Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 8

උපකාරක ක්‍රියා (helping/auxiliary verbs)

ඉංග්‍රීසියේදී විවිධ විදියේ අදහස් ප්‍රකාශ කිරීමට වගන්ති සෑදීම මට්ටම් දෙකකින් සිදු කෙරෙනවා.  ඉන් පළමු මට්ටම තමයි අප මෙතෙක් ඉගෙන ගත්තේ.  එනම්, simple tense, continuous tense, perfect tense, perfect continuous, be-වාඛ්‍ය ලෙස අප ඉගෙන ගත්තේ එවාය.  දැන් අපි දෙවැනි මට්ටම උගනිමු.  මෙහිදී අප කරන්නේ පළමු මට්ටමේදී උගත් වාඛ්‍යවල ඇති ක්‍රියාවට ඉදිරියෙන් “උපකාරක ක්‍රියා” ලෙස හඳුන්වනු ලබන පදයක් යෙදීමයි.  උපකාරක ක්‍රියා යෙදීමේදී පවතින රීතින් පොදුය.  එම රීතින් දන්නේ නම්, ඔබට උපකාරක ක්‍රියා යොදා වාඛ්‍ය තැනීම ඉතා පහසු වනු ඇත.

මොනවද එම රීතින්?  ඔබ මීට පෙර will පදය යොදා ගත්තා නේද?  ඒ කුමක් සඳහාද?  ඔව්, අනාගත කාල වාඛ්‍ය තැනීමටයි එය භාවිතා කළේ.  එම will යෙදූ විට පිළිපැදිය යුතු රීතින් දෙකක් පැවසුවා මතකද? would යන පදය යොදන විටත් ඔබ එම රීති දෙක පිළි පැද්දා.  will හා would යනු ඇත්තෙන්ම උපකාරක ක්‍රියාපද දෙකකි.  ඒ අනුව, ඔබට අමුතුවෙන් රීති මතක තබා ගත යුතු නැහැ නේද?  එනිසා, ඔබට මතක තබා ගැනීමට ඇත්තේ අනෙක් උපකාරක ක්‍රියාවල තේරුම් පමණයි.  කෙසේ වෙතත්, ඔබේ මතකය අළුත් කිරීම සඳහා මා නැවැත එම රීති දෙක සඳහන් කරන්නම්.

1.      උපකාරක ක්‍රියාවක් හැම විටම යොදනු ලබන්නේ වර්ථමාන කාලික වගන්තියක ක්‍රියාව ඉදිරියෙන් වන අතර, එසේ යෙදූ පසු එය ක්‍රියාවේ පළමු කොටස බවට පත් වේ.
2.      උපකාරක ක්‍රියාවක් යොදන විට, ඊට පිටු පසින් ඇති ‍ක්‍රියා කොටස හැම විටම මූලික ස්වරූපයට පත් වේ.  (එනම්, am/is/are -> be, has/have -> have, s දමා ඒකවචන කළ simple tense ක්‍රියාව එම s නැති වී යයි.  කෙටියෙන් කියතොත්, ක්‍රියා කොටස dictionary එකේ සඳහන් මූලික ආකාරයෙන් තැබිය යුතුය.)

අපි දැන් එකින් එක උපකාරක ක්‍රියා ගැන උගනිමු.

          1.      may, might - මෙම පදයක් යෙදීමෙන්, වාඛ්‍යයට “අඩමාන/අවිනිශ්චිත” බවක් ලැබේ.  සියලු tense සමඟ එක සේ යෙදේ.  “ඉඩ තියෙනවා/ඇති/පුළුවන්” වැනි යෙදුමකි.

We go.  (අපි යනවා.) → We may go. (අපි යන්න පුළුවන්/ඉඩ තියෙනවා/සමහර විට අපි යාවි.)

He is waiting at the bus stand.  (ඔහු බස් හෝල්ට් එකේ බලන් ඉන්නවා.)  → He might be waiting at the bus stand.  (ඔහු බස් හෝල්ට් එකේ මඟ බලමින් ඇති/බලමින් ඉන්නවා ඇති/ඉන්නවා වෙන්ඩ පුළුවන්.)

Kamal has gone there.  (කමල් එහි ගිහින්/ගිහින් තියෙනවා.) → Kamal may have gone there.  (කමල් එහි ගිහිල්ලා ඇති/ තියෙනවා ඇති/ තියෙනවා වෙන්ඩ පුළුවන්.)

He does not do it.  (ඔහු ඒක කරන්නේ නැහැ.)  → He may not do it.  (ඔහු ඒක කරන එකක් නැහැ/ නොකරන්නට පුළුවන්/ නොකරන්නට ඉඩ තියෙනවා.)

We may not have done it.  (අපි ඒක කරලා නැතිව ඇති.)
May she go to the party?  (ඇය සාදයට යාවිද/ යන්න ඉඩ තියෙනවාද?)

ඉහත may/might යෙදූ වගන්ති දෙස බැලු විට, ඔබ සිංහලෙන් කුමන ලෙස කීවත්, තේරුමෙහි අඩමාන/අවිනිශ්චිත බව තියෙනවා නේද?  මා මුලදීත් නොයෙක් විට පැවසුවා මතකද සිංහල තේරුම් ඔබ කට පාඩම් කිරීම අනවශ්‍ය බවත්, වැදගත් වන්නේ මූලික අදහස දැන ගැනීම පමණයි කියා.  එමනිසා, may/might දැමීමෙන් වාඛ්‍යයට අඩමාන අර්ථයක් ලැබෙන බව ‍මතක තබා ගන්න.  ඒ ඒ tense සමඟ එම අඩමාන තේරුම කීමේදි ඇති වෙනස් කම් ඔබට සිතා ගත හැකිය.

උදාහරණ හොඳින් අධ්‍යනය කරන්න.  පසුව දැක්වෙන සියලු උපකාරක ක්‍රියාවල සිංහල අර්ථයන් ඉහත මා පෙන්වා දුන් ආකාරයට තේරුම් ගැනීමට උත්සහ කරන්න.

Exercises 8-1
You may know him.  (........................................................)
She may not know him.  (............................................)
Might the father allow me?  (...............................)


           2.      should/ ought to “කළ යුතුයි” යන අර්ථය ලැබේ.  සියලු tense සමඟ යෙදිය හැකිය.

You go.  (ඔබ යනවා.) → You should go.  (ඔබ යා යුතුයි./යන්නට ඕනෑ.)

She is studying.  (ඇය ඉගෙන ගනිමින් ඉන්නවා.) → She ought to be studying.  (ඇය ඉගෙන ගනිමින් ඉන්න ඕනා/ ගනිමින් සිටිය යුතුයි.)

We have gone to the party.  (අපි සාදයට ගිහින් තියෙනවා.) → We should have gone to the party.  (අපි සාදයට ගිහිල්ලා තිබිය යුතුයි/ තියෙන්නට ඕනෑ.  (එසේ කළ යුතු බවත්, එසේ නොකර සිටීම හොඳ නැති බවක් නේද මින් කියන්නේ?))
Should I tell it to you?  (මම ඒක ඔයාට කියන්න ඕනද/කිව යුතුද?)

Exercises 8-2
Should we not tell the truth?  (......................................)
…………………  (කමල් හොඳට කියවන්න ඕන/කියවිය යුතුයි.)


            3.      need/ need to “අවශ්‍යයි” යන අර්ථය ලැබේ.  සියලු tense සමඟ එක සේ යෙදිය හැකිය.

You need go.  (ඔබ යන්නට අවශ්‍යයි.)
She need not to do it.  (ඇය එය කරන්නට අවශ්‍ය නැහැ.)

Exercises 8-3
I need to see him.  (........................................................)
My father need not work for you.  (.................................)

need (to) තේරුමින්ම කැමති නම්, “has/have to” ආදේශ කළ හැකිය.  ඇත්තෙනම් has/have to යනු උපකාරක ක්‍රියාවක් නොව, need (to) යන තේරුම ඇති ආදේශක යෙදුමක් පමණි.  එවිට, නැත අර්ථ‍යට පෙරළීමේදී do/does not have to ලෙස යෙදිය යුතු බව මතක තබා ගන්න.

You have to go.
She has to go.
She does not have to go.

සමහරක් විටෙක, has/have to යෙදුම has/have got to කියාද භාවි‍තා කෙරේ.

You have got to go.
She has got to go.
She does not have got to go.

need යන්න උපකාරක ක්‍රියාවක් ලෙස නොව, සාමාන්‍ය ක්‍රියා අර්ථයකින්ද භාවිතා කිරීමට හැකියි.  එවිටද එහි තේරුම “අවශ්‍ය කරනවා/අවශ්‍යයි” යන්නයි.

I need medicine now.  (මට දැන් බෙහෙත් අවශ්‍ය කරනවා/අවශ්‍යයි.)
She needs a teacher.  (ඇයට ගුරුවරයෙක් අවශ්‍යයි.)
We do not need food.  (අපට ආහාර අවශ්‍ය නැහැ.)


                4.      can“පුළුවන්” (හැකියාවක්) යන අර්ථය ලබා දෙයි.  මෙය යෙදෙන්නේ simple හා continuous යන tense දෙකෙහි පමණි.

I can sing.  (මට පුළුවන් සිංදු කියන්න.)
She can not dance.  (ඇයට බැහැ නටන්න.)
We can be running.  (අපිට පුළුවන් දුව දුව ඉන්න.)
Can the teacher act?  (ගුරුතුමාට නටන්න පුළුවන්ද?)

Exercises 8-4
We can stay tonight here.  (..........................................)
.............................................  (නිමල්ට පුළුවන්ද නටන්න?)

can not යන්න බොහෝ විට cannot ලෙස එකට ලියනු ලබනවා.

She cannot dance.
They cannot do it correctly.

මෙම තේරුම සඳහා අදේශකයක් ලෙස be able to යන්න යෙදිය හැකිය.

I am able to do it. = I can do it.
She is not able to read French. = She cannot read French.

is not able to යන්න is unable to ලෙසද යෙදේ.
I am unable to do it. = I am not able to do it.


               5.      could - මෙහි තේරුම්/යෙදීම දෙකක් ඇත.
a)      ඉහත can (පුළුවන්) හි අතීත තේරුම වන “පුළුවන් වුණා” යන අර්ථයෙන්.  ඒ අනුව, එම තේරුමින් එය යෙදිය හැක්කේ simple හා continuous යන tense දෙකේ පමණක් බව ඔබට තේරෙනවා නේද?

Those days, I could sing.  (ඒ දවස්වල මට සිංදු කියන්නට පුළුවන් වුණා/පුළුවන් කම තිබ්බා.)
She could not dance.  (ඇයට නටන්න බැරි වුණා.)
We could be running.  (අපිට පුළුවන් වුණා දුව දුව ඉන්න.)
Could the teacher act?  (ගුරුතුමාට නටන්න පුළුවන් වුණාද?)

Exercises 8-5
We could stay there yesterday.  (................................)
...............................  (නිමල්ට පුළුවන්ද වුණාද නටන්න?)

තවද, මෙයට ආදේශකයක් ලෙස be able to හි අතීත ස්වරූපය වන was/were able to ද යෙදිය හැකියි නේද?  ඒ අනුව, was/were unable to යන්නත් යෙදිය හැකියි.
තවද, will be able/unable to ලෙස අනාගත කාල තේරුමින් “පුළුවන් වේවි” යන ක්‍රමයටද වගන්ති සෑදිය හැකි බව ඔබට සිතුණේ නම්, ඔබ නිවැරදියි.

I was able to do it. = I could do it.
She was not able to read French. = She could not read French.
I was unable to do it. = I was not able to do it.
Kamal will be able to pass the exam  (කමල්ට පුළුවන් වේවි විභාගය සමත් වෙන්න.)

b)      may/might වල තිබූ අඩමාන අර්ථයද මෙමඟින් ඇති කළ හැකිය.  (සන්දර්භයෙන් මෙම අර්ථය ලැබෙන අවස්ථා සිතාගත යුතුය. එය ඉතාම පහසුයි.)

It could be a snake.  (ඌ සර්පයෙක් වෙන්න ‍පුළුවන්/ඇති.)
Could he be your friend?  (එයා ඔයාගේ යාළුවා විය හැකිද?)
She could have done it.  (ඇයට ඒක කරලා තියන්න/කරන්න තිබුණා.  (එහෙත් කරලා නැහැ))

Exercises 8-6
Could he not be a doctor?  (.......................................)
………………………………  (ඇය ගුරුවරයෙකු වෙන්න බැරිද?)
………………………….  (මට එයාට ලියුමක් ලියන්න තිබුණා.)


                6.      must – could මෙන්ම මෙහිද යෙදීම්/තේරුම් දෙකක් ඇත.
a)      simple tense ක්‍රියාවක් සමඟ යෙදෙන ‍විට, ඉහත should/ought to හි ඇති “යුතු” තේරුම ඇත. 

ඇත්තටම මෙහිදී එම “යුතුයි” යන තේරුම තරමක් සැර වැඩිය (“අනිවාර්යෙන්ම යුතුයි”).


You must read the book now.  (දැන් ඔයා පොත කියවිය යුතුයි.)
Must I go to school everyday?  (මම හැමදාම පාසල් යා යුතුද?)

Exercises 8-7
They must stay there.  (..............................................)
She must be a doctor.  (...............................................)

b)      simple tense හැර අනෙක් tense තුනෙහි යෙදෙන විට, ඉහත may/might හි ඇති අඩමාන අරුත ලබා දේ.  අවශ්‍ය නම්, simple tense හි වුවද මෙම තේරුමින් මෙය භාවිතා කළ හැකිය.

He must be waiting at the bus stand.  (එයා බස් නැවැතුමේ බලමින් ඉන්නවා ඇති.)
Kamal must have missed it.  (කමල්ට එය මඟ හැරිලා ඇති.)
She must have done it.  (ඇයට ඒක කරලා තියන්න/කරන්න තිබුණා.  (එහෙත් කරලා නැහැ))
She must be a doctor.  (ඇය වෛද්‍යවරයෙක් වෙන්න ඇති/විය යුතුයි.  (අඩමාන අර්ථයෙන් මෙහි “විය යුතුයි” යන්න යෙදී ඇති බව මතක තබා ගන්න.))

Exercises 8-8
Nimal and Kamal must have won the match.  (...........)
Sarath must be an engineer now.  (............................)


               7.      shall - යෙදීම් දෙකක් මෙහිද ඇත.  බොහෝ විට simple tense හි යෙදේ.
a)      I හා we උක්තයක් ලෙස යෙදෙන වාඛ්‍යයක යෝජනාත්මක ස්වරූපයේ අනාගත කාලය සෑදීමට යොදා ගැනේ (බොහෝ විට ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යවල ලෙස පවතී).

Shall we go?  (අපි යමුද?.) (අපි දැන් ගියොත් හොඳයි නේද වැනි තේරුමක්)
Shall I come?  (මම එන්නද?)

Exercises 8-9
Shall we dance now?  (...........................................)
………………………………………  (අපි දැන් කමුද?)

යෝජනාත්මක් ස්වරූපයෙන් “අපි යමක් කරමුද” ලෙස ඇසීමට තවත් ලස්සන ක්‍රමයක් ඇත.  එය,

let us <ක්‍රියාව>

(let us යන්න කෙටි කර let’s කියාද භාවිතා වේ.)

Let us play cricket.  (අපි ක්‍රිකට සෙල්ලම් කරමු/කරමුද.)
Let us not play now.  (අපි දැන් සෙල්ලම් නොකරමු/නොකර ඉමු.)

නැත අර්ථය ගෙන ඒමට not දමන්නේ ඉහත උදාහරණයේ ලෙස let’s ට පසුවයි.


Exercises 8-10
Let’s go now.  (................................................)
Let’s not fight for trivial things.  (...........................)

b)      I/we හැර වෙනත් උක්ත පද සමඟ යෙදෙන විට “අනිවාර්යෙන්ම කළ යුතුයි” යන අර්ථය ලබා දේ.  ආගමික හා නීතිමය ‍ලියකියවිලි වල මෙම යෙදුම බහුලවම භාවිතා කෙරේ.  දෙවියන් විසින් හෝ නීතිය විසින් හෝ “කළ යුතුයි” යැයි පැවසූ දෙයක් කඩ කළ විට දඩුවම් ලැබෙනවා නේද?  එනිසා, මෙම යුතු අර්ථය ඉතා බලවත්ය.

You shall not kill animals.  (ඔබ සතුන් නොමැරිය යුතුයි.)
The president shall be responsible to the parliament.  (ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය.)


               8.      will - මෙය ගැන අප සෑහෙන්ඩ ඉගෙන ගෙන තිබෙනවා.  අනාගත කාලය සෑදීමටයි මෙය යෙදුවේ.

               9.      used to – “පුරුදුව සිටියා” යන අරුත ලැබේ.

I used to read in the evening.  (මම සැන්දෑවේ කියවීමට පුරුදුව සිටියා.)
Nimal used to be writing in the morning.  (නිමල් උදේ ලියමින් ඉන්න පුරුදුව සිටියා.)

Exercises 8-11
They used to play cricket everyday.  (................................)
……………….  (කමල් රෑට පාඩම් කරමින් ඉන්න පුරුදුව සිටියා.)


               10.  would - මෙහි ප්‍රධාන යෙදීම් පහක් ඇත.
a)      would like (කැමතියි) ලෙස යෙදීම.  මෙහි ඇත්තෙන්ම would හි කිසිදු තේරුමක් නැත.  ඔහේ ලස්සනට තිබේ.

I would like bread. = I like bread.  (මම පාන්වලට කැමතියි.)
She would not like bread.  = She does not like bread.  (ඇය පාන්වලට කැමති නැහැ.)

Exercises 8-12
Would you like tea or coffee?  (..................................)
…………………………………………  (මම තේවලට කැමතියි.)

b)      පෙර අප ඉගෙන ගත් අවිනිශ්චිත අතීතය පැවසීමට.  

c)      would better (= had better) ලෙස.  මෙහි තේරුම “කළොත් හොඳයි” යන්නයි.

You would better go.  (ඔබ ගියොත් හොඳයි.)
She’d better not do it.  (ඇය එය නොකළොත් හොඳයි.)

d)      would rather - මෙය ගැන විස්තර පෙර සඳහන් කර ඇත.

e)      may/might හි ඇති අඩමාන අර්ථයද මෙහි ඇත.

I would do it.  (මම ඒක කරන්න ඉඩ තියෙනවා/කරාවි.)
She would have told it to him.  (ඇය ඒක ඔහුට කියලා තියෙනවා ඇති/කියලා ඇති.)

ඉහත උපකාරක ක්‍රියා අතුරින් අඩමාන අරුත ගෙන දීම සඳහා may, might, could, must, would යන පද භාවිතා වූ බව පෙනේ.  මෙම පදවල දළ තේරුම එක සමානය.  එහෙත් ඒවායේ ඉතාම සියුම් වෙනස් කම් පවතී.  අවශ්‍ය නම් ඔබට එම වෙනස්කම්ද පහසුවෙන් සිතා මතක තබා ගත හැකිය.  may/might, could හි ඇති අඩමාන තේරුමින් කියැවෙන්නේ “අවශ්‍ය නම් කිරීමට හැකි බවත්, එහෙත් එය කරයිද නැද්ද යන්න ගැන සැක” බවත්ය.  must හි ඇත්තේ “අවශ්‍ය නම් කළ යුතුව ඇතත්, එහෙත් එය කරයිද නැද්ද යන්න ගැන සැක” බවත්ය.  would හි ඇත්තේ “නිකම්ම කරන්නට අවස්ථාව තිබුණත්, එය කරයිද නැද්ද යන්න ගැන සැක” බවත්ය.  මඳක් සිතා බලන්න, එම සියුම් වෙනස් කම් නොසලකා හැරි විට අපට ලැබෙන්නේ අඩමාන තේරුම් නේද?  ඒ ඒ tense එකක් සමඟ ඒවායේ තේරුම් සකස් වෙන අන්දම උදාහරණ වලින් බලන්න.
 
ඉහත සඳහන් උපකාරක ක්‍රියා අතුරින් must, should, shall යන පද මඟින් යුතු යන අරුත ඇති නිසා, ඒවා යොදා නියෝග දීම්ද කළ හැකි බව පේනවා නේද?  උදාහරණයක් ලෙස,

You must do it now.  (ඔබ ඒක දැන් කළ යුතුයි.)

ඉහත අප ප්‍රධාන උපකාරක ක්‍රියා සියල්ලම වගේ ඉගෙන ගත්තා.  උපකාරක ක්‍රියා නොවුණත්, උපකාරක ක්‍රියා වල කාර්යම කරන තවත් be able/unable to, have (got) to වැනි යෙදුම් කිහිපයක්ද ඒ අතරතුරදීම ඔබ ඉගෙන ගත්තා.  එම යෙදීම් කිහිපය හැරුණු විට තවත් එවැනි යෙදීම් කිහිපයක් පහත වෙන වෙනම දක්වා ඇත.

          1.      be going to – “යමක් කරන්නට යනවා/යන්නේ” යන තේරුම ඇත.

I am going to eat now.  (මම දැන් කන්න යන්නේ.)
They were going to tell it.  (ඒගොල්‍ලන් එය කියන්න යන්නයි ගියේ.)


          2.      be about to – “යමක් කරන්නට ආසන්නව තියෙනවා” යන තේරුම ඇත.

The bus is about to leave.  (බස් එක පිටත්වෙන්න ආසන්නව තියෙන්නේ/පිටත් වෙන්නයි හදන්නේ.)
We were about to start the play.  (අපි නාට්‍යය පටන්ගන්න ආසන්නව තිබුණේ/පටන් ගන්නයි හැදුවේ.)


          3.      be to/ be due to – “නියමිතව තිබෙනවා” යන තේරුම ඇත.

The train is due to reach here now.  (දැන් දුම්රිය මෙහි ළඟාවීමට නියමිතයි.)


          4.      be likely to – “යමක් සිදුවීමට වගේ හදන්නේ”

It is likely to rain now.  (දැන් වහින්න වගේ හදන්නේ.)
It is not likely to rain today.  (අද වහින්න නෙමෙයි වගේ හදන්නේ/ අද වහින එකක් නැහැ.)

be not likely to යන්න be unlikely to ලෙසද ලිවිය හැකිය.  ඒ අනුව,

It is unlikely to rain.  = It is not likely to rain.


           5.      be said to – “යැයි පැවසෙනවා/කියනු ලබනවා”

He is the president.  (ඔහුයි සභාපති.) → He is said to be the president.  (ඔහු සභාපති යැයි පැවසෙනවා.)
The company is said to have removed him.  (සමාගම ඔහුව ඉවත් කරලා යැයි පැවසෙනවා.)

ඉහත be said to ලෙසම be assumed to (යැයි උපකල්පනය කෙරෙනවා), be presumed to (යැයි උපකල්පනය කෙරනවා), be supposed to (යමක් වේ යැයි සිතනවා/සැලකෙනවා), be thought to (යැයි සිතෙනවා/සැලකෙනවා), be considered to (යැයි සැලකෙනවා) යන කොටස්ද එම රටාවෙන්ම යෙදිය හැකිය.

You are supposed to come tomorrow on time.  (ඔයා හෙට ‍හරියටම වෙලාවට එයි කියා සිතනවා.  (එනම්, ඔබේ පැමිණීම අපේක්ෂා කරනවා.))

ඉංග්‍රීසියේදී සමහර පද කෙටි කර භාවිතා කිරීමේ පුරුද්දක් ඇත.  එනම්, not පදය බොහෝ විට ඊට පෙර ඇති ක්‍රියාවේ පළමු කොටස සමඟ සම්බන්ධ කෙරේ.  එය කිරීම ඉතා පහසුය.  මෙහිදී, ක්‍රියාවේ මුල් කොටස හා not අතර ඇති ඉඩැස ඉවත් කර, දෙවනුව not හි ඇති O අකුරද ඉවත් කර එතැනට උඩු කොමාවක් (‘) යෙදිය යුතුය.

Is not → isn’t                 are not → aren’t
was not → wasn’t         were not → weren’t
do not → don’t              does not → doesn’t
did not → didn’t            has not → hasn’t
have not → haven’t      had not → hadn’t
could not → couldn’t    should not → shouldn’t
would not → wouldn’t  may not → mayn’t
might not → mightn’t   need not → needn’t
must not → mustn’t      ought not → oughtn’t

ඉහත ආකාරයට මඳක් වෙනස් ආකාරයකින් පවතින රූප කිහිපයක්ද ඇත.  ඒවා නම්,

Am not → aren’t         will not → won’t
shall not → shan’t

මෙලෙස වචන දෙකක් එකට එකතු වී, කෙටි වී, තනි වචනයක් බවට පත්ව ඇත.  එම කෙටි කළ පද වාඛ්‍ය කිහිපයක යොදා බලමු.

She isn’t eating now. = She is not eating now.
We don’t know it.
Kamal won’t go there tomorrow.

තවද, නැත (හෝ ඇත) ප්‍රශ්නය සෑදීමේදී ක්‍රියාවේ පළමු කොටස ඉදිරියට ගෙන ආ යුතු බැවින්, දැන් පළමු කොටස වන්නේ කෙටි කරපු වචනය බැවින් එම වචනය ඉදිරියට ගෙන ආ හැකිය.  එවිට,

Isn’t she eating now?  = Is she not eating now?
Don’t we know it?  = Do we not know it?
Won’t Kamal go there tomorrow?  = Will Kamal not go there tomorrow?

ඇත්තෙන්ම බොහෝ දෙනා නැත ප්‍රශ්නය සාදන්නේ ඉහත ආකාරයටය.  එමනිසා දැන් සිට ඔබ එම ක්‍රමයද හොඳින් ප්‍රගුණ කර ගන්න.


ඉල්ලීම් කිරීම්

විධාන දීම් මෙන්ම ඉල්ලීම් කිරීම්ද භාෂාවකට අත්‍යවශ්‍ය වේ.  විධාන දෙන්නේ තමන් ඉදිරිපිට ඉන්න අයට වුවත්, ඉල්ලීම් සිදුකරන්නේ තමන් නේද?  (එනම් “මම” හෝ “අපි”)  ඉල්ලීම් සිදු කිරීම හැමවිටම අහවල් දේ කරන්නද ආදී ලෙස ප්‍රශ්න ස්වරූපයෙන් පවතී.  ඉංග්‍රීසියේදී ඉතා පහසුවෙන් ඉල්ලීම් සිදුකරන වාඛ්‍ය සෑදිය හැකිය.  ඒ සඳහා may, can, shall යන පද වලින් එකක් උපකාරක් ක්‍රියාපදයක් ලෙස ගෙන, ප්‍රශ්නයක් සෑදීම පමණි කළ යුත්තේ.

Shall/May/Can I go?  (මම යන්නද?)
Shall/May/Can we play cricket after the lunch?  (දවල් කෑමෙන් පසු අපි ක්‍රිකට් ගහන්නද?)

may යන පදය අප බොහෝ විට භාවිතා කරන්නේ යටහත් පහත්ව ඉල්ලීමක් කරනව විටය.  බොහෝ අවස්ථාවල Can භාවිතා වේ.

Exercises 8-13
Can I talk to you for a second?  (..............................................)
May I go to the bathroom?  (...................................................)

ඉල්ලීම තවත් කාරුණිකව කිරීමට අවශ්‍ය නම් please (කරුණාකර/අනේ) යන ක්‍රියා විශේෂණයද දැමිය හැකිය.

Can I go there please? = Please can I go there?  (කරුණාකර මම එහි යන්නද?)

කෙටි විධානයක් ලියා. ඉන්පසු Will you? යන කොටස (tag එක) ඊට එකතු කළ විට “කරන්නකෝ” යන තේරුම ඇති ඉල්ලීමක් සිදු කළ හැකිය.

Eat now.  Will you?  (දැන් කන්නකෝ.)

Exercises 8-14
..................................................  (නැගිටින්නකෝ.)
Speak to me.  Will you?  (.....................................................)


නේද/නැහැ නේද ප්‍රශ්න ස්වරූපය

සිංහලේදී “ඔයා යනවා නේද?”, “ඇය ගුරුවරියක් නෙමේද/නෙමේ නේද?” ආදි ප්‍රශ්න ක්‍රමයක් පවතිනවා නේද?  ඉංග්‍රීසියේද මෙම ක්‍රමය ඇත.  ඇත්තෙන්ම, ඉංග්‍රීසියෙන් මෙ‍ම රටාව සෑදීමට වාඛ්‍ය දෙකක් අවශ්‍ය වේ.  අප දැන් එම රටාව සාදන අයුරු බලමු උදාහරණයක් ආශ්‍රයෙන්.

ඔබ බත් කමින් ඉන්නවා නේද?

ඉහත ඇත්තේ සිංහල තනි වාඛ්‍යයක් වුවද, ඉංග්‍රීසියෙන් එය සෑදීමට වාඛ්‍යය දෙකක් අවශ්‍ය වේ.  මෙහිදී, ‍”නේද” යන කොටස මොහොතකට නැතැයි සිතන්න.  එවිට අපට ලැබෙන්නේ නිකම්ම නිකං සරළ ප්‍රකාශනයක් නේද?  ඔබට එය ඉංග්‍රීසියෙන් ලිවීමට පුළුවන් නේද?  ඒ අනුව,

ඔබ බත් කමින් ඉන්නවා නේද?  → You are eating rice.

ඉන්පසු කළ යුත්තේ “නේද” යන ප්‍රශ්නවාචි කොටස සඳහා යෙදිය යුතු ඉංග්‍රීසි කොටස ඊට එකතු කිරීමයි.  මෙම කොටස තමයි දෙවැනි වාඛ්‍යය.  එය මෙලෙස සාදා ගත යුතුය.  පළමුව වාඛ්‍යය හැම විටම ප්‍රකාශනයක් බව ඔබට පේනවා.  එය ඇත හෝ නැත ප්‍රකාශනයක් විය හැකිය (ඉහත උදාහරණයේදී ඇත්තේ ඇත ප්‍රකාශයනයකි).  දැන්, ඔබ කළ යුත්තේ එම ප්‍රකාශනය ඊට ප්‍රතිවිරුද්ධ තේරුම සහිත ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යය බවට පත් කිරීමයි.  එනම්, පළමු වාඛ්‍යය ඇත ප්‍රකාශනයක් නම්, ඔබ නැත ප්‍රශ්නයක්ද, පළමු වාඛ්‍යය නැත ප්‍රකාශයක් නම්, ඇත ප්‍රශ්නයක්ද සෑදිය යුතුය.

ඒ අනුව, ඉහත උදාහරණයේ ඇත්තේ ඇත ප්‍රකාශයක් නිසා, අප දැන එහිම නැත ප්‍රශ්නය සාදමු.

You are eating rice.  → Are you not eating rice?  (or Aren’t you eating rice?)

දැන්, එම දෙවැනි වාඛ්‍යය පළමු වාඛ්‍යයට පසු ලියන්න.

You are eating rice.  Aren’t you eating rice? හෝ
You are eating rice.  Are you not eating rice?

අපට දැන් ලැබී ඇත්තේ “ඔබ බත් කමින් ඉන්නවා නේද?” යන සිංහල වාඛ්‍යයට සමාන ඉංග්‍රීසි රටාවයි.  එහෙත් තවත් දෙයක් අපට එහි කළ හැකිය.  එනම්, නැවත නැවැත යෙදෙන කොටස් ඉවත් කර එය හුරු බුහුටි කළ හැකිය.  තවත් විදියකින් කියනවා නම්, උක්තයට පසුව ඇති කොටස් ඉවත් කළ යුතුය.  (not ඇති නම්, එය ඉවත් කරන්න බැහැ.)  එවිට, අපට දෙවැනි වාඛ්‍යය ලෙස හැමවිටම ලැබෙන්නේ කුඩා කොටසක් පමණි.  එය tag එක ලෙස හැඳින්වෙනවා.  (එමනිසාම, මෙම ආකාරයේ ප්‍රශ්න tag question ලෙසින් හඳුන්වනු ලබනවා.)  ඒ අනුව,

You are eating rice.  Aren’t you?  හෝ  You are eating rice.  Are you not?

ඔබ බත් කමින් නෙමේ නේද ඉන්නේ?/ ඔබ බත් කමින් ඉන්නේ නැහැ නේද?

ඉහත වාඛ්‍යයද පෙර සඳහන් කරුණු අනුව සෑදිය යුතුය.  “නේද” කොටස නැතැයි සිතාගත් විට, අපට පළමුව ලැබෙන වාඛ්‍යය ලියා, ඉන්පසු එහි විරුද්ධ තේරුම සහිත ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යය ලියන්න.  අවසාන වශයෙන්, එය හුරු බුහුටි කරගන්න.

You are not eating rice.  Are you?
She does not like apples.  Does she?  (ඇය ඇපල්වලට කැමති නැහැ නේද?)
Nimal likes apples.  Doesn’t he/ Does he not?  (නිමල් ඇපල්වලට කැමති නේද?)
I had gone there.  Hadn’t I/ Had I not?  (මම එහි ගිහින් තිබුණා නේද?)

Exercises 8-15
You are a teacher.  Aren’t you?  (............................................)
……………………  (ඇය සමිතියේ සභාපතිව/සභාපති වෙලා සිටියා නේද?)
I hadn’t eaten meat.  Had I?  (....................................................)
……………………………………………..  (කමල් විභාගය සමත් වේවි නේද?)

ඔබ මෙතෙක් උගත් සියලු පාඩම් දෙස සොයා බැලුවොත් පෙනේවි, එම වාඛ්‍ය සියල්ල SVo ක්‍රමයට ලියා ඇති බවත්, එහි උක්ත පදය (s) හැමවිටම “කර්තෘ” (එනම්, ක්‍රියාව කරන කෙනා) ලෙස පැවත ඇති බවත්.  එනම්, අප මෙතෙක් ඉගෙන ඇත්තේ කර්තෘ උක්ත කර ඇති (හෙවත් උක්ත කර්තෘ ඇති) වාඛ්‍ය වේ.  මෙවැනි වාඛ්‍ය “කර්තෘකාරක වාඛ්‍ය” (active voice) ලෙස හැඳින්වෙනවා.  ඒ අනුව, කර්තෘකාරක වාඛ්‍යයක් සෑදීමට කර්තෘ පදයක් (උක්තය ලෙස) පැවතිය යුතුමය.

එහෙත්, සමහර අවස්ථාවල අපට කර්තෘ කෙනෙක් නැති වාඛ්‍ය පැවසීමට සිදු වෙනවා.  එ‍ක්කෝ කරන කෙනා (කර්තෘ) දන්නේ නැති නිසා හෝ කර්තෘ වැදගත් නැති නිසා මෙම තත්වය ඇති විය හැකිය.  කුමන හේතුවක් ‍නිසා හෝ කර්තෘ පදයක් නොමැති වාඛ්‍යයක් කර්තෘකාරක වාඛ්‍යයක් විදියට ලිවිය නොහැකි බව ඔබට තේරෙනවා නේද?

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,