ජනමාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හා දෙරණ ටීවී විගඩම
මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට එකවරම දෙරණ මාධ්‍යය ජාලය ඉදිරිපත් වී ඇත. ඇත්තටම ලංකාවේ ජනමාධ්‍යයට එවැනි දෙයක් අවශ්‍ය වේ. අද සියළුම එෆ් එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් කතා කරන්නේ උන් රහසේ බුදියන පුරුෂයා හෝ ගැහැණියට කතා කරන අයුරින්ය. ඉස්සර "ඔබ" කියා අමතපු ආකාරය වෙනුවට අද කියන්නේ "ඔයා" කියාය. සෑම වචන දහයකට සැරයක් නිවේදිකාව "සෙක්සි" කොක් හඬලා සිනහවක් දමයි. සිනහ වීම හොඳ දෙයකි. එහෙත් මෙය එවැනි අව්‍යාජ සිනහවක් නොව "මෝල් සිනහවකි". අපේ කොල්ලෝ එම සිනහවට "මෝල්" වී පැණි හැලියට ඇලවුණු ඇඹලයන් සේ එම මාධ්‍ය වෛශ්‍යාවන්ට සවන් යොමුකරගෙන සිටී. මේවාට ආචාර ධර්ම අවශ්‍ය කෙරේ. රූපවාහිනියේ බොහෝ නිවේදිකාවන්ට තමන්ගේ "දිලෙසන ෂේව් කරපු කලවා" හා "එල්ලා වැටෙන ලොට තන්ද" පෙන්වීමට පුදුම මේනියාවක්ද ඇත. මුන්ට මෙච්චර අමාරුවක් ඇති නම්, රූපවාහිනි නිවේදනය අත් හැර නිල් චිත්‍රපටිවල රඟපාන ලෙස අප ඉල්ලා සිටිය යුතුයි. මෙම ප්‍රවණතාව වැඩි වීමට තවත් හේතුවක් නම්, වැඩසටහන් ඉදිරිපත් කිරීමට දැන් දමා ඇත්තේ නළු නිළියන් වීමය. අපට වෘත්තීමය නිවේදක නිවේ