Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 2

Word Formation

භාෂාවක වචන ලක්ෂ ගණනක් පැවතියත් බොහෝ විට එම වචනවලින් වැඩි හරියක් සෑදී තිබෙන්නේ ඊට වඩා සරළ කුඩා වචනවලිනි.  මෙය අපට වචන මතක තබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් දෙයකි.  එවිට, ඔබට වෙන වෙනම වචන දහස් ගණනක් කට පාඩම් කරනවාට වඩා මූලික වචන යම් ප්‍රමාණයක් ඉගෙන, ඒවා ආශ්‍රයෙන් තවත් වචන ක්ෂණයකින් ඉගෙන ගත හැකියි.

එලෙස වචන සෑදෙන ක්‍රමය මා කියා දෙන්නම් සැකෙවින්.  මෙහි සිදුවන්නේ තනි තනි අකුරු නොව, සර්ග නමින් හැඳින්වෙන “වචන කොටස්” කිහිපයක් එකතු කිරීමයි.  යම් මූලික වචනයකට හෙවත් මූලයකට (root) ඉදිරියෙන් හා/හෝ පසුපසින් මෙම වචන කොටස් එකතු කෙරෙනවා.

ඉදිරියෙන් එකතු කෙරෙන සර්ග උපසර්ග (prefix) කියා හැඳින්වෙනවා.  එවැනි උපසර්ග යම් ප්‍රමාණයක් පවතින අතර, ඔබ කළ යුත්තේ අඩුම තරමින් බහුලවම යෙදෙන උපසර්ග කට පාඩම් කිරීමයි.  මා එවැනි ඉංග්‍රිසි උපසර්ග කිහිපයක් ඒවායේ අර්ථ හා උදාහරණ කිහිපයක් සමඟ පහත දක්වනවා.  සමහරක්විට උපසර්ගයට පසු hyphen (-) එකක් යෙදේ.  මෙම උපසර්ග ඉංග්‍රිසි ඒවා බැවින්, එසේ උපසර්ග යොදා සකස් කරන හැම වචනයක් සඳහාම තනි සිංහල පද නොතිබීමට ඉඩ තිබේ.  ඊට කරන්න දෙයක් නැහැ.  එහෙත් ඒවායේ අර්ථ ඔබට සිතාගත හැකියි.  එයයි වැදගත්.

pre- පෙර
preschool (පෙරපාසල), preset (පෙරසකසනවා), precede, predate

post- පසු
postwar (පශ්චාත් යුධ), postdate (පසුදිනයක් යොදනවා), postnatal

anti- විරුද්ධ
anti
-missile (මිසයිල නාශක), antisocial (සමාජ විරෝධි), antigen

re- නැවත
retake (නැවත ගන්නවා), resell (නැවත විකුණනවා), resit, revisit

inter- අන්තර්
international (අන්තර්ජාතික), interschool (අන්තර් පාසල්), internet

intra- අන්තඃ
intra
molecular (අනතඃඅණුක), intravenous

mis- වැරදි
mistake (වැරදියට ගන්නවා), mislead (වැරදියට පාර පෙන්වනවා)

un-/dis- නො/අ (විරුද්ධාර්ථය)
unclear (අපැහැදිලි), uneasy (අපහසු), dissatisfy (අතෘප්තිමත් වෙනවා)

in-/ir-/il-/im- විරුද්ධාර්ථය
in
tolerable (විඳිය නොහැකි), irregular (අක්‍රමවත්), illegal, (නීතිවිරෝධි), immoral (සදාචාර විරෝධි)

(in යන්න regular වැනි r අකුරකින් පටන් ගන්නා වචනයක් ඉදිරියට දැමූ විට ir ලෙස වෙනස් වේ.  එලෙසම, l අකුරකින් පටන් ගන්නා වචන ඉදිරියෙන් il ලෙසද, m/p යන අකුරුවලින් පටන්ගන්නා වචන ඉදිරියෙන් im ලෙසද වෙනස් වේ.)

co- සම
co-chairman (සමසභාපති), co-operate (සහයෝගයෙන් වැඩකරනවා)

pro- වෙනුවෙන්/ඉදිරියට
pro-war (යුද්ධයට කැමති), progress, progression, project

mid- මැද
mid
night (මධ්‍යම රාත්‍රිය), midterm, midline, midway

auto- ස්වයං
auto
suggestion (ස්වයං යෝජනාව), autostart, automation

self- ස්ව (තමන්ගේම)
self-care (ස්වයං පරිස්සම), self-study, self-addressed, self-adhesive

trans- හරහා/එකකින් තව එකකට
transform (එකකින් තව එකකට පත් වෙනවා), translate, transgender

uni-/mono- තනි/ඒක
unilateral (ඒක පාර්ශ්වික), monotheism (ඒක දේවවාදය), union

bi- ද්වි
bilateral (ද්වි පාර්ශ්වික), bicycle, bisect, bifocal, bicameral, biped

tri- ත්‍රි
tri
angle (ත්‍රිකෝණය), tripod, tricycle, trivet, triplet, trilateral, triped

quadr(i)- චතුර්
quadrangle (චතුරස්‍රය), quadruple, quadruped

poly-/multi- බහු
polytheism (බහු දේවවාදය), multilateral (බහු පාර්ශ්වීය), multipart

sub- පහත්/අඩු
sub
standard (සම්මතයට පහත්), subtotal, subcontract, subcontractor

super- ඉහළ/වැඩි
super
standard (සම්මතයට ඉහළ), superman, supermarket

neo- අළුත්
neo
natal (උපන් අළුත)

micro- ක්ෂුද
microorganism (ක්ෂුද්‍ර ජීවියා), microworld, microscope, microscopic

macro - විශාල
macroorganism (විශාල ජීවියා), macroworld, macroscopic

non- නොමැති
non
sense (කිසි තේරුමක් නැති දේ), non-fiction, non-flammable

hemi-/semi-/demi- අර්ධ
hemisphere (අර්‍ධගෝලය), semicircle (අර්ධ වෘත්තය), demigod (අර්ධ දෙවියා), semifinal, semi-transparent

hyper- අති
hyperactivity (අධික ක්‍රියාකාරිත්වය), hyperactive, hypertension

hypo- මන්ද/අඩු
hypo-activity (මන්ද ක්‍රියාකාරිත්වය), hypo-active, hypotension

mega- විශාල
mega-construction (විශාල ඉදිකිරීම), mega-teledrama

homo- සමාන
homo
geneous (සමවර්ගික), homosex, homosexual

hetero- අසමාන
heterogeneous (විසමවර්ගික), heterosex, heterosexual

ex- හිටපු/ඉවතට
ex-wife (හිටපු බිරිඳ), exclude (ඉවත් කරනවා), excrete, exhale

mini- කුඩා
miniskirt (කුඩා/කොට සාය), minimal, minimum

ultra- වැඩි/අති/පාර
ultra
sound (අතිධ්වනිය), ultraviolet, ultraspeed

infra- අඩු/අධෝ
infra
red (අධෝරක්ත), infrastructure, infrasound

tele- දුරස්ථ
telescope (දූරදක්නය), telephone, television, teledrama

para- ඔබ්බට
paraphysical (පාරභෞතික), parapsychology

එලෙසම, යම් පදයකට පසුපසින් දමනු ලබන සර්ග ප්‍රත්‍ය (suffix) ලෙස හැඳින්වේ.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍යවලට එක එ‍ල්ලේ තේරුම් සැපයීම අපහසුය.  ඊට හේතුව වන්නේ ප්‍රත්‍යවලින් සිදුවන්නේ වචනයක ස්වභාවය (එනම්, නාමපදයක් ක්‍රියාපදයක් කිරීම, නාම විශේෂණයක් නාමපදයක් කිරීම වැනි) වෙනස් කිරීමයි.  සිංහල භාෂාවේදීද තත්වය එසේමය.  උදා:

ප්‍රදේශ + ඉක = ප්‍රාදේශික

ඉහත “ප්‍රදේශ” යනු නාමයක් වන අතර “ඉක” යන ප්‍රත්‍යය යෙදීමෙන් එය නාම විශේෂණයක් බවට පත්විය.  “ඉක” යන ප්‍රත්‍යයට එක එල්ලේ අර්ථයක් දිය නොහැකි වුවත්, එහි “සහිත/ගැන” යන තේරුම ඇති බව කවුරුත් දන්නවා.

එවැනි ඉංග්‍රිසි ප්‍රත්‍ය කිහිපයක්ද ඒවායින් මූලිකව කෙරෙන කාර්යද සමඟ පහත දැක්වේ.  මේවාද මතක තබා ගන්න.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍ය යෙදීමේදී බොහෝ අවස්ථාවල root එකේ අග අකුරුද සුදුසු පරිදි වෙනස් කිරීමකට ලක් වෙනවා (මූලය y වලින් අවසන් වේ නම්, එය i බවට පත්වීම, ස්වරයකින් ඇරඹෙන ප්‍රත්‍යයක් ස්වරයකින් අවසන් වන මූලයකට යෙදෙන විට එම මූලයේ අවසන් ස්වරය ලොප් වීම, ආදිය).  ‍එම වෙනස්කම්ද ඔබට පහසුවෙන් වැටහේවි එවැනි පද හොඳින් අධ්‍යනය කළොත්.

තවද, ඔබ මෙසේ වචන සෑදීම ගැන උනන්දුවෙන් අධ්‍යනය කරන විට රටා රාශියක් දැක ගත හැකි වේවි.  උදාහරණයක් ලෙස, punish වැනි ish ලෙස අවසන් වන ක්‍රියාවන් එහිම නාම බවට පත්කිරීමට -ment හෝ -ion යන ප්‍රත්‍ය දෙක බහුලවම භාවිතා කෙරේ.  (abolish → abolition, demolish → demolition, etc)  -ion යන ප්‍රත්‍යය එසේ යෙදෙන විට, එම ish හි sh යන කොටස t බවටද පත් වෙන බවත් ඔබට දක්නට ලැබේවි.  (sh → t වීමට හේතුව ඉතා සරළය.  tion යන්න ශබ්ද කෙරෙන්නේ “ෂන්” ලෙසයි.  -ion යන්න කැමැත්තක් දක්වන්නේ t හෝ s අකුරක් සමඟ සම්බන්ධ වී “ෂන්” ලෙස ශබ්ද වීමටයි.)  මතක තබා ගන්න මෙසේ වචන සෑදෙන විට ඒවායේ සමහරක් අකුරු වෙනස් ‍වන්නේ උච්ඡාරණ රීති (එනම්, පහසුවෙන් උච්ඡාරණය කිරීමට) අනුව මිසක්, සංකීර්ණ ව්‍යාකරණ රීති අනුව නොවන බව.

-ment - ක්‍රියාවක් එහිම නාමපදය බවට පත් කරයි (verb → noun)
punish (දඬුවම් කරනවා) → punishment (දඬුවම්කිරීම හෙවත් දඬුවම), astonish (පුදුම වෙනවා) → astonishment (පුදුමය)

-ness – adj → noun.  “කම/බව” යන තේරුම ඇත.
lazy (කම්මැලි) → laziness (කම්මැලිකම), easiness, numbness

-ize/-ise – noun → verb.  “ඒ දේ කරනවා” යන තේරුම.
hospital (රෝහල) → hospitalize (රෝහල්ගත කරනවා), materialise

-ion – verb → noun.  එහිම නාමය බවට.
automate (ස්වයංක්‍රිය කරනවා) → automation (ස්වයංක්‍රියකිරීම)

-ive – verb → adj.  “ගැන/සහිත”
educate (උගන්වනවා) → educative (අධ්‍යාපනික), provocative, active

-ity – adj → noun.  “බව/කම”
educative → educativity (අධ්‍යාපනිකබව), activity, provacativity

-ic – verb → adj.  “ගැන/සහිත”
pacify (සමාදාන කරනවා) → pacific (සමාදාන කරන), scientific, logic

-al – noun → adj.  “ගැන/සහිත”
education (අධ්‍යාපනය) → educational (අධ්‍යාපනික), logical, political

-ism – noun/adj → noun.  “දර්ශනය/වාදය”
national (ජාතික) → nationalism (ජාතිවාදය), Buddhism, Catholism

-ist – noun/verb/adj → noun.  “වාදියා”
national → nationalist (ජාතිවාදියා), Buddhist, educationalist

-less – noun → adj.  “රහිත”
job (රැකියාව) → jobless (රැකියා විරහිත), restless, lifeless

-ed – verb → verb/adj.  “ඒ දේ කරපු” යන තේරුම මෙන්ම simple tense හි අතීත ක්‍රියා රූපය සෑදීමට යෙදේ.
learn (ඉගෙන ගන්නවා) → learned (උගත්/ඉගෙන ගත්තා)

-ing – verb → verb/adj.  “ඒ දේ කරන” යන තේරුම මෙන්ම continuous/perfect continuous tense සෑදීමට යෙදේ.
learn → learning (ඉගෙන ගන්නා/ ඉගෙන ගනිමින්)

-ish – noun → adj.  “වැනි/සහිත”
fool (මෝඩයා) → foolish (මෝඩ), childish, girlish, boyish

-ly – adj → adv.  නාම විශේෂණයක් ක්‍රියා විශේෂණ කරයි.
quick (ඉක්මන්) → quickly (ඉක්මනින්)

-ful – noun → adj.  “සමන්විත”
hand (අත) → handful (අත පිරුණු (අතින් ගත හැකි පමණ)), playful

-able/-ible – verb → adj.  “එසේ කිරීමට හැකි”         
eat (කනවා) → eatable (කත හැකි), readable, edible, neglible

-er – verb → noun or adj/adv → adj/adv.  “එය කරන කෙනා” යන තේරුම මෙන්ම විශේෂණයක් වඩා යන අරුත ගෙන දීමට යෙදේ.
run (දුවනවා) → runner (දුවන්නා), fast → faster, swimmer, hitter

-est – adj/adv → adj/adv.  විශේෂණයක වඩාත්ම යන අරුත දෙයි.
fast → fastest

-s – noun → noun or verb → verb.  ඒකවචන නාමයක් බහුවචන කිරීම මෙන්ම, simple tense හි ඒකවචන ක්‍රියා රූපය සෑදීමට.
pen → pens       eat → eats

-ent/-ant – verb → adj/noun.  “ඒ දේ කරන්නා” හා “එය කරන” යන තේරුම් ඇත.
enter ඇතුළු වෙනවා) → entrant (ඇතුළුවන, ඇතුළු වන්නා), contestant

-ance/-ence – verb → noun.  “එය කිරීම”
enter→entrance (ඇතුළුවීම), dependence, independence, negligence

-ship – noun → noun.  “කම/බව”
friend (යාළුවා) → friendship (යාළුකම), leadership, scholarship

-ous – verb/noun → adj.  “සහිත”
joy (සතුට) → joyous (සතුටු පිරි), marvel (පුදුම වෙනවා) → marvelous (පුදුම වන/සහගත), pious, perilous, famous, zealous

-or – verb → noun.  “එය කරන කෙනා”
indicate (දක්වනවා) → indicator (දර්ශකය), radiator, director

-ess – noun → noun.  පුරුෂ නාමයක් ස්ත්‍රී ලිංග කරයි.
lion (සිංහයා) → lioness (සිංහ ධේනුව), tigress, directress, actress

දැන් ඔබ දන්නා වචනවලට ඉහත සුදුසු උපසර්ග හා ප්‍රත්‍ය යෙදිය හැකිය.  එවිට ලැබෙන්නේ අළුත් වචනයකි.  සමහර වචන සඳහා එසේ සර්ග යොදා අළුතින්ම වචන 30ක් පමණ සෑදිය හැකිය.  උදා:

educate, education, educational, educative, educationist, educationalist, educativity, educativeness, educated, educatedness, miseducate, miseducative, miseducation, miseducational, miseducativeness, uneducated, non-educational, non-educative, pro-education, pro-educational, pro-educationist, pro-educationalist, anti-education, anti-educational, educator, educatable, miseducatable, …

තවත් සමහරක් වචන සමඟ සෑදිය හැක්කේ වචන දෙක තුනක් පමණි.  එසේ හෙයින්, පොදුවේ සැලකුවොත් යම් වචනයකින් අළුත් වචන පහක් හයක් පමණ සෑදිය හැකි යැයි උපකල්පනය කළ හැකිය.
එහෙත් එක්වර ඔබ වචන සාදන්නට යන්න එපා.  ඔබට අවශ්‍ය නම් සර්ග යොදා අළුත් වචන සෑදිය හැකියි.  ඊට විරුද්ධ වීමට කිසි කෙනෙකුට බැරිය.  එහෙත්, එයද යම් දක්ෂකමකි.  ඉංග්‍රිසි‍යේ වචන දැනටත් ලක්ෂ ගණනක් ඇති හෙයින් ඔබට බොහෝ විට එ‍ලෙස අළුතින් වචන සෑදීමට අවශ්‍යතාවක්ද නැහැ නේද?  එනම්, ඔබ කළ යුත්තේ කුමක්ද?  පහසු දෙයකි.  ඔබට අළුත් වචන හමු වූ විට බලන්න ඉහත දැක්වූ සර්ග ඒවායේ ඇතිද කියා.  බොහෝ අවස්ථාවලදී එවැනි කොටස් ඇත.  ඒ අනුව ඔබට එම අලුත් (මෙතෙක් පාඩම් නොකරපු) වචනයේ තේරුම සිතාගත හැකියි.  මේ අයුරින් දැන් ඔබට අළුතින් හමුවන බොහෝ වචන ඇත්තටම අළුත් කියා හැ‍ඟෙන එකක් නැහැ.

ඇත්තටම, මූලය බොහෝ අවස්ථාවලදී ඉංග්‍රීසිද නොවේ.  ලතින් භාෂාවෙන් උකහා ගත් මූල බොහෝ විට යෙදේ.  ඉන් අදහස් කෙරෙන්නේ ඔබ ලතින් බසද ඉගෙන ගත යුතු බව නොවේ.  මෙහි ඇති පහසුව මෙයයි.  මූලය ඉංග්‍රීසි හෝ වේවා ලතින් හෝ වේවා ඔබ එක වචනයක් කට පාඩම් කළ විට, ඉන් තවත් වචන රාශියක් සෑදිය හැකිය.

වෛද්‍ය වද්‍යාව, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් හා ශාස්ත්‍රයන්හි ඇති අති මහත් බහුතර පාරිභාෂික වචන ඇත්තෙන්ම සාදා තිබෙන්නේ මෙලෙස සර්ග යෙදීමෙනි.  උදාහරණ ලෙස, hypoglycemia යනු රුධිරයේ සීනි අඩුවීමේ රෝගයට කියන වෛද්‍ය විද්‍යාත්මක වචනය වන අතර, hyperglycemia යනු රුධිරයේ සීනි වැඩි වූ විට ඇති වන ලෙඩය වේ.  සමහර සර්ග ඒ ඒ විෂයන්ටම ආවේණික වේ.  mono, bi, di, tri, quad, tetra, penta, deci, milli, micro, nano, kilo, mega, centi, hyper, gly, amino, phenyl, cyclo, trans, paeleo, pseudo, bio, homo, melano, cyano, neuro ආදී උපසර්ගද, ac, y, ula, trophy, tomy, stasis, scope, ptosis ආදී ප්‍රත්‍යද උදාහරණ ලෙස දැක්විය හැකිය.  ඔබ මෙම උපසර්ග නොදැන සිටියත් ප්‍රශ්නයක් නැත මක්නිසාද යත් ඒවා අවශ්‍ය වන්නේ ඒ ඒ විෂයන් ඉගෙන ගන්නා අයටයි.

තවද සමහරක් වචන බැලූ බැල්මට සර්ග යොදා ඇති බවක් පෙනුනත් එසේ නොවේ.  ඒවායේ සාමාන්‍ය ස්වරූපය එය විය හැකිය.  උදා:

torment - මෙහි බැලූ බැල්මට -ment යන ප්‍රත්‍යය ඇති බව පේනවා නේද?  එහෙත් ඇත්තෙන්ම මෙහි සිදු වී ඇත්තේ එය නොවේ.  ment යන්න ඇතත් එය ප්‍රත්‍යයක් ලෙස නොව, එම පදයේ සාමාන්‍ය අකුරු ලෙසම යෙදී ඇත.
problem - මෙහි pro- යන්න ඇතත් එය උපසර්ගයක් ලෙස නොව එම වචනයේ සාමාන්‍ය අකුරු ලෙසයි ඇත්තේ.

මේ ආකාරයට සර්ග නොවන අවස්ථාද හඳුනාගන්න.  ඉහතදී දක්වා ඇත්තේ සර්ග කිහිපයක් පමණි.  තවත් සර්ග ගණනාවක් පවතී.  ඒවා ගැනද සොයා බලා හැකි තරම් ඒවා මතක තබා ගන්න.  ශබ්ද කෝෂයක් ගෙන උපසර්ග යොදා ඇති වචන බලන්න.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,