Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 7

ප්‍රශ්න සෑදීම

ඉංග්‍රීසියේදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙයාකාරයකින් සකස් කළ හැකිය.  ඉන් ඉක් ක්‍රමයක් ගැන ඔබ දැනටමත් හොඳින් දන්නවා.  ඇත හෝ නැත අර්ථයේ ප්‍රශ්න සෑදීම ගැනයි මා දැන් සඳහන් කළේ.

Are you coming to the party tomorrow?
Have you seen Kamal lately?

මෙවැනි ප්‍රශ්නයක් ඇසූ විට, ඒවාට ලැබෙන්නේ “ඔව්” හෝ “නැහැ” යන පිළිතුරු නේද?  ඇත්තෙන්ම, එවැනි ප්‍රශ්නයකට ඉතා කෙටියෙන් yes (ඔව්) හෝ no (නැහැ) යනුවෙන් පිළිතුරු දිය හැකිය.

Did you go to the party yesterday?   Yes  (හෝ No)
Have you gone to Katharagama? 
No  (හෝ Yes)

එහිදී ඔබගෙන් ප්‍රශ්නය අසන විට, ඔබ සිතිය යුත්තේ ඒ අසන දේ තමන් ඇත්තටම කරනවාද හෝ නොකරනවාද යන්නයි.  ඔබ එය කරනවා නම්, yes ලෙසද, කරන්නේ නැතිනම් no ලෙසද පිළිතුරු දිය යුතුය.  මා මෙය අවධාරණය කර කියා සිටිනවා.  ඔබෙන් ඇසුවේ ඇත ප්‍රශ්නයක් වුවත් නැත ප්‍රශ්නයක් වුවත්, ඔබ සිතිය යුත්තේ තමන් ඒ දේ කරනවාද නැද්ද කියා පමණි.  අසන විදිය වැදගත් නැත.  ඒ අනුව,

Are you eating rice?               හෝ
Are you not eating rice?


ලෙස ඔබගෙන් ප්‍රශ්නය අසනවා නම්, ඔබ කළ යුත්තේ, එම කෙනා ඇසුවේ ඇත ප්‍රශ්නයක් ලෙසද නැත ප්‍රශ්නයක් ලෙසද යන වග අමතක කර, ඔබගෙන් ඒ අසනු ලබන දේ කරනවා නම්, yes කියාද, කරන්නේ නැති නම්, no කියාද පිළිතුරු දීම පමණි.
Exercises 7-1
Have you gone to Sripada?  …………………  (ගිහිල්ලා තිබේ නම් මෙහි දමන්නේ කුමක්ද?)
Do you not eat beef?  …………………  (කනවා නම් කුමක්ද දමන්නේ?)
Did you not eat chicken yesterday?  ……………….  (කෑවේ නැති නම් දමන්නේ කුමක්ද?)

ඉහත yes ට සමාන අර්ථයේ වෙනත් පදද අවශ්‍ය නම් භාවිතා කළ හැකිය.  එම පද නම්, yeah, yep වේ.  තවද, of course, certainly, definitely, sure ආදී පදද ආසන්න වශයෙන් yes යන්නට සමානය.  (එම වචන වල ඇත්තටම තිබෙන්නේ “සත්තකින්ම/අනිවාර්යෙන්ම” වැනි අර්ථ වේ.)

එපරිද්දෙන්ම, no ට සමාන පද ලෙස nope යන්න යෙදිය හැකිය.  තවද, never, of course not, certainly not, definitely not ආදි ලෙසද ආසන්න ලෙස no ට සමාන තේරුමින් යෙදිය හැකිය.

කෙනෙකු ඉතාම අවධාරණය කරනු පිණිසි “කවදාවත් කවදාවත් කවදාවත් ... නැහැ” ආදි ලෙස කියන විදියක් සිංහලේ පවතිනවා නේද?  ඉංග්‍රීසියේද ඊට සමාන යෙදුමක් ඇත.  එය never ever ever …වේ.  (ever යන කොටස සිංහලේ “කවදාවත්” යන කොටසට සමානයි නේද?  එය ඔබට අවශ්‍ය තරම් යෙදිය හැකිය.  උදා: ‍

”never ever ever ever ever …”)
Are you coming to the party tomorrow?  Sure.  (yes)
Have you lied to her?  Never ever.

ඉහත අප ඉතාම කෙටියෙන් උත්තර දෙන හැටි ඉගෙන ගත්තා (ඇත්තෙන්ම එය ඔබ දැනටමත් දැනන් සිටින්නට ඇතැයි මා සිතනවා).  එහෙත්, එවැනි yes, no ක්‍රමයට හැමවිටම පිළිතුරු සැපයීම සුදුසු නොවේ.  සමහර විටෙක, අපට දිගු වාඛ්‍ය භාවිතා කර පිළිතුරු සැපයීම කළ යුතු වෙනවා.  එය කිරීම ඉතා පහසුය.  පෙර පරිදිම, yes හෝ no යොදා, ඉන්පසු කෙටි සුදුසු වාඛ්‍යයක් ලිවිය යුතුය.  එනම්, ඔබගෙන් අසන ලද දේ ඔබ කරනවා නම්, yes දමා, ඉන්පසු එය එසේ කරන බව ඇත ප්‍රකාශනයකින් ලිවිය යුතුය.  එසේම, ඔබ එය කරන්නේ නැතිනම්, no දමා, ඉන්පසු නැත ප්‍රකාශනයක් ලිවිය යුතුය.
Yes ට පසුව නැත ප්‍රකාශනයක් හෝ No ට පසුව ඇත ප්‍රකාශනයක් හෝ කිසි විටෙක ලියන්නේ නැත.  එය ඉතා හොඳින් මතක තබා ගන්න.  සුද්දාගේ එම ක්‍රම‍යට පිළිතුරු දෙන විදිය හුරු වන්න.

Did you go to the market with your mother to buy foods?
            Yes, I went.
            No, I did not go.
Have you seen Kamal with his dog?  Yes, I have seen.
                                                            No, I have not seen.

Exercises 7-2
Has Kamal played rugby in school?  ……………………..  (ඔව් නම්)
                                                          
….…………………  (නැහැ නම්)
Will he not do it for me?  ……………………………………  (නැහැ නම්)
                                          ........................................ (ඔව් නම්)

ඉහත ආකාරයට දිගට පිළිතුරු දීම සාමාන්‍යයෙන් සිදුවේ.  එහෙත්, ඉහත දීර්ඝ ආකාරයට පිළිතුරු දීම අවශ්‍ය නම් තවත් හුරුබුහුටි කර ගත හැකිය.  එහිදී, පිළිතුරෙහි ඇත හෝ නැත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ලියන්නේ නැත.  ක්‍රියාවේ පළමු කොටස පමණක් (නැත ප්‍රකාශනයේදී නම් not ද ඇතුළත්ව) දමනු ලැබේ.

Yes, I am eating. → Yes, I am.
No, I am not eating. → No, I am not.
Yes, I eat apples. → Yes, I do.
No, she does not eat apples. → No, she does not.
Did you go to the market with your mother to buy foods?
            Yes, I did.
            No, I did not.
Have you seen Kamal with his dog?  Yes, I have.
                                                            No, I have not.

Exercises 7-3
Has Kamal played rugby in school?  …………………………..  (ඔව් නම්)
                                                         
………………………  (නැහැ නම්)
Will he not do it for me?  …………………………………………  (නැහැ නම්)
                                          .............................................. (ඔව් නම්)

අවසාන වශයෙන් කිව යුත්තේ, ප්‍රශ්නය අසනු ලැබූ tense එකෙන් හා කාලයෙන් (අතීත, වර්ථමාන, අනාගත) පිළිතුරද තිබිය යුතු බවයි.  ඉහත සියලු උදාහරණ බලන්න.  ප්‍රශ්නය අසනු ලැබූ tense එකෙන් හා කාලයෙන්ම පිළිතුරු ලියා තිබෙනවා නේද?  ඇත්තටම, එය ඉබේම වගේ ඔබ විසින් එසේ ලියැවේ.  මා වැඩි හොඳට මතක් කළා පමණි.



WH-ප්‍රශ්න

ඉහත අප කතා කළේ සාමාන්‍ය ඇත/නැත ප්‍රශ්න හා ඊට නිවැරදිව පිළිතුරු සපයන ආකාරයයි.  ඉහතදී සඳහන් කළ පරිදි, ඉංග්‍රීසියේ තවත් ක්‍රමයකින් ප්‍රශ්න සෑදිය හැකිය.  ඒවාට ඔව් හෝ නැහැ ලෙස පිළිතුරු සැපයිය නොහැකිය.  එම ප්‍රශ්න ක්‍රමය WH-ප්‍රශ්න ලෙස හැඳින්වෙනවා.  එම ප්‍රශ්න සෑදෙන්නේ පහත සඳහන් “ප්‍රශ්නවාචී” පදයක් මුල් කර ගෙනය.

WHAT - මොකක්ද/මොන         WHICH - කෝකද/කොයි
WHEN - කවද්ද/කීයටද             WHY - ඇයි
WHERE - කොහේද                WHO - කවුද
WHOM - කාවද                      WHOSE - කාගේද/කාගේ
HOW - කොහොමද

බලන්න ඉහත සියලු පද (how හැර) පටන් ගන්නේ wh වලින් නේද?  එමනිසයි ඒවාට wh-ප්‍රශ්න යැයි කියනු ලබන්නේ.  තවද, ඉහත කවුද, කොහේද වැනි ප්‍රශ්නවාචී පදයක් සහිත ප්‍රශ්නයකට ඔව් හෝ නැහැ ලෙස පිළිතුරු සැපයිය බැරි බවත් පේනවා නේද?  දැන් බලමු එම ප්‍රශ්නවාචී පදවලින් ප්‍රශ්න සාදන අයුරු.  එය ඉතාම සරළය.

සාමාන්‍යය ඇත හෝ නැත ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යයක් ඉදිරියෙන් ඉහත පද වලින් ඔබට අවශ්‍ය තේරුම‍ දෙන වචනයක් යොදන්න.  එපමණයි.  උදාහරණ ලෙස,

When (කවදා)
Where
(කොහේ)
What
(කුමක්)       + are you doing? (ඔබ කරනවාද?)
Why
(ඇයි)
How
(කෙසේ)

When are you doing?  (කවදා ඔබ කරනවාද/කවදද ඔබ කරන්නේ?)
Where are you doing?  (කොහේ ඔබ කරනවාද/කොහේද ඔබ කරන්නේ?)
What are you doing?  (කුමක් ඔබ කරනවාද/කුමක්ද ඔබ කරන්නේ?)
Why are you doing?  (ඇයි ඔබ ‍කරන්නේ?)
How are you doing?  (කොහොමද ඔබ කරන්නේ?)
Whom did you see?  (කාවද ඔයා දැක්කේ?)

Exercises 7-4
What did she tell you?  (.........................................................)
When will he come again?  (........................................................)
Why are you not telling the truth?  (............................................)
How do you think about him?  (....................................................)
When the bus comes, what are you planning to do?  (.................)

ඉහත ආකාරයෙන් ප්‍රශ්න සෑදීම (එනම්, දැනටමත් ඇත හෝ නැත අරුතින් ඇති ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යයකට ඉදිරියෙන් wh පදයක් යෙදීම) who යන පදය සමඟ කළ නොහැකිය.  ඒ ඇයි?
ඉහත වාඛ්‍ය දෙස බලන විට පෙනී යන්නේ wh පදයක් හා උක්තයක් යන දෙකම වෙන වෙනම වාඛ්‍ය තුළ තිබෙන බවයි.  ඊට හේතුව, අප wh පදයක් දමන්නේ දැනටමත් නිසි ලෙස සකසා ඇති ස්වාධීන ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යයකට වීමයි.  (ස්වාධීන වාඛ්‍යයක් තුළ අනිවාර්යෙන්ම උක්තයක් (s) හා ක්‍රියාවක් (v) තිබිය යුතු බව ඔබ දැන් හොඳින් දන්නවා.)

එහෙත් සමහර ප්‍රශ්නවලදී wh පදයම උක්තය ‍වන අවස්ථා තිබෙනවා.  වාසනාවකට මෙන්, ඉහත පද අතුරින් ප්‍රධාන වශයෙන් එලෙස යෙදෙන්නේ who පදයයි.  who යෙදෙන විට එය හැමවිටම උක්තය වේඑමනිසා, who සහිත ප්‍රශ්නයක් සාදනු ලබන්නේ සාමාන්‍ය SVo ක්‍රමයට ප්‍රකාශ ස්වරූපයෙන් පද ලිවීමෙනි.  එහිදි උක්තය ලෙස who යෙදේ.  තවද, who පදය හැම විටම ඒකවචන ලෙස සැලකිය යුතුය.  සමහරෙක් බහුවචන අර්ථයක් (කවුරුහුද) අවශ්‍ය වූ විට එය බහුවචන පදයක් ලෙස සලකා වාඛ්‍ය සකස් කරනවා.  එහෙත් එසේ කිරීම අවශ්‍ය නැහැ.
Who is coming today?  (අද කවුද/කවුරුහුද එන්නේ?)

Exercises 7-5
Who told you about it?  (........................................................)
Who will win the match?  (..........................................................)
……………………………………………….  (කවුරු විභාගය සමත් වෙයිද?)

ඊට අමතරව what, whose හා which යන පදද who ලෙස ලිවිය යුතු අවස්ථා ඇත.  එසේ වන්නේ එම පද වාඛ්‍යයේ උක්තය වන අවස්ථාවලදීය.  එවිට, what, which, whose යන පද සහිත වාඛ්‍යයක වෙනත් උක්තයක් නැත.  what, whose හෝ which ම උක්තය ලෙස පවතී.
Which is your pen?  (කෝකද ඔයාගෙ පෑන?)
Whose is this pen?  (මේ පෑන කාගෙද?)

Exercises 7-6
What made it red?  (....................................)
…………………………………  (එය නිල්/නිල් පාට කරන්නේ මොකක්ද?)
What is your name?  (.............................................)

ඒ අනුව පෙනී යන්නේ what, whose, හා which පමණක් දෙබිඩි චරිත ඇති බවයි.  ඒවා වාඛ්‍යයේ උක්ත බවට පත් වූ විට who ලෙසද, උක්ත ලෙස නොපවතින විට සාමාන්‍ය where, why ආද ලෙසද වාඛ්‍ය සෑදේ.

whose යන පදය හැමවිටම වාගේ යෙදෙන්නේ නාම විශේෂණයක් ලෙසය.  ඊට අමතරව, what හා which යන පදද විශේෂණ ස්වරූපයෙන්ද වාඛ්‍යවල යෙදේ.  එනම්, එම පද තවත් නාමපදයක් සමඟ යෙදී ප්‍රශ්න සෑදේ.

whose book - කාගේ පොතද
what book -
මොන පොතද
which book - කොයි පොතද

Whose book did you see on the table?  (කාගේ පොතද මේසෙ උඩ දැක්කේ?)
What pen do you like?  (මොන පෑනද ඔයා කැමැති?)
Which bag did you buy?  (කොයි බෑගයද ඔයා මිළට ගත්තේ?)

Exercises 7-7
Whose article won the first prize?  (..............................................)
What flower do you like the most?  (............................................)

ඉහත wh පද සමඟ සුදුසු නිපාත යොදා එම නිපාත මඟින් දෙන තේරුමද සහිත ප්‍රශ්නවාචී පද සාදාගත හැකිය.  අමුතුවෙන් කට පාඩම් කිරීමට දෙයක් මෙහි නැත.  නිපාත තේරුම ප්‍රශ්නවාචි පදයට ලැබෙන බව මතක තබා ගැනීම ප්‍රමාණවත්ය.  උදාහරණ ලෙස,

Where →        from where (කොහෙන්ද)
                       
to where (කොහාටද)
What →           to what (මොකටද)
                       
from what (මොකෙන්ද)
                       
in what (මොකක් තුළද)
                       
by what (මොකක් මඟින්ද)

From where is he coming?  (කොහෙන්ද/කොහෙ සිටද එයා එන්නේ?)
To where are you going?  (කොහාටද ඔයා යන්නේ?)
In what did you hide it?  (‍මොකේද/මොකක් තුළද ඔයා ඒක හැංගුවේ?)

Exercises 7-8
With whom did she come to the party?  (.....................................)
On what do you put the glass?  (.............................................)


විධාන

අහවල් දේ කරන්න හෝ අහවල් දේ කරන්න එපා ලෙස පවසන වාඛ්‍ය විධාන වේ.  විධානයක් හැම විටම දෙනු ලබන්නේ තමන් ඉදිරියෙන් සිටින අයටයි (එනම්, ඔබ/you).  ඉංග්‍රීසියෙන් විධාන සාදන විධි කිහිපයක් ඇත.  ඉන් ප්‍රධාන ක්‍රමය වන්නේ, උක්තය ලෙස you යොදා, SVo ක්‍රමයට සාමාන්‍ය විදියට simple tense වාඛ්‍යයක් සෑදීමයි.

You eat rice now.  (ඔබ දැන් බත් කන්න.)
You do not eat rice now.  (ඔබ දැන් බත් කන්න එපා.)

Exercises 7-9
You go to bed now.  (.............................................................)
You do your home work.  (.........................................................)
................................................... (ටීවි බලන්න එපා.)

හැමවිටම උක්තය you වන නිසා, අවශ්‍ය නම් එම you පදය නැතිව වුවද විධානය ලිවිය හැකිය.  ඇත්තටම අප බොහෝ විට විධාන ලියන්නේ එලෙසය.

You eat now. = Eat now.
You do not eat now. = Do not eat now.

Exercises 7-10
Do not go to bed now.  (.............................................................)
Do your home work.  (.........................................................)
................................................... (ටීවි බලන්න එපා.)

“අහවල් ආකාරයට වෙන්න” (“කරුණාවන්ත වෙන්න”, “ඉංජිනේරුවෙක් වෙන්න” ආදි ලෙස) ලෙසද විධානයක් දිය හැකිය.  එය සාදන්නේ BE (වෙන්න) ක්‍රියාවට පසුව නාම විශේෂණයක් හෝ නාමයක් සුදුසු ලෙස යෙදීමෙනි.  අවශ්‍ය නම් you පදය උක්තය ලෙස යෙදිය හැකිය.

Be good. = You be good.  (හොඳ වෙන්න.)
Be a doctor. = You be a doctor.  (වෛද්‍යවරයෙක් වෙන්න.)
Be a good doctor. = You be a good doctor.  (හොඳ වෛද්‍යවරයෙක් වෙන්න.)

ඉහත Be සහිත විධානවල “එපා” යන අරුත ගෙන ඒමට, do not යන කොටස be ට ඉදිරියෙන් යොදන්න.

Do not be good. = You do not be good.  (හොඳ වෙන්න එපා.)
Do not be a good doctor. = You do not be a good doctor.  (හොඳ වෛද්‍යවරයෙක් වෙන්න එපා.)

Exercises 7-11
Be kind to people.  (...........................................................)
...........................................  (මිනිසුන්ට කෲර වෙන්න එපා.)
.................................................  (හොඳ මනුෂ්‍යයෙක් වෙන්න.)

ඉංග්‍රීසියෙන් විධාන දීමට ඇති තවත් රටාවක් ඇත.  එනම්,

No + ing-ක්‍රියාව

මෙයින් “කරන්න එපා” අර්ථයේ විධාන පමණක් දිය හැකිය.  “එසේ කිරීම තහනම්” යන තේරුමද අවශ්‍ය නම් දිය හැකිය.

No running in this house.  (මේ ගෙදර දුවන්න එපා/දුවන්න තහනම්.)
No smoking.  (දුම් බොන්න එපා/දුම් බීම තහනම්.)

ඉහත විධාන කාරුණිකව කිරීමට අවශ්‍ය නම් please (කරුණාකර/අනේ) යන පදයද යෙදිය හැකිය.

Please come here.  = Come here please(කරුණාකර මෙහි එන්න.)
Please no smoking in the room.  = No smoking in the room please.  (කරුණාකර කාමරය තුළ දුම් බොන්න එපා.)

පෙර පාඩමකදී and හා but මඟින් වාඛ්‍ය දෙකක් එකතු කළා මතකයි නේද? එම අවස්ථාවේදී මා සඳහන් නොකළ තවත් එවැනි පදයක් තිබෙනවා.  එය නම් or (හෝ/හෙවත්/නොහොත්/නැතහොත්) යන්නයි.  එයද යොදනු ලබන්නේ and, but යෙදුවාක් මෙන් ස්වාධීන වගන්ති දෙකක් අතරය.  කැමැති නම් “or else” ලෙසද ලිවිය හැකිය.

Kamal will eat it, or (else) Nimal will eat it.  (කමල් එය කාවී, නැතහොත් නිමල් එය කාවි.)
Drink water, or (else) eat an apple. 
(වතුර බොන්න, නැතහොත්/එහෙම නැතිනම් ඇපල් ගෙඩියක් කන්න.)
Run or (else) die.  (දුවපන්, නැතිනම් මැරියන්.)

“හෝ” තේරුමින් වචන කිහිපයක් එකතු කිරීමටද or යොදා ගැනෙන බව ඔබ දැන් දුටුවා.  මෙහිදී (සිංහලේදී මෙන්ම) අවසන් or එකට පසුව ඇති නාමපදය (එනම්, එහි ඒකවචන බහුවචන භේදය) අනුව ක්‍රියාව තැබිය යුතුය.

Kamal or I am going to the party tomorrow.  (කමල් හෝ මම හෙට සාදයට යමි.)
They or she writes the letter.  (ඔවුන් හෝ ඇය ලියුම ලියනවා.)

Exercises 7-12
Kamal or I will do it for you.  (.......................................................)
Fight or Flight.  (.......................................................)

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,