් තවත් වාර කිහිපයක් යන තුරු අමතකවීම් තිබිය හැකියි. එය සිදුවීම ස්වාභාවිකයි. අවශ්‍ය වන්නේ ඔබට පහසුවක් දැනෙන තෙක් පුහුණුවීම සිදු කිරීමයි. ඔබට එය පහසු වූ විට, ඒ ඒ කෙනා අනුව කුඩා කුඩා සුදුසු වෙනස්කම්ද කිරීමට පහසුවෙන්ම තේරෙන්නට ගන්නවා. හැබැයි වෙනස් කම් සිදු කිරීමට මෝහනය (hypnosis) ගැන සිද්ධාන්ත කරුණුද දැන සිටීම ඉතාම වැදගත් බව සිහිතබාගන්න.

“අන්න හරි”, “බොහෝම හොඳයි” වැනි කොටස් ඉන්ඩක්ෂන් එ‍ක තුළ තිබීම වැදගත්. ඊට හේතුව වන්නේ මෝහනලාභියා ඇත්තටම කය හා මනස සැහැල්ලු කර මෝහනයට පත් වීමට දරන අවංක උත්සහය දිරි ගැන්වීමයි. එය ඔහුට මෝහනය සිදු වීමට පහසුවක් ඇති කරනවා.

තවද, නිතරම “ඔබ”, “ඔබේ” යන වචන මා භාවිතා කර තිබෙනවා. ඊට හේතුව මෝහනයට පත් වන කෙනාට දෙගෙඩියාවක් ඇති නොවිය යුතුයි අප කියන යෝජනා තුළ. එමනිසා, ඔහුට අදාල දේවල් එම “ඔබ” වැනි පද යොදා කීම වඩා යෝද්‍ය වෙනවා.

කායික හෝ මානසික සැහැල්ලුව වැඩි කරන විට අප එය දැනට තිබෙන මට්ටමට වඩා දහස් ගුණයකින් හෝ ලක්ෂ ගුණයකින් වැඩි කරන්න නොකියා බොහෝ විට දෙගුණයකින් (හා කළාතුරකින් දස ගුණය) එය සිදු කරන ලෙසයි අප කියන්නේ. ඇත්තටම බොරුවට කෙනෙකුට සිතාගත නොහැකි ප්‍රමාණවලින් සැහැල්ලුව වැඩි කරගන්නට කීවාට වැඩක් නැත. යමක දෙගුණය ගැන හොඳ අදහසක් අපට ඇති කර ගත හැකි වුවද, යමක් දහස් හෝ ලක්ෂ වාරයක් පහසුවෙන් තේරුම්ගත නොහැකිය. සමහරෙක් මෙය අවබෝධ නොකර සැහැල්ලුව දසදහස් වාරයකින් වැඩි කර ගන්න කියාද යෝජනා කරනවා. සමහරවිට ඔවුන් සිතනවා විය හැකියි අප කියන කියන ප්‍රමාණවලින් අපේ විධානය අනුවම මෝහනලාභියාට එවැනි ගැඹුරු සැහැල්ලු ඇති වෙනවා කියා. එසේ වෙන්නේ නැත. අප ඇත්තටම සිදු කරන්නේ මෝහනලාභියාටද නොදැනී ඔහුගේ සිතට දැනෙන වෙනසක් ඇති කිරීම පමණි. මෝහනලාභියාගේ සිත හෝ ගත අප කියන කියන දේ ඒ අයුරින් සිදු කරන්නේ නැත. අප ඔහුව ක්‍රමක්‍රමයෙන් මෝහන තත්වයට ගෙන යා යුතුයි.



Hypnosis (mohanaya)...

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,