Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 6

BE-වාඛ්‍ය හෙවත් “action එකක් නොමැති” වාඛ්‍ය

ඉංග්‍රීසි වාඛ්‍යයක් තැනීමට හැම විටම උක්තයක් (s) හා ක්‍රියාවක් (v) අත්‍යවශ්‍ය බව මතකයි නේද?  දැන් නැවතත් පහත දැක්වෙන වාඛ්‍ය දෙස බලන්න.

කමල් වෛද්‍යවරයෙක්.
අපි හොඳයි.


ඉහත වාඛ්‍යවල උක්ත පද එකවර ඔබට හඳුනාගැනීමට හැකි වුවත් ඒවායේ ක්‍රියාවන් පෙනෙන්ට නැහැ නේද?  එසේ නම් එවැනි වාඛ්‍ය SVo ක්‍රමයට ලිවීමට v පදයක් නැහැ නේද?  ඇත්තටම බැලූ බැල්මට ක්‍රියාපදයක් නැහැ කියා සිතුනත් එහි ක්‍රියාවක් ඇත.  “වේ/වෙයි/ය/යි” ආදී‍ ලෙස මෙම සුවිශේෂි ක්‍රියාව යෙදේ.  බොහෝ අවස්ථාවලදී සිංහල වාඛ්‍ය තුළ මෙම සුවිශේෂි ක්‍රියාව ලොප් වේ.  එහෙත් මතක තබා ගන්න “කනවා”, “යනවා” ආදි ලෙස එකවර අපට දැනෙන action එකක් නොමැති සෑම වාඛ්‍යයක් තුළම ඉහත සුවිශේෂි ක්‍රියාව පවතින බව.  ඉංග්‍රීසියෙන් එවැන වාඛ්‍ය තැනීමටද සුවිශේෂි (එහෙත් ඔබ දැනටමත් දන්නා) ක්‍රියාවක් යොදා ගන්නවා.  එය BE වේ.  මෙහි යෙදෙන be (හෝ එහි අනෙක් ස්වරූප වන am,is,are ආදිය) continuous tense හි යෙදු be ට වඩා වෙනස් අර්ථයකින් යෙදෙන බව මතක තබා ගන්න.  Continuous tense හිදි නම් එය උපකාරක කොටසක් ලෙස පමණි යොදා ගත්තේ.  එහෙත් BE-වාඛ්‍යවලදී එය තනි ප්‍රධාන ක්‍රියාවම වේ.  දැන් S හා V පද දෙකම ඇති නිසා සුපුරුදු SVo ක්‍රමයට වාඛ්‍ය සෑදිය හැකිය.
We are good.  (අපි හොඳයි/ හොඳ වේ/ හොඳ වෙමු/ හොඳය.)

be යන මූලික ස්වරූපය යෙදී ඇති උක්ත පදය අනුව am, is, are යන පදවලින් එකක් බවට පත් වන බව මතකයි නේද?

වයස, නම, ආගම, ජාතිය, (උස මහත, හොඳ නරක වැනි) ගති ගුණ, රැකියාව ආදී දේවල් පවසන විට අප අනිවාර්යෙන්ම භාවිතා කරන්නේ මෙම වාඛ්‍ය ක්‍රමයයි.  ඊට හේතුව එවැනි දෑ පවසන වාඛ්‍යවල action එකක් නැති අතර “වේ/යි”  යන ක්‍රියාව පැවතීමයි.  එමනිසා ඔබට අමුතුවෙන් ලැයිස්තුවක් කට පාඩම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

She is Nirmala.  (ඇය නිර්මලා.)
Kamal is 51. 
(කමල් 51යි. (මෙය “කමල්ට 51යි” යනුවෙන් හුරු බුහුටි කළ හැකිය.))
We are teachers.  (අපි ගුරුවරු.)
I am tall.  (මම උසයි.)
They are Tamils.  (ඒගොල්ලන් දෙමළ.)

Exercises 6-1
I am Nirmani.  (........................................................)
He is a teacher.  (............................................................)
The teacher is Buddhist.  (.....................................................)
…………………………………………….. (මම වෛද්‍යවරයෙක්.)

ඉහත වාඛ්‍ය සියල්ල ඇත ප්‍රකාශන නේද?  දැන් සුපුරුදු ලෙස නැත ප්‍රකාශන හා ඇත/නැත ප්‍රශ්න ස්වරූපයන්ටද ඒවා සාදා ගන්නා අයුරු බලමු.  මෙම  BE-වාඛ්‍යවල ඇති අනෙක් සුවිශේෂිබව ඇත්තේ මෙතැනය.  එනම්, මෙම වාඛ්‍ය සඳහා ක්‍රියාව කොටස් කිහිපයකින් යුතු වීම අවශ්‍ය නැත.  එනම්, simple tense හි අපට do පිටතින් ගෙන එන්නට සිදු වුණාක් මෙන් මෙහි කිසිදු උපකාරක පදයක් පිටතින් ගෙන ඒමට අවශ්‍ය නැත.  මෙම වාඛ්‍ය වල අප be පදය කෙළින්ම උක්තය ඉදිරියට ගෙන ඒමෙන් ප්‍රශ්නය සාදා ගන්නවා.  තවද නැත අර්ථ වාඛ්‍ය සාදන්නේ not යන පදය ක්‍රියාවට දෙවැනි කොටසක් ඇතැයි සිතින් මවා ගෙන සුපුරුදු ලෙස එම දෙවැනි කොටසට පෙර දැමීමයි.
Are we not good?  (Are we good?)  - අපි හොඳ නැද්ද?
Is Kanthi not Buddhist?  (Is Kanthi Buddhist?)  - කාන්ති බෞද්ධ නෙමේද?

Exercises 6-2
I am not Nirmani.  (........................................................)
Is he a teacher?  (............................................................)
Is the teacher not Buddhist?  (.....................................................)
…………………………..  (ඇය 28 නෙමේද? (ඇයට වයස 28 නෙමේද?))

ඉහත සෑදූ සියලු වගන්ති වර්ථමාන කාලයට අයත්ය.  එබැවින් අතීත හා අනාගත ස්වරූපය සාදා ගන්නා අයුරු විමසමු.  ඇත්තෙන්ම ඔබට එය දැන සිතාගත හැකි විය යුතුය.  අතීතය සාදන්නේ BE මූලික ක්‍රියාවේ අතීත ස්වරූපයන් වන was/were යන පද am/is/are වෙනුවට යෙදීමය.  එවිට එහි තේරුම “සිටියා/වුණා” ලෙස ලැබේ.

I was a teacher in a remote area.  (ඈත ප්‍රදේශයක ගුරුවරෙයක්ව සිටියා.)
He was clever those days.  (ඔහු ඉස්සර දක්ෂයි/ දක්ෂව සිටියා.)
We were the smart boys in school.  (අපි (තමයි) පාසලේ හිටපු ලස්සන කොල්ලෝ)
Was he kind when he was the captain?  (එයා නායකයා ‍වෙලා සිටිය විට, එයා කරුණාවන්තද?/කරුණාවන්තව සිටියාද?)  (මෙම වාඛ්‍යය “එයා නායකයා වෙලා ඉන්න කාලේ කරුණාවන්තද” ලෙස හුරුබුහුටි කළ හැකිය.)

Exercises 6-3
Was I bad when we were studying in school?  (............................)
Were you ready to go if he asked you to leave? (........................)
Kamal was not the tall boy in the class.  (.....................................)

ඔබ ඉංග්‍රීසි වාඛ්‍ය සකස් කිරීමේදී සිතිය යුත්තේ සුද්දා සිතන ආකාරයෙනි.  එනම්, සිංහල ව්‍යාකරණ රීති අනුව නොව, කෙළින්ම ඉංග්‍රීසි රීති අනුවය.  උදාහරණයක් ලෙස,

I am eating a mango.  It is sweet.  (මම අඹයක් කනවා.  එය රසයි.)
I was eating a mango.  It was sweet.  (මම අඹයක් කමින් සිටියා.  එය රසයි.)

යන ඉංග්‍රීසි උදාහරණ දෙක හා ඒවායේ සිංහල තේරුම් දෙස බලන්න.  ඉංග්‍රීසියේදී පළමු උදාහරණයට අයිති වාඛ්‍ය දෙකම වර්ථමාන කාලයේද, දෙවැනි උදාහරණයේ ඇති වාඛ්‍ය දෙකම අතීත කාලයේ පවතී.  එහි පුදුමයක් නැහැ.  ‍‍දැන් කන අඹය “රස වෙනවා” බවත්, ඉස්සර දවසක කාපු අඹය “රස වූවා” බවත් ඉතා නිවැරදිව ඉංග්‍රීසියෙන් ලියා ඇත.  එහෙත් සිංහල තේරුම්වලදී “එය රසයි” යනුවෙන් වර්ථමාන ස්වරූපයෙන් දෙතැනම යෙදී ඇත.  හරි නම් දෙවැනි උදාහරණයේදී “එය රස වුණා” ලෙස නිවැරදි විය යුතුයි කියා කෙනෙක්ට තර්ක කළ හැකිය.  එහෙත් අප මෙතෙක් කලක් සිංහලෙන් එවැනි වගන්ති කීවේ “එය රසයි” යන ආකාරයෙන් නේද?  එය ඔබට කිසිදු ගැටළුවක් ඇති කළේ නැහැ නේද?  මොකද සන්දර්භය විසින් අසන කෙනා තේරුම් ගන්නවා දෙවැනි වාඛ්‍යයේ “එය රසයි” ලෙස කීවත්, එය ඇත්තටම අතීත කාලයට අයත් බව.  මෙහිදී ඇති වන එකම ප්‍රශ්නය නම් සිංහලෙන් සිතා පදයෙන් පදය ඉංග්‍රීසියට පරිවර්ථනය කරන අයට නොදැනුවත්වම “I was eating a mango.  It is sweet.” ලෙස වාඛ්‍යය ලිවීමට පෙළඹීමයි.  එහෙත් එසේ කිරීම වැරදි බව වටහ ගන්න.  එමනිසයි මා ඉහත කීවේ පුළුවන් තරම් සිංහලෙන් සිතා ඉංග්‍රීසියට පරිවර්ථනය නොකර, ඉංග්‍රීසි රීතින් ඔස්සේම වාඛ්‍ය සෑදීමට උත්සහ කරන ලෙස.

දැන් අප අනාගත කාලයේ වාඛ්‍ය සාදමු.  සුපුරුදු ලෙසටම අප will යොදා අනාගත කාලය සාදා ගත හැකිය.

                              will + be → will be

I will be a doctor someday.  (මම දවසක වෛද්‍යවරයෙක් වේවි.)
Kamal will be 18 next year.  (ලබන අවුරුද්දේ කමල් 18 වේවි.)
Will she be fine tomorrow?  (හෙට ඇය හොඳ වේවිද?)
Will my father be happy if I work hard for the exam?  (මම විභාගයට මහන්සියෙන් පාඩම් කළොත්, මගේ තාත්තා සතුටු වේවිද?)

Exercises 6-4
Dushan will be an engineer next year.  (........................................)
Will the teacher be sad if she knows that we have not done home work?  (.........................................................................)

මඳක් ගැඹුරට සිතුවොත් ඔබට පෙනේවි be මඟින් කියන “යි/වේ/වෙනවා” යන තේරුමේ ඇත්තේ “ඒ කියන විදියට පවතී/ඉඳී” යන අර්ථය බව.  එනම් “මම හොඳයි” කී විට “මම ඒ කියන විදියට (එනම් හොඳ විදියට) පවතිනවා/ඉන්නවා” ලෙසද, “කමල් ගුරුවරයෙක්” කී විට “කමල් ඒ කියන වි‍දියට (එනම් ගුරුවරයෙක් විදියට) ඉන්නවා” ලෙසද අපට එම වාඛ්‍ය තේරුම් ගන්න පුළුවන් නේද?  ඔව්.  එමනිසා BE-වාඛ්‍ය සමඟ නිතර නිපාතද යෙදෙනවා.  එවිට “එම නිපාතයෙන් පෙන්වා දී ඇති ආකාරයෙන් පවතී/සිටී” ලෙස එම වාඛ්‍ය තේරුම් ගැනීම පහසුය.

The cat is on the table(පූසා මේසය මත සිටී.)
The cat is in the box(පූසා පෙට්ටිය තුළ ඉන්නවා.)
The cat is not under the chair(පූසා පුටුව යට නැහැ/නොසිටියි/සිටින්නේ නැහැ.)
The boy is in the room.  (පිරිමි ළමයා කාමරය තුළ (සිටිනවා).)
Are the books on the shelf?  (පොත් රාක්කය මතද?)
Were you with him when the accident happened?  (අනතුර සිදු වූ විට, ඔබ සිටියේ ඔහු සමඟද?)

Exercises 6-5
Will the children be inside the class before we reach there?  (................................................)
The dogs are outside the house, but the cats are in (the house).  (........................................)

තවත් අපූරු දෙයක් මෙම වගන්තිවලට සිදුකළ හැකිය.  එනම්,
1.      උක්ත පදය නිශ්චිත නම් (එනම්, the සහිත උක්තයක් නම්), be ක්‍රියාවට පසුව there යන පදය අවශ්‍ය නම් යෙදිය හැකිය.  තේරුමෙහි වෙනසක් ඇති නොවේ.

The cat is on the table.  = The cat is there on the table.
The dog is not on the chair.  = The dog is not there on the chair.
The cat was on the table.  = The cat was there on the table.
Will the birds be in the cage?  = Will the birds be there in the cage?

2.      උක්තය අවිනිශ්චිත නම්, there යන පදය යෙදෙන්නේ වාඛ්‍යයේ මුලට වන අතර, ඉන්පසු be ක්‍රියාපදයද තිබූ තැනින් ඉවත් කර there ට පසුව යෙදේ.  එවිට, නැත අර්ථය සඳහා not දමන විට, එය දැමෙන්නේ දැන් be පදයට පිටුපසින්ය.
ඉහත there යෙදූ සැටි හොඳින් මතක තබා ගන්න.  සමහරෙක් “there is/are” යන්න තවත් එක් වාඛ්‍ය රටාවක් ලෙසද පවසනවා.  ‍එවිට එම රටාව පහත ආකාරයට පොදුවේ දැක්විය හැකිය.

There is/are + අවිනිශ්චිත (the නොමැති) නාමයක් + නිපාත කොටසක් (තිබේ නම් පමණක්)

ඇත්තෙන්ම ඉහත ආකාරයට රටාවක් ලෙස මතක තබා ගැනීම පහසු විය හැකිය.  ඔබට කැමැති අයුරකින් එය මතක තබා ගන්න.  එහෙත්, there යෙදූ වාඛ්‍ය එසේ නැතිවද ලිවිය හැකි බව මතක තබා ගන්න.  There යෙදීම තදින්ම පිළිපැදිය යුතු ව්‍යාකරණ රීතියක් නොවේ.  තවද, there is/are රටාව සමහරෙක් නිශ්චිත උක්ත සහිත අවස්ථාවලද භාවිතා කරනවා.

There is the book on the table.  =  The book is on the table.

ඉහත there is/are රටාවක් ලෙස පෙන්වා දී ඇත.  එහි නිපාත කොටස තිබේ නම් පමණක් යෙදිය යුතු යැයි පවසා ඇත.  ඉන් අදහස් වන්නේ කුමක්ද?  නිපාත කොටස නැතිව වුවද එවැනි වගන්ති සෑදිය හැකි බව නේද?

There is a cat.

මෙහි නිපාතයක් නැති නිසා නිපාතයෙන් පවසන “අහවල් ආකාරයට” යන කොටස නැත.  නිකම්ම “ඉන්නවා/තිබේ” යන තේරුම එහි ඇත.  එමනිසා, ඉහත වාඛ්‍යය “පූසෙක් ඉන්නවා.” ලෙස තේරුම දෙයි.  එනම් “යමෙක්/යමක් තිබේ/ඉන්නවා” ලෙස පැවසීමට හැමවිටම මෙම වගන්ති ක්‍රමය භාවිතා කිරීමට සිදු වේ.  There පදය නොමැතිව එවැනි වගන්ති සෑදිය නොහැකිය.  (නිපාත කොටසක් තිබේ නම් there ඇතිව හා නැතිවද දෙයාකාරයට එවැනි වගන්ති සෑදිය හැකි වුවත්, නිපාත කොටස නැති විට, අනිවාර්යෙන්ම there සහිතව පමණක් එය ලිවිය යුතුය.)

There are books.  (පොත් තියෙනවා.)
Is there a door?  (දොරක් තියෙනවාද?)
Will there a computer?  (පරිගණකයක් තබේවිද?)


බේ සිදුවන දේවල්

මගේ අත කැපුණා.
මා මගේ අත කැපුවා/කපා ගත්තා.

ඉහත වාඛ්‍ය දෙකෙහි වෙනස ඔබ දන්නවා.  පළමු වාඛ්‍යයෙන් කියවෙන්නේ එය තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ වුවමනාවක් නැතිව ඉබේ සිදු වුණු බවක් නේද?  දෙවැන්නෙන් කියවෙන්නේ එය කෙනෙකු විසින් (එනම්, මා විසින්) සිදුකර ගත් බවකි.  දෙවැනි වාඛ්‍යය ඔබට ඉතා පහසුවෙන් ඉංග්‍රීසියෙන් ලිවිය හැකියි.  එය simple tense හි අතීත ස්වරූපය නේද?  එහි උක්තය “මම” වන අතර ක්‍රියාව “කැපුවා” ලෙස ඔබට පැහැදිලිව හඳුනාගත හැකිය.  ඒ අනුව,

මම මගේ අත කැපුවා. = I cut my hand.

දැන් නැවත බලන්න පළමු වාඛ්‍යය දෙස.  එහි අත කපපු කෙනා කවුද?  කරපු කෙනෙක් පෙනෙන්නට නැහැ.  එමනිසයි සිංහලේදී එය ඉබේ සිදු වුණු බව හැඟවීමට “කැපුණා” ලෙස ක්‍රියාව සකස් වී ඇත්තේ.  සිංහලේදී එවැනි වගන්ති ලස්සනට පැහැදිලිව ලිවීමට එවැනි “ඉබේ සිදුවීම” හැඟවීමට ක්‍රමයක් තිබුණක් ඉංග්‍රීසියේ එවැනි අමුතු ක්‍රමයක් නැත.  ඊට හේතුව ඕනෑම දෙයක් සිදුකිරීමේ හෝ සිදුවීමේ වගකීම කවුරුන් හෝ විසින් භාරගත යුතු යැයි සුද්දා සිතන නිසා විය යුතුයි.  දැන් “ඉබේ අත කැපීමකදී” වගකීම (හෙවත් කර්තෘ බව) කවුරුන් භාරගත යුතුද?  එය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

පිට කෙනෙකුගේ හෝ පිහියේ වුවමනාවට අත කැපුණේ නැහැ නේද?  සමහර විට තමන්ගේම නොසැලකිල්ල ‍නිසා අත කැපුණා විය හැකිය.  හැමදාම අපේ අත නොකැපී, එහෙත් ඉඳහිට කැපීමට හේතුව නොසැලකිල්ලම නොවේද?  එවිට, තමන්ගේ නොසැලකිල්ලේ වගකීම වෙන කෙනෙකු විසින් භාරගත යුතුද?  නැහැ නේද?  එය තමන් විසින්ම භාරගත යුතු වේ.  එනම් සිංහලේදි ඉබේ කැපුණා කීවද, ඉංග්‍රීසියේදී නම් එම ක්‍රියාවට ලක් වූ කෙනාම (හෝ දෙයම) එහි වගකීම භාරගත යුතුය.  ඒ අනුව, ඉහත උදාහරණයේ කර්තෘ (ඉබේ සිදු වුණා යැයි කියන දේ කරපු කෙනා) “මම” විය යුතුයි නේද?  එවිට, සුද්දා සිතන්නේ “මගේ අත කැපුණා” කී විට “තමාම (එනම්, මම) මගේ අත කැපුවා” ලෙසයි.

මගේ අත කැපුණා. මම මගේ අත කැපුවා.
 (I cut my hand.)         (I cut my hand.)

මෙලෙස බැලූ විට ඉහත සිංහල වගන්ති දෙකම ඉංග්‍රීසියේ එකක් බවට පත් වෙනවා නේද?  ඒ අනුව,
“I cut my hand.” යැයි කී විට “මා මගේ අත කැපුවා.” යන තේරුම මෙන්ම “මගේ අත කැපුණා.” යන තේරුමද සිංහලෙන් ලැබෙන බව පෙනේ.

ඔබ මතක තබා ගත යුතු කාරණය මෙයයි.  ඉංග්‍රීසියේදී ඉබේ සිදුවනවා යැයි දෙයක් නැත.  එම සිදුවීමට ලක් වන දෙය හෝ කෙනාම එහි උක්ත කර්තෘ ලෙස සලකා එය/ඔහු විසින් එම ක්‍රියාව කරන ලදැයි සලකා වාඛ්‍යය සුදුසු tense එකකින් ලිවිය යුතුය.

ඇත්තෙන්ම, ඉහත ආකාරයට අමුතුවෙන් සිතීමට සිදුවන්නේ cut වැනි ක්‍රියාපද තුන හතරකට පමණි.  එහෙත්, ඉබේ සිදුවන බව හැඟවෙන ක්‍රියාපදද ඇත.  ඒවායේ තේරුම්වල ස්වභාවයෙන්ම ඉබේ සිදු වෙන බව හැඟවෙනවා.  උදාහරණයක් ලෙස, fall යන්නෙහි එක තේරුමක් වන්නේ “වැටෙනවා” යන්නයි.  එහි “ඉබේ එම දේ සිදු වෙනවා” යන අදහස ඇති බව ඔබට පේනවා නේද?

I fell.  (මම වැටුණා.)

තවද, ඉබේ සිදුවන බවක් බැලූ බැල්මට පෙනුනත් ඉහත විදියට වගකීමක් භාර කළ නොහැකි අවස්ථාවක්ද ඇත.

ඊයේ වැස්සා.

එම වාඛ්‍යය බලන්න.  එය සිදු කළේ මම හෝ ඔබ හෝ වෙන කෙනෙකු නොවේ.  එවිට, එය කළේ කවුද?  එය කරපු නෙනෙක් නැත.  ඇත්තටම ඉබේම සිදු වූවකි.  හැබැයි ඇත්තටම එය කරපු කෙනෙක් ඉන්නවා.  එය අප කවුරුත් දන්නා “ස්වභාව ධර්මයා” ය.  එවැනි ස්වභාව ධර්මයා විසින් කරනු ලබන වහිනවා, ගොරවනවා, විදුලි කොටනවා, අඳුර වැටෙනවා, එළි වෙනවා ආදී සිදුවීම් ඉංග්‍රීසියෙන් ලිවීමට ක්‍රමයක් ඇත.  උක්තය ලෙස it යන සර්වනාමය ගත යුතුය.  දැන් උක්තයක් හා ක්‍රියාවක් ඇති නිසා SVo ක්‍රමයට සුදුසු tense එකකින් වගන්ති සෑදිය හැකිය.

It rained yesterday.  (ඊයේ වැස්සා.)
It is getting dark now.  (දැන් අඳුර වැටෙමින් තියෙනවා.)



සැසඳීම

“මම ලස්සනයි” යැයි ඔබ කී විටෙක ඔබේ මිතුරෙක් “ඔයාගේ මල්ලී වඩා ලස්සනයි” යැයි කීවා යැයි සිතන්න.  මෙහි කර ඇත්තේ “ලස්සන” සැසඳීමක් නේද?  අප නිතරම යම් යම් ලක්ෂණ සසඳනවා.  ඉංග්‍රීසියේද මෙලෙස සැසඳීම ඉතා පහසුවෙන් සිදු කළ හැකිය.  හැමවිටම සසඳනු ලබන්නේ විශේෂණ (නාම හා ක්‍රියා විශේෂණ) පදයි.  සිංහලේදී මෙන්ම ඉංග්‍රීසියේද දෙයාකාරයකින් සැසඳිය හැකිය.

1.      දෙකක් අතර සැසඳීම.  සිංහලේදී විශේෂණයට ඉදිරියෙන් “වඩා” යන පදය යෙදෙන අතර ඉංග්‍රීසියේදී එලෙසම් (දිග) විශේෂණය ඉදිරියෙන් more යන පදය යෙදේ.  උදා:

Beautiful (ලස්සන) more beautiful (වඩා ලස්සන)
Beautifully (ලස්සනට) more beautifully (වඩා ලස්සනට)

Exercises 6-6
more intelligent  (........................................)
more quickly  (..................................)
…………………………………….  (වඩා පහසුවෙන්)

2.      දෙකකට වැඩි අවස්ථාවල සැසඳීම.  සිංහලේදී විශේෂණයට ඉදිරියෙන් “වඩාත්/වඩාත්ම” යන පදය යෙදෙන අතර ඉංග්‍රීසියේදී (දිග) විශේෂණ ඉදිරියෙන් the most යන පද යෙදේ.  උදා:

beautiful → the most beautiful (වඩාත්ම ලස්සන)
beautifully → the most beautifully (වඩාත් ලස්සනට)

Exercises 6-7
the most intelligent  (........................................)
the most quickly  (..................................)
…………………………………….  (වඩාත්ම පහසුවෙන්)

දැන් ඔබට සාමාන්‍ය පරිදි වාඛ්‍යවලට එම more හෝ the most යෙදූ විශේෂණ යෙදිය හැකිය.

Kamal is more beautiful.  (කමල් වඩා ලස්සනයි.)
Namal is a more educated boy.  (නාමල් වඩා උගත් ළමයෙක්.)
He writes more beautifully.  (ඔහු වඩා ලස්සනට ලියනවා.)

Exercises 6-8
I write more quickly.  (.............................................................)
…………………………………………….  (නිර්මලා වඩා බුද්ධිමත් ළමයෙක්.)

Nimanthi is the most beautiful in the class.  (නිමන්ති (තමයි) පංතියේ වඩාත්ම ලස්සන.)
I am the most educated child in my family.  (මගේ පවුලේ මමයි වඩාත්ම උගත් ළමයා.)
She reads the most quickly.  (ඇය (තමයි) වඩාත්ම ඉක්මනින් කියවන්නේ.)

ඉහත සඳහන් වූ පරිදි, more හෝ the most යොදනු ලබන්නේ “දිගු” විශේෂණ පද සමඟයි.  ඉන් අදහස් කෙරෙන්නේ ‍”කෙටි” විශේෂණ සමඟ වෙනත් ක්‍රමයක් පවතින බවද?  ඔව්.  එසේ නම්, විශේෂණයක් දිගුද කෙටිද කියා හඳුනා ගන්නේ කෙසේද?

ඉංග්‍රීසියේ syllable යනුවෙන් දෙයක් පවතිනවා.  ඇත්තෙන්ම එය තත්පර කිහිපයකින් ඔබ ඉදිරියේ පෙන්වා දිය හැකි ඉතා පහසු සංකල්පයකි.  එහෙත් එය පොතක ලියා දැක්වීමේදි තරමක අපහසුතාවක් ඇත.  අප ශබ්ද පිට කරන්නේ (උච්ඡාරණය) කටින්.  එසේ උච්ඡාරණය කරන විට, අපේ මුව විවිධ ආකාරයට චලනය වන බව ඔබ දන්නවා.  කන්නාඩියක් ඉදිරියට ගොස් විවිධ වචන ශබ්ද කර ඔබේ මුව විවිධ හැඩයන්ට චලනය වන හැටි බලන්න.  ඔබ එය කර බලන්න.  bat, pot, sit, post, saint, expensive, passport යන වචන එසේ කන්නාඩියක් ඉදිරියේ ශබ්ද කර බලන්න.  bat යන්න ශබ්ද කරනු ලබන විට, කට එක් හැඩයකින් යුතු වෙනවා නේද?  Pot යන්න සඳහාද තවත් එක් හැඩයක් ගන්නවා නේද?  මෙලෙස sit, post, saint සඳහාද එලෙසමයි.  දැන් බලන්න expensive යන පදය.  එම පදය තුළ විවිධ හැඩ තුනක් ඇත.  EX-PEN-SIVE ලෙස එම හැඩයන්/ආකාරයන් මා කඩා දක්වනවා.  Passport යන්න PASS-PORT ලෙස හැඩ දෙකකින් යුක්තයි නේද?  Syllable එකක් යනු මෙම එක වර එක් හැඩයකින් ශබ්ද වන කොටසකි.  ඒ අනුව, expensive යන පදයේ syllables තුනක් ඇත.  Passport හි syllables දෙකක් ඇත.  Bat, pot, sit, post, saint යන පදවල ඇත්තේ syllable එක බැගිනි.  ඒ අනුව, beautiful යන පදයේ syllables කොපමණ ඇත්ද?  ඔබ එය කර බලන්න.  පිළිතුර හතර විය යුතුය.

ඒ අනුව, කෙටි විශේෂණ යනු syllables දෙකක් හෝ ඊට අඩුවෙන් ඇති විශේෂණයි.  දිගු යනු දෙකකට වඩා වැඩියෙන් ඇති විශේෂණයි.  දිගු විශේෂණ සඳහා more/the most යෙදුවත්, කෙටි විශේෂණ සඳහා යොදනු ලබන්නේ ‍මොනවාද?

කෙටි විශේෂණවල අගට more වෙනුවට -er ද, the most වෙනුවට වචනය අගට -est යොදා

ඊට අමතරව the යන පදයට එසේ -est යෙදූ වචනය මුලටද යෙදිය යුතුය.  එහෙත් –ly යොදාගෙන සෑදූ ක්‍රියා විශේෂණ හැම විටම වාගේ දිගු ක්‍රමය (එනම්, more/the most යොදාගෙන) අනුගමනය කරනවා.

clever → cleverer       the cleverest
rich → richer              the richest

Exercises 6-9
poorer  (...........................)                   ………………. (වඩා වේගවත්)

I am the cleverer boy in the class.  (මම පංතියේ වඩා දක්ෂ ළමයා.)
He is the richest man in the town.  (නගරේ පොහොසත්ම මිනිසා ඔහුයි.)

Exercises 6-10
I like the poorer man.  (..........................................................)
The uglier flower is more fragrant.  (............................................)

ඉහත පෙන්වා දුන්නේ “වැඩි” (එනම්, කියනු ලබන ලක්ෂණය වැඩිපුර ඇති) යන අර්ථයෙන් සැසඳීමයි.  ඉංග්‍රීසියේදී “වඩා අඩුවෙන්” යන තේරුමින්ද විශේෂණ සැසඳිය හැකිය.  එහිදි දිගු හා කෙටි විශේෂණ වර්ග දෙකටම ඇත්තේ එකම ක්‍රමයයි.  Less (වඩා අඩුවෙන්) යන පදය හා the least (වඩාත්ම අඩුවෙන්) යන පදය මේ සඳහා භාවිතා කෙරේ.

less beautiful (වඩා අඩුවෙන් ලස්සන)
the least beautiful (වඩාත්ම අඩුවෙන් ලස්සන)
less rich (වඩා අඩුවෙන් පොහොසත්)
the least rich (වඩාත්ම අඩුවෙන් පොහොසත්)
less beautifully (වඩා අඩුවෙන් ලස්සනට)
the least beautifully (වඩාත්ම අඩුවෙන් ලස්සනට)
I am the less beautiful child in my family.  (මගේ පවුලේ වඩා අඩුවෙන් ලස්සන දරුවා මමයි.)
He is writing the least quickly.  (වඩාත්ම අඩුම වේගෙන් ඇය ලියනවා.)

අප මෙතෙක් යම් යම් ලක්ෂණ සැසඳුවේ තනි තනි වාඛ්‍ය ලෙසයි.  එනම්, “කමල් ලස්සනයි.” “නිමල් වඩා ලස්සනයි.” ආදී ලෙස තනි තනි වාඛ්‍ය ලෙසයි.  අපට අවශ්‍ය නම්, එකම වාඛ්‍ය තුළ දෙදෙනෙකුගේ ලක්ෂණ සැසඳිය හැකිය.  එවිට එම වාඛ්‍යය තුළ දෙයාකාරයකින් සැසඳිය හැකිය.

1.      දෙදෙනාගේම ලක්ෂණ සමාන අවස්ථාව.  මෙවැනි වාඛ්‍යවල සිංහලේදී “තරම්ම/ ව‍ගේම” යන පදය‍ක් යෙදේ.  උදා:

කමල් තරම්ම නිමල් ලස්සනයි.
කමල් තරම්ම ලස්සනට නිමලුත් ලියනවා.

ඉංග්‍රීසියෙන් මෙවැනි වාඛ්‍යයක් සාදන ක්‍රමය අප දැන් සොයා බලමු.  මෙහිදී ඇත්තටම සිදුවන්නේ, වාඛ්‍ය දෙකක් එකතු කිරීමකි.  උදාහරණයක් ආශ්‍රයෙන් එය බලමු.

Kamal is beautiful.  Nimal is beautiful.

දැන් අපට අවශ්‍ය දෙදෙනාම එක තරම් ලස්සන බව කීමටයි.  එහිදී කරන්නේ එකම ලක්ෂණය දෙදෙනා තුළම සමානව ඇති බව පෙන්වීම නේද?  එවිට අප පළමු වගන්තියේ ඇති විශේෂණ පදයට මුලින් හා පසුව as පදය දෙවරක් යොදා,‍ දෙවැනි වගන්තිය නිකම්ම සම්බන්ධ කළ යුතුය.

Kamal is as beautiful as Nimal is beautiful.

දැන් අපට නිවැරදිව කමල් හා නිමල් එක වගේ ලස්සන බව කියන (“කමල් නිමල් තරම්ම ලස්සනයි”) වාඛ්‍යය ඉංග්‍රීසියෙන් ලැබී ඇත.  මෙම ඉංග්‍රීසි වගන්තිය තවත් හුරුබුහුටි කළ හැකිය.  එනම් නැවැත නැවැත කියවෙන කොටස් එම වගන්තිය තුළ තිබෙනවා.  පෙර අප පැවසුවා එවැනි අවස්ථාවල කළ යුත්තේ කුමක්ද කියා.  ඒ අනුව, වගන්තියේ දෙවනුව ඇති “is beautiful” යන නැවත යෙදී ඇති කොටස ඉවත් කළ හැකිය.  (සමහරෙක් එසේ ඉවත් කරන විට, ක්‍රියාවේ මුල් කොටස (පවතින්නේ be ක්‍රියාව නම්, එම කොටස) ඉවත් නොකර එය ඉතිරි කරනවා.  එහි යම් කලාත්මක ගතියක් තිබේ.  ඔබ එම ක්‍රමයද අනුගමනය කරන්න ලේඛනවලදී.)

Kamal is as beautiful as Nimal.  (කමල් ලස්සනයි නිමල් තරම්ම/ නිමල් තරම් කමල් ලස්සනයි.)
Kamal is as beautiful as Nimal is.

Kamal is not as beautiful as Nimal (is).  (කමල් නිමල් තරම්ම ලස්සන නැහැ.)
Is kamal as beautiful as Nimal (is)?  (කමල් නිමල් තරම්ම ලස්සනද?)
Is Kamal not as beautiful as Nimal?  (කමල් නිමල් තරම්ම ලස්සන නැද්ද?)
Was my father as good as your father (was)?  (මගේ තාත්තා ඔයාගේ තාත්තා තරම්ම හොඳ වුණාද?)

Exercises 6-11
I am as clever as Narmada (is)  (.......................................)
The teacher was as tall as I (was)  (...................................)

අවශ්‍ය නම් not යෙදී ඇති විටෙක “not as … as …” වෙනුවට “not so … as …” ලෙසද ලිවිය හැකිය.
Kamal is not so beautiful as Nimal (is).  (කමල් නිමල් තරම්ම ලස්සන නැහැ.)
Is Kamal not so beautiful as Nimal?  (කමල් නිමල් තරම්ම ලස්සන නැද්ද?)

දෙකක්/දෙදෙනෙක් අතර එකම ලක්ෂණය පමණක් නොව, එකම කෙනාගේ (හෝ දෙදෙනෙකුගේ වුවද) විවිධ ලක්ෂණ දෙකක් ‍වුවත් සැසඳිය හැකිය.  උදා:
Kamal is beautiful.  Kamal/He is rich.  →  Kamal is as beautiful as Kamal/he is rich.

මෙහි අප සුපුරුදු ලෙස as … as යොදා වාඛ්‍ය දෙක එකතු කළා.  බලන්න දැන් එම එකතු කළ වාඛ්‍ය තුළ නැවැත නැවැත කියවෙන කොටසක් පවතිනවාද කියා.  “Kamal is (be)” යන කොටස එසේ වෙනවා නේද?  ඒ අනුව, ඉහත වාඛ්‍ය “Kamal is as beautiful as rich.” ලෙස හුරුබුහුටි කළ හැකිය.
Kamal is as beautiful as he is rich. → Kamal is as beautiful as rich.

I am as good as clever.  (මම දක්ෂ තරම්ම/වගේම හොඳයි.)
She is not so good as beautiful.  (ඇය ලස්සන තරම්ම/වගේම හොඳ නැහැ.)

Exercises 6-12
……………………………………  (කමල් උස තරම්ම මහත නැහැ.)
Nimal is as fit as agile.  (..................................................)

ඉහත පෙන්වූ නාම විශේෂණ මෙන්ම ක්‍රියා විශේෂණ වුවත් ‍සැසඳිය හැකි බව ඔබ දන්නවා.
He writes beautifully.  She writes beautifully.  →
He writes as beautifully as she writes beautifully.  →
He writes as beautifully as she (does)

(writes යන simple tense හි වර්ථමාන ඒකවචන ක්‍රියා‍ව does write ලෙස කොටස් දෙකක් බවට පත් කළ හැකි බව ඔබ දන්නවා.  එසේ සකස් කළ does write එකේ පළමු කොටස does නේද?)

I am coming as quickly as Kamal (is).  (මම කමල් තරම්ම වේගයෙන් එනවා.)
We will do it as cheaply as they (will).  (ඒගොල්ලෝ තරම්ම ලාභෙට අපි කරන්නම්.)
She writes it as correctly as neatly.  (ඇය ඒක ලස්සනට වගේම නිවැරදිව එය ලියනවා.)

Exercises 6-13
Nayana completed it as quickly as I (did).  (......................)
……………………  (උපුල් තරම්ම ඉක්මනට මම ඒක කරන්නම්.)

තවද, සමහර අවස්ථාවල අප මෙවැනි සැසඳීම් කරන වගන්ති තුළ සැසඳීම් කරනු ලබන දෙදෙනා‍ගෙන් කෙනෙකු සඳහන් නොකරන අවස්ථා ඇත.  එනම්, සන්දර්භය තුළින් අප එය වටහ ගත යුතුය.  සිංහලේදී එවැනි අවස්ථාවලදී “එතරම්ම” යන පදය බොහෝ විට යෙදෙනවා.  උදා:

කමල් තමයි පංතියේ දක්ෂ.
...........
...........
නිමලුත් ඒ තරම්ම දක්ෂයි.

ඉහත දෙවැනි වාඛ්‍යයේ නිමල් දක්ෂ බව කියන අතර සැසඳීමක්ද ඇත.  එහෙත් එම වගන්තිය තුළ කෙළින්ම නිමල් එක්ක සසඳනු ලබන්නේ කවුද කියා නැත.  එහෙත් මුල් වගන්‍තියේ කමල් දක්ෂ බවක් කියනවා.  ඉන් (ටික වේලාවකට) පසු යෙදෙන නිමල් දක්ෂ බව කියන වගන්තිය ඇත්තෙන්ම සසඳන්නේ කමල් සමඟයි.  එය අප තේරුම් ගත්තේ සන්දර්භය තුළින් නේද?  මෙවැනි වගන්තිද සාදන්නේ අප මෙතෙක් කියා දුන් ක්‍රමයටම තමයි.  දෙවනුව සැස‍දෙන කෙනෙක් නැති නිසා, අප දෙවැනියට යෙදෙන as සමඟ පසු කොටස් නොමැතිව ලිවිය යුතුය.  උදා:

Nimal is as clever as Kamal.  →  Nimal is as clever.

I am as good.  (මම එතරම්/ඒ තරම්ම හොඳයි.)
She was not as/so bad.  (ඇය ඒතරම් නරක නැහැ.)

Exercises 6-14
My father is as hard-working.  (........................................)
……………………………  (මගේ අම්මත් එතරම්ම කරුණාවන්තයි.)

2.      දෙදෙනෙකුගෙන් කෙනෙකුට යම් ලක්ෂණයක් වඩා වැඩියෙන් (හෝ අඩුවෙන්) ඇති බව එකම වාඛ්‍යය තුළ සැසඳිය හැකිය.   මෙහිදී, පළමු වාඛ්‍යය තුළ ඇති විශේෂණය more/less සහිත විශේෂණයක් බවට පත් කර ඇත, than යන පදය මඟින් වාඛ්‍ය දෙක එකතු කිරීම පමණි.
Nimal is clever.  Kamal is clever. → Nimal is cleverer than Kamal is clever.

දැන් නිවැරදි වාඛ්‍යය අපට ලැබී ඇත.  නැවැත නැවැත යෙදෙන කොටස් ඉවත් කළ පසු, අපට ඉතා හුරුබුහුටි පහත වාඛ්‍යය ලැබේ.

Nimal is cleverer than Kamal (is).

එකම කෙනා‍ගේ ගති ගුණ දෙකක් සසඳන විට පමණක්, කෙටි විශේෂණ පදද (-er දැමූ පද) කැමැති නම්, more විදියටද සකස් කළ හැකිය.

I am cleverer than beautiful.  (මම ලස්සනට වඩා දක්ෂයි.)
I am more clever than beautiful.

Kamal is more intelligent than I (am)  (කමල් මට වඩා බුද්ධිමත්.)
Were they playing more enthusiastically than we (were)?  (ඒගොල්ලන් අපට වඩා උනන්දුවෙන් සෙල්ලම් කළාද?)
Will you have done it more neatly than she (will)?  (ඇයට වඩා ලස්සනට/පිරිසිදුවට ඔබ එය කරලා තියේවිද?)
Kamal is less fortunate than Nimal (is).  (කමල් නිමල්ට වැඩිය අඩුවෙන් වාසනාවන්තයි.)
You were writing less quickly than I (were).  (මට වඩා අඩු වේගයෙන් ඔයා ලියමින් සිටියා.)

Exercises 6-15
The car is faster than the fastest jet (is).  (........................)
You are more hard-working than I (am).  (.......................)
………………………………….  (මම ඔබට වඩා වේගෙන් ලියනවා.)

ඇත්තටම, සමහරෙක් ඉහත සැසඳීම් කරන වාඛ්‍ය ක්‍රම රටා දෙකක් වශයෙන්ද දක්වනවා.  එනම්
             1.      as … as …
             2.      more/less … than …

මේ සමඟම මා ඔබට තවත් රටා හතරක් ඉදිරිපත් කරනවා.

             1.      so <විශේෂණය> that .... - කොච්චර <විශේෂණය> ද කිව්වොත් ...

He is so beautiful that I love him.  (ඔහු කොච්චර ලස්සනද කිව්වොත් මම එයාට ආදරෙයි.)
Kamala is writing so quickly that she completed it within an hour.  (කමලා කොච්චර ඉක්මනට ලියනවාද කිව්වොත් ඇය ඒක පැයක් ඇතුළත ඉවර කළා.)

that ට පසු යෙදෙන්නේ වාඛ්‍යයක් බව පේනවා නේද?

Exercises 6-16
Those days in school, you were so intelligent that the teachers loved you.  (...................................................)
……………………………………  (නිමල් කොච්චර පිරිසිදුද කිව්වොත් අපි එයාට ආදරේ කළා.)

            2.      such <නාම විශේෂණ පදයක් සහිත අවිනිශ්චිත නාමපදයක්> that … - කොච්චර ...ද කිව්වොත් ...

It was such a big house that I wanted to buy it.  (ඒක කොච්චර විශාල ගෙයක්ද කිව්වොත් මට ඒක ගන්න වුවමනා කළා.)

මෙයද ඉහත so … that තේරුමම ඇති බව පෙනේ.  එහෙත් විශාල වෙනසක් ඇත.  එනම්, මෙහිදී such ට පසු අනිවාර්යෙන්ම නාම විශේෂණයක් හා අවිනිශ්චිත නාමපදයක් ඇත.  ඇත්තෙන්ම ඉහත so … that යන රටාවම මෙවැනි අවස්ථාවක යෙදිය හැකිය.  එවිට අප නාම විශේෂණය පළමුව ලියා අවිනිශ්චිත ඒකවචන නාමය දෙවනුව ලිවිය යුතුය.

It was so big a house that I wanted to buy it.

It was such a deep well that I am afraid to look into it. (= It was so deep a well that I am afraid to look into it.)  (ඒක කොච්චර ගැඹුරු ළිඳක්ද යත්/කිව්වොත් ඒක තුළට බලන්න මට බයයි.)
They were such cruel people that we do not like them.  (ඒගොල්ලෝ කොච්චර දරුණු මිනිසුන්ද කිව්වොත් අපි එයාලට කැමති නැහැ.)

Exercises 6-17
It will be such a big concert that all will come.  (...............)
…………………………  (කමල් කොච්චර උස ළමයෙක්ද යත් හැමෝම ඔහුට බයයි.)
          
              3.      too <විශේෂණය> to <ක්‍රියාපදය> - යමක් කරන්නට තරම් ඉතා වැඩියි

It is too big to lift(ඒක උස්සනට තරම් ඉතා විශාල වැඩියි.)
You are too young to understand it.  (ඒක තේරුම් ගන්නට තරම් ඔයා බාල වැඩියි.)
I am not too old to participate the game.  (තරගයට සහභාගි වීමට මම වයස වැඩි නැහැ.)
Kamal runs too quickly to catch him.  (එයාව අල්ල ගන්නට තරම් කමල් ‍වේගයෙන් දුවනවා වැඩියි.)  (කමල්ගේ වේගය ඉතා වැඩි නිසා ඔහුව අල්ල ගන්න බැරි වන බවක් මින් හැඟවේ.)

Exercises 6-18
They are too careless to give responsibilities.  (................)
It is too dark in the room to write the letter.  (.................)

             4.      <විශේෂණය> enough to <ක්‍රියාපදය> - යමක් කරන්නට තරම් ප්‍රමාණවත්

I am big enough to fight now.  (සටන් කරන්නට තරම් මම දැන් විශාලයි/ලොකුයි.)
සුවිශේෂි නාම හා ක්‍රියා විශේෂණ කිහිපයක් ගැන අතිරේකය - 7 හි සඳහන්ව ඇත.  ඒවා හොඳින් ඉගෙන ගන්න.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,