Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 5

Punctuation Marks (විරාම ලකුණු)

මේවා භාවිතා කරන්නේ ලිඛිත භාෂාවේදී වන අතර, කථනයේදීද මේවායේ බලපෑම ඇත (උදා: කොමාවක් ඇති තැනක සුළු වේලාවක් නිහඩ වීම හා නැවතීමේ තිතක් ඇති තැනක වැඩි කාලයක් නිහඩ වීම). (ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ) ඕනෑම වාඛ්‍යයක් අවසන් විය හැක්කේ period, question mark, exclamation mark යන තුනෙන් එකක් මගින් වන අතර, ඊ ළඟ වාඛ්‍යය ලියන්නේ හිස්තැන් (spaces) 2ක් තැබීමෙන් පසුය. Comma, colon, semicolon, slash යන ඒවා යෙදූ පසු එක් හිස්තැනක් තැබිය යුතුය (එම ලකුණුවලට ඉදිරියෙන් හිස් තැන් නැත).  විරාම ලකුණු සැලකිල්ලෙන් තැබිය යුතුය මක්නිසාද යත් එක් කොමාවකින් වුවද වැකියක් වෙනස් කළ හැකිය.  විරාම ලකුණු නිවැරදිය නොයෙදුවොත් වාඛ්‍යයක අර්ථය සමුපූර්ණයෙන්ම වෙනස් වීමටද ඉඩ ඇත.  පහත උදාහරණ කිහිපය බලන්න.

“මරන්න.  එපා නිදහස් කරන්න.”
“මරන්න එපා.  නිදහස් කරන්න.”

ඉහත වාඛ්‍යයේ නැවතීමේ තිත එහාට මෙහාට වීමෙන් තේරුම කොතරම් වෙනස් වී ඇතිදැයි ඔබට පේනවා නේද?

The bear enters the pub, eats, shoots, and leaves.  (වළහා තැබෑරුමට ඇතුළු වී, කා, වෙඩි තියා, පිටව ගියා)
The bear enters the pub, eats shoots and leaves.  (වළහා තැබෑරුමට ඇතුළු වී, රිකිලි සහ දළු කයි.)

බලන්න ඉහත ඉංග්‍රීසි වගන්ති දෙක.  දෙකෙහිම ඇත්තේ එක විදියටම ලියූ වචන වුවත්, කොමා යොදා ඇති ආකාරය අනුව තේරුම් දෙක අහසට පොළොව මෙන් වෙනසක් ඇති වූවා නේද?

වැගදත් ලියවිලි වල මෙම විරාම ලකුණු ඉතා පරිස්සමින් යෙදීමට ඔබ වගබලා ගත යුතුයි.  2005 දී පමණ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවක් නිසා, හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අවුරුද්දක් රට පාලනය කිරීමට අවකාශය තිබියදීත්, ඉවත් වීමට සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් ලියැවිල්ලේ තිබූ විරාම ලක්ෂණයක් හේතු කොට ගෙන බවද මතක තබා ගන්න.  විරාම ලකුණු කෙතරම් වැදගත්දැයි එයින්ම සිතාගත හැකි නේද?

       1.      Full stop (period) [.] - නැවැතීමේ තිත

සාමාන්‍ය ප්‍රකාශනයක් (විධාන හා ඉල්ලීම්ද ඇතුලත්ව) අවසානය හැඟවීමට යෙදේ.  eg:

I do not like him.

Go there.        
Would you give it to me please.

Mr. , Ms. , Mrs. , Dr. , Rev. , Prof. ,
ආදි කෙටිකරපු titles සමඟද භාවිතා කෙරේ.


       2.      Comma [,] - කොමාව

යම් කිසි list එකක items වෙන් වශයෙන් දක්වයි. මෙහිදි, අවසන් items 2 අතර කොමාවට පසු and යන පදය සාමාන්‍යයෙන් දමයි. and, but, or යන පද වලින් වාඛ්‍යය 2ක් එකතුකරන විටද කොමාවක් දමයි.  eg:

Kamal, Nimal, and Sunil came.
Do you like ice cream, or cakes?

because, if
වැනි පද මඟින් වාඛ්‍යය 2ක් එකතු කිරීමේදි, අප්‍රධාන වාඛ්‍යය (if, because වැනි පදය ඇති කොටස) මුලින් ලියන විට, එම ‍අප්‍රධාන වාඛ්‍යය අවසන කොමාවක් දමයි.  eg: Because I work hard, I will pass the exam.  (I will pass the exam because I work hard.)

දිගු phrases වගන්තියකට දමන විට, කොමාවක් මඟින් එම phrase එක වෙන් කළ යුතුය.  eg:

I came home, looking for him.
I came home crying. (කුඩා නිසා කොමා නැත)

පුද්ගලයන්ගේ රැකියාව/තනතුරු/වෙනත් ලක්ෂණ ආදිය කීමේදී කොමාවක් යොදා එය කිව හැකිය.  eg:

Mr. Nimal, chairman of the company came to the party.

(බොහොවිට දිගු) වාඛ්‍යය සෑදීමේදි එහි තේරුම ඔපවත් කිරීමට සුදුසු තැන්හි කොමා යෙදිය හැකිය.
  eg:

Of course, I know him very well.


       3.      Question mark [?]  - ප්‍රශ්නාර්ථ ලකුණ

ප්‍රශ්නයක් අවසානයේ යෙදේ.  ප්‍රශ්න වැලක් ඇති විටක (එකම වගන්තිය තුළ), ? ඉන් සැමටම යෙදේ.  eg:

Do you love me?
Do you love me? For what? Since when?


       4.      Colon [:] - කෝලන් එක/දෙතිත

නැවතීමේ තිතට වඩා සැර අඩු එක්තරා නැවතීමේ තිතක් ලෙස සැලකිය හැකිය. බොහෝ විට වාඛ්‍යයක් තුළ තවත් “වාඛ්‍යය list එකක්” ඇති විට, එම ලිස්ට් එක පටන්ගන්නට පෙර ඇති වාඛ්‍යය කොටස කෝලන් එකකින් වෙන් කෙරේ. තවද, eg: , ex: වැනි තැන්වලද මෙය යෙදේ.  eg:

A computer system consists of three main subsystems:
      (a) Hardware – tangible parts
      (b) Software – intangible parts
      (c) Liveware – humans (operetors, programmers, etc)


Colon එකට පසු dash එකකුත් සමහරුන් යොදනවා. ( :- ) . එය කරන්න එපා.


       5.      Semi-colon [;] - සෙමිකෝලන් එක/තිත් කොමාව

කෝලන් එකට වඩා සැර අඩු ‍එහෙත් කොමාවට වඩා සැර වැඩි තවත් නැවතීමේ ලකුණකි. කොමා දැනටමත් යෙදී ඇති අවස්ථාවල තවත් කොමා යෙදිය යුතු වුවද එසේ කොමා යෙදුවොත් අවුල් සහගත වන අවස්ථාවල මෙමගින් එම කාර්ය කෙරේ.  eg:

Mr. Kamal, chairman of the company; Ms. Namali, director; and I went to party.

and, but, or
ආදි පදයකින් සම්බන්ධ කළ යුතු වාඛ්‍යය කිහිපයක් ඒවා නැතිව කෙළින්ම මෙමගින් ලියයි.  eg:

I like rice, but she likes bread. à I like rice; she likes bread.


       6.      Exclamation mark [!] - තිත්හුය/විශ්මයාර්ථ ලකුණ

ආශිර්වාද වැකි, අවධාරණය පිණිස ලියන වැකි අගට මෙය යෙදේ.  eg:

May the God bless you!
Sale!  Sale!  Sale!


       7.      Hyphen [X-Y] හා Dash [X – Y]

hyphen එක දෙපස හිස් තැන් නොමැති අතර dash එක දෙපස එක හිස්තැන බැගින් ඇත. එකම සලකුණ මෙන් පෙනුනත් ඒ 2 අතර විශාල වෙනසක් ඇත. Hyphen යොදන්නේ වචන හෝ වචන කෑලි කිහිපයක් එකතු කිරීමටය. eg:

re-run
good-for-nothing

dash යොදන්නේ වාඛ්‍යයක් ලියාගෙන යන අතරතුර ඊට අදාල වෙනත් අතුරු කරුණක් එකවර වාඛ්‍යය තුළට දැමීමටය. මෙවිට එම අතුරු කරුණ ඉවර වූ පසු තවත් dash එකකින් හෝ කොමාවකින් එම ඉවරවීම සටහන් කර, අර මුලදී ලියමින් පැමිණි වාඛ්‍යයේ ඉතිරිය ඉන්පසු සම්පූර්ණ කෙරේ.  eg:

Communication – both electronic, and paper correspondence – is vital to any business.


       8.      Quotation mark (quotes) -> Single quotes [‘abc’] හා Double quotes [“abc”] - පෙරැළි කොමා

යම් කිසි තැනකින් කෙටි උපුටා දැක්වීමක් (ඒ තිබුණු වචන වලින්ම) ලිවීමේදි single or double quotes භාවිතා කළ හැකිය. 
eg:

Shakespeare said “life is a stage, and we are actors on it.”

මෙලෙස උපුටාදක්වන විටක, එම උපු‍ටාගැනෙන කොටසේ දැනටමත් එක් (single or double) quotes එකක් ඇති විටක අපට අනෙක් quotes එක භාවිතා කළ හැකිය.  eg:

President said “We must protect our ‘pearl of the Indian ocean’.”

යම් වචන කණ්ඩයක් උලුප්පා දැක්වීමටද quotes යෙදේ.  
eg:

“pearl of the Indian ocean”


       9.      Parantheses [(abc)] - වරහන්

යම් අමතර දෙයක් පැවසීමට අවශ්‍ය වූ විට ඒවා වරහන් තුළ යෙදේ.  eg:

China is a developed country now (according to new reports).


       10.  Slash (stroke) [/] - ඇල ඉර

දින වෙන්කිරීමේදී හා එවැනි වෙන් කිරීමේ අවශ්‍යතාව ඇති වෙනත් ඕනම විටක භාවිතා කළ හැකිය.  eg:
2010/02/28

Your reference number is 2010/A/034


       11.  Ellipsis [ … ] - ලුප්තය

යම් උපුටාගත් වාඛ්‍යයක යම් තැනකින් වචන කොටස් ඉවත් කර ඇති විටක, ඒ බැව් හැඟවීමට මෙය යෙදේ. තවද, වාඛ්‍යයක අවසානයේ යම් ලැයිස්තුවක් පවසා අවසන මෙය යෙදූවිට “ආදි ලෙස” යන අරුත ලැබේ. ඉංග්‍රීසියෙන් “and so on” , “and so forth” , “and so on and so forth” හෝ “etc” / ”etcetera)” ලෙස මෙය වචනයට පෙරලිය හැකි.  eg:

Shakespeare said “… and we are actors …”.

ඉහත ප්‍රධාන විරාම ලකුණුවලට අමතරව, තවත් විරාම ලකුණු හා සංඥා කිහිපයක් ඇත: @ (at sign) , ~ (tilde) , # (hash or pound) , ^ (hat) , […] (bracket) ,  \ (back slash) , ‘ (apostrophe), & (ampersand)  එම සංඥා හා විරාම ලකුණුවලට කියන නම වරහන් තුළ ඇත. මේවා යෙදෙන තැන්ද සොයාබලන්න.
eg:  erddhi@gmail.com (මෙම ඊමේල් ඇඩ්රස් එක් ශබ්දකරනුයේ “ඉර්ද්ධි ඇට් ජීමේල් ඩොට් කොම් ලෙස)

විරාම ලකුණුවලට අමරතව අකුරු විවිධ හැඩතලවලට දැමීමද සිදු කර එම ලියා ඇති දේ උලුප්පා දැක්වීම වැනි දේවල් කළ හැකිය. අකුරු තදපාට කිරීම (bold), අකුරු ඇල කිරීම (italic), අකුරු යටින් ඉරක් ගැසීම (underline), අකුරුවල වර්ණය වෙනස්කිරීම (color), අකුරුවල size එක වෙනස් කිරීම (big sizes, small sizes) එවැනි ක්‍රම කිහිපයකි.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,